කාර් ගැන කතාවක් මැද්දට පැනල යකඩ අස්සයෙක් ගැන කියනවාට අමනාප නෙවෙයි කියලා හිතනවා. කාර් එක නිසා හම්බවෙච්චි මකබාස් ගොයියා ගැන මම කලින් කිව්වනේ. මේ බයික් එක නිසා වෙච්චි දෙයක්.
සාමාන්‍යෙයන් වාහනයක් ගමනක් යන කොට බලාපොරොත්තු නැති විදිහට කැඩෙනවා කියන්නේ එපා වෙන වැඩක්. ඔය වෙලාවට වටා පිටාවෙ ඉන්න මනුස්යොත් එක එක ආකාරවල උදවිය ඉන්නවා. සමහර උන් උපදෙස් දෙනවා උපදෙස් දෙනවා ඉවරයක් නෑ.. හැබැයි රජෝ කල්පනාවෙන්.. ඒ දෙන සමහර උපදෙස් පිලිපැද්දොත් බඩුම තමා. වාහනේට සොරි ඩොට් කොම්.. ඒ අතරේ සැබෑ උවමනාවෙන්ම උදව්කරන රත්තරං මිනිස්සුත් ඉන්නවා. නොදන්නා පැත්තක වාහනේ කැඩුනාම අපිට ඕන වෙනවා ගරාජ්වල උදවිය... ලියවන පට්ටල්වල උදවිය, වෙල්ඩින් වැඩ පොලවල් වල උදවිය... මේ අය අතරෙත් දුර පලාතක මනුස්සයෙක් අමාරුවේ වැටිලා නේද කියලා බොක්කෙන්ම උදව් කරන අය වගේම වැඩේ කරලා දීල සල්ලි හූරංකන්න බලාගන ඉන්න උනුත් ඉන්නවා. ඒ වගේම ලොකු සීන් දාලා රස්තියාදු කරවන උං වගේම වැඩේ කරල දෙන්න පුලුවන් උනත් කරල දෙන්නෙ නැති එවුනුත් ඉන්නවා.
හරි පඳුර තැලුව ඇති. දැන් කතාව......
මං ගාව තියෙනවා හීරෝ හොන්ඩා හන්ක් එකක්.2011 ආපු මොඩල් එක.. සෙල්ස්ටාර්ට් විතරක් තියන කික් නැති එක. ඒ කියන්නේ යම් හෙයකින් සෙල්ස්ටාර්ට් වැඩ නොකලෝතින් තල්ලු තමා...
දවසක් කොට්ටාවෙ සම්පත් බැංකුව ගාව නවත්තලා ආයෙ ස්ටාර්ට් කරන්න බලද්දි “ටහ්“ සද්දයක් විතරයි. නෝ ස්ටාර්ට්... මේ වෙන කොට බැටරිය අවුරුදු තුනහමාරක් හතරක් විතර පරණ එකක් උනත් කලින් වතාවන් වල ස්ටාර්ට් කරද්දි මුකුත්ම අමාරු ගතියක් පෙන්නුවේ නැති හින්දත්, මීටර් සේරම හොඳට වැඩ හින්දත් මට යංතං හිතුනා මේක බැටරියේ ප්‍රශ්නයක් වෙන්න බැහැ කියලා.
කොට්ටාවෙ සෙනඟ ගොඩේ මොනවා බලන්නද? තල්ලුවක් දාල ස්ටාර්ට් කරගන ආවා. ඇවිල්ලා බැටරියෙන් බලබ් එකක් පත්තු කරලා බැලුවා. වයර් එකක් හයි කරලා.. හරි අවුලක් නෑ.. බල්බ් එක පත්තු වෙනවා. බැටරි කනු හිරකරලා, තට්ටු බට්ටු දාලා බැලුවා..ම්හු... නෑ.... සීට් එක ගලවලා පියුස් අරං බැලුවා... පියුස් හොඳට තිබේ...
එහෙනං පුතේ අලේ තියෙන්නේ සටාර්ටර් මෝටරේ හෝ යන අතරමඟ කියල මට හිතුනා.... මං තුමාට හිතුනෙම ස්ටර්ටර් මෝටරේ බදල ඇති කියලා. ඉතිං ඕකට දැනං හිටපු ගොඩ වෙදකම වෙච්චි අඬුවකින් ස්ටාර්ටර් මෝටරේ කේසින් එකට ලාවට තට්ටු බට්ටු දාන තියරියත් එදා වැඩ කොලේ නෑ.... වැඩේ හරියන්නෑ.... ගරාජ් එකකට අරං යන්නම වෙනවා..
පන්නිපිටියෙ බෝගහට අනිත් පැත්තේ තියනවා ගරාජ් එකක්. දන්න අයිය කෙනෙක් ඔතන රෙකමන්ඩ් කරා. මාත් ඉතිං ගියා.සෑහෙන වෙලාවක් පෝලීමේ උන්නට පස්සේ වැඩේ පටං ගත්තා.. ස්ටාර්ටර් මෝටරේ බ්‍රශ් දාන්න වෙලා. වෙලාවට ටිකක් එහා පැත්තේ ස්පෙයාර් පාර්ට්ස් කඩේකුත් තිබුනා. .........
එහෙනං වැඩේ හරිනේ........ මොන හරිද පිංවතුනි, බාස් කොලුවා ඇණයකුත් කඩලා තමා බ්‍රශ් ගලවලා තියෙන්නේ.. දැං හොයාගන පලයංකො ලියවන පට්ටලයක්......
පරණ කොට්ටාව පාර හයිලෙවල් එකෙන් ආයෙ වෙන්වෙන හංදියේ ලියවන පට්ටලයක් තියෙනවා කියලා මට බාස් කොලුවා කීවා.. 1 km විතර දුර...
මාත් ඉතිං ගිනිමද්දහනේ දොලහට විතර කබලෙ බැදෙන මාලුවා වගේ පාද යාත්රාෙවන්ම ගියා ඔතන්ට... ත්‍රී වීල් කට්ටක් වත් හොයාගන්න බැරිව ගියා එතන්ට යනකල්.... ලියවන පට්ටලේ දකිද්දි පුදුම සන්තෝසයක් ආවේ.... ඒත් බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ ඒකෙ එවුන් එලුවො වගේ හා කියාපි වැඩේට.... (fyi එලුවො හා කියන්නේ බෑ කියලා....)......
උන්ට ගොඩාක් වැඩ තියෙනවාලු... මේක කරල දුන්නොත් ඒ වැඩ ඔක්කොම බකල් වෙනවාලු... මගෙ බයික් එක ගලවලා... ඒකෙ කික් නෑ.. සෙල්ස්ටාට් විතරයි තියෙන්නේ. මේක හදාගන්න ඕනි... කියලා කිව්වත් ...ම්හු.... උංගෙ ප්‍රශ්නයක් නෙවෙයිනේ..... ඒ හින්දා උං ගනන්වත් ගත්තෙ නෑ.... පස්සෙ උංගෙන් අහපුවාම පන්නිපිටියෙ හන්දිය පාස් කරලා ටිකක් දුර ගියාම තව එකක් තියනවා කිව්වා...
මාත් ඉතිං ආයෙ මොකාද එකා වගේ ස්ටර්ටර් මෝටර් කෑල්ලකුත් උස්සං ආයෙ පාද යාත්රාෙවන්ම ගියා... ආයෙ 2 km විතර...
එතන උනුත් මොකද්දෝ වැඩක හිටියෙ.. ඒ වැඩේ ඉවරකරලා ඉක්මනට කඩේ වහන අදහසින්දෝ මන්දා ෆුල් හොලිඩේ මූඩ් එකේ හිටියෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ... මුලින්ම හවස්වෙලා ඉන්න කිව්වත් පස්සේ සිද්දිය කිව්වට පස්සේ නෑ බෑ කියන්නෙ නැතිව වැඩේ කරලා දුන්නා.ගත්තෙත් බොහොම පොඩි ගානක්... මාත් ඉතිං උන්ට පිං දිදී ආපහු ඇවිල්ලා වැඩේ කොරගන පිටත් උනා....
අගේ නොකර ඉතුරු ටිකත් දාහන් බන්..




... mama hithuwe iwarai kiyala kathawa 

මුංට ඇල්කොහොල් වලට වෙරි වෙන් නෑ 







