වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාර් ගැන කතාවක් මැද්දට පැනල යකඩ අස්සයෙක් ගැන කියනවාට අමනාප නෙවෙයි කියලා හිතනවා. කාර් එක නිසා හම්බවෙච්චි මකබාස් ගොයියා ගැන මම කලින් කිව්වනේ. මේ බයික් එක නිසා වෙච්චි දෙයක්.

    සාමාන්‍යෙයන් වාහනයක් ගමනක් යන කොට බලාපොරොත්තු නැති විදිහට කැඩෙනවා කියන්නේ එපා වෙන වැඩක්. ඔය වෙලාවට වටා පිටාවෙ ඉන්න මනුස්යොත් එක එක ආකාරවල උදවිය ඉන්නවා. සමහර උන් උපදෙස් දෙනවා උපදෙස් දෙනවා ඉවරයක් නෑ.. හැබැයි රජෝ කල්පනාවෙන්.. ඒ දෙන සමහර උපදෙස් පිලිපැද්දොත් බඩුම තමා. වාහනේට සොරි ඩොට් කොම්.. ඒ අතරේ සැබෑ උවමනාවෙන්ම උදව්කරන රත්තරං මිනිස්සුත් ඉන්නවා. නොදන්නා පැත්තක වාහනේ කැඩුනාම අපිට ඕන වෙනවා ගරාජ්වල උදවිය... ලියවන පට්ටල්වල උදවිය, වෙල්ඩින් වැඩ පොලවල් වල උදවිය... මේ අය අතරෙත් දුර පලාතක මනුස්සයෙක් අමාරුවේ වැටිලා නේද කියලා බොක්කෙන්ම උදව් කරන අය වගේම වැඩේ කරලා දීල සල්ලි හූරංකන්න බලාගන ඉන්න උනුත් ඉන්නවා. ඒ වගේම ලොකු සීන් දාලා රස්තියාදු කරවන උං වගේම වැඩේ කරල දෙන්න පුලුවන් උනත් කරල දෙන්නෙ නැති එවුනුත් ඉන්නවා.

    හරි පඳුර තැලුව ඇති. දැන් කතාව......
    මං ගාව තියෙනවා හීරෝ හොන්ඩා හන්ක් එකක්.2011 ආපු මොඩල් එක.. සෙල්ස්ටාර්ට් විතරක් තියන කික් නැති එක. ඒ කියන්නේ යම් හෙයකින් සෙල්ස්ටාර්ට් වැඩ නොකලෝතින් තල්ලු තමා...

    දවසක් කොට්ටාවෙ සම්පත් බැංකුව ගාව නවත්තලා ආයෙ ස්ටාර්ට් කරන්න බලද්දි “ටහ්“ සද්දයක් විතරයි. නෝ ස්ටාර්ට්... මේ වෙන කොට බැටරිය අවුරුදු තුනහමාරක් හතරක් විතර පරණ එකක් උනත් කලින් වතාවන් වල ස්ටාර්ට් කරද්දි මුකුත්ම අමාරු ගතියක් පෙන්නුවේ නැති හින්දත්, මීටර් සේරම හොඳට වැඩ හින්දත් මට යංතං හිතුනා මේක බැටරියේ ප්‍රශ්නයක් වෙන්න බැහැ කියලා. :lol:
    කොට්ටාවෙ සෙනඟ ගොඩේ මොනවා බලන්නද? තල්ලුවක් දාල ස්ටාර්ට් කරගන ආවා. ඇවිල්ලා බැටරියෙන් බලබ් එකක් පත්තු කරලා බැලුවා. වයර් එකක් හයි කරලා.. හරි අවුලක් නෑ.. බල්බ් එක පත්තු වෙනවා. බැටරි කනු හිරකරලා, තට්ටු බට්ටු දාලා බැලුවා..ම්හු... නෑ.... සීට් එක ගලවලා පියුස් අරං බැලුවා... පියුස් හොඳට තිබේ...

    එහෙනං පුතේ අලේ තියෙන්නේ සටාර්ටර් මෝටරේ හෝ යන අතරමඟ කියල මට හිතුනා.... මං තුමාට හිතුනෙම ස්ටර්ටර් මෝටරේ බදල ඇති කියලා. ඉතිං ඕකට දැනං හිටපු ගොඩ වෙදකම වෙච්චි අඬුවකින් ස්ටාර්ටර් මෝටරේ කේසින් එකට ලාවට තට්ටු බට්ටු දාන තියරියත් එදා වැඩ කොලේ නෑ.... වැඩේ හරියන්නෑ.... ගරාජ් එකකට අරං යන්නම වෙනවා..

    පන්නිපිටියෙ බෝගහට අනිත් පැත්තේ තියනවා ගරාජ් එකක්. දන්න අයිය කෙනෙක් ඔතන රෙකමන්ඩ් කරා. මාත් ඉතිං ගියා.සෑහෙන වෙලාවක් පෝලීමේ උන්නට පස්සේ වැඩේ පටං ගත්තා.. ස්ටාර්ටර් මෝටරේ බ්‍රශ් දාන්න වෙලා. වෙලාවට ටිකක් එහා පැත්තේ ස්පෙයාර් පාර්ට්ස් කඩේකුත් තිබුනා. .........
    එහෙනං වැඩේ හරිනේ........ මොන හරිද පිංවතුනි, බාස් කොලුවා ඇණයකුත් කඩලා තමා බ්‍රශ් ගලවලා තියෙන්නේ.. දැං හොයාගන පලයංකො ලියවන පට්ටලයක්......
    පරණ කොට්ටාව පාර හයිලෙවල් එකෙන් ආයෙ වෙන්වෙන හංදියේ ලියවන පට්ටලයක් තියෙනවා කියලා මට බාස් කොලුවා කීවා.. 1 km විතර දුර...

    මාත් ඉතිං ගිනිමද්දහනේ දොලහට විතර කබලෙ බැදෙන මාලුවා වගේ පාද යාත්‍රාෙවන්ම ගියා ඔතන්ට... ත්‍රී වීල් කට්ටක් වත් හොයාගන්න බැරිව ගියා එතන්ට යනකල්.... ලියවන පට්ටලේ දකිද්දි පුදුම සන්තෝසයක් ආවේ.... ඒත් බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ ඒකෙ එවුන් එලුවො වගේ හා කියාපි වැඩේට.... (fyi එලුවො හා කියන්නේ බෑ කියලා....)......
    උන්ට ගොඩාක් වැඩ තියෙනවාලු... මේක කරල දුන්නොත් ඒ වැඩ ඔක්කොම බකල් වෙනවාලු... මගෙ බයික් එක ගලවලා... ඒකෙ කික් නෑ.. සෙල්ස්ටාට් විතරයි තියෙන්නේ. මේක හදාගන්න ඕනි... කියලා කිව්වත් ...ම්හු.... උංගෙ ප්‍රශ්නයක් නෙවෙයිනේ..... ඒ හින්දා උං ගනන්වත් ගත්තෙ නෑ.... පස්සෙ උංගෙන් අහපුවාම පන්නිපිටියෙ හන්දිය පාස් කරලා ටිකක් දුර ගියාම තව එකක් තියනවා කිව්වා...
    මාත් ඉතිං ආයෙ මොකාද එකා වගේ ස්ටර්ටර් මෝටර් කෑල්ලකුත් උස්සං ආයෙ පාද යාත්‍රාෙවන්ම ගියා... ආයෙ 2 km විතර...

    එතන උනුත් මොකද්දෝ වැඩක හිටියෙ.. ඒ වැඩේ ඉවරකරලා ඉක්මනට කඩේ වහන අදහසින්දෝ මන්දා ෆුල් හොලිඩේ මූඩ් එකේ හිටියෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ... මුලින්ම හවස්වෙලා ඉන්න කිව්වත් පස්සේ සිද්දිය කිව්වට පස්සේ නෑ බෑ කියන්නෙ නැතිව වැඩේ කරලා දුන්නා.ගත්තෙත් බොහොම පොඩි ගානක්... මාත් ඉතිං උන්ට පිං දිදී ආපහු ඇවිල්ලා වැඩේ කොරගන පිටත් උනා....

    අගේ නොකර ඉතුරු ටිකත් දාහන් බන්..:love::love::love:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    _68696138_mmmotf1williams600.png

    පිටු 600 කඩ ඉමට සුප පැතුම්!!
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    අගේ නොකර ඉතුරු ටිකත් දාහන් බන්..:love::love::love:

    ඉවරයි දෙයියො.... මං තුමා කරදරයක් නොමැතිව ගෙදරට සම්ප්‍රාප්ත උනා.... මතු සම්බන්ධයි ෆීලින්ග් එකක් ආව නං සොරි වෙන්ට ඕන.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සිද්දිය උනේ 2012. බස් එක අරං ගියා බදුල්ල මගුල්ගේක. කන්ටේනර් යාඩ් එකක කට්ටියක් තමයි හයර් එක කථා කරලා තිබ්බේ. බදුල්ලේ මගුල් ගෙදර නැකැත් තිබුනේ අටයි ගානකට උනත් මේගොල්ලන්ට කලිං යන්න ඕනැ කිව්වා උදව් වෙන් නතියෙනවා කියලා.
    ඒ හින්දා කලිං දවසෙ රෑ 12යි ගානකට පිටත් උනා.
    අපි සාමාන්‍යයෙන් දුර ගමනක් යන්න කලිං බස් එක ගැරෙජ් එකට දාලා එන්ජිං , ගියර්බොක්ස්.. ඩිපරන්සල් ජොයින්ට් වල ඇන.. ඇක්සල් වල ඇන , ටයරොඩ් බෝල් ජොයින්ට් , දුනු මිටි 4.. රේඩියේටර් හෝස් වගේ දේවල් චෙක් කරනවා. මොකද මේක දුවන්නේ ස්කූල් සර්විස් නෙහ්. ලග කෙටිල්ලක් නෙ ඒක. දුර යද්දි ටිකක් සැලකිලිමත්.
    ඔන්න එතකොට කට්ටියට අහු වෙලා තිබ්බා එන්ජින් මවුන්ට් එකක් සවුත්තුයි කියලා.
    පස්සේ ඒක දාලා තිබුනා. අනිත් ටික OK
    ඔන්න සිංහලු ගමන පිටත් උනා.
    කට්ටිය මගුල් ගෙදර හෙටනෙ කියලා අද ඉදං ම ඒකට රිහසල් පටං අරගත්තා. අවිස්සාවේල්ල පහු වෙනකං ඉවසං ඉදලා.. ඇදලා ගත්තා ගල් බෝතල්. සමහරු අමුවෙං. සමහරු සැන්ඩි කරලා ගහනවා. බස් එක පුරාම ගල් සුවදයි ටික වෙලාවකිං. කන්ටේනර් කාරයෝ නෙ ඉතිං..
    බෝතල් වලිං පස්සේ සින්දු.. බස් එකේ සෙටප් එක ඕෆ් කරලා ජෝතිපාලලා.. මොහිදිං බෙග්ලා පැටවු ගහලා වගේ සිංහලු.. එක කාලගෝට්ටියයි . හැබැයි ඉතිං අපිට මලාට නින්ද යන්නෑ.. මාර සද්දෙ නෙ.. ඔහොම ආතල් එකේ ගමන යනවා..
    මුන්ට රෑට කන්න කියලා රත්නපුර ටවුමේ නයිට් කඩයක් ලග නතර කරලා කෑවා. ඊට පස්සේ මාමලා ටික දොයිය ‍බබෝ කියනවා. මායි තාත්තයි ඉස්සරහා වාඩි වෙලා යනවා. මොකුත් හැල හොල්මනක් නෑ..
    බෙලිහුල්ඔය අපේ ගමේ නතර කලා. වෙලාව පාන්දර 4ට කිට්ටු ඇති. හිස් වතුර බෝතල් පුරෝගෙන එහෙම ආයෙමත් ගමන පිටත් උනා.. බෙලිහුල්ඔය, බඹහින්න, බෙරගල පහුවෙලා හපුතලේ කන්ද අදිනවා දැං..
    හිටි ගමං තාත්තාටයි මටයි මීටර් උනා එන්ජිමේ වෙනසක්. කලිං තිබ්බ ස්මූත් ගිතය නෑ.. හම වගේ.. ගියර් එකේ පෑගෙන්නෙත් හොරට..
    හීට් එක බැලුවම ඒක නෝමල්.. ඔහොම කිලෝමීටර් දෙකක් විතර යන්න ඇති...
    එන්ජිං එකේ ඉස්සරහා හරියට අත තියලා බැලුවම ( පියනට උඩිං) රස්නයක් නෑ..
    හැබැයි පිටිපස්ස අම්බානට රත් වෙලා.. රොටි පුච්චන්න පුලුවං තරමට.. කෙලාහුටා.. ඒ කියන්නේ රේඩියේටර් එක හරියට වැඩ කරන්නෑ.. හෝස් එකක් පැනලා වෙන් නඕනේ..
    පුදුමේ කියන්නේ හීට් කට්ට නගින්නෑ.. ඒක කාලක් විතර ඇවිත් නතර වෙලා තියෙනවා...
    කෝකටත් කමක් නෑ කියලා ඉඩ තියෙන තැනක නතර කලා.. කන්දෙ...
    කට්ටියම නිදි..
    බෑග් ටික එහෙ මෙහෙ කරලා ඇරියා එන්ජිං පියන.. ඒ අතරේ මං බසයෙං බැහැලා ඉස්සරහිං ගිහිං බැලුවා වතුර පාරක් වත් වැක්කෙරෙනවද කියලා..
    වතුර වැක්කෙරෙන්නෑ සිංහලු.. දුමක් නං ගහනවා මොකක්ද මන්දා :baffled:
    ඒ අස්සේ... බැලින්නං රේඩියේටර් එකෙ යට හෝස් එක පැනලා...
    පැනලා කියන්නේ දාපු හෝස් ක්ලිප් එක ලගින් පැනලා .. කැඩිලා නෙවේ..
    කොහොමද මේක උනේ කියලා අපි කල්පනා කලේ.. තාත්තා නං කියනවා අර එන්ජිං මවුන්ට් එක දාන්න ජැක් කරපු සැරේ රේඩියේටර් හෝස් එක බුරුල් වෙන් න ඇති කියලා..
    දැං කොහොමෙං හරි මේ රේඩියේටරේ වතුර පොදක් නෑ... වෙලාව 6ට විතර ඇති. ඈතිං ඉර පායගෙන එනවා... වෙනදාට නං බලං ඉන්න ආස සීනරි එකක්. ඔය ජානක අයියා එහෙම දන්නවා ඇති හපුතලේට ඉර පායද්දි කොච්චර ලස්සනද කියලා.. ඒත් මේ වෙලාවේ ඔළු ගිනි අරං තිබ්බේ. අපි හයර් එක 8 වෙද්දි වගේ බදුල්ලට බස්සන්න හිටියෙ. :baffled:
    පට්ටම සීතලයි.. කට්ටිය එක එක දැං ඇහැරෙන වෙලාව..
    අපිව කිටි කිටි ගාලා ගැහෙනවා... සේරමලාව බස්සලා...
    අත පුච්චගෙන කොහොම හරි කරලා හෝස් එක ආයේ ගැහුවා..
    දැං එක්කෝ එන්ජිම නිවෙන්න අරින්න ඕනේ..වතුර දාන්න.. නැත්තං එන්ජිම ස්ටාට් කරන්න ඕනේ වතුර දාන්න....
    තෙත රෙදි කෑල්ලක් තියලා රේඩියේටර් පියන ඇරියා...
    නිවෙනකං ඉන්න බැරි හින්දා.. ස්ටාට් කලා.. මෝටරේ අල්ලං හිටියම අමාරුවෙං වගේ වැදුනා...
    ඊට පස්සේ තිබ්බ වතුර බෝතල් කෑන් සේරම දැම්මා රේඩියේටර් එකට... දානකොට කට කට කට වගේ සද්දයක් ඇහුනා.. හරියට අර ගිනියං වෙච්ච යකඩෙකට වතුර දාද්දි එනවා වගේ සද්දයක්..
    හීට් මීටර් එක විශ්වාස කරන්න බැරි හින්දා එන්ජිං පියනට අත තියලා බල බල හයර් එක බස්සන තැනට වෙනකං ගියා. අත තියලා බලද්දි ටිකක් රස්නෙ දැනෙනවා නං.. ඒ කියන්නේ රේඩියේටර් එකේ වතුර වැඩ කරනවා..
    අත තියලා බලද්දි එහෙම නැත්තං.. ඒ කියන්නේ කොහ‍ෙ හරි අවුලක්..

    ඔන්න සිංහලු උදේ 9යි ගානක් වෙද්දි අපි බදුල්ලෙ.
    කට්ටියගේ මූනු එච්චර හොද නෑ.. අපිටත් හෙන අප්සට් උන වැඩේට.
    මගුල් ගේ පටං අරං.. දවල් 2 වගේ වෙද්දි එන්ජිම දැං නිවිලා... අපි ඇවිත් ඔයිල් ලෙවල් එක එහෙම බලලා ආයේ යන්න ලෑස්ති උනා..
    යකෝ ඔයිල් ලෙවල් එක නැගලා.. ගොඩක් නෙවෙයි ටිකක්..
    ගෑස්කට් එකේ මොක්ක හරි අවුලක් වේගෙන එන්නෙ කියලා හිතුනා ඒ වෙලාවෙ..
    කරන්න දෙයක් නෑ.. හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවා..
    ඒන මගුලක් වෙච්චදෙං.. නතර උනොත් වෙන කෙනෙක්ට කතා කරලා හයර් එක දෙනවා කියලා හිතාගෙන එන්න පිටත් උනා..
    ඔන්න දැං බදුල්ලේ ටවුම හරියෙ ඇති. අපේ නඩේ හිටියා 25ක් විතර. ඒකෙං බීපු නැති මිනිස්සු හිටියේ 2න්නෙක් වගේ. අනිත් සේරම බීලා.. ඔය අතරෙ හිටියා ලාල් කියලා එකෙකුයි කුමාර කියලා එකෙකුයි. උං දෙන්න ඕවර් ගිහිං. ඕවර් කියන්නේ යන් නපුලුවං උපරිමේ.
    මුං දෙන්නගෙ හොබි එකක් තියෙනවලු .. බිව්වම ඉ්සසෙල්ලම බැනගන්නවා.. ඊට පස්සේ තර්ජනය කරනවා.. ඊට පස්සේ මරා ගන්නවා... :baffled:
    ඔන්න දැං මුංගෙ හොබි එක පටං ගත්තා... සිද්දියට හේතුපාඨය වූයේ.. ලාල්.. කුමාර නිවසේ නැති අවස්ථාවක ගොස් කුමාරගේ නෝනා සමග විවේක කාලය ගත කිරීම :dull::baffled:
    ( මේ බොහොම ශිස්ඨ බාසාවෙං කිව්වේ මොකද මුං කිව්ව කුනුහරුප තාම පාර්ලිමේන්තුවේ සම්මත වෙලත් නෑ... )
    අපෝ තොට කොන්දක් නෑ නෙ සොන්නයා කියලා අහල පහල උං අරූට පීචං එක දැම්මා..
    ඌටත් මලම පැන්නා...
    දෝ දැනගනිං පකයා මං තෝව බාවනවා කැ* හු** පුතා.. කියලා අත මිටමොලෝගෙන පැන්නා
    පැන්න පාරට දෙන්නම සීට් එකක පෙරළුනා.. වෙලිලා.. තුරුල් වෙලා.. ඇන ගන්නවා...
    අපිට කර ගන්න දෙයක් නෑ..
    පොලිසියකට යමං කියලා බස් එක එහෙමම ස්ලෝ කලා පාරෙ අයිනෙ හිටපු රාලහාමි කෙනෙක් ලග....
    ඊට පස්සේ ඉතිං අනිත් එවුං සේරම කූල් ඩවුන් වෙලා සෑහෙන ගේමක් දීලා අරං දෙන්නව ශේප් කලා. එකෙක්ගේ තොල පැලිලා..
    අනිකාගේ ඇගිල්ලක් අනිත් පැත්තට කැරකිලා.
    හොදම වැඩේ කියන්නේ මුං දෙන්නා ටිකකිං නිදා ගත්තා. එකම සීට් එකේ . බදාගෙන.. ඇයි බං මං උඹට ගැහුවේ .. මට සමාවෙයං කුමා කියලා ලාල් හොටු පෙර පෙර ඇඩුවා.. :dull::lol:
    ගමන පාළු නෑ... ඔන්න අපි දැං ආයේ හපුතලේ බහිනවා.... මුංගෙ තියෙන පෙරේතකම කියනනේ.. අර ඉතුරුවෙලා ඉස් එකේ තිබ්බ කොට ටික ආයේ ගසන්න ගත්තා :growl: මුංට ඇල්කොහොල් වලට වෙරි වෙන් නෑ :no:
    ගානකට ආවේ.. වැඩිය රේස් එහෙම නොකර..
    දැං අපි ගමන පිටත් උන එන්ජිම නෙවේ වගේ තියෙන්නේ.. කිසි පිකප් එකක් නෑ.. සද්දෙත් වෙනස්..
    ගෙදර ගිහිං පහුවදා ඉස්කෝලෙ ලමයි ටික ඇදලා ගැරෙජඩ් එකට දානවා කියලා හිතං ඔන් නඅපි එනවා...
    බෙරගල හරියෙදි මට පේනවා බසයේ දකුණු පැත්තෙං කදක් එළියට යනවා...
    ටහිකෙයි කියලා ටක් ගාලා පස්ස බැලින්නං... කුමාරයා පනින්න හදනවා බස් එකෙං.. හැමෝම නිදි නිසා එකෙක්ට වත් මීටර් නෑ...
    ටක් ගාලා බස් එක නතර කරලා අනිත් උංව කූද්දලා අර යකාව ඇදලා ආයේ ඇතුලට දා ගත්තා...
    තෝ මොකක්ද පයියො ඒ කරන්ඩ ගියෙ කියලා ඇහුවම.. ඌ කියාපි මට දැං වෙන මිනිස්සුංගෙ මූන බලන්ඩ බෑ.. අරූගෙ ගෑනි ගැන කියලා උං මට විහිළු කරනවා නෙ.. මං මැරෙනවා කියලා..
    බීලා කියන්නෙ හොදටම...සිහියක් නෑ...

    බොහොම අමාරුවෙං ඌව ආයේ ඇදලා දාගෙන.... දෙයියනේ කියලා ගෙදර ආවා.. හයර් එකෙං හම්බ කර ගත්තට වඩා අපි හොදට ලේ පුච්ච ගත්තා මේ පාර.. :growl::(
    පහුවදා උදේ ස්ටාට් උනේ හෙන අමාරුවෙං... ගැරෙජ් එකට ගිහිං හෙඩ් එක ගලෝලා බැලුවම හෙඩ් එකේ තැන් දෙකකිං ක්‍රැක් වෙලා තියෙනවා කියලා. පස්සේ පංචිකාවත්තෙං රීකන්ඩිශන් හෙඩ් එකක් තිබ්බා.
    ඊලග මාසෙ (අගෝස්තු නිවාඩුවට මුළු එන්ජිම ම මාරු කලා)

    තව හොද කථා තියෙනවා .. ඒවා පසුවට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉවරයි දෙයියො.... මං තුමා කරදරයක් නොමැතිව ගෙදරට සම්ප්‍රාප්ත උනා.... මතු සම්බන්ධයි ෆීලින්ග් එකක් ආව නං සොරි වෙන්ට ඕන.

    pol ayyata wagema matath first sub plot eken kathawa nima kala wage hangeemak nam aawa bola:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ සිද්දිය උනේ 2012. බස් එක අරං ගියා බදුල්ල මගුල්ගේක. කන්ටේනර් යාඩ් එකක කට්ටියක් තමයි හයර් එක කථා කරලා තිබ්බේ. බදුල්ලේ මගුල් ගෙදර නැකැත් තිබුනේ අටයි ගානකට උනත් මේගොල්ලන්.
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    කලා)

    තව හොද කථා තියෙනවා .. ඒවා පසුවට

    isthuthy kattata
     
    බොහෝ දුරට හෙඩ් එක ක්‍රැක් වෙන්න ඇත්තේ රස්නේ පිටින් සීත වතුර දාපු නිසා බන්.. වෙලාව තමයි ඉතින්.. යන්න තියන සල්ලි කොහෙන් හරිම යනව බන්..

    බොන එවුන් එක්ක ගමන් ගියාම එපා වෙනවා බන් .. මම එක වතාවක් අම්පාරේදී වාහනේ පාරේ අයින් කරලා නවත්තල වාහනෙන් බැහැල හිටිය ඇතුලේ එවුන් ගහගෙන ඉවරයක් වෙනකම්... මම බලාගෙන හිටියේ පොලිස් ජීප් එකක්වත් ආවනම් කට්ටියම එකට දාල හයර් එකත් එපා කියල ගෙදර එන්න.. පූස් පැටව වගේ ගමන් යන්න පිටත් වෙන එවුන් බීගත්තාම යක්කු වගේ මරාගන්නෙ ...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම එක වතාවක් අම්පාරේදී වාහනේ පාරේ අයින් කරලා නවත්තල වාහනෙන් බැහැල හිටිය ඇතුලේ එවුන් ගහගෙන ඉවරයක් වෙනකම්...
    :lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔය ජානක අයියා එහෙම දන්නවා ඇති හපුතලේට ඉර පායද්දි කොච්චර ලස්සනද කියලා..
    හොඳ පැහැදිලි අහසක් තියෙන දවසකට ඉන්න හොඳම තැනක් තමයි හපුතලේ කියන්නෙ. රෑට කුඩා රාවනා කොටුව ලයිට් හවුස් එකේ එළිය මත්තල, හම්බන්තොට වරාය පේනවා. දවල් කාලෙට කිරි වෙහෙර,වැඩිහිටි කන්ද, තිස්සමහාරාම චෛත්‍ය,ලුනුගම්වෙහෙර වැව, සූරිය වැව ග්‍රව්න්ඩ් එක උඩවලවේ ජලාශය. පේනවා හරි ලස්සනට. රෑට මත්තල, හම්බන්තොට වරාය, සූරිය වැව ග්‍රව්න්ඩ් එක අපේ ගෙදර මිදුලටත් පේනවා. හපුකලේ ටවුන් එකට ඌව,නැගෙනහිර, දකුණ,සබරගමුව, මධ්‍යම කියන පලාත් 05 ක් දැකගන්න පුළුවන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳ පැහැදිලි අහසක් තියෙන දවසකට ඉන්න හොඳම තැනක් තමයි හපුතලේ කියන්නෙ. රෑට කුඩා රාවනා කොටුව ලයිට් හවුස් එකේ එළිය මත්තල, හම්බන්තොට වරාය පේනවා. දවල් කාලෙට කිරි වෙහෙර,වැඩිහිටි කන්ද, තිස්සමහාරාම චෛත්‍ය,ලුනුගම්වෙහෙර වැව, සූරිය වැව ග්‍රව්න්ඩ් එක උඩවලවේ ජලාශය. පේනවා හරි ලස්සනට. රෑට මත්තල, හම්බන්තොට වරාය, සූරිය වැව ග්‍රව්න්ඩ් එක අපේ ගෙදර මිදුලටත් පේනවා. හපුකලේ ටවුන් එකට ඌව,නැගෙනහිර, දකුණ,සබරගමුව, මධ්‍යම කියන පලාත් 05 ක් දැකගන්න පුළුවන්.

    උඹ හපුතලේද බන්.. අවුරුද්දට ලංකාවට ආපු පාර නුවර එලි යද්දී හපුතලේ තමයි නැවතුනේ.. හපුතලේ වෑන් ගහන තැනින් පහල තියන බාර් එක ඉතින් අපේ සුපුරුදු නැවතුම් පොලක් ඉස්සර ඔය පළාතේ වැඩ කරද්දී..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :baffled: මොක ඔටෝ ගත්තත් ඒක නං ඔටෝ ගන්න එපා යකෝ.. :no:
    ඒකේ තියෙන ආතල් සේරම මැනුවල් එකේ නෙ..
    කොහොමද 80ට විතර පාගලා ආයේ ස්ලෝ වෙද්දි ටොප් එකෙං තර්ඩ් එකට ගහද්දි :cool::cool::love:

    11011101_10205409722455138_4483389152895572051_n.jpg

    රත්තරන් අංකල් සමයන් දොඩවයි ඉතින් මේවා දැක්කහම........ :P

    1536521_10201958793344067_1536807572_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යන්තං නටල නටල කොන අල්ල ගත්තා බොලවි. කාලෙකින් හරියට මේක ඉවරයක් වෙනකං කියෙව්වේ. දවසක් දෙකක් එන්න බැරිවුනාම මේ උලව්ව විදලා. :angry::angry::angry:

    :shocked: අල්ලාහ්....... :P
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ.:yes:

    මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ.

    ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක් තියනවනේ වෙන වාහන වල. මේකෙ එහෙම එකක් නෑනේ. (fuse එක නෙවෙයි, ෆුස් බෝඩ් එකේ කවරෙ එහෙම එකක් ගැන සදහනක් නෑ).

    බොනට් එක ඇරල බැලුවම ඒකෙ ඇතුලෙ fuse තියන තැන Hazard කියල fuse එකක් නම් තියනව ඒකත් පිච්චිලා නෑ.

    ආයි මන් බැලුව මේකෙ ඩ්‍රයිවර්ගෙ පැත්තෙ coin drawer ( අර පොඩි ලාච්චුවක් වගේ එක ) ගලවල, ඒකෙ යට තියනව relay එකක්. (hazard එබුවම සද්දෙ එන්නෙ මෙතනින් තමා) turn වලට කියල වෙනම relay එකක් තියනවද දන්නෑ එහෙම එකක් නම් දැක්කෙ නෑ.

    මොකද කරන්නෙ ?
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහෝ දුරට හෙඩ් එක ක්‍රැක් වෙන්න ඇත්තේ රස්නේ පිටින් සීත වතුර දාපු නිසා බන්.. වෙලාව තමයි ඉතින්.. යන්න තියන සල්ලි කොහෙන් හරිම යනව බන්..

    බොන එවුන් එක්ක ගමන් ගියාම එපා වෙනවා බන් .. මම එක වතාවක් අම්පාරේදී වාහනේ පාරේ අයින් කරලා නවත්තල වාහනෙන් බැහැල හිටිය ඇතුලේ එවුන් ගහගෙන ඉවරයක් වෙනකම්... මම බලාගෙන හිටියේ පොලිස් ජීප් එකක්වත් ආවනම් කට්ටියම එකට දාල හයර් එකත් එපා කියල ගෙදර එන්න.. පූස් පැටව වගේ ගමන් යන්න පිටත් වෙන එවුන් බීගත්තාම යක්කු වගේ මරාගන්නෙ ...
    :yes: ඔව් එහෙම වෙන්න ඕනේ. හැබැයි තව දෙයක්. ‍මේකේ හෙඩ් එක කලිං පාස්සලා තිබිලා තියෙන්නේ. අපිත් දැක්කේ ගැලෙව්වට පස්සේ. ඒ තැනකිං ආයේ ක්‍රැක්වෙන්න පුලුවං කියලා තමා බාසා කිව්වෙ.

    අපොයි එදායිං පස්සේ බොන හයර් යන්නෑ කියලා හිටියා..
    ඒ උනාට ඉතිං මුං ගමන පටං ගන්නේ බොන් නැතුව නේ.. මගදි නේ අයියේ සිංහයා බෝඩ් එකක් ලග නතර කරන්න කියන්නෙ :oo:
    තව හොද හොද කථා තියෙනවා.. පසුවට කියන්නංකො :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මේ සිද්දිය උනේ 2012. බස් එක අරං ගියා බදුල්ල මගුල්ගේක. කන්ටේනර් යාඩ් එකක කට්ටියක් තමයි හයර් එක කථා කරලා තිබ්බේ. බදුල්ලේ මගුල් ගෙදර නැකැත් තිබුනේ අටයි ගානකට උනත් මේගොල්ලන්ට කලිං යන්න ඕනැ කිව්වා උදව් වෙන් නතියෙනවා කියලා.
    .........................................

    තව හොද කථා තියෙනවා .. ඒවා පසුවට

    samanyayen coolant neti unahama heat wena eka pennanne na.. tiyenne bage wage thama... ape eketh oya wage case ekak tibba..

    high RPM wala a kiyanne kadu adinakota wage radiator eke coolant okkoma yanawa eliyata.. mekata hethuwa wela tibbe clogged radiator eka.. radiator eka pupurawwe neti unata.. pressure eka nisa radiator pressure cap eka haraha overflow tank eken coolant okkoma bimata yanawa..

    ape eke head gasket ehema awl nowee berune.. ape eke water bottles okkotoma wage water level indicators awith tibba.. level ela awl wenakota indicate karana nisa meter una...

    Coolant_Level_Box_2.jpg
    Low_washer_fluid.jpg

    den awrudu 2kata wotara kalin reconditioned radiator ekak denma.. den nam kisima awlak na.. full load A/C dala wada deela kadu awath ara lede na..

    wahane parana unath hoda core ekak tiyena radiator ekak wasanawata wage hambuna..

    IMAG0275.jpg

    IMAG0276.jpg

    Status
    Not open for further replies.