කලකිරිලා

උබලටත් මට වගේම ක&#3517

  • ඔව්, කලකිරිලා

    Votes: 45 71.4%
  • කලකිරීලා නෑ

    Votes: 18 28.6%

  • Total voters
    63

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා....

    ඇත්තම කියන්න... ලංකාව ගැන උබලටත් මට වගේම කලකිරිලද තියෙන්නේ??? (දේශපාලනය, ආගම් බේද ඇදලා ගන්න එපා) කවදාවත් අහලා නැති දේවල් දැන් අහන්නේ... මොකක්ද බන් මේ රටට මේ වෙන්නේ????

    මටනම් දැන් සිරාවටම මේ රට ගැන කලකිරිලා... උබලටත් එහෙමද????
     
    • Like
    Reactions: kinkon

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ රට ගැන නම් මට කවදාවත් කලකිරීමක් දැනිලා නෑ.. මේ වගේ රටක් මම දන්න තරමින් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.. කලකිරෙන්න ඕන රට විනාශ කරන උන් ගැන.. නැතුව තමන් ඉපදුන, හැදුන වැඩුන රට ගැන නෙමෙයි.. උන් ජාතියේ කරුමෙට පහලවෙච්චි කාලකන්නි..;)
     
    • Like
    Reactions: dinuka rukshan

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ කියන්නේ ඔහොම තමයි මල්ලි නොයෙක් හැලහැප්පීම් මතින් තමයි ඉදිරියට යන්නේ. මට නම් එහෙම කළ කිරීමක් ඇති වෙන්නෙ නෑ. කළ කිරීමක් ඇති කරගන්නෙත් නෑ. එක එක මින්ස්සුන්ගේ, දේශපාලුවන්ගේ වැඩ වලින් කළකිරිම් ඇති කරගත්තොත් අපිට ඉන්න වෙන්නෙ නෑ. හොදම දේ තමයි තමන් පුද්ගලයෙක් විදිහට නැගී සිටින්න උත්සාහ කරන එක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ රට ගැන නම් මට කවදාවත් කලකිරීමක් දැනිලා නෑ.. මේ වගේ රටක් මම දන්න තරමින් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.. කලකිරෙන්න ඕන රට විනාශ කරන උන් ගැන.. නැතුව තමන් ඉපදුන, හැදුන වැඩුන රට ගැන නෙමෙයි.. උන් ජාතියේ කරුමෙට පහලවෙච්චි කාලකන්නි..;)

    :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ රට ගැන නම් මට කවදාවත් කලකිරීමක් දැනිලා නෑ.. මේ වගේ රටක් මම දන්න තරමින් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.. කලකිරෙන්න ඕන රට විනාශ කරන උන් ගැන.. නැතුව තමන් ඉපදුන, හැදුන වැඩුන රට ගැන නෙමෙයි.. උන් ජාතියේ කරුමෙට පහලවෙච්චි කාලකන්නි..;)
    :yes::yes::yes::yes:
    මොකක් ගැනද මේ අහන්නෙ

    දැන් රටේ වෙනදේවල් වලට බන්... මිනි මැරුම් බලහන්... හැමදේම කල්පනා කරහන්... මේ රටේ තියන, වෙන දේවල්... කාටවත් නිදහසේ පාරේ බැහැලා යන්න නෑ...
     
    • Like
    Reactions: Mr.Tom

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ජින්තුවා;18447818 said:
    උපන් රට ගැන කවදාවත් කලකිරීමක් නැහැ. රට විනාස කරන කාලකන්නි ගැනනම් කරකිරීමක් තියෙන්නෙ

    :yes:
     
    • Like
    Reactions: dinuka rukshan

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes:

    දැන් රටේ වෙනදේවල් වලට බන්... මිනි මැරුම් බලහන්... හැමදේම කල්පනා කරහන්... මේ රටේ තියන, වෙන දේවල්... කාටවත් නිදහසේ පාරේ බැහැලා යන්න නෑ...

    ජාතික ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතන්න එපා මල්ලි. ඉස්සල්ලා තමන් හැදිලා සාර්ථක මිනිහෙක් වෙන්න බලන්න. නිකං හිතන්න යුද්දෙ කාලෙදී රටේ මිනිස්සු, සිංහල කොල්ලෝ කී දෙනෙක් මැරුනද. ඒක හිත හිත ගොවියො ටික වගා කරන්නෙ නැතුව හිටියනම් අනිත් එකෙකුටවත් කන්න බත් පවා නැති වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes:

    දැන් රටේ වෙනදේවල් වලට බන්... මිනි මැරුම් බලහන්... හැමදේම කල්පනා කරහන්... මේ රටේ තියන, වෙන දේවල්... කාටවත් නිදහසේ පාරේ බැහැලා යන්න නෑ...
    ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද බං.. රටේ වැරැද්ද නෙමෙයිනේ.. සමාජය පිරිහිච්ච එකට අපේ රට පළි නැහැ.. :(

    පාරෙ බැහැලා යන්න පුළුවන් බං.. මොකෝ බැරි.. තමන්ගෙ පාඩුවෙ හිටියාම ඉවරයි..:D

    අසහනකාරයො ටික එල්ලලා මැරුවා නම් හරි.. යම්තාක් දුරට හරි අනිත් අසහනකාරයො හැදෙයි.. දූෂණ අඩුවෙයි.. ඒත් නීතිය හරියට වෙන්න ඕන.. මේ රටේ වෙන්නෙ වැරැදි කරපු උන් නිදහස් කරලා වැරැදි නැති උන්ව එල්ලන එකනේ..:angry:

    ඒ වගේම දෙමාපියන්ගෙ වැරදිත් තියෙනවා ඔය අපචාර සීන් වලට.. උන් ලමයි ගැන හොයලා බලනවා අඩුයි..:sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes::yes:

    දැන් රටේ වෙනදේවල් වලට බන්... මිනි මැරුම් බලහන්... හැමදේම කල්පනා කරහන්... මේ රටේ තියන, වෙන දේවල්... කාටවත් නිදහසේ පාරේ බැහැලා යන්න නෑ...

    දියුණුව කියන්නෙ ඕක තමා සංකීර්ණ උනාම හැමදේම අනිත් පැත්තට යන්නෙ..මිනිස්සුන්ගෙ තණ්හාවයි ආසාවයි වැඩිඋනාම හොඳගතිගුණ අඩුවෙනව මේ කාලෙ අම්ම අප්පවත් ෂුවර් නැතිය සමහරු කියන්නෙ ඒක නිසා වෙන්න ඇති :oo::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජාතික ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතන්න එපා මල්ලි. ඉස්සල්ලා තමන් හැදිලා සාර්ථක මිනිහෙක් වෙන්න බලන්න. නිකං හිතන්න යුද්දෙ කාලෙදී රටේ මිනිස්සු, සිංහල කොල්ලෝ කී දෙනෙක් මැරුනද. ඒක හිත හිත ගොවියො ටික වගා කරන්නෙ නැතුව හිටියනම් අනිත් එකෙකුටවත් කන්න බත් පවා නැති වෙනවා.
    :yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජාතික ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතන්න එපා මල්ලි. ඉස්සල්ලා තමන් හැදිලා සාර්ථක මිනිහෙක් වෙන්න බලන්න. නිකං හිතන්න යුද්දෙ කාලෙදී රටේ මිනිස්සු, සිංහල කොල්ලෝ කී දෙනෙක් මැරුනද. ඒක හිත හිත ගොවියො ටික වගා කරන්නෙ නැතුව හිටියනම් අනිත් එකෙකුටවත් කන්න බත් පවා නැති වෙනවා.

    :rolleyes::rolleyes::rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද බං.. රටේ වැරැද්ද නෙමෙයිනේ.. සමාජය පිරිහිච්ච එකට අපේ රට පළි නැහැ.. :(

    පාරෙ බැහැලා යන්න පුළුවන් බං.. මොකෝ බැරි.. තමන්ගෙ පාඩුවෙ හිටියාම ඉවරයි..:D

    අසහනකාරයො ටික එල්ලලා මැරුවා නම් හරි.. යම්තාක් දුරට හරි අනිත් අසහනකාරයො හැදෙයි.. දූෂණ අඩුවෙයි.. ඒත් නීතිය හරියට වෙන්න ඕන.. මේ රටේ වෙන්නෙ වැරැදි කරපු උන් නිදහස් කරලා වැරැදි නැති උන්ව එල්ලන එකනේ..:angry:

    ඒ වගේම දෙමාපියන්ගෙ වැරදිත් තියෙනවා ඔය අපචාර සීන් වලට.. උන් ලමයි ගැන හොයලා බලනවා අඩුයි..:sorry:
    :yes::yes: 100% ඇත්ත... ඇයි එක මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැත්තේ?? මේ රටේ ගොඩාක් එවුන් තමන්ගේ ඇහේ පොල් පරාල තියන් අනුන්ගේ පොල් කෙදි හොයනවා...
    දියුණුව කියන්නෙ ඕක තමා සංකීර්ණ උනාම හැමදේම අනිත් පැත්තට යන්නෙ..මිනිස්සුන්ගෙ තණ්හාවයි ආසාවයි වැඩිඋනාම හොඳගතිගුණ අඩුවෙනව මේ කාලෙ අම්ම අප්පවත් ෂුවර් නැතිය සමහරු කියන්නෙ ඒක නිසා වෙන්න ඇති :oo::(

    :yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද බං.. රටේ වැරැද්ද නෙමෙයිනේ.. සමාජය පිරිහිච්ච එකට අපේ රට පළි නැහැ.. :(

    පාරෙ බැහැලා යන්න පුළුවන් බං.. මොකෝ බැරි.. තමන්ගෙ පාඩුවෙ හිටියාම ඉවරයි..:D

    අසහනකාරයො ටික එල්ලලා මැරුවා නම් හරි.. යම්තාක් දුරට හරි අනිත් අසහනකාරයො හැදෙයි.. දූෂණ අඩුවෙයි.. ඒත් නීතිය හරියට වෙන්න ඕන.. මේ රටේ වෙන්නෙ වැරැදි කරපු උන් නිදහස් කරලා වැරැදි නැති උන්ව එල්ලන එකනේ..:angry:

    ඒ වගේම දෙමාපියන්ගෙ වැරදිත් තියෙනවා ඔය අපචාර සීන් වලට.. උන් ලමයි ගැන හොයලා බලනවා අඩුයි..:sorry:

    තව දෙයක්... මේ රටේ මහා දියුණුවක් නෑ... පොඩ්ඩක් හිතලා බලහන් අනිත් රටවල් ආසියාවේ.. honkon, japan, china මීට වඩා කොච්චර දියුණුද?? ඒ උනාට ඒ රටවල මෙහෙම නෑනේ....ඇයි බන් අපේ රටේ විතරක් ගොඩාක් මෙහෙම වෙන්නේ...

    අනිත් රටවල් වල පාර යන වාහන දිහා බලහන්, පිරිසිදුකම බලහන්.. එකට ලංකාවේ බලහන්.... ඔන්න ඔහොම හිතලා බලහන්.,. :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව දෙයක්... මේ රටේ මහා දියුණුවක් නෑ... පොඩ්ඩක් හිතලා බලහන් අනිත් රටවල් ආසියාවේ.. honkon, japan, china මීට වඩා කොච්චර දියුණුද?? ඒ උනාට ඒ රටවල මෙහෙම නෑනේ....ඇයි බන් අපේ රටේ විතරක් ගොඩාක් මෙහෙම වෙන්නේ...

    අනිත් රටවල් වල පාර යන වාහන දිහා බලහන්, පිරිසිදුකම බලහන්.. එකට ලංකාවේ බලහන්.... ඔන්න ඔහොම හිතලා බලහන්.,. :sorry:

    ඒක ඉතිං එක එක රටවල සංවර්ධන ක්‍රම වල තියන වෙනස්කම් තමයි. එහෙනම් ඉන්දියාවේ මිනිස්සු වැඩි හරියක් ටොයිලට් වලට නොයා හැම තැනම වැඩේ දෙනවා. බිල්ඩින්එකක තියන වැටක් අල්ලන්න බෑ ජරාව, මල මිනී ගංගාවලට දානවා. සොමාලියාව ඉතියෝපියාව ගැන හිතන්න. ඇමරිකාවේ ගහක බයිසිකලයක් ලොක් කරලා දවසක් තිබුනොත් අනිත් දවසෙ තියන්නේ බටටික විතරයි. ලෝකේ හැම රටකම වැරදි තියනවා. ඒවා තේරෙන්නේ අදළ රට ඇතුලේ ඉන්නකෙට තමයි. රටේ සංවර්ධනය අපිට කෙලින්ම බාරගන්න බෑනේ මල්ලි. අපි ඒ නිසා අපේ සංවර්ධනය ගැන හිතන්න ඕනි. ආර්ථක වහයෙන් වගේම අධ්‍යාත්මික වශයෙනුත් අපේ සංවර්ධනය ගැන තමයි අපි මුලින්ම හිතන්න ඕනි. කතාවක් තියනවනේ ලෝකයාට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න කියලා. තමන් අධ්‍යාත්මික වශයෙ පිරිහිලා නම් අන්න ඒක තමයි ලොකුම හානිය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: 100% ඇත්ත... ඇයි එක මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැත්තේ?? මේ රටේ ගොඩාක් එවුන් තමන්ගේ ඇහේ පොල් පරාල තියන් අනුන්ගේ පොල් කෙදි හොයනවා...
    ඒක සිංහලයා උප්පැත්තියෙන් අරන් ආපු වැරැද්දක්.. ඒක හදන්න අමාරුයි මචෝ.. එකෙක් ගොඩ යනකොට කකුලෙන් ඇඳලා වට්ටන එක, අනුන්ට ඉරිසියා කරන එක, අනුන්ගෙ මගුල් හොයන එක.. සාමාන්‍ය දෙයක් අපේ අයගෙ..:D

    තව දෙයක්... මේ රටේ මහා දියුණුවක් නෑ... පොඩ්ඩක් හිතලා බලහන් අනිත් රටවල් ආසියාවේ.. honkon, japan, china මීට වඩා කොච්චර දියුණුද?? ඒ උනාට ඒ රටවල මෙහෙම නෑනේ....ඇයි බන් අපේ රටේ විතරක් ගොඩාක් මෙහෙම වෙන්නේ...

    අනිත් රටවල් වල පාර යන වාහන දිහා බලහන්, පිරිසිදුකම බලහන්.. එකට ලංකාවේ බලහන්.... ඔන්න ඔහොම හිතලා බලහන්.,. :sorry:
    මට ඕකට පැහැදිලි උත්තරයක් දෙන්න දැනුමක් නෑ බං.. උඹට අනිවා කවුරුහරි මේකට රිප්ලයි කරයි.. මම හිතන විදියට අපේ රට ඔය විදියට දියුණු කරන්න අමාරුයි.. මාත් දවසක් ඔය ප්‍රශ්නෙම අහලා ත්‍රේඩ් එකක කවුහරු හරි පැහැදිලි කරල තිබ්බා.. මට මතක නෑ ත්‍රේඩ් එකේ නම..

    ඕකට නීති ක්‍රියාත්මක වෙන්න ඕන.. එතකොට ඒ වැරැද්ද හරියනවා බං.. පිටරටවල කොල කෑල්ලක් පාරෙ දැම්මත් දඩ ගහනවා.. බල්ලෙක් ජරා කෙරුවොත් තමන් අරන් දාන්න ඕන.. නැත්නම් දඩ ගහනවා.. ඒ වගේ නීති මේ රටේ ක්‍රියාත්මක කලා නම් රට පිරිසිඳුව තියාගන්න තිබ්බා.. හරියට පාරෙ සිඟරට් බොන්න තහනම් කලා වගේ.. බයටම ඒ දේවල් නවතිනවා.. මිනිස්සු හැදෙනවා.. ඒත් මේ රටේ තියෙන්නෙ කිසිම තේරුමක් නැති ගොබ්බ නීති වගයක්..