ugure amaruwai kassai mekata mokada karanna hoda ?
කැස්ස වියලි කැස්සක් නෙද?
උගුරේ අමාරුව සාමානයෙන් වයිරස් ආසාදනයක්. ඒ නිසා ඇන්ටිබයොටික් එකක් අවශ්‍ය වෙන්නේ නෑ.(බැක්ටිරීයා අසාදනයත් බොහොවිට දවස් කිහිපකින් සන්කුලතා රහිතව හොද වෙනවා. )
sdlrs6 කියලා තියෙනවා වගෙ ලුනු මිශ්‍ර උනු වතුරෙන් කට හොදන එකයි, උනු පානයන් බීමයි, ඔය හැක්ස් වගේ ටොපී වලිනුයි උගුරේ තියෙන වේදනාව අඩු කරගන්න පුලුවන්. පැරසිටමොල් ගැනීමෙනුත් තියෙන අපහසුතාවය අඩු කර ගන්න පුලුවන්.
නහයෙන් හොටු එනවනම් cetirizine ගන්න.
කොහොමත් වයිරස් නිසා හැදෙන උගුරේ අමාරුව දවස් 5-7කින් හොද වෙනවා. හැබයි දවස් 5ක් විතර තිබ්බත් අඩුවෙන ගතියක් නැත්නම් ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් හොදයි.