වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    heduwe na heduna waradila horse ekakin.:sorry: start nowana nisa mama solenoid eka short kara motare wadada balanna, amathaka wela thibila thiyenne reverse gear eke. motare wada kara wahaneth passata panna :sorry::sorry: itapasse neutral karala aye short kara, badu wada na :( garage eke baas koluwa kiwwa pichchilalu :eek:

    අනේ මන්ද උඹ bypass කරපු වෙලාවේ වාහනේ පස්සට පැන්නනම් ඒ ටිකට ඕක පිච්චෙන්න විදිහක් නැහැ බන්. සමහර විට සොලොනොයිඩ් එකේ කොයිල් එක පිච්චිලා කියන්න ඇත්තේ..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ටොයෝටා................. ටොයෝටා....................




    මේං මං උඹට ආරාධනාව කලා.:yes: මං ඉන්නෙ කොළඹ බදුල්ල පාර අයිනෙම. ගෙදරින් එලියට බැස්ස ගමන් පාර. :Pමේ පැත්තෙ එනවනං ඕන කෙනෙකුට ආරාධනාව විවෘතයි. :yes:මං හැමදාම වැඩට යනවා හපුතලේ හරහා .මේ දවස්වල ඌවපරණගම පැත්තෙ වැඩ. එක පැත්තට කි.මී.62ක් උදේ හවා යනවා එනවා.:sorry:

    ඔය පැත්ත නියමයි. මම අවුරුදු 4ක් හිටියා බෙලිහුල්ඔය. :yes::yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18449620 said:
    ඒකේ ගිහාම පවර් ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි අව්රුදු 10ක් පාවිච්චි කරන්න තියෙන එක එක දවසින් ගෙවෙනවා කුකුලෝහ්...:lol::lol:

    මමනම් නුවරපාරෙන්මයි අදින්නේ. උදේ 2ට නැගිටලා යන්න සෙට් උනාම ආයේ ඉතින් මාතලෙන් තමා එලිය වැටෙන්නේ. ඇරිල්ලක් තියෙන්නේ, බලු බල්ලෙක් නෑ

    බල්ලොන්ට? :shocked: :oo::baffled: :no:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උන් අදත් මට බනිනවා තෝ වාහනේ AC දාල උන්ව අන්දලා නිදාගත්ත කියල.. අන්තිමේ වැරදි කාරය උනේ අතරමග නවත්තල බොන්න ආතල් ගන්න සෙට් වෙච්ච එවුන් නෙවෙයි.. කඳුලක්වත් නොබීපු මම... තව විනාඩි දහයක් පහු උනානම් මගුල් ගෙදර එවුන් පොලිසි යන්න ඉඳල තියෙන්නේ අපි ආගිය අතක් නැහැ කියල.. මනමාලි ඇඩූ කඳුලෙන් අපි යද්දී.. මහ එවුන් යක්කු වගේ...:shocked::shocked:

    මගුලත් එක්කම පොලාගෙ අව මගුල :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙක හරියනේ නැ බන්. නිවාඩු දවස් ටික අහු උන ටිකෙ සතියක් කියවන්න බැරි උනා දැන් අල්ලගන්න බැ. මම තාම් 565 ඉන්නේ. පොඩ්ඩක් හෙමින් යමල්ලකො. :(

    :rofl: බෑ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18456360 said:
    පැන්ඩා/ විසෙල් අනාතයෙක් මරං කෑවෙත් නෑ.. කුචු කුචු වගේ:rolleyes::rolleyes:

    :shocked: ඈයි FB එකේ ස්ටාර්ලට්ද / ඈල්ටොද / පැන්ඩද කියලා ඈහුව සීන් එකේ....... :P

    11390262_843476162403207_1439496690334979183_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18456346 said:
    දැන් ඇවිත් හොන්ඩා ඇන්ජින් 100කුයි ටොයොටා ඇන්ජින් 50කුයි ගැන කියලා ලැජ්ජාව වහගනී. අපි දැක්කේ නෑ වගේ ඉමු:P

    :P ලිද ලිද..... මම ඊයේනේ දැක්කේ.... මූ හයිබ්‍රිඩ් ටොයෝටා ගැනත් ත්‍රෙඩ් එකක් දාලා නේ...... :yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes:

    මේකනං මගේ වාහනේකින් කාපු කටුවක් නෙමෙයි "අපේ" වාහනේකිං කාපු කටුවක්. ඒ කියන්නෙ හු'ලංගම කටුවක්. :yes::yes:
    2832992-CTB--Local-bus--Negombo-0.jpg

    මම රස්සාව කොරන්නේ කොළඹ පලාතෙ වුනත් දවසට කිලෝමීටර් 45ක් ඉතර දුව ගෙවාගෙන කොළඹ ගාටනවා ගෙදර ඉඳන්. :confused: ගමෙන් පානදුරේට බස් එකේ ඇවිල්ලා එතනින් යකඩ රෝද උඩ තමා එන්නේ. හවසටත් ඒ විදියමයි. හිටිගමන් ඉතින් අම්බානක රෑ වෙනවා ගෙදර යද්දි. :(:(

    පානදුරෙන් අපේ ගම් පලාතට යන අවසාන බස් එක පිටත් වෙන්නේ රෑ 10.50ට. ඔය බස්සෙක මිස් වුනා කියන්නේ ඉතින් බඩුම තමා. පේමන්න්ට් කා දොයිය බබා සරණං ගච්චාමි හෝ ආටා පුතා සරණං ගච්චාමි තමා. කොහොමින් කොහොමින හරි ඔය අන්තිම බස්සෙක ඉතින් හු'ලංගමයක්. බඩා මාර්ක් බස් ඔය වෙලාවට බුදිනේ. :P
    750927-Bus-Driver-Goes-to-Sleep-on-Side-of-Road-0.jpg

    ඕං ඉතින් සුපුරුදු ලෙසින් මං තුමා පානදුරේට සැපත් වෙලා ඔය අන්තිම බස්සෙකේ ආසනේකුත් පනවගෙන නින්දක් දාගෙන යන්න කියල ඇල වුනා. දෙය්යනේ කියල ගෙවල් බලා යන්න. සෙනගත් වැඩිය නෑ. බස් කට්ට වෙලාවටම පිටත් වුනා. NA නොම්බර තහඩුව තියෙන ටකරං ලෑලන්ඩ් එකක් අර උඩ තියෙන පින්තූරෙ වගේ. :P

    කොහෙම වුනත් මට හරියකට නින්ද ගියෙනං නෑ. මුලින් පාගල ගිය බස්සෙක ගමනෙන් බාගයක් විතර දුර එද්දි මග නවත්ත නවත්ත රේස් කරනව කියල හීනෙන් වගේ තේරුණා. :shocked::shocked::shocked: හෑ ඒ කියන්නේ බඩු හරි. එක්කෝ මග බුදි නැත්තං පයින් ගෑටිල්ලක් තමා. හු'ලංගමේ බස් එකක් ඔහොම දුවනව කියන්නේ ඉතින් මගියෙන්ට ඉතා නුදුරෙදිම බනිස් දන්සැලකින් කට පුරා කන්න හම්බෙනවා කියන එක. :no::no::no:ඇරත් අන්තිම බස් එක බොලව්. ඉඳහිට යන වාහනයක් ඇරෙන්න බලු බල්ලෙක් නෑ පාරෙ.

    ඔහොම සැර දදා ගිය උලව්ව අන්තිමට ගමනාන්තෙට කිලෝමීටර් හයක් විතර තියල නැවැත්තුවා කියහන්කො. බඩු හරි ඒ කියන්නේ. :sorry::sorry::sorry:

    බස් එකේ වැටිම වුනොත් සෙනග දහයක් විතර ඉන්න ඇති. ඔන්න එකා දෙන්නා බහිනවා දැන්. කට්ටිය කුටුකුටු ගානවා. ඔය අතරරේ මම බහින්න කම්මැලිකමට බස් එකටම වෙලා හිටියා. පට්ට නිදිමතේ. විනාඩි පහක් විතර ගියත් මුකුත් වෙනසක් වෙන පාටක් නෑ. ඒපාර මාත් බැස්සා මොන උට්ටක්ද වුනේ කියල බලන්න. ඔය අතරේ ලඟපාත ටික දෙනෙක් බැහැලා පයින්ම ගියා යන්න. දැන් ඉතුරු ඩැයිබරයයි කොන්දායි මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි. ගමනාන්තෙටම යන.:sorry::sorry::sorry:

    ඉස්සරහට ගිහින් බැලුවම ඩැයිබරයා උඩ බලන් ඉන්නවා කොන්දා වට පිට බලනවා ටිකට් මැසිමත් කිහිල්ලෙ ගහන්. ටිකකින්..
    ඩැයිබරයා දොර ඇරලා මොනවද මන්දා බලනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා බලනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා බලනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා කරනවා ආයෙ වහනවා. කොන්දා වටපිට බලනවා.
    ඩැයිබරයා ආයෙ දොර ඇරලා මොනවද මන්දා කරනවා ආයෙ වහනවා.

    මොන රෙද්දක්ද යකෝ මේ. අපි ගෙදර යන්නැද්ද? :angry::angry::angry::angry:

    ටිකකින් ඩැයිබරයා වැඩේ අතෑරියා.

    “බස් එක යන්නෑ” :angry::angry::angry::angry::angry:

    මුගෙ අම්මට යකෝ....(මූ වගේ තව එකෙක් හිටියනං කරත්තෙට මරු ගොන් බානක් කියල උඹලට අන්තිමට හිතෙයි) :rofl::rofl::rofl::rofl:

    එතකොට අපි ගෙදර යන්නේ මුගේ පිටේ නැගලද කියල මට මල පැන්නා. මම ඉතින් ඔය වාහන වැඩ කෑලි ගැන මෙලෝ මල සංසාරයක් දන්න එකකෙක් නෙමෙනේ. අනික පත බස් ගෙඩියක්.
    කොරන්න දෙයක් නැතිම තැන ශේප් එකේ කොන්දට කිට්ටු කරල ඇහුවා මොකද කියල.

    “බස් එක රේස් වෙන්නෙ නෑ මල්ලි. ඇක්සලරේටරේ ගැලවිලා. යන්න විදිහක් නෑ.” කොන්දා කියපි.

    අලි උට්ටයි. ඒ කියන්නේ මේ මහ රෑ දැන් ඉතින් පයින් ගාටපංකෝ. එහෙම කියල කොල්ලා බෑග් එකත් අරන් බස් එකෙන් බැහැලා පයින්ම ගමන පිටත් වුණා. කටුව ඉවරයි. අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි. :lol::lol::lol::lol:
































    එහෙමද වුනේ?;):P:P:P:P

    ඒ වෙලාවෙ මම තවත් බුවෙක් එක්ක කයියක් දාගෙන හිටියෙ. පොරත් ගමනානේතෙටම යන පොරක්. කෙහොමින් කෙහොමින් හරි ඩැයිබරයා සියලු බලාපොරොත්තු සුන් වෙලා එහාට මෙහාට වුනා. ඒ කිය්නනෙ බස් එක යන්නේ නෑම තමයි. දැන් ඉතින් කොරන්න දෙයක් නැත පුතේ. :confused: ඔය වෙලාවෙ තමයි දැක්කෙ බස් කට්ටේ බොනට් එක ඇරලා. මිකැනික් ගැන දන්නෙ නැතිවුනත් ආසාවට මම පොඩ්ඩක් එබිලා බැලුවා. Nokia පෝන් කට්ටක් තිබුණා. ඒකත් ගගහ ආසාවට දොර බල බල ඉන්නකොට කොන්දා ආයෙ පාත් වුනා. අපි එන්ජිම ගලවනව කියන හිතන්න ඇති. ;)

    මම ඇහුවා කොන්දගෙන් කෝ මොකද වෙලා තියෙන්නෙ කියල. එතකොට බුවා කියනව ඇක්සලරේටර් එක ආපහු උඩ එන්නෑලු. බස් එක රේස් වෙන්නෙත් නෑලු.
    211885d1255858351-commercial-vehicle-thread-tata1.jpg


    එහෙම කියද්දි මට නිකමට හිතුනා මේක නං පොඩිම පොඩි කේස් එකක් තමයි පොඩ්ඩක් බලන්නම ඕනි කියල. එහෙම හිතල හෙන පොර වගේ බැස්සා ගේමට( වැඩේ වැරදුනානං තාම කනවා). දොර ඇරියා. බැලුවා. ඇත්ත තමයි. ඇක්සලරේටර් එක ෆ්ලෝ බෝර්ට් එක උඩ දොයි. නැගිට්ටල අත ඇරියම බුවා ආයෙ දොයි.
    ලේලන්ඩ් බස් වල උඹල දැකල ඇතිනේ. පත ලෑල්ලක් වගේ එකකට ගහපු කූරක් එක පැත්කට හයි කරපු එකක්. මේ තියෙන්නෙ පිනුතූරේ.
    209459d1255453394-day-lpt1613-tc-tata-1210e-semi-forward-1613tc-4abc.jpg



    ආයෙ පාරක් ඇක්සලරේටර් එක උඩට ඉස්සුවා ඒත් මූ පණ නැතිව වැටෙනව.
    falling-on-face.jpg

    මම හිතුවෙ මූ උඩ තියාගන්නේ ස්ප්‍රීන් එකකින් වෙන්න ඇති. ඒක වැටිලා ඇති කියලා. ආපහු ඉස්සරහින් බැලුවා ටෝච් එක ගහගෙන.

    අම්මට සිරි යකෝ. පට්ටම සරල කේස් එකක් (ඉන්දියන් හුබ්බඩ නේ). ඇක්සලරේටරේ යන අර යකඩ කුරේ අග පොටක් තියෙනවා. ඒක තව ෂාෆ්ට් එකක් අස්සෙන් තවුවකට බැහැලා යටින් නට් එකක් දාලා තද වෙනවා. හරිම සරල ක්‍රමයක්.

    699693.jpg

    ක්‍රමය හරියට මේ පින්තූරේ වගේ. හැබැයි ගොඩක්ම වෙනස්. තියෙන්නෙත් උඩු අතට. (ඔය රතු රවුමනං මේ කතාවට අදාල එකක් නෙමේ.)

    සාමාන්‍යෙයන් මගේ ප්‍රතිපත්තියක් තමයි මොාකක් හරි ඔය වගේ ගැජමැටික් එකක් දැක්කම ඕකත් එක්ක ඔට්ටුවෙන්න වලිකන එක. (ටෙක් වැඩ බැරි වුනත් මම පොඩි කාලෙ ඉඳලම කරේ ඔය සෙල්ලම් වාහන කෑලි ගලෝ ගලෝ අලුත් අයිටම් හදන එක කියල අපේ මාමාල තාමත් හිනා වෙනවා)

    කතා කරා ඩැයිබරයට. උට කිවුවා උස්සල අල්ලපිය කියල ඇක්සලරේටර් එක. එහෙම කියල ඉස්සරහින් දොර අස්සෙන් අමරුවෙන් අත දාලා අර කූර අරන් ආපහු අර ගෘ එක උඩින් තිබ්බා. එතකොට ඇක්සලරේටරේ බබා වගේ පෑගෙනවා. හැබැයි අත ඇරිය ගමන් ආයෙ එලියට පනිනවා. නට් එක නෑනේ. පොටත් ගිහිල්ල තිබුනෙ. ඒ නිසා නට් එක තිබුණත් වැටක් නෑ. මේ වෙද්දි මගේ අත පුරා මංජ.

    දැන් කරන්න තියෙන එකම දේ තමයි මොකක් හරි එකකින් ඔය කූර අර ගෘ එකට තියල ගැටගහන එක. වාසනාවකට වගේ බස් එකේ කම්බි කෑල්ලක් තිබුණා. ඩැයිබරයට කිවුවා ඇතුලෙන් ඇවිත් අර කූර වටේ වට දෙකක් විතර ඔතලා කමිබි පොටවල් දෙක පහලට එවන්න කියල. මගේ බලාපොරොත්තුව වුනේ අර ගෘ එකට රොඩ් එක රිංගවල කම්බියෙන් ගැට ගහන්න. ඔවු තාවකාලික පිලියමක්.

    ඩැයිබරයා අමුම අමු ගොනෙක් කියන්නේ. මූට තේරෙන්නෙ නැහැ කරන්න ඕනි දේ. දෙපාරක්ම ඌ කරේ රොඩ් එකට ඉඩ තියෙන හිඩැස අතරින් කම්බි පොට පහලට එවන එක. මල පැන්නා ඕයි.
    (මේ පින්තූරෙ තියෙන වගේ ඔය යකඩ කූරට කම්බිය බැඳලා හිඩැස අස්සෙන් පහලට එවන්න කියලයි මම කිවුවේ.)
    215815.jpg


    ඒ පාර මමම ගිහිල්ලා අර කමිබියෙන් ඇක්සලරේටරේ කූඩ වටෙන් කමිබිය දාලා හොඳට තදවෙන්න වට දෙකතුනක් ඇඹරුවා එහා මෙහා වෙන්න. ඊට පස්සේ පොටවල් දෙක පහලට අරන් ආපහු ගෘ එක අස්සෙන් කූර දාලා හොඳට ඇදලා ගැට ගැහුවා. වැඩේ ගොඩ. දැන් ඇක්සලරේටරේ හරි විදියට වැඩ. ඩැයිබරයට කිවුවා ස්ටාර්ට් කරලා බලන්න කියලා. අම්මට සිරි කියන්නේ මල් හතයි.

    ඉතුරු වෙලා හිටපු සෙනග කීප දෙනාගෙන් පැසසුම් මල් වැසි. මල්ලි නොහිටියනං මුං බස් එකයි අපිවයි මග දාලා යනව කියල. :cool::cool::cool::D
    4624361157_cddb83b75f_b.jpg

    මජන් එහෙම පිහිදාගෙන බස් එකට නගින්න ලෑස්තිවෙද්දි කොන්දා ෂේප් එකේ කියනව මල්ලි නොහිටින්න මමත් අද මග තමයි කියල :D ඒ කියන්නේ අර ඩැයිබරයා පට්ට කම්මැලියෙක්. ෂුවර් එකටම ඌ දන්නේ බස් එකක් එලවන්න විතරයි. මම කොන්දට කිවුව ශේප් එකේ අයියෙ මේක තාවකාලික විසඳුමක්. ඕක ඩිපෝ එකට ගිය ගමන් හදාගන්න කියල.
    දෙයියනේ කියල විනාඩි විස්සක විතර ප්‍රමාදයකින් පස්සෙ මම ගෙදරට ලඟා වුනා.


    ප.ලි
    ඊට දවසකට පස්සේ ඒ බස් එකම හම්බවුනා අර ජෝඩුවමයි හිටියේ. ඩැයිබරයනං එච්චර හොඳ මූණක් පෙන්නුවෙ නෑ. මම නිසා මිනිහට අවමානයක්වත් වුනාද දන්නෑ.

    කොන්දානං හිනාවෙනලා හොඳට කතා කරා. මම ෂේප් එකේ අහල බැලුවා බස් එක හදාගත්තද කියල.
    “නෑ. මල්ලි තාම එදා කරපු ප්‍රතිකර්මෙන් තමා දුවන්නේ”

    අපොයි හු’ලංගම!!!


    sad_bus_stnews.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    මේක වාහන හින්ද කාපු කට්ටක් නෙවෙයි. මෙතන දාල ත්‍රෙඩ් එක අලවෙනවනං සොරි වෙන්ට ඕන..
    බොලේරෝ.... ටාටා... වගේ බජට් පිකප් හොඳයිද මචංලා... මං මේ 10~12 කට පිකප් කටුවක් ගන්න කියලා බැලුවේ.
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes:

    මරු කට්ට. මුන් යනවා නේද රියදුරු විද්‍යාලය කියලා එකකට?
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මේක වාහන හින්ද කාපු කට්ටක් නෙවෙයි. මෙතන දාල ත්‍රෙඩ් එක අලවෙනවනං සොරි වෙන්ට ඕන..
    බොලේරෝ.... ටාටා... වගේ බජට් පිකප් හොඳයිද මචංලා... මං මේ 10~12 කට පිකප් කටුවක් ගන්න කියලා බැලුවේ.

    උබ බයිට් එකක් වෙන්න හදන්නේ
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes:

    මේකනං මගේ වාහනේකින් කාපු කටුවක් නෙමෙයි "අපේ" වාහනේකිං කාපු කටුවක්. ඒ කියන්නෙ හු'ලංගම කටුවක්

    ade oya wage katuwak kapu ekek mathama danne eke range.ape pareth divulapitiyen(no-5) ehata thamath hawasa 9.00withara passe bus naha.
    lorry wala pihita thamai ithin rata.marila marila awilla painuth yanna unama.
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අනේ මන්ද උඹ bypass කරපු වෙලාවේ වාහනේ පස්සට පැන්නනම් ඒ ටිකට ඕක පිච්චෙන්න විදිහක් නැහැ බන්. සමහර විට සොලොනොයිඩ් එකේ කොයිල් එක පිච්චිලා කියන්න ඇත්තේ..

    aluth motarayak damma, parana eka pichchilath na :angry: dan solenoid ekak daala balanna ona :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපිට නම් ඉතින් ඔය ඈක්සලේටරේ පෑගුණත් එකයි නැතත් එකයි...... :P

    NA නම්බර් එකක් නම් ආව ඈක්සලේටර් කොක්ක ඈත්තේ..... ඕක හොද එකක් දැම්මොත් නම් ගින්නක් නෑතුව කාලයක් දුවන්න පුලුවන්....... සවුත්තු ඒවා නම් මාසයක් වත් බෑ....... :no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක වාහන හින්ද කාපු කට්ටක් නෙවෙයි. මෙතන දාල ත්‍රෙඩ් එක අලවෙනවනං සොරි වෙන්ට ඕන..
    බොලේරෝ.... ටාටා... වගේ බජට් පිකප් හොඳයිද මචංලා... මං මේ 10~12 කට පිකප් කටුවක් ගන්න කියලා බැලුවේ.

    බලන් ඉද්දි දිරනවා
    ලොරියක් වගේ සැප
     
    Status
    Not open for further replies.