බොහෝ දුරට බ්රේක් පෑඩ් නිසා විය යුතුයි.. මාරු කරලා බලන්න .. උඹේ වාහනේ දෙනවට වඩා හොඳ නැද්ද අතින් ගෙවල හරි රෙන්ට් එකට එකක් අරන් දෙන එක .. මමනම් හුඟක් වෙලාවට එහෙම කරනවා.. කව්රුහරි කොහේ හරි යන්න වාහනේ ඉල්ලපු ගමන් දෙන්නම් කියනවා... යන කෙනා ෂුවර් නැත්තම් කියපු වෙලාවට හයරින් එකක් කතා කරලා අතින් ගෙවල කියනවා මේකේ ගිහින් වරෙන් වාහනේ පොඩි අවුලක් කියල...
මමත් එහෙම කරන්න කල්පනා කරා. ඒත් මේ වෙලාවෙ එච්චරවත් සල්ලියක් අතේ නෑ.
වාහනේ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. වැඩියෙ පෑගෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා දෙන්න පුලුවන්නං හොඳයි. බැරිවෙයිද එහෙම දෙයක් කරන්න. නැත්තං මේක යකා වගේ පෑගෙන හන්දා රේකෙන් රේස් පදියි.


නෑ නෑ බං.... අපි හිතන තරම් කම්පැණි අපිව මරන් කන්නේ නෑ..... එකම දේ එතන ගිහින් කතා කරනකොට..... වාහන ගැන දන්න විදිහට කතා කරන්න ඕනා..... නැත්නම් මොකෙක් හරි අපතයෙක් හිටියොත් අපිව අන්දන්න පුලුවන්......
මමත් ලගදිම FB15 ටියුන් අප් එකකට දාන්න ඉන්නේ AMW එකට......





