වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොලාගේ රටේ සෙට් එකක් ගොඩබැහැලා උන් එක්ක වැඩ මේ ටිකේ... හොඳ ගනන්... :baffled:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බලපල්ල මේක කාලා....දැක්කම වමනෙ යන්න එනවා බොලව්.ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු:sorry::growl::growl:

    173khw.jpg


    2i6ym9t.jpg


    2yn1iqx.jpg
    කොහෙදි හරි මම ඕක ඇත්තට දැක තිබේ. නිිනව්වක්නම් නැත
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18474874 said:
    අඩෝ එකෙක් ඇවිත් අපේ බඩාට සද්දේ දානවා...

    අයිඩීජියා ගනින් ඔය කාබයිට් ලාම්පුව... ටොමා, පොලා කෝ ගනින් වීල් බ්‍රස් එකයි ජැක් එකයි, ඉසුරු එකා කෝ මෙහෙ වර ගනින් ඔය බයිසිකල් චෙන් එක...සංකපාල, මහේශ් කෝ කෝ උබලගේ ශොක් කූරු, නැතනම් ඉදා ගනින් මේ දොර බීඩින් දෙක දෙකට නමවා...malkavi 242
    ~WickZ~ harindugamlath upulpdn janaka5130 ErnE sameerasugath RIDER89 speedmalli shaminda peirisrichlife dwpsg HML කෝ කෝ එකී මෙකී නොකී උන් සේරම ඔය 25න් එහා රැචට් එක එක අරන් වර...

    වරෙව්
    http://www.elakiri.com/forum/showthread.php?t=1681041

    Freedom_Fighters_0006.jpg



    කෝ මේ 3310 පෝං එක? :angry::angry::angry:
    කවුච යකෝ බඩාට සද්දෙ දාන්නේ? :lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18474919 said:
    දිස්ත්‍රික හොරකම් කරන් කන දේසපාලුවෝ ඉන්න එකේ දිස්ත්‍රික කාසි මොකක්ද බන්

    පොලිස් බල්ලා ආපු එක හොදයි. දැන් පොලිසියේ විශ්වාස කරන්න පුලුවන් එවුන්ට උන්නේ ඔය බල්ලෝ ටික විතරයි.. ආ අස්සයෝ ටිකකුත් ඉන්නවා

    එකනං ඇත්ත. :lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18474925 said:
    බුදු පොලයියේ මේ වැඩේනම් කරන්න එපෝ..... උබට මූට ඊසීයූ එකක් අරන් දෙන්න වෙයි:(:(

    එහෙම ගන්නත් ESU තියෙයිද? :no:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රත්තරං;18476027 said:

    අපිල ලග අශ්ශයෝ නේ... යේක ශේරම දෙන්නද ඔද ඔටුවෙක් ඉම්පෝර්ට් කරලා... මොල්ලි දෙකේ full option G ග්‍රේඩ් ඔටුවා ඉන්නවා තනි මොල්ලියේ basic X ග්‍රේඩ් එකා ඉන්නවා

    ඔටුවා pickup මදි නේ :/
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සමහරවිට වෙනත් මොඩල් එකක ටියුබ්ලස් රීම් එකක් මැච් වෙනවා ඇති බන්.වෙන මොඩල් එකක රීම් එකයි, dial plate එකයි, ලයිනර් සෙට් එකයි ඔක්කොම එක්කනම් ඔබන්න බැරි වෙන එකක් නැහැ.. ස්පෝක් තියන එව්වා පැදිල්ල එපා වෙන්නේ පැච් ගියාම තමයි බන්..

    මමත් සෑහෙන්න පැදල තියනව.. 185 එකත් පැදල තිබේ.. කාර් එක වගේ තමා ඉතින්..

    බබ බයික් පදින්න පුරුදු වුනෙත් CD 125 එකකින්. පට්ට බැලන්ස් :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..:D

    (දාන්න පොරොන්දු වුන කට්ට සෑහෙන්න දිගයි. බාගෙට ලියල තියෙන්නෙ ඉක්මණින් දාන්නම් ඒකත්..)



    මේක බඩාගෙ බයික් එක නිසා කාපු කටුවක්. :yes:

    අපේ බඩා මාමට තියනවනේ පුල්සරා 150ක්..:cool: බඩා පන වගේ ආදරේ කරන්නෙ ඕකට..:yes:

    p150_pulsar-landing-page.png



    (නැන්දට බය නිසා එලිපිට කියන්නෙ නෑ..:rofl:)

    H07yVO4.jpg



    ඔන්න අපේ බඩා මාමා මීට ටික කාලෙකට ඉහත මැසිවිලි නගන්න පටන් ගත්තා පල්සරේ මීටරේ පිස්සු කෙලිනවා කියලා..:yes:

    bajaj-new-pulsar-150cc-dtsi-speedometer-view.jpg


    යනකොට ඔන් ඕෆ් වෙනවලු එක එක විකාර වෙනවලු..:dull:බොහෝවිට වෙන්න ඇත්තෙ ලූස් කනෙක්ෂන් එකක් නිසා අපේ පල්සර් ක්ලබ් එකේ කට්ටිය කිව්ව ඉතින් බඩාට කනෙක්ටර් ටික සුද්ද කරල බලන්න කියල:yes: (මටනම් තියෙන්නෙ පල්සරයක් නෙමේ..:no:)
    ඔන්න ඉතින් බඩා තනියම සුද්ද කරන්න බෑ කියල ඇඹරෙනවා..:frown: කොහොම කොහොමහරි බඩාගෙ මීටරේ අවුල ටික ටික වැඩි වුනා..:P


    එහෙනම් කනෙක්ටර් ටික සුද්ද කරලා ගහල බලමු කියල කතාවෙලා බඩා මාමිත් එක්ක මං සෙට් වුනා වැඩේට බහින්න..:yes:

    borat-thumbs-up-very-nice.jpg


    ටෙක් ස්මාර්ට් ලංකා එක ඉස්සරහා තියාගෙන පල්සරේ මූන ගලෝගෙන ඔන්න සුද්ද කරනව කනෙක්ටර් ටික මීටරේ. කනෙක්ටර් 3ක් විතර තිබ්බ හරියටම මතක නෑ දැන්.:dull:

    එකෙන් එක සුද්ද කරලා ඔන්න සෙට් කරන්න ගත්ත අපි.(ඉන්දියන් කාරයො පට්ට බාල වයර් දාල තියෙන්නේ වයරින් හාර්නස් වලට.:frown:)

    මටත් ඉතින් තියන අමාරුවට ඕනෙ වුනා මීටරේට පවර් ගන්නෙ මොකෙන්ද කියල දැනගන්න.:P ඔන් ඕෆ් වෙන්නෙ ගොඩක් වෙලාවට ඒකෙ අවුලක් කියල තමා අපි හිතුවෙ. ඔය සොකට් එක හොයන්න අපි සොකට ගලව ගලව බැලුව මොකෙන්ද පවර් ගන්නෙ කියල. :cool:

    කරපු පිලිවෙල නම් හරියටම කියන්න බෑ අපේ එවුන් කුප්ප වැඩ කරන්න පුලුවන් නිසා. :lol: කොහොමහරි අහම්බෙන් මං කනෙක්ටර් එකක් ගලවල ගැහුවා යතුර එක විදියකට ඔන් ඕෆ් කරල.:yes:

    මේ තියෙන්නේ ඒකෙ ප්‍රතිඵලයයි සිංහලුනේ...:shocked::shocked:

    QnNqeJ8.jpg


    දාහත්දාස් ගානක් දුවල තිබ්බ මීටරේ 0 වුනා.. නිකම්ම 0 වුනා නෙමේ "පල් 1" කියල වැටිලා මීටරේ සේරම රීසෙට් වුනා..:yes::baffled:

    පුදුම අහම්බයකින් මීටරේ රීසෙට් කරන පිලිවෙලට වැඩේ වෙලා තිබ්බා... වෙච්ච ගමන්ම තමා ඔය ෆොටෝ එක ගැහුවේ..:yes:වෙච්ච වැඩේට ටික වෙලාවක් බඩ අල්ලන් හිනාවුනා. :yes: ඊට පස්සෙ ඉතින් අපේ බඩා අහනවා දැන් කොහොමද යකෝ මේක තිබ්බ ගානට ගන්නෙ කියලා..:baffled:

    පොරගෙ හිතට හරි නෑලු මීටරේ දුවපු ගාන නැතිවෙච්ච එක. :baffled:ඒ මදිවට බොරු වොරන්ටියට උන් කේස් දායි කියලත් බයයි සර්විස් එකට ගියාම.:dull:
    දැන් ඉතින් මේකට මෝක්ද කරන්නෙ කියල කල්පනා කරල කල්පනා කරල තීරණේ කලා ස්පීඩො සෙන්සරේට මොකක්හරි කරලා මීටරේ කරකවමු කියල. කිව්වට ඉතින් හරි අදහසක් තිබ්බෙ නෑ.:no:

    එවෙලෙ වැඩ කලාට කන්ටැක්ට් සුද්ද කලා කියල ලෙඩේ හරිගිහින් තිබ්බ් නෑ හැබැයි.:no:

    කොහොමහරි බයික් එකේ සර්විස් එක තිබ්බෙ ඊට දවස් දෙක තුනකට පස්සෙ. ඒ කාලෙ අතර මං මාළඹේ එවුනෙත් නෑ සති අන්තෙ වෙන්න ඕනේ මතක විදියට.:dull: බජාජ් සර්විස් එකකින් සර්විස් නොකලොත් බොරු වොරන්ටි දෙන්නෙ නැති නිසා උන්ගෙන්ම තමා සර්විස් කරගන්නත් ඕනේ.:growl:

    මොකුත් නොදන්න ගානට ඕන් ඕෆ් වෙලා රීසෙට් වුනා කියල කියනව කියලා යුරාජ් මාමි කතාවෙලා දැම්ම ඒපාර බයික් එක සර්විස් එකට.

    සර්විස් එකේ එකාට කිව්ව විතරයි...:eek:

    scared_businessma_450.jpg


    අයියෝ ඕක ගනන් ගන්න එපා කියලා සීට් එක ගලවලා සීට් එක යට තිබ්බ ෆියුස් එකක් මාරු කරල තිබ්බ.:yes: ලෙඩේ ගොඩ.:shocked: සර්විස් එකේ පොර කිව්වලු ඉතින් එතනින් කේස් වෙච්ච නිසා මොනවහරි වෙලා මීටරේ රීසෙට් වෙලා යන්න ඇති ඕක ගනන් ගන්න එපා කියල.:shocked:

    අපි පන්ඩිතයින්ට ඉතින් වහකන්න තරම් සන්තෝසයි දැන්..:lol::baffled: කමක් නෑ ඇති යන්තම් එක ලෙඩක් ඉවර වුනා.:D:D

    දැන් ඉතින් බඩා කුරු කුරු ගානවා මීටරේ තිබ්බ ගානට ඕනේ කියල. බඩා නැන්දත් බොහොම ආදරෙන් කියල තිබ්බ ඕක 0 කරගත්තනම් ගිහිල්ල කරකෝගෙන එනව කියල.:baffled:

    මේකට විසඳුමක් හිතද්දි ටිකිරි මොලේට පහලවුනා අදහසක්. බයික් එකේ ස්පීඩ් එක ගන්නෙ සෙන්සරේකින්. හෝල් ඉෆෙක්ට් සෙන්සරයක් හරියටම කිව්වොත්.:yes:

    මේකෙ තියෙන්නේ කැරකෙන මැග්නට් එකක් ගාවින් කොයිල් එකක් තියලා ඒකෙ උත්පාදනය වෙන පොඩි වෝල්ටේජ් එක උදව් කරගෙන ස්පීඩ් එක මනින එක.:yes:

    electronic-speedometer.png


    ඉතින් මං කල්පනා කලා ඕකෙන් ඇතිවෙන සිග්නල් එක මොනවගේද කියල බලාගෙන එකම සර්කිට් එකකින් හදල දුන්නොත් මීටරේ පාරෙ දිව්වා හා සමානවම කැරකෙන්න ගනීනෙ කියල.ඕනකරන බඩු මුට්ටි ටික උස්සන් මට මාලඹේ බඩගාන්න අමාරු නිසා බඩත් එක්ක කතාවෙලා දවසක් දාගත්තා මීටරේ කරකවන්න.:yes:

    උදෙන්ම එන්නම් කියපු පොර කොටු දෙක තුනක් පැනලා ඔන්න ආවා දවල් වෙලා.:growl: මුලින්ම සෙන්සරේ ගාවට ඉලෙක්ට්‍රො මැග්නට් එකක් තියල බැලුව මොකක්හරි කරගන්න පුලුවන්ද කියල වැඩේ හරිගියෙ නෑ.:no:

    පස්සෙ කරපු වැඩේ ඔසිලස්කෝප් එක දාලා බැලුවා සෙන්සරෙන් එන්නෙ මොන වගේ සිග්නල් එකක්ද කියල. සෙන්සරේට වයර් තුනයි. +,- සහ සිග්නල් වයර් එක. ඒක දාලා රෝදෙ කැරකුවා විතරයි ආපු එක දැකල මට බකස් ගාල හිනා ගියා..:D බඩා අහන්ව මොකෝ කියලා..:eek:

    හිනා ගියේ සිංහලුනේ සෙන්සරෙන් ආවෙ කෙලින්ම square wave එකක්. ඒ කිව්වෙ මෙන්න මේ වගේ ඔන් ඕෆ් වෙන වේව් එකක්. :yes:

    ZZjdnyl.jpg


    සරලව කිව්වොත් මේ වෙන්නෙ මැග්නට් එක ලඟින් පාස් වෙනකොට 5V වෙනව අයින් වුනාම 0 වෙනව. අපේ කට්ටිය දන්නව ඇති මෙහෙම වෙන්නෙ කියල. අපි දැනන් හිටියෙ නෑ ඒවුනාට සෙන්සරේ මෙච්චර සරලව වැඩ කරන්නෙ කියල.:) ඉතින් මේ වගේ සිග්නල් එකක් මොකක්හරි මයික්‍රොකන්ටෙරෝලර් එකකින් හදාගන්න එක ගේමක් ඇත්තෙම නැති වැඩක්.:yes:

    ඉතින් දඩිබිඩි ගාලා PIC මයික්‍රොකන්ට්‍රෝලර් එකක් අටවගෙන ආසන්නව එන්න ඕනෙ frequency එක එන්න සිග්නල් එකක් එන්න හදාගෙන ස්පීඩො සෙන්සරේ ගලෝලා විසි කරලා හයිකලා ඒක සෙන්සරේ සොකට් එකට.. මේ තියෙන්නේ වෙච්ච දේ...:P:P

    xc6mVNt.jpg


    පට්ට සන්තෝසයි සිංහලූ..:cool::cool:

    oRkl5.gif


    අපි ඉතින් ගනන් හදල බැලුවම දවස් 4ක් වගේ ඇතුලට තිබ්බ දාහත්දාස් ගානට ගන්න පුලුවන් කියල පෙනුන. :yes: ඔය ටික ඉවරවෙනකොට ටිකක් රෑබෝ වෙච්ච නිසත් බඩා නැන්දා ගෙදර එන්න එපා කියල මරණ තර්ජණ කරපු නිසත්:baffled: අපේ යුරාජ් මාමා පිටත්වුනා ගෙවල් බලා. මං පොරොන්දුවුනා එනකොට ඕකට සොකට් එක ගලවල එතනට ගහන්න සර්කිට් එකක් හදල ගේන්නම් කියල.:)

    මේ තියෙන්නේ ඒක.

    bzcQw82.jpg


    මහලොකු කෙලියක් නෑ මේකෙන් නිකම් ඕන් ඕෆ් කරන එක විතරයි කරන්නෙ සිග්නල් වයර් එක. මේ තියෙන්නෙ ප්‍රතිඵල..:D

    7QglQhr.jpg


    මේක සොකට් එක පැන්නුවා එතනට ගැහුවා. දවස් 4ක් 5ක් වෙද්දි තිබ්බ ගානටම ගන්න පුලුවන් වුනා...

    ඩබා මාමට ෆුල් හැපි ඉතින්..:cool:

    L6JSLFl.gif


    මේකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.. :yes: අහම්බෙකින් රීසෙට් කරන ක්‍රමෙත් අහුවුනා.. මටනම් දැන් මතක නෑ ඕන අය අපේ බඩා මාමට පී.එම් දාල අහගන්න එකයි ඇත්තේ...:P

    කටුව කියෝලා එපාවුනේ නෑ කියල හිතනවා..:)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..:D



    ආ බඩාගේ මීටර් අන්දරය :lol:
    ඒ දවස්වල හැපි හැපි ඇඬුවා මීටරේ හදල දෙයන් තිබ්බ ගානට කියල :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳුවා ඔය සිග්නල් එක ඇනලයිස් කරලා මීටරේට දෙන කතාව කිව්වම මම මුලදී හිතුවෙත් ලේසි වෙන එකක් නැහැ කියල......බලද්දී නිකන්ම 5v square wave එකක්නේ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවා ඔය සිග්නල් එක ඇනලයිස් කරලා මීටරේට දෙන කතාව කිව්වම මම මුලදී හිතුවෙත් ලේසි වෙන එකක් නැහැ කියල......බලද්දී නිකන්ම 5v square wave එකක්නේ :lol:

    මාත් එහෙම තමා හිතුවේ..:baffled: දැක්ක ගමන් හිනාගියා බකස් ගාලා...:lol::yes:
     
    Status
    Not open for further replies.