මම උඹේ වයසේදී ත්‍රිකුණාමල ප්‍රදේශය භාරව හිටිය බුද්ධිමත් දොස්තර මහත්තයෙක් මට දුන්නු අවවාදයක් මේ උඹට කියන්නේ.. මමත් ඒ කාලේ උඹ වගේම මාසෙ දවස් 30 ම ලංකාව වටේ වාහන එලෙව්වා උඹ තරමටම යකඩ උන තිබ්බ නිසා..
ඒ මනුස්සය මට කියපු දේ තමයි කොල්ලෙක් උනාම කරුණු 7ක් සම්පූර්ණ වෙන්න ඕන කියල .. මෙන්න ඒ කරුණු 7..
1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි..
2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි..
3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි..
4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි..
5. පෙම්වතියක් සිටිය යුතුයි..
6. පිහිනන්නට පුළුවන් විය යුතුයි..
7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )
මේ අංක 3,4,5,6 ගැන ටිකක් සැලකිල්ලක් දක්වපන්.. මට මෙතනින් නැත්තේ අංක 4 විතරයි.. ගුටිකන සිද්දියක් වෙද්දී කන්න ඔන්න මෙන්න තියල ඉවෙන් වගේ දැනෙන ඥානයක් තියන නිසා පොලාට මෙච්චර කාලෙකට අංක 4 ඕනෑකමක් වෙලා නැහැ..
1. පුළුවන්
2. පුළුවන්
3. බෑ.. සිංදු අහන්න නම් පුලුවන්.
4. jeet kune do සටන් කළාව කළුපටි 1 ශ්‍රේණිය දක්වා ප්‍රගුණ කර ඇත.
5. පෙර පෙම්වතියව දැන් මා විසින් කසාද බැද ඇත.
6. බැරිම දේ එයයි. ඉගෙනීමටද බැරිය.
7. තිබේ.

මටත් එහෙමයි බං. වෙලාවකට හිතෙනවා කැලේකට ගිහින් ටිකදවසක් ඉන්න. ඒත් එහෙම ඉදල ආවොත් මේ පිස්සුව ඩබල් වෙනවා. 



එකටත් ගිහින්ම බලන්න ඹනේ රගේ


කියලා වැඩක් නෑ.... දවසක් මම ශොප් එකට එනකොට..... මොන්ටිසෝරියක් ගාව..... ලමයාව අත ඈරලා තාත්තා කයිය මොන්ටිසෝරියේ ටීචර් කෙනෙක් එක්කද කොහෙද...... දබොස් ගාලා පොඩි එකා පාරට පැන්නා කියහන්කෝ...... ඒ පැත්තේ ආවේ ලේලන්ඩ් එකක්..... මට හෝන් එක ප්‍රෙස් වෙලාම හිටියා...... ලේලන්ඩ් එක බ්‍රේක් ගැහුවා ගැහිල්ලක්...... ලමයා වැදුනා බන් ඒත් බස් එකේ...... හොද වෙලාවට හයියෙන් නෙවේ...... මොකක් උනාද දන්නේ නෑ ලමයට...... 


