වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....

ඔව් මචන් දවස් 2කින් විතර ආවොත් ඉවරයි...
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:දොරක් යන්තම් ඇරල බැලුව මතකයි...:lol:
    තව දොරක් ඇරියනම් දොර ගලෝලා අතට ඇවිත් තව කට්ටක් ලියන්න තිබ්බා..:P

    උපරිමේට කුරු කුරු ගායි දැන්නම්..:cool:
    යකෝ මේවා දැකලා යුරාජ් මාමා ගගේ මුහුදේ පනල මලොත් දරුවෝ 6දෙනෙක් අනාතයි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔන්න අද ඉදලා විටින් විට සපත්තු සමග එලවන්න ගත්තා. පොල්තුමා කිව්වා වගේ හුරුවෙයිද බලන්නයි යන්නේ. :cool:

    ඒ ගැන හිතන්නෙ නැතිව එලවපන් මචන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18493472 said:
    යකෝ මේවා දැකලා යුරාජ් මාමා ගගේ මුහුදේ පනල මලොත් දරුවෝ 6දෙනෙක් අනාතයි

    :shocked::shocked::shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: හෆෙයි මොක්ක හරි සර්කිට් එකක් වත් හදපං ඕක ඕෆ් වෙලාම තියෙන විදිහට

    සැරින් සැරේ රීසෙට් කරන්න එකක් හදමූ..:yes: හැබැයි ඒකත් පිච්චිලා යයිද දන්නෑ...:eek:
    නෙදකින් තොපි:sorry::sorry::sorry::sorry:

    මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo


    ජීවත්වෙන වටපිටාව අනුව status maintain කරපන් අමාරුවෙන් හරි.. විශේෂයෙන් ලංකාවේ පිළිගැනීම කියන දේ අඩු වෙනව් status maintain කරන්නේ නැති උදවියට..පිළිගැනීම අඩු උනා කියන්නේ මාර්කට් එක අඩු උනා කියන එකයි OK ,,

    සහතික ඇත්ත මචන්...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18493472 said:
    යකෝ මේවා දැකලා යුරාජ් මාමා ගගේ මුහුදේ පනල මලොත් දරුවෝ 6දෙනෙක් අනාතයි

    හුටා...:shocked: අපි නොදන්න කේස් 6ක් තියනව වගේ..:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18493497 said:
    නෙදකින් තොපි:sorry::sorry::sorry::sorry:

    මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ
    :cool::cool: මේක නං හැදුවොත් නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්න පුලුවං නිශ්පාදනයක් වෙනවා :cool:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දැන් වොක්ස්වැගන් ගහන්න යනවළුනේ ලංකාවේ

    ඕකත් හදන්න පටන් අරන් ටැක්ස් වර්ග 60ක් විතර ගහල ඉන්න එවුන්ට කොමිස් ටික දුන්නම අපිට ජීවිතෙට ගන්න වෙන්නෙත් නැතිවෙයි..රටට වැඩකුත් නැතිවෙයි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;18493497 said:
    නෙදකින් තොපි:sorry::sorry::sorry::sorry:

    මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ

    බෙහෙතක්වත් පොවමුද නිවාඩු දවස්වලට සද්ද නැතිව ඉන්න..හැබැයි මාමන්ඩිගෙනුත් සපෝර්ට් එකක් ගන්න වෙයි..
    නැත්නම් පෙත්තක් පොවමු දවසෙම වැසිකිලියෙ ඉන්න..කිසිම කරදරයක් නෑනෙ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18493497 said:
    නෙදකින් තොපි:sorry::sorry::sorry::sorry:

    මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ
    :cool::cool: මේක නං හැදුවොත් නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්න පුලුවං නිශ්පාදනයක් වෙනවා :cool:
    බෙහෙතක්වත් පොවමුද නිවාඩු දවස්වලට සද්ද නැතිව ඉන්න..හැබැයි මාමන්ඩිගෙනුත් සපෝර්ට් එකක් ගන්න වෙයි..
    නැත්නම් පෙත්තක් පොවමු දවසෙම වැසිකිලියෙ ඉන්න..කිසිම කරදරයක් නෑනෙ..

    මොකක් හරි කොරමයක් හොයාගත්තොත් මටත් කියාපල්ලා මම නම් තාම අමාරුවේ වැටු‍නේ නැ වැටෙන්න කලින් බෙරෙන්න එපැ :sorry::sorry::(
    තව ටිකයි බලන්නේ :angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

    ඔන්න ඒ කාලේ පොල් මාමි ගාව තිබ්බේ ලංකාවටම එකයි ගානේ නිසාන් California එකක්.. මේක දිව්වේ ගමේදී පෙට්‍රෝල් .. දුර යද්දී භූමිතෙල් ඒ කාලේ.. පසු කාලීනව ගමේදීත් භූමිතෙල්..

    6926809265_6e0e290a29.jpg


    ඔන්න දවසක් සෙනසුරාදාවක උදේ වරුවක පාප මිතුරන් දෙදෙනෙක් දුරභනුවට ඇමතුම් දෙනවා ඉවරයක් නැහැ... ඇරයුම හික්කඩු යන්න කන්න, බොන්න, නාන්න.. ඒ කියන්නේ දවසම ආතල් එකක් ගන්න.. වැඩි කැමැත්තක් තිබ්බේ නැති උනත් පොලා එකඟ උනා පැයකින් එන්නම් කියල..

    Beach-Party-In-Phuket.jpg


    ඔන්න ඊට කලින් දවසෙ කොහේදෝ දුරක ගිහින් ආපු නිසා (මෙතැන් සිට මාගේ ප්‍රිය මිතුරන් California රථය හඳුන්වන්නට යෙදුනා වූ සුරතල් නාමය වන "ෆෝර්නියා " යන වචනය භාවිතා කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.. මෙය කකුල් හතරේ ෆොර්නියෙකු නොවන බව තරයේ මතක තබාගනු මැනවි..)ෆෝර්නියාගේ ටැංකියේ වැඩි හරියක් තිබ්බේ භූමිතෙල්.. ඒ කියන්නේ ඉවරවෙන්න ඔන්න මෙන්න... ගම පුරා ගඳ ගහන නිසා ගමනේ අවශ්‍යතාවයට ඕන තරම භූමිතෙල් ගහනවා ඇරෙන්න වැඩිපුර ගහන්නේ නැහැ ඉවරකරගන්න බැරි වෙන නිසා..

    ඔන්න අවශ්‍ය කළමනා සියල්ලත් අරගෙන (සබන් කෑල්ලක්, නාන බාල්දියක්,:P) පොලා ෆෝර්නියා සමග හික්කඩු යාමටයි සුදානම.. එවකට භූමිතෙල් භාවිතය බොහොමත්ම රහසිගතව සිදුවෙන නිසා වෙනම පෙට්රෝල් ටැංකියක් තිබ්බේ නැහැ.. පසු කාලීනව ෆෝර්නියාට එහෙම එකකුත් එකතු උනා.. මෙහෙම අවස්ථා වලදී එන්ජිම සීතල උනාම ෆෝර්නියාව ඇහැරවගන්න අමාරුයි.. ඒ බඩේ තියන භූමිතෙල් සංචිතය වැඩි නිසා.. ඒ වගේ වෙලාවට කරන්නේ එයාර් ක්ලීනරය ගලවල කාර්බ් එකට පෙට්‍රෝල් ටිකක් උඩින් වක්කරල එයාර් ක්ලීනර් එකටත් පෙට්රෝල් ටිකක් වක්කරල ස්ටාර්ට් කරන එකයි.. ස්ටාර්ට් වෙච්චි ගමන් එන්ජිම ස්මූත් දුවන්න ගන්න විනාඩි 5ක් 10 ක් වගේ දහඅට සන්නිය නටල තමයි ෆෝර්නියා නින්දෙන් ඇහැරෙන්නෙ .. ෆෝර්නියා හරියටම නින්දෙන් ඇහැරෙනකම් අක්සිලේටර් එකට කකුල නොතිය එන්න එක තමයි වැදගත්ම කාරනාව.. නටන සන්නි නැටුම් සියලම නටල එන්ජිම රත්වෙද්දි ෆෝර්නියා ලෝකේ එහා කොනට උනත් භූමිතෙල් වලින් දුවන්න ගින්දර වගේ රෙඩි .. කොටින්ම කියනවනම් එන්ජින් මවුන්ට් වලින් එන්ජිම වාහනේට හයිවෙලා නොතිබෙන්න මේ භූමිතෙල් සෙල්ලමෙන් උදේට ස්ටාර්ට් කරද්දී එන්ජිම තනියම පාරේ දුවන්න තරම් නටනවා කිව්වොත් තමයි හරි..

    0060-0807-0913-4559_Race_Car_Engine_Blowing_Out_of_the_Car_clipart_image.jpg


    ඔන්න නටන සන්නි නැටුම් සියල්ලම නටන ෆෝර්නියා ගමනට සුදානම්.. කෙලින්ම ගිහින් යාළුවො දෙන්නත් ෆ්ලයිට් එකට බෝර්ඩ් කරගෙන ඊළඟට දැන් මේ යන්නේ කොහෙටද? හික්කඩු ..?

    r


    නැහැ යකුනේ තෙල් ගහන්න.. හැබැයි ෆෝර්නියාගේ ටැංකියට නෙවෙයි.. ගැලුමකට .. මොකද කියනවනම් ෆෝර්නියාගේ බඩේ තියන භූමිතෙල් ඉවරයක් වෙනකම් ඒ උඩට පෙට්‍රෝල් ගහන්න විදිහක් නැහැ.. එහෙම කරාම භූමිතෙල් ගඳ ඉවරයක් කරන්න බැහැ .. පෙට්‍රොල් ගහන්න ඕන භූමිතෙල් ඉවර උනාමයි.. ඒ කියන්නේ ෆොර්නියා නවතිනකම්ම දුවන්න ඕන.. :shocked::shocked:, ඔන්න අපි ගැලුමක් පිරෙන්න පෙට්‍රලුත් ගහගෙන හික්කඩු යන්න පිටත් උනා..

    කිලෝමීටර් දෙකක් යන්න කලින් ඔන්න දෙයියනේ කියල ෆෝර්නියා තෙල් ඉවරා.....යි කියාගෙන නැවතුනා කියපි.. දැන් තියෙන්නේ පෙර සේම කාර්බ් එකටත් පෙට්‍රල් ටිකක් දාල ටැංකියට ඉතුරු ගැලුමම දාල ෆෝර්නියාව ස්ටාර්ට් කරගෙන හික්කඩු යන්නයි.. පෙට්‍රල් වලින් දුවද්දී කාර්බ් එකට පෙට්‍රල් වක්කරන්න ඕන නැති උනත් භූමිතෙල් ඉවරවෙලා පෙට්‍රල් දාද්දි වැඩි පරෙස්සමට කියල කාර්බ් රකටත් උඩින් ටිකක් දානව .. නැත්තම් ටැංකියේ ඉඳල පෙට්‍රල් කාර්බ් එකට ඇදිල එකනක් ස්ටාටර්ට් මෝටර් එකේ බෙල්ල මිරිකන්න සිද්ද වෙන නිසා..

    ඔන්න මම තුමා ඇතුළු තුන්දෙනාම බැහැල තෙල් සියල්ල දාන්න ඕන තැනට දාල ෆෝර්නියව ස්ටාර්ට් කරා... හැබැයි කාර්බ් එකට තෙල් දැම්මේ මිතුරු තුමෙක්.. මම තුමා ටැංකියට තෙල් දාන්න ගහකින් කොලයක් කඩාගෙන එන්න වැටක් අස්සෙ රිංගුවා.. සියල්ල සාර්ථකයි.. ෆෝර්නියා ගහපු ගමන් ස්ටාර්ට්.. ඔන්න දැන් අපි යනව හික්කඩු... කොහෙද??? හික්කඩු බන් හික්කඩු..

    140573-503x400-summerbch6.jpg


    472176679-group-of-people-toasting-at-sunset-with-gettyimages.jpg


    ඔන්න ෆොර්නිය හිටු කියල හික්කඩුව පැත්තට ධාවනය වෙනවා.. B 11 එකේ යාම ගැන සාක්ෂි ඕනෙනම් අපේ දිනුෂය කියාවි.. ගියර් 4 මාරු කරද්දී 100 ගේමක් නැහැ.. දැන් ඉක්මනින් ගියොත් හොඳ තැනක පාර්ක් කරලා අපේ වැඩේ කරගන්න ලේසියි.. දවල් උනොත් parking අමාරුයි.. ඒ හින්ද ගමන වේගයෙන් ඉදිරියට..

    ඔන්න කහව හංදිය පහු උනා විතරයි .. ඉස්සරහින් යනවා තෙල් බවුසර් එකක්.. ඒ කියන්නේ අඩි 40ක් දිග ටැංකිය ඇදන් යන හෙඩ් එකයි ටැංකියයි ඔක්කොම දිග අඩි 55ක් වගේ ඇති ..ඈතින් එනවා ගාල්ල , අම්බලන්ගොඩ දුවන 909 ටාට බස් එකක්... ඉස්සර කරන්න ඕනෑවටත් වඩා දුර ඇති.. වාහන දෙකම යන්නේ 70-80 වගේ වේගයක් එක්ක. සෙනසුරාද උදේ වරුව නිසා ගාලු පාරේ වාහන අඩුයි.. කොයිතරම් හදිසි උනත් පොලා ඩ්‍රයිවින් කල්පනාවෙන් නිසා ඈතින් එන බස් එකේ දුර අනුව තෙල් බවුසරේට ඉස්සර කරන්න අවුලක් නැති නිසා තීරණය කරා ඉස්සර කරන්න.. ඔන්න දකුණට සිග්නල් එක එහෙම දාල ගියර් එක පහලට මාරු කරලා වාහනේ ගත්ත පාරේ දකුණු පැත්තට.. ඔන්න දැන් ෆොර්නිය බව්සරේ ටැංකියේ රෝද සෙට් එක පහුකරගෙන ඉදිරියට යනවා වේගයෙන්.. මිතුරු තුමන්ලා දෙන්නත් හරිම සන්තෝසෙන්..බවුසර් එකේ රියදුරාගේ blind spot එකේදී වෙච්චි දේ.... එතනින් එහා සිද්දවෙච්ච සිද්දිය මම හිතන්නේ නැහැ මේ ලෝකේ මිනිස්සු ගොඩකට සිද්දවෙලා ඇති කියල..

    ඉතුරු කොටස මේ commercial brake එකෙන් පසුව..:lol::lol::lol::lol:

    රැඳී සිටින්න..

    ඔබට අවශ්‍ය ලැප්ටොප් , පරිගණක උපාංග, CCTV පද්දති සඳහා එළකිරියේ යුරාජ් බඩා අමතන්න..මාලඹේ පිහිටි ප්‍රදර්ශනාගාරයෙන් ඕනෑම අමතර කොටසක් මිලදී ගත හැක..
    laptop-splitter-lenovo-g40.png

    විශ්වාසදායී වගකීම් සහිත සේවය..

    ඔබට නවතම එලෙක්ට්‍රොනික් පද්ධතියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යද?.. එළකිරියේ හරිඳු අමතා ඔබගේ ප්‍රශනය නිරාකරණය කරගන්න..
    developing-electronic-board-games-e1294420627740.jpg


    විසෙසග්න්ඥ දැනුම ඇති සුපිරි වැඩකරුවෝ..

    ඔබගේ සිත්ගත් පෙම්වතියට නිසඳැසක් , කවියක් ලියා යැවීමට අවශ්‍යද??? එවැන්නක් ලියාගැනීමට නොහැකිව ඔබ ලතවෙනවාද? ඔබ තවදුරටත් ලතවියයුතු නැත.. එළකිරියේ දිනුෂ සංකල්ප අමතා ඔබට අවශ්‍ය පරිදි ඔබගේ දුක්මුසු පුවත කවියෙන් ලියවාගන්න ..
    Love-Poems_303570.jpg

    අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි..හරි නොගියොත් VPP මගින් මුදල් ආපසු..

    මෙන්න නැවතත් ඔබ පුල පුලා බලා සිටි පොලාගේ ෆෝර්නියාගේ වික්‍රමය..

    වාහන දෙකක් එකට හැප්පෙන සද්දයක් වගේ භයානක සද්දයක් එක්ක එක්ක බවුසරේට ඉස්සර කරමින් තිබ්බ ෆොර්නියගේ ඉස්සරහ වීදුරුව සුදුපාට යමකින් සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.. යකඩයක් දඩාන් දඩාන් ගාල එක දිගට වදින සද්දෙත් එක්කම පිටිපස්සෙ සීට් එකේ හිටිය යාලුව බුදු අම්මෝ ගාල මාහා සද්දෙට කෑගැහුව.. ඉස්සරහ සීට් එකේ හිටිය එකා එක පාරටම ගල් හැගුන.. මරණයට තත්පර කීපයයි.. තත්පරෙකට කලින් ඉස්සරහට එමින් තිබුන ටාට 909 එක කොතනද, බවුසරේ කොතනද, ෆෝර්නිය කොතනද කියල සැලසුම හිතේ තිබ්බට පොලා එක තත්පරයක් off උනා කිව්වොත් නිවැරදියි..

    0.jpg


    ජීවිත් තුනක් පොලාගේ අතේ..තත්පර කීපයක් යන්න කලින් ටාට 909 එකේ වදින ෆෝර්නියා රථය බවුසරයේ පිටිපස්සේ රෝද අස්සට විසික් වෙලා ගිහින් චප්පවෙලා කුඩු වෙලා මැරෙන හැටි පොලාට ස්නායු පද්දතිය පුරා විදුලියක් වගේ ඇදිල ගියා.. වේගය කාලය එක්ක කරන ගනුදෙනුව දිනන්න වෙනවා ඉස්සරහ මුකුත් නොපෙනෙන වාහනේ හැප්පෙන්නේ නැතුව ජීවිත බේරගන්න.. තීරණ ගන්න, ක්‍රියාත්මක කරන්න ඔක්කොටම තිබුනේ තත්පර කීපයක් ...:sorry::sorry::sorry: අභියෝගය පරාද උනොත් ජීවිත තුනටම හෝ එකෙකුට , දෙන්නෙකුට හෝ ජීවිතයෙන් සමුගන්න වෙන එක බුදු ෂුවර්..

    තත්පරෙන් ගත්තු තීරණය තත්පර දාහෙන් එකක වගේ කාලෙකදී මොලයෙන් දකුණු කකුලට සිග්නල් එක දුන්න..ජීවිත් කවදාවත් පාගපු නැති වේගෙන් පොලා අක්සිලේටර් එක අඩියටම පෑගුවා ෆෝර්නියාගේ .. B 11 එන්ජිම කොයිතරම් පිකප්ද කියනවනම් මරහඬ දීගෙන කාර් එක පිකප් උනා.. ඉස්සරහ මුකුත් නොපෙනුනාට බස් එක කොතනද , බවුසරේ කොතනද කියන ප්ලාන් එක අනුව ෆෝර්නිය මරහඬ දීගේනේ මරණය ඉදිරියට ධාවනය උනා.. windscreen එක full blind .. වාහෙනේ තිබ්බ තැනෙ හැටියට බ්රේක් කරත් ඉස්සරහින් ආපු ටාට එකෙන් බේරුනත් බ්රේක් පාරේ සැරට සහ බවුසරේ ටැංකිය යටින් වේගයත් එක්ක ඇතිවෙන වායු අව පීඩනයට ෆෝර්නිය ඇදිල යන්නේ බවුසර් එකේ රෝද 4 කෙලින් උනොත් ජීවිත කොහෙත්ම බේරෙන්නේ නැහැ කියන සිතුවිල්ලත් බලපාන්න ඇති මේ තීරණය ගැනෙන්න..

    ඉස්සරහ වීදුරුව සම්පුර්ණයෙන් නොපෙනුනත් දෙපැත්ත පෙනෙන නිසා බවුසර් එකට ඉස්සර උන ගමන් වාහනේ ගැප් එක ආපු ගමන්ම පන එපා කියල වම් පැත්තට අයින් කරා.. ඉස්සරහින් එන බස් එකත් , පස්සෙන් එන බව්සර් එකත් එක පාරට බ්රේක් ගහන භයන්කාර ටයර් සද්දේ ඇහෙද්දී පොලත් නැග්ග ෆෝර්නියගේ බ්රේක් පැඩල් එක උඩ .. ගාලුපාරේ තාර උලාගෙන පාරෙන් අයිනට පැනපු ෆෝර්නිය අයිනේ තිබ්බ පස් කාගෙන ගිහින් නැවතුනා.. බස් එක මුහුද පැත්තේ තිබ්බ අයිනේ පස් කාගෙන මුහුද පැත්තටම ගිහින් නැවතුනා.. තෙල් පිරිච්ච බවුසරේ රෝද වලින් දුම් දාගෙ ගාලු පාර හරස් කරගෙන නැවතුනා...

    a027a63034ae6bb2b4a056066b911c04.jpg



    ඉස්සෙල්ලම බැලුවේ අපි ඉන්නේ පන පිටින්ද නැත්තම් මැරිලද කියල.. සිහි එලවාගෙන කාර් එකෙන් බහින්න තුන්දෙනාටම විනාඩියක් වගේ ගියා.. වාහනෙන් බැහැල බලුව්වම තමයි වෙලා තියන සිද්දිය මොකක්ද කියල වැටහුනේ.. මගේ මිතුරු තුමා කාර්බ් එකට පෙට්‍රල් දාල බොනට් එක ලොක් වෙන්න වසා නොමැත..

    UDUbz.jpg


    article-0-08B935DA000005DC-632_468x444.jpg


    වේගෙත් එක්ක බවුසර් එකෙන් දෙපැත්තට විස්තාපනය වෙන හුලන් පාර තද නිසා අපේ වාහනේ වේගයත් වැඩි නිසාත් මුහුද අයිනේ හුලන් වැඩි නිසාත් බොනට් එක ඇරිල වින්ඩ්ස්ක්‍රීන් එකටම හේත්තු වෙලා.. බොනට් එකේ දෙපැත්තෙ සරනේරු (හින්ජස් ) දෙක සමග හින්ජස් දෙක හයිවෙන බොඩි පාර්ට්ස් ටින්කර් කෙනෙක් දාලවත් කෙලින් කරන්න බැරි වෙන්නම කපෝති.. බොනට් එකේ හැඩය විකාර රූපී වෙලා.. වටිපර් ආර්ම් දෙක මැදින් නැවිලා.. වයිපර් බ්ලේඩ් දෙක කුඩු.. වින්ඩ්ස්ක්‍රීන් එකට හානියක් නොමැත.. එත් අපේ ඇඟේ දුවපු ලේ ගමනාගමනය සාමාන්‍ය වෙන්න නම් පැයකට වැඩිය යන්න ඇති..

    අපේ ජීවිත බේරගත්තට බස් රථයේ සහ බවුසරයේ රියදුරුලාට පින් දීල එයාලව පිටත් කරල යවල තමයි බොනට් එක වහන්න බැලුවේ.. කොහේ වහන්නද.. කොහොම වැහුවත් අඩියක් විතර ඇරිල .. යන්තම් වැටකින් කම්බියක් ගලෝල අරගෙන බොනට් එක තද කරලා එකෙක් ඒක වාඩි වෙලා ඔන්න යන්තම් කම්බියෙන් ගැටගහල ෆෝර්නියගේ කට වහගත්ත..

    දැන් ඊටපස්සේ කොහෙද මේ යන්නේ?? ඇයි මතක නැද්ද බොලාට.. හික්කඩු.. බන් හික්කඩු.. මැරෙන්න ගියාට මරුනේ නැහැනේ ඉතින්..:cool::cool::cool::cool:

    montreal-beach-summer-swimming-photo.jpg



    බෝලාටත් මෙව්වා හොඳ පාඩම්.. අමතක නොකර බොනට් එක ලොක් උනාද කියල තහවුරු කරගනිල්ල ඕක වහද්දි.. හුලන් පාරට ෆෝර්නියගේ බොනට් එක ඇරිලා තිබ්බේ බොනට් හුක් එකත් කඩාගෙන...

    ( දැන් ෆෝර්නියාගේ අයිතිකාරයා එළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..:sorry::sorry::sorry::sorry:)
     
    • Like
    Reactions: IDG

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ.. :D

    මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..:yes: මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...:P

    මගෙ තියෙන්නේ GN 125 එකක්(ජපන් එකක්..) ඒක නිසා මාස ගානක් කාපු කට්ටක් තමා මේ...(දැන් යුරාජ් බඩා සංකපාලය එහෙම දන්නව දන්නව ගායි.:angry:)

    NSsfnnp.jpg


    කට්ට මුලින්ම පටන් ගත්තේ ට්‍රිප් එකක් ගියපු වෙලාවක.:yes: තව යාලුවො තුන් දෙනෙක් එක්ක ගියා බයික් වල බලන්ගොඩ. එහෙ හිටපු යාලුවෙක්ගෙ ගෙදරට ගිහිල්ලා ඌවත් අරන් කල්තොටට යන්න තමා ප්ලෑන් එක. එදා රෑ පැලක් උඩ හිට්යේ.. :yes: මෙන්න මේකෙ..:yes:

    gknNEgI.jpg


    බලන්ගොඩ හිටපු එකාගෙ ගෙදරින් පිටත්වුනෙ බයික් එකේ යතුර දාල ස්ටාර්ට් නොකර ටිකක්වෙලා කතා කරකර ඉඳලා..

    ඔන්න ඉතින් යන්න පිටත් වුනා අපි..:yes: බයික් එක පාරට දැම්ම විතරයි මිස් කරන්න ගත්තා හෙන ගහන්න වගේ.. :yes::sorry:රේස් වෙන්නෙත් නෑ. :no: පොප් පොප් පප් ගානවා එක විකාරයයි..:( කලුවර වැටීගෙනත් එනවා යාගන්නත් ඕනේ. :( ඕන මගුලක් වෙච්ච දෙන් කියල කොහොමහරි ටවුන් එකටවත් යාගන්න බලමු කියල අමාරුවෙන් ආවා බලන්ගොඩ ටවුන් එකට. :yes: දිගට හරහට මිස් වෙවී වෙඩි පත්තු වෙවී බොහොම ආමාරුවෙන් ආවෙ.:sorry:

    ටවුන් එකට ආව විතරයි මාත් එක්ක ආපු එවුන් ටිකට ලෙඩ මතක නෑ ෆුඩ් සිටියක් හොයාගෙන දිව්වා මොනවද ගන්න ඕනෙ කියලා..:baffled: උන් ඕන ඕන ඒව ගන්න අතරෙ මං පාරෙන් එහාපැත්තෙ බයික් එක නවත්තන් ලෙඩේ හොයන්න ගත්තා. :yes: යන්න හිටිය වටේ හැටියට බයික් එක කැඩුනොත් එහෙම සදා අනාථවෙන්න තමා තියෙන්නේ. මොකෝ අපි යන්න හිටපු පැත්තෙ සිල්ලර කඩ වුනත් දෙක තුනයි තියෙන්නෙ.:sorry:

    බයික් එක තිතට ටියුන් කරල තිබ්බේ පෙට්රල් අවුලක් නෙමේ වගේ කියල තේරෙනවා මිස් එක. ප්ලග් වයර් එකත් ඇදල බැලුව ස්පාර්ක් එකේ අවුලක් තියනවද කියල එහෙම දෙයක් පේන්නෙත් නෑ. ප්ලග් කලුවෙලත් නෑ. ප්ලග් එකත් හයිකරල කල්පනා කර කර හිටිය මොකක් වෙන්න ඇතිද කියල එකපාරට. :eek:

    (පෙට්රල් මිස් එකක් නෙම කිව්වේ ඉලෙක්ට්‍රික් මිස් එකකයි පෙට්රල් කේස් එකක් හින්ද වෙන මිස් එකකයි වෙනසක් තියන නිසා. ඉලෙක්ට්‍රික් කේස් එකක් හින්ද මිස් වෙනවනම් ගොඩක් වෙලාවට තරමක් දැනෙන්න කැඩීමක් වගේ මිස් වෙනව.:yes:)

    ඔන්න අරුන් ටික ආවා ගත්ත ඒවත් උස්සගෙන.:baffled:

    දැන් මතක්වෙලා අහනවා මොකද ලෙඩේ කියලා..:angry: මං හිතාගන්න අමාරුයි කියල යතුර දාලා ස්ටාර්ට් කලා.:dull: මෙන්න යකෝ මොන හෙනයක්වත් නැතුව දුවනවා එන්ජිම බබා වගේ...:shocked:

    jackie-chan-1855694.jpg


    මට වැඩේ අවුල් වුනාට අරුන්ට මෙලෝ ගානක් නෑ..:angry: පන බයේ හිටියේ මං ඩොටේදි කෙලවෙලා ගියොත් මොකද කරන්නෙ කියලා.. වාසනාවකට මොකුත් කේස් ඒකක් වුනේ නෑ.:love::love::love:

    කොහොමහරි කල්තොටටත් ගිහිල්ලා දවස් තුනක් රවුම් ගහලා සෑහෙන වටයක් දාලා ආව ගෙදර.. බූත දෝෂෙ ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නෑ වෙන වෙන වැඩ වලට යට වුන නිසා.. ඒක ඉති එහෙම්මම අමතකවෙලා ගියා..:yes:




    ඔන්න ඊලඟ කෙලිය සෙට්වුනේ පල්සර් ක්ලබ් එකේ ට්‍රිප් එක යන්න පාන්දර පිටත්වෙන්න හදද්දී..:yes: (දැන් අහන්න එපා GN එකක් මොකද පල්සර් ක්ලබ් එකේ කියලා.. ඒව එහෙම තමා..:P)

    ට්‍රිප ගැන මේ ත්රෙඩ් එකේ තියනවා කැමති අය බලත්වා..:cool:

    ~~පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!~~

    FLARlLa.jpg


    මං තමා දුර ඉඳලම ආවේ.:yes: පාන්දර 5ට විතර පිටත් වෙන්න තිබ්බෙ ගෙදරින්.:yes:
    පාන්දර යන්න ලෑස්තිවෙලා බයික් එක මිදුලට අරන් ස්ටාර්ට් එකේ තියලා ජැකට් එකත් දාගෙන හෙල්මට් එකත් දගෙන ආව ඔන්න යන්න.

    එනකොට කොට බයික් එක හිටල තිබ්බෙ. ස්ටාර්ට් කලා ගියර් එකට දාල යන්න හැදුව. මල කෙලියයි ආයිත් අර විදියටම රේස් වෙන්නෙ නැතුව මිස් වෙනවා.. :shocked::shocked::sorry:

    wtf.jpg


    අම්මයි තාත්තයි බලන් ඉන්නවා.දැන් නිකමට හරි ප්ලග් එකක් එහෙම ගලවන්න හැදුවොත් ට්‍රිප් එක ගිහිලා ඉවරයි.:no::lol:(බොහොම අමාරුවෙන් තමා අවසර ගත්තේ..:P)

    බයික් එක මරාගෙන හරි ගෙයින් එලියට දාගන්නව කියල හිතාගෙන කකුල් දෙකේ පවර් එකෙන් ඔක්කොම වැඩ කෑලි දාල දාගත්ත ගෙයින් එලියට.:lol:

    sparta-trailer2-03.jpg


    යන්තම් පල්ලම වගේ හරියෙ යාගත්තා කොහොමහරි.හිමින්සැරේ මිස් කර කර ආවා කිලෝමීටරයක් දෙකක් විතර. ඔහොම පොඩ්ඩක් යනකොට තේරුනා ලෙඩේ ටික ටික අඩු වෙනව කියලා..:D:D එහෙම ගිහින් අවුල නැතිවෙලාම ගියා..:yes: පරක්කුත් වෙලා තිබ්බ හින්දා තව හිතන්නෙ නැතුව එහෙම්මම ඇරල දාලා ආවා කඩුවෙලට කට්ටියට සෙට් වෙන්න..:cool:

    මං එනකොට මුන් ඉන්නවා පල් මූණු දාගෙන.:angry:


    vMXUyjR.jpg


    බූත දෝෂෙ පහවෙලා ගිහිල්ලා ඔන්න ඒ ට්රිපත් ගිහින් ආවා..:D එදා මගෙ වටේ 320Km.:shocked:

    (එදා යුරාජ් මාමා නැන්දගෙන් කොසු පාර කාපු එකත් චානක මංජුලයයි මායි පන බේරගෙන බඩාගෙ ගෙදරින් ආපු එකත් වෙනම කතාවක්..:P)

    මොකක්ද සිංහලුනේ මේ කෙලිය..:eek: හිතාගන්න අමාරුයි..ට්‍රිප් වලටම තමා අවුල.:eek::eek:

    confused_l.jpg


    ලෙඩේ හොයාගන්න ලැබුනේ මෙහෙමයි..:yes:

    මං බයික් එකට HID කිට් එකක් දාල තිබුනේ.. මගෙ හොඳ ෆිට් එකක් වෙන අයිය කෙනෙක්ගෙ ගෙදර ගිහින් ඉන්න වෙලාවක ඒකෙ එලිය බල බල හිටියා යතුර ඔන් කරලා ස්ටාර්ට් නොකර. ඔහොම ඉඳලා යන්න පිටත් වුනා විතරයි මෙන්න යකෝ ආයිත් අර කෙලිය වෙනවා..:shocked::shocked::shocked:

    පොර ගැන වෙනම ලියන්න පුලුවන්. හොඳ(පට්ට) මිකැනික් කෙනෙක්. මිනිහට ටක් ගාලා මීටර් වුනා ඉග්නිෂන් කේස් එකක් තමා කියලා. ඔන්න දෙන්නත් එක්ක බලනවා ලෙඩේ..:yes::yes:

    බයික්වල ඉග්නිෂන් කියල මහලොකු දෙයක් නෑනේ.:yes: CDI එකයි ඉග්නිෂන් කොයිල් එකයි තමා අත පතගාන්න පුලුවන් හරියක තියෙන්නේ.

    $_35.JPG



    For-Haojue-Suzuki-Suzuki-drilling-leopard-king-HJ125-A-GS125-GN125-EN125-ignition-coil-ignition-coil.jpg_350x350.jpg


    මොකුත් කරන්න කලින්ම පොරට අහුවුනා ඉග්නිෂන් කොයිල් එක ගිනි ගහන්න රත්වෙලා කියලා.. :shocked: යතුර ඔන් වෙලා තියෙද්දි කොයිල් එකට කරන්ට් එක ගිහිල්ලා කොයිල් එක රත්වෙලා පිච්චෙන්න ඔන්න මෙන්න.:sorry: ස්පාර්ක් එක ආවට තෙල් පත්තු කරගන්න තරම් මදි. :no:

    ඔය කෙලිය පරණ ප්ලැටිනම් ආපු බයික් වල වෙන්න පුලුවන් වුනාට CDI එකක ඕක වෙන්න පුලුවන්ද කියලා අපේ දන්න කට්ටියට ලොකු ප්රශ්ණයක් ඇති...:eek:

    පිලිවෙලට කියන්නම්..:yes::yes:

    බයික් වල ඉග්නිෂන් සිස්ටම් එක ගොඩක්ම සරල එකක්. මෙන්න මෙච්චරයි කෑලි තියෙන්නේ ගොඩක් ඒවගේ..

    photo_10.jpg


    ඔය තියන පිකප් කොයිල් එකෙන් තමා සිග්නල් එකක් ගන්නෙ කොයිවෙලේද ප්ලග් එකෙන් ස්පාර්ක් එක දෙන්න ඕනෙ කියල.:yes: ස්පාර්ක් එක හරියට දෙන වැඩේ කරන්නෙ CDI යුනිට් එකෙන්. ඉග්නිෂන් කොයිල් එකට සප්ලයි එක දීලා නවත්තන එක තමා කරන්නෙ ස්පාර්ක් එකක් ගන්න. ඒවඩෙන් ලොකු වෝල්ටේජ් එකක් හැදෙනවා ඒඅ තමා ප්ලග් එකේ ගැප් එකෙන් ස්පාර්ක් එකක් විදියට පනින්නෙ.

    spark_plug_sparking_wapday-com.gif


    මගෙ එකේ අවුල වෙලා තිබ්බේ CDI එකේ මොකක්හරි කේස් එකක් නිසා ස්විච් එක ඔන් කරල රන් ඕෆ් ස්විච් එක ඔන් කරපු ගමන් කොයිල් එකට කරන්ට් එක යවන්න ගන්නවා CDI එකෙන්.:sorry:


    ඉතින් කොයිල් එක රත්වෙනවා ගිනිගහන්න සයිස් එකට. :no: ඊට පස්සෙ ඉතින් ඔය උඩ කිව්ව ටික තමා වෙන්නේ.. තිබ්බ ජපන් කොයිල් එක ඔරොත්තු දුන්නේ ඔය වතාවල් ටික විතරයි. මාරු කරන්න වුනා කොයිල් එක අන්තිමට කෙලවෙලාම ගිහිල්ලා.:(

    ඕක තමා මට කෙලවෙච්ච තැන යතුර ඕන් කරල රන් ඕෆ් එකත් ඔන් කරන් හිටියා වැරදීමකින් අර හැමපාරම. එන්ජිම හිටිය පාරත් එහෙමයි.:yes:

    ඔය කේස් එක ලේසියෙන් බලාගන්න පුලුවන් විදියක් තියනව මෙන්න මෙහෙම. :yes: හොඳට බලන්න මේ නියුට්රල් බල්බ් එක. යතුර ඔන් කලා රන් ඕෆ් එක ඔන් කලා ඊට පස්සෙ..:yes:

    X4UZ0fy.gif


    දැක්කද ලයිට් එකේ එලිය අඩුවෙලා වැඩිවෙනවා. ඒ වෙන්නේ කොයිල් එකට කරන්ට් එක යවලා නවත්තනවා CDI එකෙන්. :yes: (එහෙම කරන්න ඕනෙකමක් නෑ හරියටම බැලුවොත්. :no: සමහරවිට වැඩකරනව කියල ඉන්ඩිකේටර් එකක් වෙන්න ඇති)

    අවුල කියන්නේ ඔරිජිනල් CDI එකේ රන් ඕෆ් ස්විච් එක ඔන් කලාම එලිය අඩුවුනාම තමා ආයි වැඩිවිල්ලක් නෑ. කොයිල් එක පිච්චෙනකම් කරන්ට් එක දීගෙන ඉන්නවා. ඒකෙ අවුලක් ගිහින් කියල තමා මටනම් හිතෙන්නේ. ඒත් මං දැකල තියන ජපන් GN ගොඩක ඔය කේස් එක තියනවා. ඉතින් ඔන්න ඕක නිසා කොයිල් එක මාරු කලා..:yes: අර කලින් වෙලා තිබ්බේ එන්ජිම දුවන්නෙ නැතුව තියනකොට කොයිල් එක කූල් වෙලාඅ ආපහු හරියට වැඩ කරන්න ගත්ත එක. පාන්දර යද්දි හීතලටත් වඩේ ගොඩ ගියා.. ඒක තමා හිතාගන්න බැරිවෙච්ච හේතුව.:yes::yes: ලෙඩේ යන්තම් හොඳවුනා.:yes:

    හොඳවුනා කිව්වට ඉතින් හොඳවුනාම නෙමේ.:sorry: මාසයක් වගේ යද්දි බයික් එක මිස් කරන්න ගත්තා එපාවෙන්නම.:( ඒපාරත් කොයිල් එකද? අනේ නෑ දෙයියනේ:no: ඒ පාර ලෙඩේ හොයාගන්න බැරුව මාරම කට්ටක් කාල අන්තිබට බෝර් එකත් ගලවල බැලුවා.. ලෙඩේ අන්තිමට මාස දෙකක විතර කට්ටකින් පස්සෙ හම්බවුනා..:yes: ඒ වගේම මට වගකීමෙන් කියන්න පුලුවන් ජපන්නු කරපු වැරැද්දකුත් අහුවුනා( එක්කෝ ඒකාලෙ තාක්ෂණේ මදිවෙන්න ඇති.:dull:)ඒ ගැන ඊලඟට දාන්නම්..:D


    රසය අතින් අවුල් වූ කට්ටක් කියෙව්වාට හදපිරි ස්තූතිය.:D දෙයක් කියල දෙන්නම් ඊලඟ කෑල්ලෙන්..:):)




     
    Last edited:
    • Like
    Reactions: IDG

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:

    පලවෙනි එක කියෙව්වෙ නැත්නම් කියවලම එන්න නැත්නම් පොඩ්ඩක් මංඤ්ඤං ගහන්න පුලුවන්..:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18493696&postcount=7518


    මේක නම් මාස ගානක් තිස්සෙ කාපු කට්ටක්.:sorry:

    ඔන්න ඉග්නිෂන් කොයිල් එක කෙලවෙලා හොඳ කට්ටක් කෑවනේ.:baffled:.ඊට පස්සෙ කොයිල් එක මාරු කලාම මිස් එක හරි ගිහිල්ල බබා වගේ දිව්වා එන්ජිම.:) ඒ දවස්වල බොහොම පරිස්සමින් තමා පැද්දෙ මොකද රන් ඕෆ් එක ඔන්වෙලා තිබිලා කෙලවගත්ත නිසා.. කොයිවෙලේකවත් ස්විච් එක ඔන් කරන් හිටියෙ නෑ..:no:

    ඒත් ඉතින් වාසනාව කියන්නේ බයික් එක එහෙම දිව්වේ මාසයක් විතර තමා.:(

    9bfKORN.png


    ආයිත් මිස් කරන්න ගත්තා හොඳටම. කලින් වගේ නන්නත්තාර වෙලා යන්නම නෙමේ ඒත් ටිකක් සැරට මිස් කලා.:dull:

    කලින් ඉතින් එක්ස්පීරියන්ස් එක තියන නිසා මේපාරත් මුලින්ම බැලුවේ කොයිල් එක. ඒත් පේන්න කිසිම අවුලක් නෑ ස්පාර්ක් එකේ.:dull: මං තනියම නෙමේ චෙක් කලේ. මගෙ හොඳම ෆිට් එකක් වෙන අයිය කෙනෙක් ඉන්නවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට වැඩ්ඩෙක්.පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට වටේ ගිහිල්ලා හදාගන්න බැරුව නන්නත්තාර වෙච්ච ඒව තමා.:yes:

    කොයිල් එකේ අවුලක් පේන්න්න නැති නිසා ඉතින් මුලින්ම බලන්න තියන දේ මාරු කලා ප්ලග් එක. ම්හු. වෙනසක් නෑ.. :no: අලුත්ම ප්ලග් එකක් නෙමේ දෙකක්ම අරන් මාරු කරල බැලුව මං පස්සෙ. මෙලෝ වෙනසක් නෑ..:dull: පස්සෙ ගත්තා තඩි කොයිල් එකක් කාර් එකක. :P

    Wet-Ignition-Coil-for-Lucas-Type.jpg


    කොයිල් එකේ ස්පාර්ක් එක කරුමෙටවත් මදිනම් එහෙම කියල ඒක අටෝලා බැලුවා. ඒකෙන් ප්ලග් වයර් එක ගැලෙව්වම අඟලක් විතර ස්පාර්ක් වෙනවා...:baffled: ඉතින් වුනාද වෙනසක්. අනේ නෑ සිංහලුනේ..:no: පෙර පරිදිමයි.:dull: හරි කමක්නෑ දැන් ඉතින් ෂුවර් එකට දන්නවනේ කොයිල් එකේ ප්ලග් වල අවුලක් නෑ කියල. දැන් ඉතින් අල්ලගන්න තියෙන්නේ CDI එකයි කාර්බ් එකයි තමා...:yes:

    මේ ටික කලේ එක දවසෙ නෙමේ.. දවස් කීපයක.:yes:

    ඉතින් සිංහලු ඔන්න අපි කාර්බ් එකත් ගලෝලා සුද්දයක් දීලා ටියුන් කලා. වෙනසක් වුනාද? ම්හු. මෙලෝ වෙනසක් නෑ...:sorry:කාර්බ් එකේ ජෙට් මාරු කලා.. කරකෙව්වා තෙල් උපරිමේටම ඇරියා වැහුවා මැනිෆෝල්ඩ් චෙක් කලා කිසිම අවුලක් නෑ එකකවත්. :no:

    crying-waterfalls.gif


    දැන් ඉතින් අහන්න හිතෙනව නේද ඇයි CDI එක බැලුවෙ නැත්තෙ කියලා.. :rolleyes: බයවෙන්න එපා ඒකත් බැලුවා..:P ඔය සේරටම වඩා හොඳම ආතල් එක ලැබුනෙ ඒකෙන් තමා...:baffled:

    හරි දැන් ඒවගෙ අවුලක් නෑ කියල විස්වාසයක් තියනවනේ. ඔන්න දැන් බැස්සා CDI එකට. මේක ඇත්තටම කිව්වොත් TCI ඒ කිව්වේ ට්‍රාන්සිස්ටර් කන්ට්‍රෝල්ඩ් ඉග්නිෂන්. කට්ටිය බැට්‍රි CDI කියලත් කියන්නෙ මේවටම තමා.. පරන බයික් වල ආපු CDI වලට වඩා මේක වෙනස් ටිකක්.:yes:

    මේ තියෙන්නේ බයික් එකේ ආපු CDI(TCI) රාජයා...:dull:

    HMXSbn4.jpg


    මුලින්ම කරපු වැඩේ තමා මේ තියන හැම කෑල්ලක් උඩින්ම ආපහු පාස්සගෙන ගියපු එක. මේක දැනම් ඉන්න එක හොඳයි බයික් පදින ගොඩක් දෙනා. ජපන් CDI වලට බර ගනන් පුදන්නෙ නැතුව මේ වැඩෙන් ගොඩක් වෙලාවට වැඩේ ගොඩදාගන්න පුලුවන්. එහෙම හරියන්නේ පර්ට්ස් බෝඩ් එකෙන් ඩ්‍රයි සෝල්ඩර්ඩ් වෙලා තියනවනම් තමා. ඒක තමා බොහෝ විට වෙන්නේ..:yes:

    ඉතින් ඔන්න කලා වැඩේ.:yes: දාලා ස්ටාර්ට් කාලා..:D පට්ට සන්තෝසයි සිංහලු ලෙඩේ හොඳ නෑ...:P:sorry:


    ඒ දවස්වල ඉතින් පල්සර් ක්ලබ් එකේ එවුන්ට ඕක අහලා කන් දෙක පිරිලා තිබ්බෙ.:P වීඩියෝ එකකුත් දැම්මා උන්ට පෙන්නන්න. මේ තියෙන්නේ කේස් එක.:(




    දඩබඩන් ගාලා මිස්වෙනවා විතරක් නෙමේ හිටපු ගමන් හිටිනවා ඇපත් නැතිවෙන්න.:dull: පාරට දානකොට හිටල තියනවා කරකියාගන්න දෙයක් නැතිවෙන්න.:baffled: දවස් තුනක් විතර උදේට යාගන්න බැරුව මගදි කෙලවෙලා ආපහුත් එන්න වුනා.:sorry:


    දැන් මට ඇහෙනවා ඇහෙනවා වගේ කට්ටිය කෑගහනවා CDI එක මාරු කරපන් CDI එක මාරු කරපන් කියලා....:lol:

    කලා දෙයියනේ කලා. ඔන්න හොඳම කෑල්ල..:P:P

    මට ලඟපාත බයික් කඩ ටිකක් තියෙන්නෙ හොරණ. ඉතින් ගියා වෙනද බඩු ගන්න කඩේට. උන්ගෙ කිසි අලි ඔලුවක් නෑ කතාකරල දෙයක් ගන්න පුලුවන්. හවස ගෙදර එන ගමන් ආවෙ.(ඔව් මේ මිස් එකත් එක්ක තමා යන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. හිතාගනින්නකො ඉතින්. එක පැත්තකට කිලෝමීටර් 40ක් තියනව ගමනට.) බයික් එකට CDI එකකුත් අරගෙන ආව ඔන්න ගෙදර.

    ආපු ගමන් ගැලෙව්ව සීට් එක මාරු කලා CDI එක. ස්ටාර්ට් කලා.. ස්ටාර්ට් වුනා.. හුරේ..:D

    cat-saying-hooray_thumb.jpg


    පොඩ්ඩක් ඇක්සලරේටර් එක ඇල්ලුවා. දඩන් බඩන් ගාලා මිස් කලා රේස් නොවී හිටියා..:baffled: ස්ටාර්ට් වෙනව එන්ජිම මොන සෙල්ලම දාලවත් රේස් වෙන්නෙ නෑ අයිඩ්ල් එකෙන් එහාට. අයිඩ්ල් දුවනව විතරමයි එන්ජිම. :(

    මට ඉතින් දැන් මාර චූන්. ඊලඟ දවසෙ බෑග් එකේ සීට් එක ගලවන්න 17 යතුරකුයි 12 යතුරකුයි දාගෙන ගියා කඩේට. උන්ට කියලා CDI එක වැඩ නෑ කියලා බයික් එක මහපාරෙම තියාගෙන ගලෝලා දාල බැලුව තව CDI එකක්. එලකිරි කොල්ලනේ ඒකට ස්ටාර්ට් වෙන්නෙවත් නෑ..:rofl: හරි ගත්ත තව එකක්. ස්ටාර්ට් වෙනවා අයිඩ්ලෙ එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.:P ඔහොම කඩේ තිබ්බ සේරම වර්ග වල CDI වලින් දෙක බැගින් විතර චෙක් කලා ඔය කෙලිය රිපීට් වෙනව විතරයි. එක්කො මොකුත් නෑ නැත්නම් අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.:no::no:

    කඩේ එවුන් දුන්න සල්ලි ටික ආපහු. ඒකත් අරගෙන ආව ගෙදර. දැන් ඉතින් ආයි දස අතේ කල්පනා කරනවා. මගෙ යාලුවටත් හිතාගන්න බෑ මොකක්ද අවුල කියල. පෝරත් අපේ පොල් මාමගෙ වයසෙ වගේ තමා. පොල් මාමට වඩා අවුරුඩු කීපයක් වැඩිමල්. :yes:

    අපි ඉතින් ඊට පස්සෙ චෙක් කලා පල්සර්(පිකප්) කොයිල් එක.

    276-xxx.jpg


    ඒකෙන් වෙනදේ ඉස්සරහට පැහැදිලිව තේරෙයි. කියවන් යන්නකෝ..:yes:

    ඒක චෙක් කලා.. ප්‍රමානවත් වෝල්ටේජ් එකක් එනවා කොයිල් එකෙන්. ෂෝට් විල්ලක් මොකුත් පෙන්න්නේ නෑ ඕම් ගානෙනුත් හරියට තියනව.:dull:

    දැන් මොකෝ කරන්නෙ ඉතින්. අලුතෙන් එනවනේ GN 125H එක. ඒකෙ CDI ගන්න තියනවා අලුත්ම ඒව. ඉතින් ගියා නිකෝ මෝටර්ස් එකට(මාලඹේ ඉඳල කිට්ටු නිසා ඒකට ගියෙ) CDI තියනව මං අර කලින් මාරු කරල බලපු ජාතියෙ එක 1500යි GN 125H එකට එන එක 10500යි. සුසුකි කම්පැනියෙන් ගෙන්නන එක. සල්ලිත් අරන් ගියා ඕන මගුලක් කියල මේක එපාම වෙලා හිබ්බ හින්දා..:dull:

    (මේ දවස්වල ඉතින් රැචට් එකක් බොක්ස් කෑලි ටිකක් එක්ක නියන් ටිකකුයි බෑග් එකේ දාගෙනමයි යන්නේ කොයිවෙලේ බඩු බනිස් වෙයිද දන්නෙ නැති නිසා. දවසක් අපේ බැච් එකේ එවුන් ටිකක් බෑග් එක ඇදලා ඔය ටික දැකල මාව කෑවා..:baffled::baffled:)


    ඔන්න කඩේ එවුන්ට විස්තරේ කියල හයිකරල බලල ගමු කියල කඩේ ඉස්සරහ බයික් එක ගලවන් දැම්මා 10500යෙ CDI එක. ස්ටාර්ට් කලා. නෝ කතා නෝ සිනා.. ස්ටාර්ට් නොවේ.. :( හපොයි මෙහෙමත් කෙලියක්.:growl:

    දැන් ඉතින් කාපන්කෝ තව දුරටත් කටු....:growl::growl:

    කඩේ එවුන් මැරෙන්න හදනවා ඕය CDI නෙමේ පල්සර් කොයිල් එකේ අවුල කියලා.. එදා ගෙදර ආවෙ ඕන මගුලක් කියල පල්සර් කොයිල් එකකුත් අරගෙන. මට 100%ක් ෂුවර් ඒකෙ ලෙඩක් නෑ කියල. බයික් එක හදන අයියත් කිව්ව පල්සර් කොයිල් එක එහම මලාට යන්නෙ නෑ කියල. ඒකට කිසිම බරක් වැටෙන එකක් නෙමේ..:no:

    මැග්නට් එකක් වටේ ඔතපු කොයිල් එකක් තියෙන්නේ..:yes:
    හරි කමක්නෑ ඕන දෙයක් කියලා ගෙදර ඇවිත් හවුසින් එකේ පැත්ත ගලවලා මාරු කලා කොයිල් එක.

    ElYVT30.jpg


    කොයිල් පැක් එකට උඩින් ඇණ දෙකක් සෙට්වෙලා තියන කලුපාට කෑල්ල. කහපාට වයර් දෙකක් ගිහින් තියෙන්නෙ ඔය.:yes:

    ඉතින් මාරු කරලා ස්ටාර්ට් කලා. අනේ සන්තෝසයි ලෙඩේ එහෙම්මමයි.. දැන් මොකද කරන්නෙ සිංහලු.. දැන් ඉලෙක්ට්‍රික් මිස් එකක් නෙමේද කියලත් සැකයි මට.:eek:

    කොහොමහරි අර අයියයි මායි බයික් එකේ වටයක් යන වෙලාවක ලඟපාත ගැරෙජ් එකක ගලවල තිබ්බ තව GN එකක්. ගරෙජ් කාරය මගෙ යාලුවගෙ ෆිට් එකක්. ඒ CDI එක ඉල්ලන් ඇවිත් දාල දිව්ව දව්ස් දෙකක් විතර. ලාවට වෙනසක් තියනව හැබැයි මිස් වෙනව කලින් වගේම.:dull:

    දැන් රීකන්ඩිෂන් ජපන් ඒවා දාල බැලුවෙ නැද්ද එතකොට. :oo:මොකෝ නැත්තේ.. :rofl:බැලුවා බැලුවා.. ඒත් අර සෙතේම තමා ඈ...:dull: මිස් වෙනවා හෑබෙයි දුවනවා.:dull: ඉස්සර සුසුකි කම්පැණියෙ GN විතරක්ම හදපු එකෙක් ගාවටත් ගියා ඌ කාබ් එකට විකාර කරල එව්වා. මෙලෝ දෙයක් වෙනස් වුනේ නෑ..:no:

    මේ වෙනකොට බයික් එක මං හින්දම පදිනවා..:rofl: අපේ තාත්ත ලඟපාතකටවත් බයික් එක අරන් යන්නෙ නෑ මොන හෙනයක් පාත්වෙයිද දන්නෙ නැති නිසා. :lol:පදින්න අමාරු තත්වෙ තිබ්බේ.:(:(:(:(

    මගෙ යාලුවත් එක්ක කතාවෙලා දවසක් මස් කලා එන්ජිම. වෑල් වලින්වත් මිස් එකක් තියනවද කියල ෂුවර් නැති නිසා. වෑල් ග්‍රයින්ඩ් කරල ටැපට් ගානට තියල ගත්ත එන්ජිම ඔන්න. ෂුවර් නැති නිසා බෝර් එකත් ඇදල බැලුව අපි වැරදිලාවත් රිං එකක් කැඩිලා එහෙම තියනවද කියල. මගෙ යාලුවට එහෙම දෙයක් වෙලා තිබ්බ ඉස්සර. අනේ ඒ කේස් මොකුත් නෑ සේරම හොඳම තත්වෙන් තියනව.:dull:

    තව බයික් එකේ මුලු වයරින් එකම චෙක් කලා. ඔක්කොම වයරින් එක බයිපාස් කරලා ඉග්නිෂන් සිසිටම් එකේ හැම වයර් එකකටම වෙනම වයර් අමුනලා චෙක් කලා කිසිම වෙනසක් නෑ. ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියන නිසා දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම ඉගිනිෂන් එකට මොකුත්ම වෙනස් වෙන්නෙ නෑ.:no:

    දැන්නම් කියවන අයට වගේම මටත් ඇතිවෙලා තිබ්බෙ මේ කෙලිය. දවසක් ගෙදර එද්දි ඕන මගුලක් කියල චයිනීස් කාබ් එකකුත් අරගෙන ආවා.. ඒකත් තිබ්බ.. අනේ සන්තෝසයි කලින් විදියමයි..:angry::angry::angry:

    හම්මෝ දන්නම් කියවලා ඔලුවත් රිදෙනව ඇති. බයික් එක හදන අයියටත් බයික් එක හීනෙනුත් පෙනුන කිව්ව..:lol::lol:

    s2yY16b.gif
    දැන් අපි විවේකයක් ගන්න බලමු අපේ බඩා මාමගෙ වැඩ ටිකක්..
    s2yY16b.gif


    f2QAVq5.gif


    Fat_45bbcf_714609.gif


    reverse-1344449517_fat_guy_jumps_through_swim_ring.gif


    1330972779_fat_guy_rope_swing_fail.gif



    හරි හරි මාමා ලිඳේ පැනපුව ඉවරයි.:baffled:

    දැන් මොකද සිංහලු කරන්නෙ මං.. බයික් එක හැම අතින්ම එලකිරි වගේ තියනවා හැබැයි පදින්න බෑ...:baffled:

    ඔන්න ඉතින් හිත හදාගෙන ගත්තා තීරණයක්. විකුණනව කියලද. අනේ නෑ කොහොමහරි මේක හදල මිසක් පස්ස බලන්නෙ නෑ කියල.

    මගෙ යාලුව කියනව ඉග්නිෂන් අවුලක්න තමා තියෙන්නෙ කියල. CDI එකට දෙකෙන් එකක් කරමු කියලා ගලෝල ගත්ත අපි සර්කිට් එක එලියට.

    මේ තියෙන්නෙ බඩු.

    cea5NkV.jpg
    0biHQ1D.jpg


    අවුලක් යන්න පුලුවන් කෑලි එහෙන් මෙහෙන් මාරු කරල බැලුව හරිගියෙ නෑ ලෙඩේ.:no:මේ සර්කිට් එක තේරුම් ගන්න ටිකක් අමාරුයි මොකද මුන් ස්පෙෂල් පාර්ට්ස් දාල තියනව සර්කිට් එකට. ඔය තියන IC කෑලි දෙක එහෙම. ඒව ගැන විස්තරයක් නෑ හොයාගන්න කොහෙවත්.


    ගේම අත ඇරියෙ නෑ.. ඊලඟ දවස් දෙක ඇතුලත ගත්තා තව චයිනීස් CDI යුනිට් දෙකක්.

    එකක තිබ්බේ තඩි IC එකක්. හරියටම කිව්වොත් ASIC (application specific integrated circuit) එකක්. ඒකටත් අපිට කරන්න දෙයක් නෑ..

    ඊලඟට ගත්ත එකනම්..:love::love:

    QVIWVEd.jpg


    මේකෙ තිබ්බෙ සාපේක්ෂව සරල සර්කිට් එකක්. කරුමෙට ඉස්සරහ පැත්තෙ ෆොටෝ එකක් නෑ ඒකෙ...:sorry: හැබැයි ඉතින් මේකත් කලින් බලපුව වගේම තමා.. ස්ටාර්ට් වෙනවා රේස් නොවේ...:no:



    මෙතැන් සිට සියලු ගෞරවය මං කලින් කිව්ව අයියට හිමිවිය යුතුය.:yes::yes:


    මං අරන් ගිහින් පෙන්නුවාඅ මේ සර්කිට් එකටනම් අපිට මොකක්හරි කරගන්න පුලුවන් වෙයි කියලා.(ඔව් පොර ඉලෙක්ට්‍රොනික් අතින් පට්ට දැනුමක් තියන කෙනෙක්. මං ඉගෙන ගත්ත දේ වලින් වැඩිහරියක් පොරගෙන් තමා ඉගෙන ගත්තෙ.)

    CDI එක හයිකරලා සර්කිට් එක පේන විදියට කවරේ ගලවගෙන කෑලි බෑලි ටිකකුත් අරගෙන බයික් එක ස්ටාර්ට් කරන් බැස්සා වැඩේට...:D

    මුලින්ම කලේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එක යන පාත් එක දිගේ තිබ්බ ඒවට අනම් මනම් කරපු එක. රෙසිස්ටර් වලට තව රෙසිස්ටර් උඩින් තිය තියා බැලුව නිකමට. ඔහොම ටික වෙලාක් යද්දි එක තැනකදි අයිඩ්ල් එකේ සද්දෙ වෙනස්වුනා ටිකක්. කරකෝලා බැලුව ඇක්සලරේටර් එක. මෙන්න යකෝ රේස් වුනා...:shocked:

    මිස් එක අඩුවෙලා සිංහලු මිස් එක අඩුවෙලා...:D:D වෙන වෙන වැලිව් වල රෙසිස්ටර් මාරු කරකර බැලුවා කොහොමහරි අන්තිමට මිස් එක නැතිම ගානට ගන්න පුලුවන් වුනා.... :cool:

    මිස් එක හරි ගියා මිස් එක හරි ගියා යකුනේ..:yes: ගේ වටේ දිව්වෙ නැති එක විතරයි ගියපු ජොලියට. :lol::lol:

    giphy.gif


    අන්ධයො වගේ අතපතගාලා ලෙඩේ හරිගියාට තිබ්බ අවුල මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑනේ..:baffled: ඒකත් හොයාගමු කියලා පොරගෙ ඔසිලස්කෝප් එක සෙට් කරල බැලුව CDI එකට(ඔව් ගැරෙජ් එකක් කරන පොරගාව ඔසිලස්කෝප් එකක් තියනවා..:yes:)

    මෙන්න මෙහෙමයි පෙනුනේ සිංහලු.. :yes: මේ මගෙ එකෙන්. අයියගෙ එකෙන් බලපු එක වීඩියෝ කරගත්තෙ නෑ..:no::no:



    එපා නොවෙන්න පුලුවන් විදියට තේරුම් කරන්නම්. අපිත් තේරුම් ගත්තෙ මේක බලල තමා...:yes:

    කහපාටින් පේන්නෙ පල්සර් කොයිල් එකෙන් එන වෝල්ටේජ් එක. නිල් පාටින් පෙන්නන්නේ ස්පාර්ක් ප්ලග් එක පත්තු කරන්න ඉග්නිෂන් කොයිල් එකට දෙන සිග්නල් එක.(වැඩි විස්තර ඕනෙ නම් කියපියෝ මේකෙ දැම්මොත් එපාවෙයි..:sorry:) කොයිල් එක ඔන් එකේ තියල ඕෆ් කරන එක තමයි කරන්නෙ ස්පාර්ක් එක ගන්න.:yes:


    හොඳට බලන්න බයික් එක රේස් කරනකොට පල්සර් කොයිල් එකෙන් එන වෝල්ටේජ් එක වැඩිවෙන හැටි. ඒත් එක්කම බලන්න නිල් පාට වේව් එක වම් පැත්තට එන හැටි.

    මේ වෙන්නෙ මොකක්ද දන්නවද? :)
    ඔය වෙන්නෙ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරිල්ල එන්ජිමේ...:yes:

    මේ ගැන මහේෂයගෙන් පොල් අයියගෙන් එහෙම ගින්දර වගේ අහගන්න පුලුවන් වෙයි.:yes: මං දන්න තරමින් කියල දෙන්නම්.:)

    එන්ජිමක් දුවනකොට තෙල් ටික පත්තු කරන්න ස්පාර්ක් එක දෙන්න ඕනෙ එකම අවස්තාවකදි නෙමේ. හරියට කිව්වොත් කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදි පිස්ටන් එක හැමතිස්සෙම එකම තැනකට එනකොට නෙමේ තෙල් ටික පත්තු කරන්න ඕනේ. හැමතිස්සෙම එකම තැනකදි පත්තු කලොත් එහෙම එන්ජිම එක්කො නොක්වෙයි නැත්නම් තෙල් ටික බාගෙට පත්තුවෙලා නිකම් නාස්තිවෙයි.

    ඒනිසා එන්ජිම ස්ලෝ එකේ දුවද්දි පිස්ටන් එක උඩටම එන හරියෙදි විතර තෙල් ටික පත්තු කරන්නත් වැඩි වේගෙකින් දුවනකොට පිස්ටන් එක සම්පූර්ණයෙන් උඩට එන්න කලිනුත් පත්තු කරන්න ඕනෙ තෙල් ටික. ඒක තෙල් වල ඇවිලෙන්න ගත්වෙන කාලය එක්ක බැඳිච්ච දෙයක්.:yes:

    මේ තියෙන්නෙ ඉග්නිෂන් ඇඩ්වාන්ස් වීම චාට් එකක්.

    Timing_Chart.gif


    කොච්චරක් කලින් පත්තු කරන්න ඕනෙද කියන එක පෙන්නල තියෙන්නේ ක්‍රැන්ක් එකේ angle එකෙන්. ඒකයි අංශක වලින් තියෙන්නේ.

    හරි හරි කම්මැලි පාඩම ඉවරයි...:P:P

    මගෙ එකේ අවුල තිබ්බේ ඔන්න ඔය ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරිල්ලෙ තමා..:yes: වැරදි තැන ඇඩ්වාන්ස් වීමක් වුනේ බයික් එකේ. ඉතින් එතකොට තෙල් පත්තුවෙන එක පිස්සු කෙලියා -> එක්කො මිස් වුනා නැත්නම් හිටියා...:baffled: රෙසිස්ටර් වැලිව් වෙනස් වුනාම ඉග්නිෂන් ඇඩ්වාන්ස් වීම වෙනස් වෙනවා ඒ සර්කිට් එකේ. එහෙම කරල තමා මාස ගානක් කාපු කට්ට ගොඩ ගියේ..:yes:

    ඒවුනාට දැන් ප්‍රශ්න ටිකක් ඉතුරුයි.:dull:

    ඇයි එතකොට කඩේ ගන්න තියන අලුත්ම CDI වලටහ් ස්ටාර්ට් නොවෙන්නෙ. ඇයි CDI එකක් වෙනස් කරන්න වුනේ එන්ජිම දුවන්න. ඇයි බයික් වල දුවන CDI මගෙ එකේ දුවන්නෙ නැත්තෙ. ඇයි ජපන් CDI වලට එන්ජිම ස්ටාර්ට් වෙලා මිස් වෙවී හරි දිව්වේ. එතකොට කොහොමද මෙච්චරකල් ලෙඩක් නැතුව දිව්වේ.:confused:

    ඒකට හම්බවුනේ හිතපු නැත් උත්තරයක් සිංහලුනේ..:yes:

    මගෙ බයික් එක මගෙ දැනුමේ තරමින් ජපන්නු අන්තිමටම ගහපු 2002 මොඩ්ල් එකේ එකක්.(ඔව් දැන් ජපන් GN ප්‍රොඩක්ෂන් නවත්තල:sorry:)

    ඔය ලෙඩ හදාගත්තට සෑහෙන කාලෙකට පස්සෙ මගෙ යාලුව ගාවට ඇවිත් තිබ්බා තව GN එකක් ඔයිල් නැතුව දුවල සීස් වෙලා. :growl:ගොනෙක් හරකෙක් මැටි ලොරියක් තමා ඉතින් එහෙම වාහනයක් පාවිච්චි කරන්නෙ.:angry: (ලොල් සීන් එක කියන්නෙ පොලිස් කාරයෙක් ඕයි...:lol::lol::lol::lol: පොලිස් බයික් එකක් නෙමේ උගෙ බයික් එක:dull:)

    පලු කරපු එන්ජිම ඇදල බැලුවට පස්සෙ තමා මට වැඩේ මීටර් වුනේ...:yes: මගෙ එකත් එක්ක බැලුවම පිස්ටන් වෙනස් සිංහලුනේ.. හෙඩ් එක වෙනස්. කොකර් ආර්ම් උඩට අල්ලන් ඉන්න ස්ප්‍රිං එකක් තියනව මගෙ එකේ. කාබ් එකත් වෙනස්. එයාර් ඉන්ටේක් එක ලොකුයි මගෙ එකේ..(අර අයියත් කියනවා අනිත් GN වලට වඩා යනව කියල.:love:)

    ඔක්කොටම හපන් සිංහලුනේ ෆ්ලයිවීස් එක වෙනස්.:shocked: ඔන්න අර CDI දිව්ව නැති එකට හේතුව.:D:D:D

    පල්සර් කොයිල් එකෙන් අර පෙන්නුව විදියෙ සිග්නල් එකක් එන්නේ ෆ්ලයිවීල් එකේ තියන මේ කට්ට කෑල්ල ඒක ගාවින් ගියාම.

    heVksL8.jpg


    වෙනස සිංහලුනේ මගෙ එකේ තියෙන්නේ මෙන්න මේ වගේ දිග කෑල්ලක්.

    LEatTRf.jpg


    (කලුපාට රවුම් කරපු එක ගනන් ගන්න එපා ඒ ටයිමින් මාර්ක් එකක්)


    ඉතින් සිංහලුනේ ටයිමින් එක ගන්න ඕන කරන සිග්නල් එක පොඩ්ඩක් එහාමෙහා වෙලා හබවුනාම වෙනදේ හිතාගන්න පුලුවන්නේ..(ඔය මට වෙච්ච දේ තමා වෙන්නේ..) පරණ ජපන් CDI හැබැයි මිස් කර කර හරි දිව්වා. ඒවත් වෙන බයික් වල ගින්දර වගේ දුවනව. (පටලව ගන්න එපා ඒවයි මගෙ තිබ්බ ඔරිජිනල් ආපු CDIඑකයි වෙනස් ටයිමින් අතින් පොඩ්ඩක්) සදා අනාථයි ලෙඩේට හේතුව හොයාගත්තෙ නැත්නම්.

    හොඳට තිබ්බ බයික් එකට කෙලවෙන්න හේතුව මංනම් හිතන්නේ අර රන් ඔෆ් ස්විච් එකේ කෙලියම තමා. CDI එකත් රත්වෙනවා හොඳටම යතුර ඔන් කරල රන් ඕෆ් එකත් ඔන් කරල නිකම් තිබ්බම. එහෙම වෙලා වෙලා කෙලවෙන්න ඇති ඒකට.:dull:

    ඊලඟට ජපනා අවුල් කරල තියන තැන. මේ කෙලිය තියෙන්නේ ජපනු ගහපු මුල් කාලෙ ඉලෙක්ට්‍රොනික් ඇඩ්වාන්ස් තියන ඇනලොග් CDI(TCI) වල විතරයි.

    අවුල තමා CDI එක ඇඩ්වාන්ස් වෙන්න ඕන ප්‍රමාණය තීරණය කරන්නේ පල්සර් කොයිල් එකෙන් ලැබෙන වෝල්ටේජ් එක අනුව. :yes: හරියටම කිව්වොත් පල්සර් කොයිල් එකෙන් ලැබෙන සිග්නල් එකේ amplitude එක (විස්තාරය) අනුව.

    තව ඇඩ්වාන්ස් වෙන ප්‍රමාණෙ තීරණය කරල තියෙන්නේ රෙසිස්ටර් වැලිව් වලින්. හැමෝම දන්න දෙයක් තමා රෙසිසිටර් වල ටොලරන්ස් එකක් තියනව කියන එක. අපි 100 ඕම් රෙසිස්ටරයක් ගත්තට ඒක 100ට අඩු හෝ වැඩිවෙන්න පුලුවන්. ඒවගේම උෂ්ණත්වෙටත් වෙනස් වෙනව. ඒ වගේම කාලයක් දුවනකොට අගයන් වෙනස්වෙනවම තමා.:yes:ඒ වගේම වයර් වල ලොස් එක නිසාත් පල්සර් කොයිල් එකෙන් ලැබෙන සිග්නල් එකේ වෝල්ටජ් අඩුවෙනවා.

    ඉතින් මේ සියල්ලම නිසා මේ CDI එකකට කවදාවත් තිතටම ඉග්නිෂන් එක දෙන්න බෑ. එන්ජින් දුවයි හැබැයි ගන්න පුලුවන් උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන්න බෑ. වගකීමෙන් ඔය ටික කියන්නේ ගොඩක් දේවල් කරල බලලා.. බයික් එකේ වයරින් එහා මෙහා කලත් ඇඩ්වාන්ස් වෙන ප්‍රමාණෙ සුලුවෙන් හරි වෙනස් වෙනව.

    ජපන්නුන්ට හදන්න බැරිකමක් තිබ්බද ඒ කාලෙ ඩිජිටල් CDI එකක්? (මුල් කාලෙනම් ඉලෙක්ට්‍රොනිකලි ඇඩ්වාන්ස් නොකර මිකැනිකලි ඇඩ්වාන්ස් කරපුව තියනව.) අනේ නෑ සිංහලු ඕව හදන කාලෙ ඕනකරන තාක්ෂණේ තිබ්බ. මුන් කුප්ප කමට මේව ගහල එවල අපිට කටු කන්න...:growl::growl:
    පස්සෙ ආපු ඩිජිටල් CDI ඔහොම පන්න පන්න වද දෙන්නෙ නෑ..:no:

    මේ ඔය සෙල්ලම් දාපු චයිනීස් එක. වෙනස පේනව නේද.:)



    ඔන්න ඔහොමයි ඉතින් මාස ගානක් කාපු කට්ට ඉවර වුනේ..:dull:



    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.:D:D දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.:D:D

     
    Last edited:
    • Like
    Reactions: Kudnadun

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18492940 said:
    අයියා නොදන නිසා අහන්නේ... කොටුවට ගෑනු ලමයිනුත් පලාගන්න එනවද?:eek::eek:

    අපොයි ඔව්..ඕනෑතරම් එනවා වම්බොටු, ගහල , පලා ගන්න..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18492944 said:
    ඇමරිකාවේ ත්‍රයිලෝක විජයපත්‍ර නෑ?? වෙන්න බෑනේ??:rolleyes:

    අපොයි තිබේ.. නීතිය තදයි ... කේස් දාගත්තොත් මැරෙනකම්ම ඔව්ව මෙහෙ ෆයිල් වල තියෙනව..ඒ හින්ද :sorry::sorry::sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි පොලයියා කට්ටක් දාලා.. තැන්කූ ඈ..:D:D කියවන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ.. :P:P මාත් මෙලෝ රහක් නැති එකක් දැම්මා..:sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18492950 said:
    ඒකනම් ඇත්ත. කොහොමත් ඔය දැන් උබේ තියෙන එකෙත් ත්‍රීවීල් එකකට වඩා යන්න බෑනේ:yes::yes:
    MAX = 65Kmph

    article-2141870-13001458000005DC-303_634x422.jpg
     
    Status
    Not open for further replies.