වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18494707 said:

    අන්න අපේ එකී නිසාන් ඩීමැටික් ඔරිජිනල් ඔයිල් ලීටර් 4ක් ගෙනත් පපඩම් බදින්න.. කලු කැත අනාත කොල්ලෙක් කිව්වලු ඒක තමා හොදම ඔයිල් එක කියලා:baffled::baffled::baffled:

    අප්ප... උබ එහෙනම් කෙල්ලන්ගේ ටෙක්නිකල් නොලේජ් එක ගැන දන්නේ නෑ. උබට හැරෙන්නවත් බෑ. මේක බලපන්:lol::lol:





    උබට නුවරින් අක්කර හත අටක් තියෙනවනම් ඒක විකුනලා අව් රුදු 5ක් ගේමක් නැතුව මේන්ටේන් කලෑකි:lol::lol:

    අපේ මාමන්ඩියා මම වගේ තව කෙප්ප ගොනෙක් හොය හොයා ඉන්නේ.. උබේ විදිහෙන් කියන්න පුලුවන් උබව ගැලපෙනවා කියල:lol::lol::lol:



    ඔන්න ඔහේ නිකන් තියෙන එකනේ බැදල දාපන්

    පිස්සු හැදෙයි... ‌මන් මේ ZX10R එකක් ගන්නෙ කොහොමද කියලා දුක් වෙනවා . . .

    මට නුවරින් අක්කර හත අටක් තියෙනවනම් ඒක විකුනලා Type R එකකුයි, ZX10R එකකුයි ගේනවා . . .

    එ්ක නෙවේ. . . නැන්දා Matic D ලීටර් 4ක් ගෙනත් තියෙන්නෙ මොකටද?


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මුන් අයිති වෙන්නෙ පාප මිත්‍රයො කියන කැටගරි එකට.උනුත් ඉතින් යාලුවොනෙ:D:D

    :baffled: මොනා කරන්නද ඉතින් අල්ලගේ කැමැත්තට එවපු යාලුවොනේ...... :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය අවුල ලොකු සංකීර්ණ එන්ජින් වලට විතරක් එන එකක් වෙන්න ඇති. අපේ ගෙදර තියනවා අවුරුදු 25ක් විතර පරන ජෙනර්ටරයක් ඒක පෙට්‍රොල් වලින් ස්ටාර්ට් කරලා බූමිතෙල් වලින් දුවන්නම හදපු එකක් (හොන්ඩා සිංගල් සිලින්ඩර් එන්ජිමක් තියන එකක්).ඒකෙ ටැංකි දෙකක් තියනවා පොඩි ටැංකියක් තියනවා පෙට්‍රල් දාන්න ලොකු ටැංකියක් තියනවා බූමිතෙල් දාන්න. බයික් වල රිසව් එකට දාන්න තියන පෙට්‍රල් කරාමෙ වගේ එකක් තියනවා පෙට්‍රල් බූමිතෙල් මාරු කරන්න පෙට්‍රල් වලට දාලා ස්ටාට් කරලා බූමිතෙල් වලට හැරෙවුවම යකා වගේ දුවනවා. මේක ටිකක් සද්ද වුනාට බූමිතෙල් ගදක් දැනෙන්නෙවත් නැහැ. බූමිතෙල් වලට හැරෙවුවම සද්දෙ පොඩ්ඩක් වෙනස් වෙනවා විතරයි. මේක අතින් ඇදලා ස්ටාට් කරන්න තියන එකක්. සාමාන්‍යෙන් දැන් නම් මාස 3/4ට සැරයක් තමයි ස්ටාට් කරන්නෙ. තාමත් දෙපාර අදිනකොට ස්ටාට් වෙනවා.

    නිකමට ත්‍රීවීල් එකකට දාල බලපන්කො.පට්ට දුමකුයි පුසුඹකුයි එනවා.දුරතියාම පොලීසියෙන් අත දානවා.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් පිංවතුනි . . . .

    මේ අවස්ථාවේදි අාරංචි මාර්ග සඳහන් කරනවා අලුත්ම හෙල්කැට් එකක් ළඟදීම ලංකාවට ගොඩ බැසීමට නියමිත බව . . .

    අනේ වාසනාවන් . . .
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත්තරං;18494601 said:
    පොඩි කට්ටක් ඈ.. හැබැයි මෝඩ ජෝක් එකක්..


    ඕන් පුටේ ගෙදරක කොල්ලෙක් නැති උනාම, මිනිහෙක් ටෙක්නිකල් දැනුම බින්දුව උනාම ලෝකයා කුජීත විදිහට පූක්ශනයට ලක්කරන ආකාරය..

    :):)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

    ඔන්න ඒ කාලේ පොල් මාමි ගාව තිබ්බේ ලංකාවටම එකයි ගානේ නිසාන් California එකක්.. මේක දිව්වේ ගමේදී පෙට්‍රෝල් .. දුර යද්දී භූමිතෙල් ඒ කාලේ.. පසු කාලීනව ගමේදීත් භූමිතෙල්..

    6926809265_6e0e290a29.jpg




    කටුවෙ මුල් හරිය කියවද්දි මං හිතුවෙ එන්ජින් මවුන්ට් ටිකත් කඩාගෙන එන්ජිම යන ගමන් බිම පතබෑවිලා ඇති කියල....


    කටුවට බොහොම ස්තුතියි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ.. :D

    මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..:yes: මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...:P

    මගෙ තියෙන්නේ GN 125 එකක්(ජපන් එකක්..) ඒක නිසා මාස ගානක් කාපු කට්ටක් තමා මේ...(දැන් යුරාජ් බඩා සංකපාලය එහෙම දන්නව දන්නව ගායි.:angry:)

    NSsfnnp.jpg





    ජී එන් එක සුප්ප බයික් එක නේ.... බෙන්ලි වගේම..

    කටුවට තැන්කූ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:

    පලවෙනි එක කියෙව්වෙ නැත්නම් කියවලම එන්න නැත්නම් පොඩ්ඩක් මංඤ්ඤං ගහන්න පුලුවන්..:baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18493696&postcount=7518


    මේක නම් මාස ගානක් තිස්සෙ කාපු කට්ටක්.:sorry:

    ඔන්න ඉග්නිෂන් කොයිල් එක කෙලවෙලා හොඳ කට්ටක් කෑවනේ.:baffled:.ඊට පස්සෙ කොයිල් එක මාරු කලාම මිස් එක හරි ගිහිල්ල බබා වගේ දිව්වා එන්ජිම.:) ඒ දවස්වල බොහොම පරිස්සමින් තමා පැද්දෙ මොකද රන් ඕෆ් එක ඔන්වෙලා තිබිලා කෙලවගත්ත නිසා.. කොයිවෙලේකවත් ස්විච් එක ඔන් කරන් හිටියෙ නෑ..:no:

    ඒත් ඉතින් වාසනාව කියන්නේ බයික් එක එහෙම දිව්වේ මාසයක් විතර තමා.:(

    9bfKORN.png


    ආයිත් මිස් කරන්න ගත්තා හොඳටම. කලින් වගේ නන්නත්තාර වෙලා යන්නම නෙමේ ඒත් ටිකක් සැරට මිස් කලා.:dull:

    කලින් ඉතින් එක්ස්පීරියන්ස් එක තියන නිසා මේපාරත් මුලින්ම බැලුවේ කොයිල් එක. ඒත් පේන්න කිසිම අවුලක් නෑ ස්පාර්ක් එකේ.:dull: මං තනියම නෙමේ චෙක් කලේ. මගෙ හොඳම ෆිට් එකක් වෙන අයිය කෙනෙක් ඉන්නවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට වැඩ්ඩෙක්.පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට වටේ ගිහිල්ලා හදාගන්න බැරුව නන්නත්තාර වෙච්ච ඒව තමා.:yes:

    කොයිල් එකේ අවුලක් පේන්න්න නැති නිසා ඉතින් මුලින්ම බලන්න තියන දේ මාරු කලා ප්ලග් එක. ම්හු. වෙනසක් නෑ.. :no: අලුත්ම ප්ලග් එකක් නෙමේ දෙකක්ම අරන් මාරු කරල බැලුව මං පස්සෙ. මෙලෝ වෙනසක් නෑ..:dull: පස්සෙ ගත්තා තඩි කොයිල් එකක් කාර් එකක. :P

    Wet-Ignition-Coil-for-Lucas-Type.jpg


    කොයිල් එකේ ස්පාර්ක් එක කරුමෙටවත් මදිනම් එහෙම කියල ඒක අටෝලා බැලුවා. ඒකෙන් ප්ලග් වයර් එක ගැලෙව්වම අඟලක් විතර ස්පාර්ක් වෙනවා...:baffled: ඉතින් වුනාද වෙනසක්. අනේ නෑ සිංහලුනේ..:no: පෙර පරිදිමයි.:dull: හරි කමක්නෑ දැන් ඉතින් ෂුවර් එකට දන්නවනේ කොයිල් එකේ ප්ලග් වල අවුලක් නෑ කියල. දැන් ඉතින් අල්ලගන්න තියෙන්නේ CDI එකයි කාර්බ් එකයි තමා...:yes:

    මේ ටික කලේ එක දවසෙ නෙමේ.. දවස් කීපයක.:yes:

    ඉතින් සිංහලු ඔන්න අපි කාර්බ් එකත් ගලෝලා සුද්දයක් දීලා ටියුන් කලා. වෙනසක් වුනාද? ම්හු. මෙලෝ වෙනසක් නෑ...:sorry:කාර්බ් එකේ ජෙට් මාරු කලා.. කරකෙව්වා තෙල් උපරිමේටම ඇරියා වැහුවා මැනිෆෝල්ඩ් චෙක් කලා කිසිම අවුලක් නෑ එකකවත්. :no:

    crying-waterfalls.gif


    දැන් ඉතින් අහන්න හිතෙනව නේද ඇයි CDI එක බැලුවෙ නැත්තෙ කියලා.. :rolleyes: බයවෙන්න එපා ඒකත් බැලුවා..:P ඔය සේරටම වඩා හොඳම ආතල් එක ලැබුනෙ ඒකෙන් තමා...:baffled:

    හරි දැන් ඒවගෙ අවුලක් නෑ කියල විස්වාසයක් තියනවනේ. ඔන්න දැන් බැස්සා CDI එකට. මේක ඇත්තටම කිව්වොත් TCI ඒ කිව්වේ ට්‍රාන්සිස්ටර් කන්ට්‍රෝල්ඩ් ඉග්නිෂන්. කට්ටිය බැට්‍රි CDI කියලත් කියන්නෙ මේවටම තමා.. පරන බයික් වල ආපු CDI වලට වඩා මේක වෙනස් ටිකක්.:yes:

    මේ තියෙන්නේ බයික් එකේ ආපු CDI(TCI) රාජයා...:dull:

    HMXSbn4.jpg


    මුලින්ම කරපු වැඩේ තමා මේ තියන හැම කෑල්ලක් උඩින්ම ආපහු පාස්සගෙන ගියපු එක. මේක දැනම් ඉන්න එක හොඳයි බයික් පදින ගොඩක් දෙනා. ජපන් CDI වලට බර ගනන් පුදන්නෙ නැතුව මේ වැඩෙන් ගොඩක් වෙලාවට වැඩේ ගොඩදාගන්න පුලුවන්. එහෙම හරියන්නේ පර්ට්ස් බෝඩ් එකෙන් ඩ්‍රයි සෝල්ඩර්ඩ් වෙලා තියනවනම් තමා. ඒක තමා බොහෝ විට වෙන්නේ..:yes:

    ඉතින් ඔන්න කලා වැඩේ.:yes: දාලා ස්ටාර්ට් කාලා..:D පට්ට සන්තෝසයි සිංහලු ලෙඩේ හොඳ නෑ...:P:sorry:


    ඒ දවස්වල ඉතින් පල්සර් ක්ලබ් එකේ එවුන්ට ඕක අහලා කන් දෙක පිරිලා තිබ්බෙ.:P වීඩියෝ එකකුත් දැම්මා උන්ට පෙන්නන්න. මේ තියෙන්නේ කේස් එක.:(




    දඩබඩන් ගාලා මිස්වෙනවා විතරක් නෙමේ හිටපු ගමන් හිටිනවා ඇපත් නැතිවෙන්න.:dull: පාරට දානකොට හිටල තියනවා කරකියාගන්න දෙයක් නැතිවෙන්න.:baffled: දවස් තුනක් විතර උදේට යාගන්න බැරුව මගදි කෙලවෙලා ආපහුත් එන්න වුනා.:sorry:


    දැන් මට ඇහෙනවා ඇහෙනවා වගේ කට්ටිය කෑගහනවා CDI එක මාරු කරපන් CDI එක මාරු කරපන් කියලා....:lol:

    කලා දෙයියනේ කලා. ඔන්න හොඳම කෑල්ල..:P:P

    මට ලඟපාත බයික් කඩ ටිකක් තියෙන්නෙ හොරණ. ඉතින් ගියා වෙනද බඩු ගන්න කඩේට. උන්ගෙ කිසි අලි ඔලුවක් නෑ කතාකරල දෙයක් ගන්න පුලුවන්. හවස ගෙදර එන ගමන් ආවෙ.(ඔව් මේ මිස් එකත් එක්ක තමා යන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. හිතාගනින්නකො ඉතින්. එක පැත්තකට කිලෝමීටර් 40ක් තියනව ගමනට.) බයික් එකට CDI එකකුත් අරගෙන ආව ඔන්න ගෙදර.

    ආපු ගමන් ගැලෙව්ව සීට් එක මාරු කලා CDI එක. ස්ටාර්ට් කලා.. ස්ටාර්ට් වුනා.. හුරේ..:D

    cat-saying-hooray_thumb.jpg


    පොඩ්ඩක් ඇක්සලරේටර් එක ඇල්ලුවා. දඩන් බඩන් ගාලා මිස් කලා රේස් නොවී හිටියා..:baffled: ස්ටාර්ට් වෙනව එන්ජිම මොන සෙල්ලම දාලවත් රේස් වෙන්නෙ නෑ අයිඩ්ල් එකෙන් එහාට. අයිඩ්ල් දුවනව විතරමයි එන්ජිම. :(

    මට ඉතින් දැන් මාර චූන්. ඊලඟ දවසෙ බෑග් එකේ සීට් එක ගලවන්න 17 යතුරකුයි 12 යතුරකුයි දාගෙන ගියා කඩේට. උන්ට කියලා CDI එක වැඩ නෑ කියලා බයික් එක මහපාරෙම තියාගෙන ගලෝලා දාල බැලුව තව CDI එකක්. එලකිරි කොල්ලනේ ඒකට ස්ටාර්ට් වෙන්නෙවත් නෑ..:rofl: හරි ගත්ත තව එකක්. ස්ටාර්ට් වෙනවා අයිඩ්ලෙ එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.:P ඔහොම කඩේ තිබ්බ සේරම වර්ග වල CDI වලින් දෙක බැගින් විතර චෙක් කලා ඔය කෙලිය රිපීට් වෙනව විතරයි. එක්කො මොකුත් නෑ නැත්නම් අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.:no::no:

    කඩේ එවුන් දුන්න සල්ලි ටික ආපහු. ඒකත් අරගෙන ආව ගෙදර. දැන් ඉතින් ආයි දස අතේ කල්පනා කරනවා. මගෙ යාලුවටත් හිතාගන්න බෑ මොකක්ද අවුල කියල. පෝරත් අපේ පොල් මාමගෙ වයසෙ වගේ තමා. පොල් මාමට වඩා අවුරුඩු කීපයක් වැඩිමල්. :yes:

    අපි ඉතින් ඊට පස්සෙ චෙක් කලා පල්සර්(පිකප්) කොයිල් එක.

    276-xxx.jpg


    ඒකෙන් වෙනදේ ඉස්සරහට පැහැදිලිව තේරෙයි. කියවන් යන්නකෝ..:yes:

    ඒක චෙක් කලා.. ප්‍රමානවත් වෝල්ටේජ් එකක් එනවා කොයිල් එකෙන්. ෂෝට් විල්ලක් මොකුත් පෙන්න්නේ නෑ ඕම් ගානෙනුත් හරියට තියනව.:dull:

    දැන් මොකෝ කරන්නෙ ඉතින්. අලුතෙන් එනවනේ GN 125H එක. ඒකෙ CDI ගන්න තියනවා අලුත්ම ඒව. ඉතින් ගියා නිකෝ මෝටර්ස් එකට(මාලඹේ ඉඳල කිට්ටු නිසා ඒකට ගියෙ) CDI තියනව මං අර කලින් මාරු කරල බලපු ජාතියෙ එක 1500යි GN 125H එකට එන එක 10500යි. සුසුකි කම්පැනියෙන් ගෙන්නන එක. සල්ලිත් අරන් ගියා ඕන මගුලක් කියල මේක එපාම වෙලා හිබ්බ හින්දා..:dull:

    (මේ දවස්වල ඉතින් රැචට් එකක් බොක්ස් කෑලි ටිකක් එක්ක නියන් ටිකකුයි බෑග් එකේ දාගෙනමයි යන්නේ කොයිවෙලේ බඩු බනිස් වෙයිද දන්නෙ නැති නිසා. දවසක් අපේ බැච් එකේ එවුන් ටිකක් බෑග් එක ඇදලා ඔය ටික දැකල මාව කෑවා..:baffled::baffled:)


    ඔන්න කඩේ එවුන්ට විස්තරේ කියල හයිකරල බලල ගමු කියල කඩේ ඉස්සරහ බයික් එක ගලවන් දැම්මා 10500යෙ CDI එක. ස්ටාර්ට් කලා. නෝ කතා නෝ සිනා.. ස්ටාර්ට් නොවේ.. :( හපොයි මෙහෙමත් කෙලියක්.:growl:

    දැන් ඉතින් කාපන්කෝ තව දුරටත් කටු....:growl::growl:

    කඩේ එවුන් මැරෙන්න හදනවා ඕය CDI නෙමේ පල්සර් කොයිල් එකේ අවුල කියලා.. එදා ගෙදර ආවෙ ඕන මගුලක් කියල පල්සර් කොයිල් එකකුත් අරගෙන. මට 100%ක් ෂුවර් ඒකෙ ලෙඩක් නෑ කියල. බයික් එක හදන අයියත් කිව්ව පල්සර් කොයිල් එක එහම මලාට යන්නෙ නෑ කියල. ඒකට කිසිම බරක් වැටෙන එකක් නෙමේ..:no:

    මැග්නට් එකක් වටේ ඔතපු කොයිල් එකක් තියෙන්නේ..:yes:
    හරි කමක්නෑ ඕන දෙයක් කියලා ගෙදර ඇවිත් හවුසින් එකේ පැත්ත ගලවලා මාරු කලා කොයිල් එක.

    ElYVT30.jpg


    කොයිල් පැක් එකට උඩින් ඇණ දෙකක් සෙට්වෙලා තියන කලුපාට කෑල්ල. කහපාට වයර් දෙකක් ගිහින් තියෙන්නෙ ඔය.:yes:

    ඉතින් මාරු කරලා ස්ටාර්ට් කලා. අනේ සන්තෝසයි ලෙඩේ එහෙම්මමයි.. දැන් මොකද කරන්නෙ සිංහලු.. දැන් ඉලෙක්ට්‍රික් මිස් එකක් නෙමේද කියලත් සැකයි මට.:eek:

    කොහොමහරි අර අයියයි මායි බයික් එකේ වටයක් යන වෙලාවක ලඟපාත ගැරෙජ් එකක ගලවල තිබ්බ තව GN එකක්. ගරෙජ් කාරය මගෙ යාලුවගෙ ෆිට් එකක්. ඒ CDI එක ඉල්ලන් ඇවිත් දාල දිව්ව දව්ස් දෙකක් විතර. ලාවට වෙනසක් තියනව හැබැයි මිස් වෙනව කලින් වගේම.:dull:

    දැන් රීකන්ඩිෂන් ජපන් ඒවා දාල බැලුවෙ නැද්ද එතකොට. :oo:මොකෝ නැත්තේ.. :rofl:බැලුවා බැලුවා.. ඒත් අර සෙතේම තමා ඈ...:dull: මිස් වෙනවා හෑබෙයි දුවනවා.:dull: ඉස්සර සුසුකි කම්පැණියෙ GN විතරක්ම හදපු එකෙක් ගාවටත් ගියා ඌ කාබ් එකට විකාර කරල එව්වා. මෙලෝ දෙයක් වෙනස් වුනේ නෑ..:no:

    මේ වෙනකොට බයික් එක මං හින්දම පදිනවා..:rofl: අපේ තාත්ත ලඟපාතකටවත් බයික් එක අරන් යන්නෙ නෑ මොන හෙනයක් පාත්වෙයිද දන්නෙ නැති නිසා. :lol:පදින්න අමාරු තත්වෙ තිබ්බේ.:(:(:(:(

    මගෙ යාලුවත් එක්ක කතාවෙලා දවසක් මස් කලා එන්ජිම. වෑල් වලින්වත් මිස් එකක් තියනවද කියල ෂුවර් නැති නිසා. වෑල් ග්‍රයින්ඩ් කරල ටැපට් ගානට තියල ගත්ත එන්ජිම ඔන්න. ෂුවර් නැති නිසා බෝර් එකත් ඇදල බැලුව අපි වැරදිලාවත් රිං එකක් කැඩිලා එහෙම තියනවද කියල. මගෙ යාලුවට එහෙම දෙයක් වෙලා තිබ්බ ඉස්සර. අනේ ඒ කේස් මොකුත් නෑ සේරම හොඳම තත්වෙන් තියනව.:dull:

    තව බයික් එකේ මුලු වයරින් එකම චෙක් කලා. ඔක්කොම වයරින් එක බයිපාස් කරලා ඉග්නිෂන් සිසිටම් එකේ හැම වයර් එකකටම වෙනම වයර් අමුනලා චෙක් කලා කිසිම වෙනසක් නෑ. ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියන නිසා දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම ඉගිනිෂන් එකට මොකුත්ම වෙනස් වෙන්නෙ නෑ.:no:

    දැන්නම් කියවන අයට වගේම මටත් ඇතිවෙලා තිබ්බෙ මේ කෙලිය. දවසක් ගෙදර එද්දි ඕන මගුලක් කියල චයිනීස් කාබ් එකකුත් අරගෙන ආවා.. ඒකත් තිබ්බ.. අනේ සන්තෝසයි කලින් විදියමයි..:angry::angry::angry:

    හම්මෝ දන්නම් කියවලා ඔලුවත් රිදෙනව ඇති. බයික් එක හදන අයියටත් බයික් එක හීනෙනුත් පෙනුන කිව්ව..:lol::lol:

    s2yY16b.gif
    දැන් අපි විවේකයක් ගන්න බලමු අපේ බඩා මාමගෙ වැඩ ටිකක්..
    s2yY16b.gif


    f2QAVq5.gif


    Fat_45bbcf_714609.gif


    reverse-1344449517_fat_guy_jumps_through_swim_ring.gif


    1330972779_fat_guy_rope_swing_fail.gif



    හරි හරි මාමා ලිඳේ පැනපුව ඉවරයි.:baffled:

    දැන් මොකද සිංහලු කරන්නෙ මං.. බයික් එක හැම අතින්ම එලකිරි වගේ තියනවා හැබැයි පදින්න බෑ...:baffled:

    ඔන්න ඉතින් හිත හදාගෙන ගත්තා තීරණයක්. විකුණනව කියලද. අනේ නෑ කොහොමහරි මේක හදල මිසක් පස්ස බලන්නෙ නෑ කියල.

    මගෙ යාලුව කියනව ඉග්නිෂන් අවුලක්න තමා තියෙන්නෙ කියල. CDI එකට දෙකෙන් එකක් කරමු කියලා ගලෝල ගත්ත අපි සර්කිට් එක එලියට.

    මේ තියෙන්නෙ බඩු.

    cea5NkV.jpg
    0biHQ1D.jpg


    අවුලක් යන්න පුලුවන් කෑලි එහෙන් මෙහෙන් මාරු කරල බැලුව හරිගියෙ නෑ ලෙඩේ.:no:මේ සර්කිට් එක තේරුම් ගන්න ටිකක් අමාරුයි මොකද මුන් ස්පෙෂල් පාර්ට්ස් දාල තියනව සර්කිට් එකට. ඔය තියන IC කෑලි දෙක එහෙම. ඒව ගැන විස්තරයක් නෑ හොයාගන්න කොහෙවත්.


    ගේම අත ඇරියෙ නෑ.. ඊලඟ දවස් දෙක ඇතුලත ගත්තා තව චයිනීස් CDI යුනිට් දෙකක්.

    එකක තිබ්බේ තඩි IC එකක්. හරියටම කිව්වොත් ASIC (application specific integrated circuit) එකක්. ඒකටත් අපිට කරන්න දෙයක් නෑ..

    ඊලඟට ගත්ත එකනම්..:love::love:

    QVIWVEd.jpg


    මේකෙ තිබ්බෙ සාපේක්ෂව සරල සර්කිට් එකක්. කරුමෙට ඉස්සරහ පැත්තෙ ෆොටෝ එකක් නෑ ඒකෙ...:sorry: හැබැයි ඉතින් මේකත් කලින් බලපුව වගේම තමා.. ස්ටාර්ට් වෙනවා රේස් නොවේ...:no:



    මෙතැන් සිට සියලු ගෞරවය මං කලින් කිව්ව අයියට හිමිවිය යුතුය.:yes::yes:


    මං අරන් ගිහින් පෙන්නුවාඅ මේ සර්කිට් එකටනම් අපිට මොකක්හරි කරගන්න පුලුවන් වෙයි කියලා.(ඔව් පොර ඉලෙක්ට්‍රොනික් අතින් පට්ට දැනුමක් තියන කෙනෙක්. මං ඉගෙන ගත්ත දේ වලින් වැඩිහරියක් පොරගෙන් තමා ඉගෙන ගත්තෙ.)

    CDI එක හයිකරලා සර්කිට් එක පේන විදියට කවරේ ගලවගෙන කෑලි බෑලි ටිකකුත් අරගෙන බයික් එක ස්ටාර්ට් කරන් බැස්සා වැඩේට...:D

    මුලින්ම කලේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එක යන පාත් එක දිගේ තිබ්බ ඒවට අනම් මනම් කරපු එක. රෙසිස්ටර් වලට තව රෙසිස්ටර් උඩින් තිය තියා බැලුව නිකමට. ඔහොම ටික වෙලාක් යද්දි එක තැනකදි අයිඩ්ල් එකේ සද්දෙ වෙනස්වුනා ටිකක්. කරකෝලා බැලුව ඇක්සලරේටර් එක. මෙන්න යකෝ රේස් වුනා...:shocked:

    මිස් එක අඩුවෙලා සිංහලු මිස් එක අඩුවෙලා...:D:D වෙන වෙන වැලිව් වල රෙසිස්ටර් මාරු කරකර බැලුවා කොහොමහරි අන්තිමට මිස් එක නැතිම ගානට ගන්න පුලුවන් වුනා.... :cool:

    මිස් එක හරි ගියා මිස් එක හරි ගියා යකුනේ..:yes: ගේ වටේ දිව්වෙ නැති එක විතරයි ගියපු ජොලියට. :lol::lol:

    giphy.gif


    අන්ධයො වගේ අතපතගාලා ලෙඩේ හරිගියාට තිබ්බ අවුල මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑනේ..:baffled: ඒකත් හොයාගමු කියලා පොරගෙ ඔසිලස්කෝප් එක සෙට් කරල බැලුව CDI එකට(ඔව් ගැරෙජ් එකක් කරන පොරගාව ඔසිලස්කෝප් එකක් තියනවා..:yes:)

    මෙන්න මෙහෙමයි පෙනුනේ සිංහලු.. :yes: මේ මගෙ එකෙන්. අයියගෙ එකෙන් බලපු එක වීඩියෝ කරගත්තෙ නෑ..:no::no:



    එපා නොවෙන්න පුලුවන් විදියට තේරුම් කරන්නම්. අපිත් තේරුම් ගත්තෙ මේක බලල තමා...:yes:

    කහපාටින් පේන්නෙ පල්සර් කොයිල් එකෙන් එන වෝල්ටේජ් එක. නිල් පාටින් පෙන්නන්නේ ස්පාර්ක් ප්ලග් එක පත්තු කරන්න ඉග්නිෂන් කොයිල් එකට දෙන සිග්නල් එක.(වැඩි විස්තර ඕනෙ නම් කියපියෝ මේකෙ දැම්මොත් එපාවෙයි..:sorry:) කොයිල් එක ඔන් එකේ තියල ඕෆ් කරන එක තමයි කරන්නෙ ස්පාර්ක් එක ගන්න.:yes:


    හොඳට බලන්න බයික් එක රේස් කරනකොට පල්සර් කොයිල් එකෙන් එන වෝල්ටේජ් එක වැඩිවෙන හැටි. ඒත් එක්කම බලන්න නිල් පාට වේව් එක වම් පැත්තට එන හැටි.

    මේ වෙන්නෙ මොකක්ද දන්නවද? :)
    ඔය වෙන්නෙ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරිල්ල එන්ජිමේ...:yes:

    මේ ගැන මහේෂයගෙන් පොල් අයියගෙන් එහෙම ගින්දර වගේ අහගන්න පුලුවන් වෙයි.:yes: මං දන්න තරමින් කියල දෙන්නම්.:)

    එන්ජිමක් දුවනකොට තෙල් ටික පත්තු කරන්න ස්පාර්ක් එක දෙන්න ඕනෙ එකම අවස්තාවකදි නෙමේ. හරියට කිව්වොත් කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදි පිස්ටන් එක හැමතිස්සෙම එකම තැනකට එනකොට නෙමේ තෙල් ටික පත්තු කරන්න ඕනේ. හැමතිස්සෙම එකම තැනකදි පත්තු කලොත් එහෙම එන්ජිම එක්කො නොක්වෙයි නැත්නම් තෙල් ටික බාගෙට පත්තුවෙලා නිකම් නාස්තිවෙයි.

    ඒනිසා එන්ජිම ස්ලෝ එකේ දුවද්දි පිස්ටන් එක උඩටම එන හරියෙදි විතර තෙල් ටික පත්තු කරන්නත් වැඩි වේගෙකින් දුවනකොට පිස්ටන් එක සම්පූර්ණයෙන් උඩට එන්න කලිනුත් පත්තු කරන්න ඕනෙ තෙල් ටික. ඒක තෙල් වල ඇවිලෙන්න ගත්වෙන කාලය එක්ක බැඳිච්ච දෙයක්.:yes:

    මේ තියෙන්නෙ ඉග්නිෂන් ඇඩ්වාන්ස් වීම චාට් එකක්.

    Timing_Chart.gif


    කොච්චරක් කලින් පත්තු කරන්න ඕනෙද කියන එක පෙන්නල තියෙන්නේ ක්‍රැන්ක් එකේ angle එකෙන්. ඒකයි අංශක වලින් තියෙන්නේ.

    හරි හරි කම්මැලි පාඩම ඉවරයි...:P:P

    මගෙ එකේ අවුල තිබ්බේ ඔන්න ඔය ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරිල්ලෙ තමා..:yes: වැරදි තැන ඇඩ්වාන්ස් වීමක් වුනේ බයික් එකේ. ඉතින් එතකොට තෙල් පත්තුවෙන එක පිස්සු කෙලියා -> එක්කො මිස් වුනා නැත්නම් හිටියා...:baffled: රෙසිස්ටර් වැලිව් වෙනස් වුනාම ඉග්නිෂන් ඇඩ්වාන්ස් වීම වෙනස් වෙනවා ඒ සර්කිට් එකේ. එහෙම කරල තමා මාස ගානක් කාපු කට්ට ගොඩ ගියේ..:yes:

    ඒවුනාට දැන් ප්‍රශ්න ටිකක් ඉතුරුයි.:dull:

    ඇයි එතකොට කඩේ ගන්න තියන අලුත්ම CDI වලටහ් ස්ටාර්ට් නොවෙන්නෙ. ඇයි CDI එකක් වෙනස් කරන්න වුනේ එන්ජිම දුවන්න. ඇයි බයික් වල දුවන CDI මගෙ එකේ දුවන්නෙ නැත්තෙ. ඇයි ජපන් CDI වලට එන්ජිම ස්ටාර්ට් වෙලා මිස් වෙවී හරි දිව්වේ. එතකොට කොහොමද මෙච්චරකල් ලෙඩක් නැතුව දිව්වේ.:confused:

    ඒකට හම්බවුනේ හිතපු නැත් උත්තරයක් සිංහලුනේ..:yes:

    මගෙ බයික් එක මගෙ දැනුමේ තරමින් ජපන්නු අන්තිමටම ගහපු 2002 මොඩ්ල් එකේ එකක්.(ඔව් දැන් ජපන් GN ප්‍රොඩක්ෂන් නවත්තල:sorry:)

    ඔය ලෙඩ හදාගත්තට සෑහෙන කාලෙකට පස්සෙ මගෙ යාලුව ගාවට ඇවිත් තිබ්බා තව GN එකක් ඔයිල් නැතුව දුවල සීස් වෙලා. :growl:ගොනෙක් හරකෙක් මැටි ලොරියක් තමා ඉතින් එහෙම වාහනයක් පාවිච්චි කරන්නෙ.:angry: (ලොල් සීන් එක කියන්නෙ පොලිස් කාරයෙක් ඕයි...:lol::lol::lol::lol: පොලිස් බයික් එකක් නෙමේ උගෙ බයික් එක:dull:)

    පලු කරපු එන්ජිම ඇදල බැලුවට පස්සෙ තමා මට වැඩේ මීටර් වුනේ...:yes: මගෙ එකත් එක්ක බැලුවම පිස්ටන් වෙනස් සිංහලුනේ.. හෙඩ් එක වෙනස්. කොකර් ආර්ම් උඩට අල්ලන් ඉන්න ස්ප්‍රිං එකක් තියනව මගෙ එකේ. කාබ් එකත් වෙනස්. එයාර් ඉන්ටේක් එක ලොකුයි මගෙ එකේ..(අර අයියත් කියනවා අනිත් GN වලට වඩා යනව කියල.:love:)

    ඔක්කොටම හපන් සිංහලුනේ ෆ්ලයිවීස් එක වෙනස්.:shocked: ඔන්න අර CDI දිව්ව නැති එකට හේතුව.:D:D:D

    පල්සර් කොයිල් එකෙන් අර පෙන්නුව විදියෙ සිග්නල් එකක් එන්නේ ෆ්ලයිවීල් එකේ තියන මේ කට්ට කෑල්ල ඒක ගාවින් ගියාම.

    heVksL8.jpg


    වෙනස සිංහලුනේ මගෙ එකේ තියෙන්නේ මෙන්න මේ වගේ දිග කෑල්ලක්.

    LEatTRf.jpg


    (කලුපාට රවුම් කරපු එක ගනන් ගන්න එපා ඒ ටයිමින් මාර්ක් එකක්)


    ඉතින් සිංහලුනේ ටයිමින් එක ගන්න ඕන කරන සිග්නල් එක පොඩ්ඩක් එහාමෙහා වෙලා හබවුනාම වෙනදේ හිතාගන්න පුලුවන්නේ..(ඔය මට වෙච්ච දේ තමා වෙන්නේ..) පරණ ජපන් CDI හැබැයි මිස් කර කර හරි දිව්වා. ඒවත් වෙන බයික් වල ගින්දර වගේ දුවනව. (පටලව ගන්න එපා ඒවයි මගෙ තිබ්බ ඔරිජිනල් ආපු CDIඑකයි වෙනස් ටයිමින් අතින් පොඩ්ඩක්) සදා අනාථයි ලෙඩේට හේතුව හොයාගත්තෙ නැත්නම්.

    හොඳට තිබ්බ බයික් එකට කෙලවෙන්න හේතුව මංනම් හිතන්නේ අර රන් ඔෆ් ස්විච් එකේ කෙලියම තමා. CDI එකත් රත්වෙනවා හොඳටම යතුර ඔන් කරල රන් ඕෆ් එකත් ඔන් කරල නිකම් තිබ්බම. එහෙම වෙලා වෙලා කෙලවෙන්න ඇති ඒකට.:dull:

    ඊලඟට ජපනා අවුල් කරල තියන තැන. මේ කෙලිය තියෙන්නේ ජපනු ගහපු මුල් කාලෙ ඉලෙක්ට්‍රොනික් ඇඩ්වාන්ස් තියන ඇනලොග් CDI(TCI) වල විතරයි.

    අවුල තමා CDI එක ඇඩ්වාන්ස් වෙන්න ඕන ප්‍රමාණය තීරණය කරන්නේ පල්සර් කොයිල් එකෙන් ලැබෙන වෝල්ටේජ් එක අනුව. :yes: හරියටම කිව්වොත් පල්සර් කොයිල් එකෙන් ලැබෙන සිග්නල් එකේ amplitude එක (විස්තාරය) අනුව.

    තව ඇඩ්වාන්ස් වෙන ප්‍රමාණෙ තීරණය කරල තියෙන්නේ රෙසිස්ටර් වැලිව් වලින්. හැමෝම දන්න දෙයක් තමා රෙසිසිටර් වල ටොලරන්ස් එකක් තියනව කියන එක. අපි 100 ඕම් රෙසිස්ටරයක් ගත්තට ඒක 100ට අඩු හෝ වැඩිවෙන්න පුලුවන්. ඒවගේම උෂ්ණත්වෙටත් වෙනස් වෙනව. ඒ වගේම කාලයක් දුවනකොට අගයන් වෙනස්වෙනවම තමා.:yes:ඒ වගේම වයර් වල ලොස් එක නිසාත් පල්සර් කොයිල් එකෙන් ලැබෙන සිග්නල් එකේ වෝල්ටජ් අඩුවෙනවා.

    ඉතින් මේ සියල්ලම නිසා මේ CDI එකකට කවදාවත් තිතටම ඉග්නිෂන් එක දෙන්න බෑ. එන්ජින් දුවයි හැබැයි ගන්න පුලුවන් උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන්න බෑ. වගකීමෙන් ඔය ටික කියන්නේ ගොඩක් දේවල් කරල බලලා.. බයික් එකේ වයරින් එහා මෙහා කලත් ඇඩ්වාන්ස් වෙන ප්‍රමාණෙ සුලුවෙන් හරි වෙනස් වෙනව.

    ජපන්නුන්ට හදන්න බැරිකමක් තිබ්බද ඒ කාලෙ ඩිජිටල් CDI එකක්? (මුල් කාලෙනම් ඉලෙක්ට්‍රොනිකලි ඇඩ්වාන්ස් නොකර මිකැනිකලි ඇඩ්වාන්ස් කරපුව තියනව.) අනේ නෑ සිංහලු ඕව හදන කාලෙ ඕනකරන තාක්ෂණේ තිබ්බ. මුන් කුප්ප කමට මේව ගහල එවල අපිට කටු කන්න...:growl::growl:
    පස්සෙ ආපු ඩිජිටල් CDI ඔහොම පන්න පන්න වද දෙන්නෙ නෑ..:no:

    මේ ඔය සෙල්ලම් දාපු චයිනීස් එක. වෙනස පේනව නේද.:)



    ඔන්න ඔහොමයි ඉතින් මාස ගානක් කාපු කට්ට ඉවර වුනේ..:dull:



    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.:D:D දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.:D:D

     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:

    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.:D:D දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.:D:D


    හම්මේ.උබ පට්ට කුනක්නෙ කාල තියෙන්නෙ.
    මචන් GN125 එකටයි GS125 එකටයි එන්නෙ එකම එන්ජිමද?
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:

    පලවෙනි එක කියෙව්වෙ නැත්නම් කියවලම එන්න නැත්නම් පොඩ්ඩක් මංඤ්ඤං ගහන්න පුලුවන්..:baffled:



    එළ මචෝ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මේ.උබ පට්ට කුනක්නෙ කාල තියෙන්නෙ.
    මචන් GN125 එකටයි GS125 එකටයි එන්නෙ එකම එන්ජිමද?

    ඒ ගැන කියල වැඩක් නෑ.. ගෙදරින් බනුම් අහල ඉවරයි ඕක අල්ලගෙන ඉන්නෙ වෙන වැඩක් කරන්නෙ නැද්ද කියලා..:lol:

    ඔව් මචන් එකම එන්ජිම.:)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස..


    උඹට ඉලෙක්ට්‍රොනික් පුලුවන් නිසා ඔහොම හරි ගොඩගියා . . .අනික මොන මගුල උනත් පත්තු කරන්න තියෙන්නෙ එක සිලින්ඩරයයි නේ . . . ඔය හා සමාන දුකක් මං වින්දා සිලින්ඩර 4ක් එක්ක . . . අමුම අමු කට්ටක් . . . අන්තිමට අපේ ඉලෙක්ට්‍රොනික් පිස්සා (දැන් ජපානේ, සෝනි එකේ) තමා වැඩේ ගොඩ දැම්මේ . . .

     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹට ඉලෙක්ට්‍රොනික් පුලුවන් නිසා ඔහොම හරි ගොඩගියා . . .අනික මොන මගුල උනත් පත්තු කරන්න තියෙන්නෙ එක සිලින්ඩරයයි නේ . . . ඔය හා සමාන දුකක් මං වින්දා සිලින්ඩර 4ක් එක්ක . . . අමුම අමු කට්ටක් . . . අන්තිමට අපේ ඉලෙක්ට්‍රොනික් පිස්සා (දැන් ජපානේ, සෝනි එකේ) තමා වැඩේ ගොඩ දැම්මේ . . .


    නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක ඒකත් දාහන්.අපිට බලන්න.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට ඉලෙක්ට්‍රොනික් පුලුවන් නිසා ඔහොම හරි ගොඩගියා . . .අනික මොන මගුල උනත් පත්තු කරන්න තියෙන්නෙ එක සිලින්ඩරයයි නේ . . . ඔය හා සමාන දුකක් මං වින්දා සිලින්ඩර 4ක් එක්ක . . . අමුම අමු කට්ටක් . . . අන්තිමට අපේ ඉලෙක්ට්‍රොනික් පිස්සා (දැන් ජපානේ, සෝනි එකේ) තමා වැඩේ ගොඩ දැම්මේ . . .


    සිරාවට මාත් කල්පනා කලා CBR එහෙම CDI ගියපු එවුන් කොහොම කට්ටක් කනවා ඇතිද කියලා...:baffled:

    පට්ටනේ... :D අඩෝ පොර මොනව කරලද බන් එහෙට පැන්නේ...:shocked:
     
    Status
    Not open for further replies.