ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..
දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..








