වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රත්තරං;18497479 said:
2013-nissan-altima.jpg

Nissan Teana 2014 එක නේද. ලස්සනයි අෆ්ෆා. අපිට කොහෙද පූසො මාලු කිව්වලු:rolleyes::rolleyes::rolleyes:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල මචං. මෙයාලා වැඩිය ලොකු වෙන්නෙ නැද්ද

    ලොකු වෙනවා. ඔය හුගක් පොඩි කාලේ
    මේකා පොමනේරියන් නෙමේ බන්
    මේකා ටෙරියර්.. අර ඩියුලක්ස් ඇඩ් එකේ උන්නේ

    ජර්මන් ශෙපර්ඩ් තරම්ම නොවුනත් හුගක් ලොකු වෙනවා. හැබැයි හෙන ගොන් බල්ලෙක්. කවදාවත් බුරල නෑ.. සැර කලොත් වේල් 3ක් විතර කන්නේ නෑ

    දවසගානේ බ්‍රශ් කරන්න ඕනේ. නැත්නම් ගැටගැහෙනවා.ඒ ඇරෙන්න හදන්න හරිම ලේසියි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටෙරී එකෙක් නේහ්.හුරතලේට හදන්න නියම බල්ලො

    වත්තේ රව්මක් දිව්වොත් අහල පහල ගෙවල් වලත් කොල ඇගේ එල්ලන් එන්නේ. වැස්සට පැන්නොත් වතුර ලීටර් 5ක් 6ක් අල්ලනවා. ඒක තමා අව්ල. හැබැයි ලමයෙක් වගේ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan Teana 2014 එක නේද. ලස්සනයි අෆ්ෆා. අපිට කොහෙද පූසො මාලු කිව්වලු:rolleyes::rolleyes::rolleyes:

    2016.අලුතෙන් එන වාහන වල ටොයොට වලට වඩා නිසාන් වල අඩු මිලට හොද ඔප්ශන් දෙනවා

    කැම්රි එකට වඩා ඕක මරු
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..

    තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..

    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
    Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට කස්ටා වාහනේ දාල යනවා නම් කස්ටගේ වාහනේ වර්ගෙම වාහනයක් රෙපෙයාර් එක ඉවර වෙනකල් පාවිච්චි කරන්න දෙන ගරාජ් එකක්...

    ඔය වගේ තැනක් ලංකාවේ පටන් ගත්තොත් . . . :rolleyes::rolleyes:

    ඒ වගේ ටාගට් එකක් තියෙනවා.. එතනට යන්න මගෙත් එක්ක Side by Side වැඩ කරන්න පුළුවන් කෙනෙක් මිසක් සාමාන්‍ය ගෙදර වැඩ, ළමයි බලා ගන්න විතරක් දන්න කෙනෙක් විතරක් ඉඳලා මදි කියල මාමිට හිතෙන්නේ නැද්ද??

    අනික මම මිසින්ග් උනත් මගේ වැඩ ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි..

    අනේ මන්දා.... අනික තව අවුරුදු ගානකින් අඳින්න කමිසයක්, දැන්ම අරන් වැඩක් නැහැ නේද?? මට ඒ කමිසේ අඳින්න වෙන කාලේ වෙනකොට මම මහත් වෙලා හිටියොත්?? Out of Fashion වෙලා තිබ්බොත්??
    කමිසය අඳින කාලේ වෙනකොට මගේ තියෙන සිතුම් පැතුම්, මම කැමති Fashion එකට ගැලපෙන කමිසයක් නේද මන් ගන්න ඕනි?? ඒ Fashion එක කොහොමද කියල මට කලින් කියන්න ක්රමෙකුත් නෑනේ.... So, කමිසය අඳින කාලෙට කමිසයක් ගමු...

    බයි ද වේ, අපි එක එක්කෙනා වාහනයක් ගන්න යනකොට වාහනෙන් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් නේ.. මම Performace හොයන කොට තව කෙනෙක් බලන්නේ Fuel Economy එක..

    Performance හොයන මම වැරදිද එතකොට??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18497631 said:
    මේඩ් ඉන් සිරි ලන්කනම් කොයි තෙල් ගැහුවත් කලු තමා:lol:

    දැන් කීයකට තෙල් ගැහුවද මාම?:P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:

    මේක උනේ මගේ මුල්ම කාර් එක තියෙන කාලේ. තිබුනේ Nissan Presea එකක්. එක ගත්ත එක ගැනත් කියනම්කො.

    ඒ දවස් වල වාහන ගැන ලොකු තේරුමක් මට තිබුනේ නැහැ (දැනුත් නැ තමා :( ). මම මුලින්ම ගන්න යනකොට හිතට ආපු දේ තමා කොහොම හරි අලුත් එකක් ගන්න ඕනේ කියන එක. ඉතින් තියෙන ගානට සෙට් උනේ Hyundai hatchback එකක්. මොඩල් එක මතක නැහැ. පොඩි වහනයක් ඔන්න, හරියට Panda එක වගේ. ඉතින් තියෙන ඉවසිල්ලක් නැති කමට යාලුවෙක් එක්ක ගිහින් චන්ඩිය වගේ ඇඩ්වාන්ස් කලා කියමුකෝ. ගෙදර ඇවිත් තාත්තට කියුව ගන්න යන එක. එදා තමා මම වාහන ගැන ගොඩක් දැනගත්තේ (ඉතිරි ටික හිතා ගනින්කෝ). කොහොම හරි ඊලග දවසේ තාත්ත ඇවිත් කෙලින්ම සේල් ඒකට ගිහින් වාහනේ එපා කියුව. ඇඩ්වාන්ස් දෙන්න බැහැ කියුව නිසා එකත් experience ඒකට දාල අපි අවා. ඊට පස්සේ දන්න කීප දෙනෙකුට කියල තමා මේක හොයා ගත්තේ.

    හරි දැන් කට්ටට බහිමුකො. මම ඉතින් ඕක අරගෙන අව්රුද්දක් විතර හොදට පැද්ද. ස්පොටි ලුක් එකනේ මටත් සැටිස්. මොනවත් ලොකුවට කරන්න තිබුනේ නැහැ. Break pads දැම්ම. හොදට service කරලා, ATF මාරු කලා. වාහනේ ඉතින් බවන වගේ. පිබිනවා හොදට. මමත් ඉතින් කොල්ල කාලෙනේ, උපරිම ආතල් එකක් ගත්ත. දවසක් MC ගිහින් ගෙදර එනකොට වාහනේ නිකන් නොක් කරනවා වගේ තේරුණා. හැබැයි එක පාරයි උනේ. මාත් ඉතින් ගණන් ගත්තේ නැහැ. ඔන්න බොලේ තුන්මුල්ල පහුකරලා එනකොට එක පාරටම අදින්නේ නැතුව ගියානේ. මම පොඩඩක් රේස් කලාම ආපහු ගියා. දැන් මගේ හිතට අවුල්. මොකද දන්නේ නැනේ. නැවැත්තුව පාර අයිනේ. මට හිතුනේ රෝදෙ break bind වෙලා කියල. වෙන දෙයක් හිතට එන්නෙත් නැහැ.

    බැහැල බැලුවම තමා රත් උනේ. වාහනේ යටින් ගග ගලනවා වගේ තෙල් පාරක් එනවා. වටේ ඉන්න උනුත් බලනවා මොකද කියල. අරිය බොනට් එක, අම්මෝ පින්වතුනි එන්ජිම දිලිසෙනවා තෙල් වලට. මුළු එන්ජිමම තෙල් වලින් නැවිලා. කරන්න දෙයක් නැනේ, දන්න කියන break down එකකට කතා කලා. කොහොම හරි උන් එන්න පැය බාගයක් ගියා. ඔය ටිකට දන්නා කීප දෙනෙකුටම දුක කිඋව. හැමෝම කියුවේ oil බටයක් නිවන් ගිහින් ඇති ලොකු අවිලක් නැ කියල. කවදා කාපු ටකරන්ද. මමත් ඉතින් මොකාද එකා වගේ උඩ බලාගෙන හිටිය. යන උන් ඔක්කොම බල බල යනවා, සන්තෝසේ බෑ.

    කොහොම හරි break down එක අවා. දැන් උනුත් හොයනවා මොකක්ද අවුල කියල. හැබැයි අපරාදේ කියන්න බැහැ ආව මිකැනික් කොල්ල පට්ටම වැඩ්ඩේක් මචන්ලා. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද Auto gear box එකේන් රෙඩියෙටරේට එන ලයින් එක කැඩිලා. පොර නම් කියුවේ මොකෙක් හරි අපත සතෙක් කාල තිබ්බ තැනක් කැඩිලා කියල. මොකද බටේ කැඩුන තැන තිබුනේ ත්‍රිකෝණයක් වගේ. වැලි පොලවේ අයින් කරපු නිසා oil එක පෙන්නේ කොහොමත් කළු පාටට. මොකක්ද කියල එක පාරටම මීටර් වෙන්නේ නැහැ. බටෙන් විදපු තෙල් පාර වැදිලා තියෙන්නේ කෙලින්ම alternator එකේ යට හරියට. එතනින් තමා හැම තැනටම විසි වෙලා තියෙන්නේ කියල පොර කියුව.

    කොහොම හරි දැන් හදන්නත් එපාය. ඉතින් ගිහින් හොයාගෙන අවා බටේ. දැන් හදල ඉවර වෙලා ATF ලීටර 2ක් ගේනවා අඩුව දාන්න කියල. කොහෙද, දානවා දානවා ඉවරයක් නැහැ. අන්තිමට ලීටර 4.5 ගියාද කොහෙද. කෙලින්ම 5000+ කුඩු. ඔක්කොම තෙල් ටික ගිහින්.

    හැබැයි අපරාදේ කියන්න බැහැ ගියර් පෙට්ටිය නම් හොදට වැඩ කලා. මම පන බයේ හිටියේ එකත් හරි තමා කියල. මොකද තෙල් නැතුවනේ දියුවේ. ඊටත් පස්සේ මම වාහනේ තව අවුරුද්දක් වගේ දියුව. ලොකු අවුල් මුකුත්ම අවේ නැහැ.

    එදා ඉදන් තමා මමත් දන්නා හැමෝටම කියන්නේ ගන්නවානම් පරණ උනත් කමක් නැහැ ජපනෙක්ම ගන්න කියල. ඔය වාහනේ මම 215,000+ KM ගිහින් තිබුන. කිසිම ලොකු අවුලක් ආවේ නැහැ. කොහොමද පින්වතුනි Korean හරි China හරි ගියර් පෙට්ටියක් ඔයිල් නැතුව දියුවනන් එහෙම දැනෙන ආතල් එක. අනික ඔය සින් එක ඇරෙන්න කවදාවත් මග අනාත උනෙත් නැහැ. මේකත් උනේ මොකෙක් හරි අපත සතෙක් කෙලලානේ. :love::nerd::love:

    නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන් :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18497624 said:

    ලොකු වෙනවා. ඔය හුගක් පොඩි කාලේ
    මේකා පොමනේරියන් නෙමේ බන්
    මේකා ටෙරියර්.. අර ඩියුලක්ස් ඇඩ් එකේ උන්නේ

    ජර්මන් ශෙපර්ඩ් තරම්ම නොවුනත් හුගක් ලොකු වෙනවා. හැබැයි හෙන ගොන් බල්ලෙක්. කවදාවත් බුරල නෑ.. සැර කලොත් වේල් 3ක් විතර කන්නේ නෑ

    දවසගානේ බ්‍රශ් කරන්න ඕනේ. නැත්නම් ගැටගැහෙනවා.ඒ ඇරෙන්න හදන්න හරිම ලේසියි

    පට්ටනේ.. මාත් මොකෙක් හරි එකෙක් ඇති කරන්න කියලා හිතුවේ. හැබැයි යක්කු වගේ උන් නම් හරි යන්නෙ නෑ. ඉක්මන් එකේ ටෙරියර් වර්ග කීපයක් දාලා තියනව මචං.
    http://ikman.lk/en/ad/golden-terrier-for-sale-colombo
    http://ikman.lk/en/ad/toy-teeriyer-for-sale-kandy-1
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
    Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට කස්ටා වාහනේ දාල යනවා නම් කස්ටගේ වාහනේ වර්ගෙම වාහනයක් රෙපෙයාර් එක ඉවර වෙනකල් පාවිච්චි කරන්න දෙන ගරාජ් එකක්...

    ඔය වගේ තැනක් ලංකාවේ පටන් ගත්තොත් . . . :rolleyes::rolleyes:

    ඒ වගේ ටාගට් එකක් තියෙනවා.. එතනට යන්න මගෙත් එක්ක Side by Side වැඩ කරන්න පුළුවන් කෙනෙක් මිසක් සාමාන්‍ය ගෙදර වැඩ, ළමයි බලා ගන්න විතරක් දන්න කෙනෙක් විතරක් ඉඳලා මදි කියල මාමිට හිතෙන්නේ නැද්ද??

    අනික මම මිසින්ග් උනත් මගේ වැඩ ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි..

    අනේ මන්දා.... අනික තව අවුරුදු ගානකින් අඳින්න කමිසයක්, දැන්ම අරන් වැඩක් නැහැ නේද?? මට ඒ කමිසේ අඳින්න වෙන කාලේ වෙනකොට මම මහත් වෙලා හිටියොත්?? Out of Fashion වෙලා තිබ්බොත්??
    කමිසය අඳින කාලේ වෙනකොට මගේ තියෙන සිතුම් පැතුම්, මම කැමති Fashion එකට ගැලපෙන කමිසයක් නේද මන් ගන්න ඕනි?? ඒ Fashion එක කොහොමද කියල මට කලින් කියන්න ක්රමෙකුත් නෑනේ.... So, කමිසය අඳින කාලෙට කමිසයක් ගමු...

    බයි ද වේ, අපි එක එක්කෙනා වාහනයක් ගන්න යනකොට වාහනෙන් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් නේ.. මම Performace හොයන කොට තව කෙනෙක් බලන්නේ Fuel Economy එක..

    Performance හොයන මම වැරදිද එතකොට??

    ඔය මොන උට්ට බැලුවත්.. උබ කැමති උනත් අකමැති උනත් අන්තිමට උබට හිමි වෙන්නේ උබට උරුම ගෑනි... කවදා හරි උබට හිතාගන්නවත් බැරිවෙයි බැන්ද දාට.. මොන බල්ටිය ගැහුවත් ඒක වෙනස්කරන්න ටිකක් අමාරුයි

    දැන් ඔය පොලා, ටොමා, බඩා උනත් පොලිසියෙන් කසාද බන්දවනකන් උන් හීනෙකින්වත් හිතුවේ නෑලු කසාදයක් කරගන්න

    උබේ අරමුනනම් පංකාදුයි මල්ලි.. ජයෙන් ජය... හද අල්ලන්න ට්‍රයි කරපන්.. එතකොට හද නැතත් වලාකුලක් හරි අල්ලගන්න පුලුවන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් කීයකට තෙල් ගැහුවද මාම?:P

    අම්බෝ.... එකයි එකයි..... ඒ ඇරෙන්න චූකරන්නවත් එලියට අරන් නෑ...:no::no::no:මේ අමූලික සහතික ඇත්ත:අහින්සක මූන::අහින්සක මූන:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ සර්විස් ඇඩ්වයිසර් එහෙම නෑ... කස්ටට ඔයිල් ගැන ෆුල් ලෙක්චර් එකක් දීල එයාටම අවශ්‍ය ඔයිල් එක තෝරාගන්න දෙන්නේ.. නැත්තන් මට තිබ්බ මේකට Full Synthetic පමණි කියල දාලා වැඩිපුර ගානක් කඩා ගන්න...

    ඔෆීස් එකේ බුවාල හැම වෙලාවේම ගේම ඉල්ලන්නෙත් ඒකයි.. :rofl::rofl::rofl:
    හැබැයි මට ගානක්වත් නෑ.. :lol::lol::lol:

    ටෙක්නිෂියන් ට බෝනස්, කොමිස් දෙන්න ගත්තයින් පස්සේ ලෝකේ යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කටයුතු යන්නේ වෙන පැත්තකට බන්.. කරුමෙට මමත් වැඩ කරන්නේ එහෙව් එකක.. ඒත් මෙච්චර කාලෙකට අනවශ්‍ය කෑල්ලක් මාරුකරලා නැහැ.. එත් අපේම සමහරු කලින් මාසේ දාපු quote දැක්කම පවු කියල හිතෙනවා මිනිස්සුන්ගේ සල්ලි . එව්වට හේතුව super stretch target එක ගැහුවාම ලැබෙන monthly bonus එක.. දැන් හුඟක් කොම්පැනි වල tech ලාට comis . / bonus දෙන නිසා මිනිස්සු පුදුම විදිහට අන්දෙනවා බන්.. හරිම කනගාටුදායක තත්වයක්..කස්ටමර් අන්දල හම්බුකරන සල්ලි පව්කාර සල්ලි බන්.. එව්වයින් කෑවට දිරවන්නේ නැහැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18497680 said:
    ඔය මොන උට්ට බැලුවත්.. උබ කැමති උනත් අකමැති උනත් අන්තිමට උබට හිමි වෙන්නේ උබට උරුම ගෑනි... කවදා හරි උබට හිතාගන්නවත් බැරිවෙයි බැන්ද දාට.. මොන බල්ටිය ගැහුවත් ඒක වෙනස්කරන්න ටිකක් අමාරුයි

    දැන් ඔය පොලා, ටොමා, බඩා උනත් පොලිසියෙන් කසාද බන්දවනකන් උන් හීනෙකින්වත් හිතුවේ නෑලු කසාදයක් කරගන්න

    උබේ අරමුනනම් පංකාදුයි මල්ලි.. ජයෙන් ජය... හද අල්ලන්න ට්‍රයි කරපන්.. එතකොට හද නැතත් වලාකුලක් හරි අල්ලගන්න පුලුවන්

    :shocked::shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ටනේ.. මාත් මොකෙක් හරි එකෙක් ඇති කරන්න කියලා හිතුවේ. හැබැයි යක්කු වගේ උන් නම් හරි යන්නෙ නෑ. ඉක්මන් එකේ ටෙරියර් වර්ග කීපයක් දාලා තියනව මචං.
    http://ikman.lk/en/ad/golden-terrier-for-sale-colombo
    http://ikman.lk/en/ad/toy-teeriyer-for-sale-kandy-1

    මිනිස්සු හිතනවා මුන්ගේ බූල් හැලෙනවා කියලා. නෑ එහෙම එකක් නෑ

    දෙපාරක් හිතල ගනින්. මුන් නිකන් මල් වගේ බැන්නොත් කෑම කන්නෙත් නෑ. බුරන්නේ නෑ. කූඩුවක දැම්මොත් කෑමොර දෙනවා. ඇද ගාව තමයි නිදියන්නේ. අපේ එකා පදින්චිය අම්මගේ ඇද යට

    ආරක්ශාවටනම් මුගෙන් සත පහක වැඩක් නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
    Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට කස්ටා වාහනේ දාල යනවා නම් කස්ටගේ වාහනේ වර්ගෙම වාහනයක් රෙපෙයාර් එක ඉවර වෙනකල් පාවිච්චි කරන්න දෙන ගරාජ් එකක්...

    ඔය වගේ තැනක් ලංකාවේ පටන් ගත්තොත් . . . :rolleyes::rolleyes:

    ඒ වගේ ටාගට් එකක් තියෙනවා.. එතනට යන්න මගෙත් එක්ක Side by Side වැඩ කරන්න පුළුවන් කෙනෙක් මිසක් සාමාන්‍ය ගෙදර වැඩ, ළමයි බලා ගන්න විතරක් දන්න කෙනෙක් විතරක් ඉඳලා මදි කියල මාමිට හිතෙන්නේ නැද්ද??

    අනික මම මිසින්ග් උනත් මගේ වැඩ ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි..

    අනේ මන්දා.... අනික තව අවුරුදු ගානකින් අඳින්න කමිසයක්, දැන්ම අරන් වැඩක් නැහැ නේද?? මට ඒ කමිසේ අඳින්න වෙන කාලේ වෙනකොට මම මහත් වෙලා හිටියොත්?? Out of Fashion වෙලා තිබ්බොත්??
    කමිසය අඳින කාලේ වෙනකොට මගේ තියෙන සිතුම් පැතුම්, මම කැමති Fashion එකට ගැලපෙන කමිසයක් නේද මන් ගන්න ඕනි?? ඒ Fashion එක කොහොමද කියල මට කලින් කියන්න ක්රමෙකුත් නෑනේ.... So, කමිසය අඳින කාලෙට කමිසයක් ගමු...

    බයි ද වේ, අපි එක එක්කෙනා වාහනයක් ගන්න යනකොට වාහනෙන් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් නේ.. මම Performace හොයන කොට තව කෙනෙක් බලන්නේ Fuel Economy එක..

    Performance හොයන මම වැරදිද එතකොට??

    උඹේ ජාතියේම කෙල්ලෙක් හොයාගන්න එපා බං.........එකම විදිහේ අයට එකට ඉන්න අමාරුයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
    Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට කස්ටා වාහනේ දාල යනවා නම් කස්ටගේ වාහනේ වර්ගෙම වාහනයක් රෙපෙයාර් එක ඉවර වෙනකල් පාවිච්චි කරන්න දෙන ගරාජ් එකක්...

    Performance හොයන මම වැරදිද එතකොට??

    උබේ සිහිනය සැබෑ වෙන්න බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා මචො
    නමුත් වැඩ කරන ගෑනියෙක්ව බැන්දත් වැඩක් නෑ බන්.ගෙදරක තියෙන වැඩ ටික කරල ඉවර වෙනකොට දවස ගෙවිලා ඉවරයි.උබට බිසී ලයිෆ් එකක් ගෙවන්න වෙනවනම්,උබේ උදවුවක් නැතුව තනියම ගෙදර රන් කරන්න පුලුවන් ගෑනියෙක් හොයාගනින්.එතකොට එක පැත්තකින් උබ නිදහස්.උබේ බිස්නස් වැඩ වලට කාලය යොදවන්න පුලුවන්.

    අනික කමිසයෙ කතාව.උබට ඕනි කාලෙට කමිසය ගන්න ගියොත් පාවිච්චි කරපු කමිස තමා ගන්න වෙන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18497690 said:
    අම්බෝ.... එකයි එකයි..... ඒ ඇරෙන්න චූකරන්නවත් එලියට අරන් නෑ...:no::no::no:මේ අමූලික සහතික ඇත්ත:අහින්සක මූන::අහින්සක මූන:

    පලයන් සහෝ යන්න බොරු නොකියා :angry:
    එතකොට මුල්ලා කොන කැපුවේ සරම අස්සට බැහැලද?:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:

    මේක උනේ මගේ මුල්ම කාර් එක තියෙන කාලේ. තිබුනේ Nissan Presea එකක්. එක ගත්ත එක ගැනත් කියනම්කො.
    .....................
    .....................
    .....................
    නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන් :lol:

    කට්ටක් බෙදාගත්තට ස්තූතී මචං
    පට්ට ගහන්න ඉතිං ජපන් කාර් හැර වෙන මොනවද :love:
    ඊයේ ඉදන් අද වෙනකන් කටු වලට ඉතාම සුභයි.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18497624 said:

    ලොකු වෙනවා. ඔය හුගක් පොඩි කාලේ
    මේකා පොමනේරියන් නෙමේ බන්
    මේකා ටෙරියර්.. අර ඩියුලක්ස් ඇඩ් එකේ උන්නේ

    ජර්මන් ශෙපර්ඩ් තරම්ම නොවුනත් හුගක් ලොකු වෙනවා. හැබැයි හෙන ගොන් බල්ලෙක්. කවදාවත් බුරල නෑ.. සැර කලොත් වේල් 3ක් විතර කන්නේ නෑ

    දවසගානේ බ්‍රශ් කරන්න ඕනේ. නැත්නම් ගැටගැහෙනවා.ඒ ඇරෙන්න හදන්න හරිම ලේසියි

    මටත් බව්වෙක් හොයල දෙන්නකෝ. ට්කක් හොද එකෙක් වෙන්න ඕන. ගෙදර පරිස්සමට වගේ. වල් බල්ලො නම් හරි යන්නේ නෑ
     
    Status
    Not open for further replies.