අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..
තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..