රත්තරං;18516096 said:අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..
අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..
තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව![]()
උබේ කතාව ඇත්ත බන්,
මාත් අනුමත කරන්නේ නැ
මේ වගේ පාරක මේ විදියට වාහන එලවන එක.
මහේෂ් උබ අව්ලක් හිතන්න එපා මෙහෙම කිව්වට.




අනේ මන්දා බං.... මම නම් කියන්නේ ලංකාවේ කිසිම පාරක් (අධිවේගේත් ඈතුලත්ව) අපිට රේස් යන්න හදලා නෑ......
වැකුම් බටයක් සෙත්ත පෝච්චි උනොත් නම් එතනම ගල් ගැහුවා වගේ බ්රේක් වෙනවනේ...... 



-rep