මුඩියේ ප්රශනයක් තියෙනවනම් රිසව් ටැංකියේ වතුර අඩු වෙන්න විදිහක් නැහැ මචන්.. එහෙමනම් වතුර වැඩි වෙන්න ඕන.. රේඩියේටර් ෆෑන් එක හරියට වැඩ කරනවානම්... වෝටර් ෆෑන් එක වැඩ කරනවා කියල පේනවනම්... ගෑස්කට් එකේ හෝ හෙඩ් එකේ ප්රශ්නයක් තියෙනව .. පෙට්රල් වාහනේක වතුර කිලෝමීටර් 20ක් 30 ක් යද්දී අඩු වෙනවනම් ඒක මුඩියේ දෝෂයකින් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මුඩියේ යට රබර් එකෙන් ලයින් එක ඕපන් වෙන්නේ රිසව් ටැංකියට.. උඩ රබර් එකෙන් තමයි එලියට වාෂ්ප වෙන්නෙ .. යට රබර් එක ගල් වෙලානම් නියපොත්තෙන් තද කරාම ඒ ගතිය අතට දැනෙනවා.. දැන් අපේ එකා වාහනේ දිව්වාම රිසව් ටැංකියේ වතුර අඩු වෙලා කියල ඒ කියන්නේ වතුර රේඩියේටර් එක ඇතුලට ඇදල අරන් තියෙනව ... කිලෝමීටර් 30 ක් දුවද්දී වාෂ්ප වෙලා වතුර සැලකිය යුතු මට්ටමක් අඩු වෙන්න විදිහක් නැහැ පෙට්රල් එන්ජිමක (රේඩියේටර් ෆෑන් එක සහ වෝටර් ෆෑන් එක වැඩ හරියට කරනවානම් )..
අපේ ඔපීසිය ගාවමයි ඩිමෝ එක තියෙන්නෙ. හෙට හෙමින් සැරේ උස්සන් ගිහින් පෙන්නන්න කියල බැලුවේ.








