අමුතු කෑම.
අම්මා ගෙදර නැති වෙලාවක බඩගින්නක් ඇවිත් කන්න දෙයක් හොයද්දි මට හිතුනා මොනවා හරි අත්හදා බැලීමක් කරන්න.
ඊට පස්සේ කඩේ ගියා සොසේජ් පැකට් එකයි බිත්තර 2යි ගෙනාවා. පාම්පිටි ගත්තා කැරට්, ළුෑණු, කරපින්ච කපලා දැම්මා එක බිත්තරයක් කඩලා දැම්මා, ලුනු කුඩු, මිරිස් කෑලි දැම්මා, සුප්කැට කෑල්ලක් දැම්ම හොඳට කලවම් කරා සාස්පාන ලිපේ තියල ඔය ඔක්කොම අඹරපු ටික දැම්මා 
. දාල ටිකක් තැම්බීගෙන එනකොට අනිත් බිත්තරේ කඩල දැම්මා. උඩින් උඩින් කලින් බැදගත්තු සොසේජ් පෙති ටික දැම්මා. තව කලින් ඉතුරු කරගත්තු කැරට්, ළුෑණු, කරපින්ච කෑලි ටිකත් උඩින් දැම්මා. චීස් කෑලි ටිකකුත් උඩින් උඩින් දැම්මා. සාස්පාන වහල තැම්බෙනකන් එහට මෙහට කැරකි කැරකි හිටියා.

Pizza එකක් හදනවා කියල හිතන් තමයි හැදුවේ නන්.
හැබැයි ජීවිතේට කවුරුත් හදනවා දැකලත් නෑ හදන හැටි අහලත් නෑ. අන්තිමට ඔම්ලට් එකකටත් නැති Pizza එකකටත් නැති මෙන්න මේ වගේ එකක් තමයි අවුට්පුට් එක විදිහට ආවේ.
ඔක්කොම කරලා ඉවර වෙන්න පැයක් විතර තමයි ගියේ.

p.s.- හදලා කාලා ඉවර උනාට පස්සේ බඩේ අමාරු හැදුනොත් වග කියනු නොලැබේ.
මම කෑල්ලක් කාලා ගෙදර අනිත් අයටත් තිබ්බා. හැබැයි අපේ ගෙදර කාටවත් නම් කෑවට පස්සේ එහෙම අතුරු ආබාදයක් ආවේ නෑ.

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මට වැඩක් නති වෙලාවට මට කියල හදවගෙන හැමෝම එක්ක කනවා.. 
ඔම්ලට්zza නැත්නම් පිම්ලට් වගේ එකක් හොඳයිද?