මිටර් රීසෙට් කරන උන්ට දෙන්නත් නරකයි බයික් අල්ලන්නවත්.....
![]()
නැත්නම් ඔහේ ගොනාවගේ දුවනවා බයික් එක.
වාහන ගැන දන්න එකෙක්ට මිසක් වෙන මොකෙක්ටවත් බයිසිකලයක් වත් දෙන්නෙ නෑ... බයිසිකලේ දීලත් කෑලි හලලා දන්නෙ නෑ වගේ ගෙනත් දාල ගියපු උන් ඉන්නවා...![]()


මගේ රථය නම් මම දෙන්නේ මගේ අයියට විතරයි. . . ඌ වෙන උන්ට දෙනවද දන්නේ නෑ. . .දීලා අහු උනොත් අය්යා කියලා බලන්නේ නෑ අමතන්න සිද්ධ වෙනවා...

සිරාවට පොලා මේ පටන්ගත්ත ත්‍රෙඩ් එක නම් පට්ට වටිනව... අනිත් එක මේකට ක්ඔමෙන්ට් නොදැම්මට සෑහෙන කට්ටියක් හොරෙන් බලලා යනවා...![]()
උඹේ වාහනේට මොකක් හරි වෙලා අරුන් රෙපයාර් කරලද දන්නේ නෑ දුන්නේ... නැත්නම් උඹ දෙනකොටා හොඳට තිබ්බ එකට කෙල වෙන්නේ කොහොමද ? මොනවා වුනත් ඕවා හොඳ පාඩම්...


බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...
උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
පත අට එකට ඔතා දල්වා
මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු
සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!



මාත් කැමති නෑ බං මං පාවිච්චි කරන පුටාර් එකක්, මෝටර්බයික් එකක් වත් කාටවත් දෙන්න..හේතුව මං පාවිච්චි කරනවා තරම් පරිස්සමට කවුරුත් පරිස්සම් කරන්නෙ නෑ කියල දන්න නිසා....

මම මේ කිව්ව බාප්පා හුඟක් ඈත අතීතයේදී 4DR5 ජීප් පළමු වරට ලංකාවේ රජයේ ආයතන වලට ආනයනය කරන්න සක්‍රීය දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්... ඒ කාලේ 4DR5 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාවම ටෙස්ට් රන් ගිය කෙනෙක් ...





වාහන හවුලේ පාවිච්චි කරන්න බැහැ බන්... වාහනේ බිරිඳ හා සමානව කා අතටවත් යන්න නොදෙන්න තමුන් වගබලාගන්න ඕන.. වෙන කෙනෙක් පාවිච්චි කරලා කඩල බිඳල ගෙනත් දැම්මාම ආයේ හිත රිද්දගෙන පාවිච්චි කරන්න වෙන්නේ අයිතිකාරයටම තමයි... ඉල්ලුවාම දෙන්න විදිහක් නැහැ කියල ඉල්ලන එකාගේ හිත රිද්දන එක සැපයි කඩල ගෙනත් දැම්මාම අපි හිත රිද්දගන්නවට වඩා...
හදිසි උවමනාවකට වාහනයක් දෙනවා වගේ නෙවෙයි බන් පිටරටක ඉඳන් එන එකෙකුට වාහනයක් දෙනවා කියන එක.. ඌ එන්නේ දහස් ගණන් වියදම් කරගෙන සහ තවත් වියදම් කරන්න බලාගෙන... ඉතින් තව කීයක් හරි වියදම් කරලා රෙන්ට් එකට එකක් ගත්තාම මක් වෙනවද.. හැම එකාම තමුන්ගේවාසියට තමයි බන් වැඩ කරන්නේ... වැඩිහරියක් එවුන් බලන්නෙම කොහෙන් හරි කාල බඩ පුරෝගන්න...

" රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් " දැන් උඹ මේ කියන්නේ මේ නම් කරපු කස්ටිය ඉන්නේ එළකිරියේ සත්තු කියන කැටගරි එකේ කියල නෙවෙයිනේ නේද?මම හිතන්නේ නැහැ උඹ එහෙම අදහස් කරා කියල...
අලුත් ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්..![]()

බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...
දිලිසෙනා සේම බොඩි දැන් දිලෙන්නේ නැතී....
ගන්නකොට සේම සුමිහිරි බීට් නම් නැතී....
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
කොහොමටත් බැරී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
කොහොමටත් බැරී
රෙපෙයාර් පැමිණි විට ගෙයි සන්තකව ඇතී...
නළල් පට මාල හත් පට සින්න වී ඇති....
සකියනි රිදී කාසි ගස් තිබුනත්
ගොඩ ගන්ට බැරී...
සකියනි රිදී කාසි ගස් තිබුනත්
ගොඩ ගන්ට බැරී....
උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
පත අට එකට ඔතා දල්වා
මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු
සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!





තැන්කූ.පොඩි දෙයක් මතක්වුනා. පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කේබල් කඩල ගියොත් කෙරවලේ ඊයම් කෑල්ල අලුතෙන් ගහලා ගොඩදාගන්න හැටි ගැන.
පොලයිය නම් මේක කරල ඇති ෂුවර් එකටම...
![]()
හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..
වනජීවී එකේ වැඩ කරපු කෙනෙක්ද ?




.. හිතා ගනිල්ලකෝ කොල්ලගේ උස...නවත්තල තියන වාහනේට දෙන වැඩ 32 මතක් වෙද්දී දැන්නම් දුකයිත් එක්ක.. ඒ වගේද ඒක එලවන්න තිබ්බ ආසාව....අපි අද පොඩි එකෙකුට වාහනේකට නැගල වීල් එක කරකවන්න දුන්නේ නැති උනාට සහ ඒ කාලෙත් බාප්පට සාපේක්ෂව අනෙකුත් වැඩිහිටියන් පොඩි එකෙක් නවත්තල තියන වාහනේකට නගින එක මහා ලොකු අපරාදයක් ගණයට දැම්ම උනත් බාප්පට එයාගේ ඕනෑම වාහනයක් අපිට අනුභව කරන්න දෙන්න තරම් උතුම් හදවතක් තිබ්බ මනුස්සයෙක්... එහෙව් දේවල් පුංචි කාලේ කරපු මම ඇතුළු බොහෝ වැඩිහිටියන් අද ඒ කැප කිරීම කරන්න තරම් එඩිතර නැත්තෙ එදා ළමයින් සහ අද ළමයින් අතර වෙනසක්ද එදා වැඩිහිටියන් අද වැඩිහිටියන් අතර වෙනසක්ද කියල මට හිතෙන වාර අනන්තයි...


බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
පත අට එකට ඔතා දල්වා
මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු
සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!