[FONT="]රෑ මැදියම අවදි වෙලා[/FONT]
[FONT="]මසිත හොරෙන් පියඹාලා [/FONT]
[FONT="]සුව නින්දේ ඔබ සැතපුනු[/FONT]
[FONT="]සොහොන් කොතේ නැවතිලා[/FONT]
[FONT="]ඔබේ නිහඬ වත සිඹලා[/FONT]
[FONT="]නෙතු වැලපේ කඳුළු සලා......[/FONT]
[FONT="]පිපිලා සුදු අරලිය මල්[/FONT]
[FONT="]සොහොන් බිමේ ඔබේ රුවින්[/FONT]
[FONT="]මා ළඟ හිනැහෙනවා[/FONT]
[FONT="]ඔබේ සුවද හමා ඇවිත් අතීතයේ හමු වුනු දින [/FONT]
[FONT="]යළි අප හමුවෙනවා[/FONT]
[FONT="]රෑ මැදියම අවදි වෙලා[/FONT]
[FONT="]පවසා මුදු සෙනේ වදන්[/FONT]
[FONT="]හෙමින් සැරේ නෙත් හැරලා[/FONT]
[FONT="]ඔබ මා අමතනවා[/FONT]
[FONT="]නෙතේ කඳුළු ගලා ඇවිත්[/FONT]
[FONT="]අතීතයේ නටඹුන් මැද සිත මා වැලපෙනවා [/FONT]
[FONT="]සිත මා වැලපෙනවා[/FONT]