මැලේ අච්චාරු හදන හැටි
![]()
අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න….
රටඉඳි 200g
රතුලූනු 150g
කැරට් 100g
මාළුමිරිස් 150g
හොඳින් පැසුණු ඇඹරැල්ලා ගෙඩියක්
කුඩා අන්නාසි ගෙඩියක්
අඹරාගත් සුදුළූණු බික් 8
ඉඟුරු කැබැල්ලක්
මිරිස් කුඩු මේස හැඳි 2
විනාකිරි කෝප්ප 1/2
අඹරාගත් අබ මේස හැඳි 1
සීනි මේස හැඳි 4
අවශ්‍ය පමණ ලුණු
සාදන ක්‍රමය තමයි මේ…..
1.රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න.
2.ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න.
3.මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , 4.ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න.
5.මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹරැල්ල , රටඉඳි එකතු කර ගන්න.
P.S.මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.
http://life.am.lk/life/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB/%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%94/7999
තාත්තා මාලු ගේන්න ගිය වෙලේ මාලු මාර්කට් එකෙන් කෙළවල්ලෝ මාලු බිත්තර වගයක් අරන් ඇවිත් තිබ්බා. අද දවල්ට ඒක හැදුවා. අම්මා තමා හැදුවේ මම උදව් උනා. මේක හදන්න රෙසිපි එක ගත්තේ දත් කිඹුලගෙන් අහගෙන.
අවශ්‍යය ද්‍රව්‍යය
ගොරකා කෑලි කීපයක්
සුදු ලූණු බික් කීපයක්
ඉඟුරු කෑල්ලක්
සේර, රම්පේ, කරපිචා
රෝස් මෙරි (මෙව්වා තිබ්බේ නෑ දතා කිව්ව ලිස්ට් එකේ මේකත් තිබ්බ නිසා දැම්මේ )
ගම්මිරිස්
ඔය තියෙන අමුද්‍රව්‍යය සියල්ල මිරිස් ගලේ අඹරගෙන පේස්ට් එකක් වගේ එකක් හදා ගත්තා. පස්සේ පිරිසිඳු කෙලවල්ලා මාලු බිත්තර (සිවිය ඉවත් නොකළ පැක් එක පිටින්ම තියෙන බිත්තර සෙට් එකක් තමයි ගත්තේ වැඩේට ) සිවිය ගලවන්නේ නැතිව ගෑරොප්පුවක් අරගෙන තැන් කීපයකින් සිදුරු කළා ලුණු ඇඹුල් අල්ලන්න පහසු වෙන්න. පස්සේ අර ගලේ අඹරලා හදා ගත්තු පේස්ට් එක එක්ක මාලු බිත්තර සිවිය කැඩෙන්නේ නැති වෙන්න සාස් පාසන දමාගෙන එයට ප්‍රමාණයට පමණක් වතුර දමාගෙන වතුර හිදෙන තෙක් මාලු බිත්තර ටික තම්බා ගත්තා.
තම්බ ගත්තු මාලු බිත්තර ටික පස්සේ කෑලි කෑලි වලට කපා ගත්තා කෑමට ගන්න පුලුවන් ප්‍රමාණයට.
පස්සේ භාජනයක් ලිප තියලා එයට තෙල් ටිකක් දමාගෙන ඒකටම සූදුරු ඇට ටිකක්, සුදු ලූණු, ලූණු , බැදපු තුනපහ දමාගෙන එයටම පොල් කිරි සහ තක්කාලි කෑලි කීපයක් එකතු කරගෙන කිරට හොද්දක් හදා ගත්තා. හොද්ද හොඳට පැහෙද්දි අවසානයේ තම්බගෙන කපා ගත්තු මාලු බිත්තර කැබලි ටික එයට එකතු කරගෙන විනාඩියක් පමණ තිබෙන්න හැරලා ලිපෙන් බා ගත්තා.
විශේශයෙන්ම දතා කිව්වා මාලු බිත්තර කෑලි කපාගෙන හොද්දට දාලා වැඩි වෙලා තිබ්බොත් හෝ හැඳි ගෑවොත් කුඩු වෙන්න පුලුවන් නිසා අවසානයේ ලිපෙන් භාගන්න ඔන්න මෙන්න තියලා හොද්දට එකතු කරගන්න කියලා.
පස්සේ ගෙදර තිබ්බා බෙල් පෙපර් වගයක් සහ ලොකු ලූණි ගෙඩියක් වළලු කපාගෙන උඩින් එකතු කරගත්තා.
වැඩේ මැදදී මේකේත් පින්තූර ගහන්න නම් ගියේ නෑ ෆෝන් එකේ පිළී ගෑවෙන නිසා. අවසානයේ පින්තූරයක් ගහ ගත්තා. හොඳ රසට තිබ්බ ලුණු ඇඹුල් එහෙම අල්ලලා. අනික මාලු කෑලි වගේ තිබ්බා හොඳට කෑලි කුඩු වෙලා තිබ්බේ නෑ.
රෙසිපි එක පිළිබඳ දතාට ස්තූති කරනවා. තව මාලු බිත්තර වගයක් තියෙනවා. ඩෙවල් දාන්න ක්‍රමයක් ගැන දතා කෝල් එකෙන් කිව්වා. ඒක ඊලඟ පාර හදලා දාන්නම්.
![]()
![]()
elakiri machan laa...mama nam hadanna kese wethath kanna nam dannawa 
Ridila™


elakiri machan laa...mama nam hadanna kese wethath kanna nam dannawa
![]()
ටික ටික පුරුදු වෙයන් බං කසාදයක් බඳින්න කලියෙන්. හොඳ ස්වාමිපුරුෂයෙක් බිරිඳට ඉවීමට උදව් පදව් කරන්නවත් දැනගෙන ඉන්න එපාය.






අප්පටසිරි පට්ටෙට තියෙන්නේ......තාත්තා මාලු ගේන්න ගිය වෙලේ මාලු මාර්කට් එකෙන් කෙළවල්ලෝ මාලු බිත්තර වගයක් අරන් ඇවිත් තිබ්බා. අද දවල්ට ඒක හැදුවා. අම්මා තමා හැදුවේ මම උදව් උනා. මේක හදන්න රෙසිපි එක ගත්තේ දත් කිඹුලගෙන් අහගෙන.![]()


අප්පටසිරි පට්ටෙට තියෙන්නේ......
උදේ පාන්දර ම බඩගිනියි දැන් ඉතිං.....![]()
අප්පටසිරි පට්ටෙට තියෙන්නේ......
උදේ පාන්දර ම බඩගිනියි දැන් ඉතිං.....![]()


තාත්තා මාලු ගේන්න ගිය වෙලේ මාලු මාර්කට් එකෙන් කෙළවල්ලෝ මාලු බිත්තර වගයක් අරන් ඇවිත් තිබ්බා. අද දවල්ට ඒක හැදුවා. අම්මා තමා හැදුවේ මම උදව් උනා. මේක හදන්

ත්‍රෙඩ් එක නම් ගොඩක් හොඳයි....කෝ ඒත් මේකේ දාලා තියෙන රෙසිපි හොයා ගන්නත් බෑනේ ලේසියකට.....මේ ත්‍රෙඩ් එකට මාත් රෙසිපි එකක් දාන්නත් හදල දැම්මේ නෑ ඒක නිසා ....
තාත්තා මාලු ගේන්න ගිය වෙලේ මාලු මාර්කට් එකෙන් කෙළවල්ලෝ මාලු බිත්තර වගයක් අරන් ඇවිත් තිබ්බා. අද දවල්ට ඒක හැදුවා. අම්මා තමා හැදුවේ මම උදව් උනා. මේක හදන්න රෙසිපි එක ගත්තේ දත් කිඹුලගෙන් අහගෙන.
![]()
මේ විදියට හදලා නෑ අපේ ගෙදර..ඩෙවල් හදලා තමයි මම නම් කාලා තියෙන්නේ,මේ විදියට හදලා නෑ අපේ ගෙදර..

