ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ජවිපෙ වැඩ කරලා නෑ වැඩකරන්න බෑ කියලා හිතන අය
    අනිවා බලන්න

    හැබැයි අද සීගිරි චිත්‍රවල පොතු ගැලවෙනවා පාලකයෝ
    බුදි - උන්ට කඩේ යන බොලා ජ වි පෙ ට බැනපල්ලා

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවට භුමිය අඩුයි. ඒ නිසා හරිවිදියට කලමනාකරනය කරන්න වේවි. අනික ඉස්සරහට හැමෝටම තට්ටු නිවාස වලටත් යන්න වේවි. පරිසරය/භුමිය පරිස්සම් කරන්න වෙනව

    ලංකාව වගේ පොඩි රටක කෘෂිකර්මාන්තය අංක එක කරන්න අමාරුයි.......ඇත්ත කතාව ඕක

    අදටත් GDP එකෙන් 58% සේවා......මම හිතන විදිහට අපිට ඉස්සරහට යන්න හොඳම සේවා අංශය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ලංකාව වගේ පොඩි රටක කෘෂිකර්මාන්තය අංක එක කරන්න අමාරුයි.......ඇත්ත කතාව ඕක

    අදටත් GDP එකෙන් 58% සේවා......මම හිතන විදිහට අපිට ඉස්සරහට යන්න හොඳම සේවා අංශය
    කර්මාන්ත අංශෙත් ඉස්සරහට ගේන්න වේවි.:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දීලා බලපල්ලකො මොකද වෙන්නෙ කියලා. මොකද මීට වඩිය කෙලවෙන්න දෙයක් තියනවාද. වැඩිම උනොත් උනුත් අවුරුදු 5ක් කෙලවය්. අවුරුදු 60 ක් කෙලවගත්ත අපිට 5ක් මොකද්ද බන්

    copyrights - maxguy1

    :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙකෙත් ඉන්නවා ජේ.වී.පී කුක්කෝ උන්ට නිසිදැක්මක් නැහැ. ප්‍රදාණ දේශපාලණ පක්ෂදෙකට මඩ ගහලා තමුන්ගෙ මඩිය තරකරගන්න බලන්නෙ. මගේ ජනප්‍රියම පොලිස් නිලධාරියා තමයි උඩුගම්පොල.
    කොහේ බාර් ලයිසන් එකද මහින්දගෙන් හම්බුනේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කර්මාන්ත අංශෙත් ඉස්සරහට ගේන්න වේවි.:dull:

    නිෂ්පාදන කර්මාන්ත පැත්තෙන් උනත් අපිට තරඟ කරන්න අමාරුයි........වඩා උචිත සේවා අංශය පැත්තෙන් යන එක
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉඩම් සීමා සහිත හින්දා කෘශිකර්මාන්තයෙන් ලංකාව දියුණු කරන්න අමාරුයි. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. හොද වෘතියවේදීන් ටිකක් හදලා, නුපුහුණු ගෘහ සේවිකාවෝ වෙනුවට ඒ අය රට යවලා අපිට සෑහෙන මුදලක් පිටරටින් අද්දගන්න පුළුවන්. ඒකට රටේ අධ්‍යාපනය හදන්න ඕනි. මහින්ද යනකොට ඒක කාලා විනාශ කරලා ගියේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නිෂ්පාදන කර්මාන්ත පැත්තෙන් උනත් අපිට තරඟ කරන්න අමාරුයි........වඩා උචිත සේවා අංශය පැත්තෙන් යන එක
    ඒක හරියට ගවේෂනය කරල නිශ්පාදන තෝරගත්තොත් පුලුවන්. කොටින්ම පිරිසිදු වතුර වුනත් හොඳ නිෂ්පාදනයක්, තේ පොල් රබර් විතරක් එක්ක අපේ රටට ඉස්සරහට යන්න බැහැ.
     
    thanujaka

    Well-known member
  • උන්ටත් අනිවාර්යයෙන්ම පාළනයට අවස්ථාවක් ලැබෙන්න ඕනේ..
    පුද්ගලයන් වශයෙන් ගත්තම සාපේක්ෂව රටක පාලනයකට සුදුසු පිරිසක් එතන ඉන්නවා..
    එල්ලං ඉන්න සමාජවාදය අතෑරලා රටට ගැලපෙන රාමුවට හැඩගැහෙන්න පුළුවන් උනොත් රට දියුණු කරන්න පුළුවන් පිරිසක් එතන ඉන්නව..
    ඒ කොහොම උනත් උන්ට අවස්ථාවක් නං ලබෙන්නම ඕනේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක හරියට ගවේෂනය කරල නිශ්පාදන තෝරගත්තොත් පුලුවන්. කොටින්ම පිරිසිදු වතුර වුනත් හොඳ නිෂ්පාදනයක්, තේ පොල් රබර් විතරක් එක්ක අපේ රටට ඉස්සරහට යන්න බැහැ.

    ඔව් මම කිව්වේ ප්‍රමුඛතාව දෙන්න ඕනේ සේවා අංශයට කියල.........අනික්වා නවත්තලා දාන්නේ නෑ :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන්ටත් අනිවාර්යයෙන්ම පාළනයට අවස්ථාවක් ලැබෙන්න ඕනේ..
    පුද්ගලයන් වශයෙන් ගත්තම සාපේක්ෂව රටක පාලනයකට සුදුසු පිරිසක් එතන ඉන්නවා..
    එල්ලං ඉන්න සමාජවාදය අතෑරලා රටට ගැලපෙන රාමුවට හැඩගැහෙන්න පුළුවන් උනොත් රට දියුණු කරන්න පුළුවන් පිරිසක් එතන ඉන්නව..
    ඒ කොහොම උනත් උන්ට අවස්ථාවක් නං ලබෙන්නම ඕනේ..

    මෙන්න මේක කරන්න පුළුවන් නම් ලොකු දෙයක් :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඉඩම් සීමා සහිත හින්දා කෘශිකර්මාන්තයෙන් ලංකාව දියුණු කරන්න අමාරුයි. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. හොද වෘතියවේදීන් ටිකක් හදලා, නුපුහුණු ගෘහ සේවිකාවෝ වෙනුවට ඒ අය රට යවලා අපිට සෑහෙන මුදලක් පිටරටින් අද්දගන්න පුළුවන්. ඒකට රටේ අධ්‍යාපනය හදන්න ඕනි. මහින්ද යනකොට ඒක කාලා විනාශ කරලා ගියේ
    ප්‍රධාන පක්ෂ දෙකම අවංකව අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන්නෙ නැහැ. මිනිස්සු දැන උගත් බුද්දිමත් මිනිස්සු වුනොත් ගුනේබායි වගෙ රස්සා ගන්න මන්ත්‍රීලා පස්සෙ යන්න වෙන්නෙ නැහැ. එතකොට ප්‍රධාන පක්ෂ දෙකට පැවැත්මක් නැතිවෙනව :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මෙන්න මේක කරන්න පුළුවන් නම් ලොකු දෙයක් :yes:
    සමාජවාදෙ/කොමියුනිස්ට්වාදෙ නැතුව ජවිපෙට පැවැත්මක් නැහැ. ඔය විනය අනන් මනන් ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ දේශපාලන දැක්ම නිසා. සමාජවාදෙ අයින්වුනොත් ජවිපෙත් අනිත් පක්ෂ දෙක වගේ වෙනව. ඒක කීයටවත් හොඳ නැහැ.
     
    waligamaya

    Well-known member
  • නිෂ්පාදන කර්මාන්ත පැත්තෙන් උනත් අපිට තරඟ කරන්න අමාරුයි........වඩා උචිත සේවා අංශය පැත්තෙන් යන එක

    na machan අපිට බොහොම හොද නිෂ්පාදන කරන්න පුළුවන්. මගේ අද්දැකීම් තියෙන ශේෂ්ත්ර් කිහිපක් මම කියන්නම්

    01 කෘෂිකාර්මික උපකරණ. දැනටම ලංකාවේ බොහොම උසස් තාක්ෂනය දැනුම මෙපිලිබද තියනවා
    02 බලස්හක්ති ආශ්‍රිත උපකරණ. උදා Boilers, Mini hydro turbines, Biomass combustion power generation උපකරණ
    03 Automation industry
    04 electronic උපකරන

    අපිට මේවා දකුණු හා අනිදිග අසියා,හා ඇෆ්රික මාර්කට් එකට් පහසුවෙන් තරග කරන්න පුළුවන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    na machan අපිට බොහොම හොද නිෂ්පාදන කරන්න පුළුවන්. මගේ අද්දැකීම් තියෙන ශේෂ්ත්ර් කිහිපක් මම කියන්නම්

    01 කෘෂිකාර්මික උපකරණ. දැනටම ලංකාවේ බොහොම උසස් තාක්ෂනය දැනුම මෙපිලිබද තියනවා
    02 බලස්හක්ති ආශ්‍රිත උපකරණ. උදා Boilers, Mini hydro turbines, Biomass combustion power generation උපකරණ
    03 Automation industry
    04 electronic උපකරන

    අපිට මේවා දකුණු හා අනිදිග අසියා,හා ඇෆ්රික මාර්කට් එකට් පහසුවෙන් තරග කරන්න පුළුවන්.

    මම කිව්වේ ඕව නවත්තන්න කියල නෙවෙයි ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය සේවා අංශයට දෙන්න ඕනේ කියන එකයි.......දැනටත් ඉස්සරහින්ම ඉන්නේ සේවා අංශය තමයි නමුත් ඒ පැත්තට රජයෙන් ලැබෙන උදව් බොහොම මදි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    na machan අපිට බොහොම හොද නිෂ්පාදන කරන්න පුළුවන්. මගේ අද්දැකීම් තියෙන ශේෂ්ත්ර් කිහිපක් මම කියන්නම්

    01 කෘෂිකාර්මික උපකරණ. දැනටම ලංකාවේ බොහොම උසස් තාක්ෂනය දැනුම මෙපිලිබද තියනවා
    02 බලස්හක්ති ආශ්‍රිත උපකරණ. උදා Boilers, Mini hydro turbines, Biomass combustion power generation උපකරණ
    03 Automation industry
    04 electronic උපකරන

    අපිට මේවා දකුණු හා අනිදිග අසියා,හා ඇෆ්රික මාර්කට් එකට් පහසුවෙන් තරග කරන්න පුළුවන්.

    මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් දැනුම අපිට තිබ්බට ලංකාවේ පොළොවේ මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය නැති නිසා පිටින් අමුද්‍රව්‍ය ගෙන්නල නිෂ්පාදනය කරලා විකුනද්දී තරඟකාරී වෙළඳපොල එක්ක පෙන්න අපිට බැරි වෙයි බන්.. හොඳම දේ දැනුම සහ ශ්‍රමය විකිණීමයි මම හිතන විදිහට.. මම කියන්නේ සන්නම් නාමයක් යටතේ එයාලගෙන් අමුද්‍රව්‍ය අරගෙන අපේ දැනුම සහ ශ්‍රමය ඒ නිෂ්පාදනය වෙනුවෙන් දාල ලාභ ගන්න එක පහසුයි අමුද්‍රව්‍ය නැතුව වෙළඳපොල එක්ක හැප්පෙනවට වඩා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    na machan අපිට බොහොම හොද නිෂ්පාදන කරන්න පුළුවන්. මගේ අද්දැකීම් තියෙන ශේෂ්ත්ර් කිහිපක් මම කියන්නම්

    01 කෘෂිකාර්මික උපකරණ. දැනටම ලංකාවේ බොහොම උසස් තාක්ෂනය දැනුම මෙපිලිබද තියනවා
    02 බලස්හක්ති ආශ්‍රිත උපකරණ. උදා Boilers, Mini hydro turbines, Biomass combustion power generation උපකරණ
    03 Automation industry
    04 electronic උපකරන

    අපිට මේවා දකුණු හා අනිදිග අසියා,හා ඇෆ්රික මාර්කට් එකට් පහසුවෙන් තරග කරන්න පුළුවන්.
    ඉන්දියානු මාකට් එකට නිෂ්පාදන දැම්මත් ලංකාවට ගොඩයන්න පුලුවන්.හැබැයි ලොකුම දේවල් මුලින්ම කියන්න එපා. සීයට සීයක් දේශිය හදන්න පුලුවන් දේවල් වටිනව
     
    Last edited:

    waligamaya

    Well-known member
  • උන්ටත් අනිවාර්යයෙන්ම පාළනයට අවස්ථාවක් ලැබෙන්න ඕනේ..
    පුද්ගලයන් වශයෙන් ගත්තම සාපේක්ෂව රටක පාලනයකට සුදුසු පිරිසක් එතන ඉන්නවා..
    එල්ලං ඉන්න සමාජවාදය අතෑරලා රටට ගැලපෙන රාමුවට හැඩගැහෙන්න පුළුවන් උනොත් රට දියුණු කරන්න පුළුවන් පිරිසක් එතන ඉන්නව..
    ඒ කොහොම උනත් උන්ට අවස්ථාවක් නං ලබෙන්නම ඕනේ..

    ඒ පුද්ගලයෝ ඔය විදියට ගොඩ නගල්ල තියෙන්න ඔය එලලන් ඉන්න එක නිසා තමයි. නැත්තන් කුහක අවස්ථාවාදී ලෝකේ ඔයවගේ මිනිස්සු ඇතිවෙන්නේ නැ. ඇතිඋනත් එක පවත්වා ගන්නේ නැ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ප්‍රධාන පක්ෂ දෙකම අවංකව අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන්නෙ නැහැ. මිනිස්සු දැන උගත් බුද්දිමත් මිනිස්සු වුනොත් ගුනේබායි වගෙ රස්සා ගන්න මන්ත්‍රීලා පස්සෙ යන්න වෙන්නෙ නැහැ. එතකොට ප්‍රධාන පක්ෂ දෙකට පැවැත්මක් නැතිවෙනව :nerd:
    අපිට පුළුවන් ඒ ගැන කතාබහක් ඇති කරන්න මචන්. 6% ගැන වගේ. පහුගිය ඡන්දෙදි අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරන්න කියලා සටන් පාථයක් ආවෙත් මේ අරගල හින්දා. අපි මහජනතාව විදිහට දැගළුවොත් කවදාහරි මේවා කරගන්න පුළුවන්.