EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහි දේශපාලනය කතා කිරීම මේ හුයේ මුඛ්‍ය පරමාර්ථය නොවන බව දනිමි. නමුත් හිතෙ ඇති කළකිරීම සහ ආවේගය පිට කල හැකි අන් තැනක් නොවන නිසා මෙය මෙහි ලියා තබමි.

    ඊයේ මම අතිශය කළකිරීමට පත් කල දිනයකි. මා මුල සිටම සිටි දේශපාලන ස්ථාවරය වන්නේ සිංහල ජාතිකවාදී දේශපාලන මතවාදය බව මා ගැන දන්නා ඔබ සියළු ම දෙනා දනී යයි සිතමි. (දැන් මෙය බලා මෙහි වසුරු හෙලීමට එන නුණුවන, පාහර, වෘෂභයන් හටය. හොදින් බලාපල්ලා මෙය ජාතිවාදී නොවේ-ජාතික වාදී දේශපාලනයයි!) දේශපාකය පිළිබද ව අයන්න ආයන්න දත් දවසේ සිට ම මාගේ ස්ථාවරය වූයේ එයයි. ඒ ස්ථාවරය ගෙන ගියේ ජාතික හෙළ උරුමයයි. සරසවියේ දී පවා බොහෝ ගැටුම් සහ ගැටළු මැද, මම මගේ දේශපාලන ස්ථාවරයේ අනනුකම්පීයව රැදී සිටියෙමි. ඒ වෙනුවෙන් ක්‍රියාකළෙමි.
    ඒ ජාතිකවාදී දේශපාලනය රැගෙන දෙශපාලන තලයට පැමිණි, එදා අප හා උරිනුර ගැටී ඒ මතය වෙනුවෙන් පෙනී සිටි පාඨළි චම්පික රණවක නම් මිනිසා ගෙන් මම අද මේ පැණය අසමි.

    නුඹ එජාපය සමග සන්ධාන ගත වූයේ වස්ත්‍රයක් ඇද ගෙන ද?

    එජාපය කෙදිනකවත් ජාතිකවාදී වන්නේ නැත. බටහිර ගැති සට්ටැඹි අවරසික පාහරයන පිරි එජාපය සමග අපේ සියළු ම මතවාදයන් පාවා දී යහන් ගත වන්නට තා හට පුළුවන් වූයේ තා නැවත මිය ගොස් නැවත ඉපදී ඇති නිසා ද?

    පූජ්‍ය අතුරලියේ රතන අනුනායක හිමි ගෙන් මා හට අසන්නට ඇත්තේ ද, එජාපය සමග සන්ධාන ගත වූයේ බුද්ධ චීවරය හැද ගෙන ද කියා ය.

    ජාතිමාමක දේශපාලන දර්ශනය විසින් මේ රටට ආදරය කරන්නට පෙළඹුණු සියළු ම දෙනා තොපා විසින් ජූදාස් සේ ඡන්ද හිගමනකට පාවා දුන්නෙහිය.
    මේ පාපකර්මය බුදුන් දෙසා වදාල අනන්තරීය පාපකර්මයක් සේ මැ, තොප උපදිනා ජාති දක්වා ම පල දී, එමතු ද නොව නිවන් දක්නා ජාතියෙහි ද, තොපට පල දෙන්නේ මය.

    අනෙක වන්නේ මා දන්නා පරිදි නිදහස් පක්ෂය ට ඡන්දය දෙන සාතිශය බහුතරයක්, ජාතිකවාදීහු ම වෙති.(මා මේ කියන්නේ මැද කොළඹ, බොරැල්ල, උතුරු කොළඹ, කොළොන්නාව ඈ ප්‍රෙද්ශ වල දුමින්ද සිල්වාට ඡන්දය දෙන වර්ගයේ ඔළ මොළ මස්තිෂ්ක රහිතව පහල ව පාපතරයන් ගැන නොවේ!) එ නිසා ය පොදු ජන නිදහස් පෙරමුණෙන් මොවුන් ඡන්දය ඉල්ලන විට අතිශය වැඩි මනාප ගණනකින් මොවුන් පාර්ලිමේනුත්වට පත් කර ගැනුනේ. එවන් ජාතිකවාදීන් එජාපයේත් සිටිතැයි තොප සිතාගෙන සිටිනවා නම්, පුහ්, තොප ඉන්නේ ස්වප්න මෝචනයකය. තොප ගේ අප පාවා දුන් ජාතිකවාදී දේශපාලනයේ අවසානය මෙයයි!

    ඡන්ද ප්‍රතිඵල ආ දාට තොපට ඇපද නැති වනු ඇත.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අදාළ අයවළුන් හට කියවනු පිණිසයි.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1687221

    දැන් මේක කියවලා මෙතන උඩු බුරලන්න එපා මම මහින්දට කඩේ යනව කියලා. මේ කේස් එකේ දී රනිල් සහ රවී කරපු දේ අතිශය පජාතයි. මේ ආණුඩ්ව වැටෙන්නේ මේ කාරණේ නිසයි.......

    වැඩේ කැතයි ඒ වගේම කලින් ආණ්ඩුව කරේ Private placement වලින්......මොකා කාට දුන්නද කියල කවුරුවත් දන්නේ නෑ.......උනුත් එකයි මුනුත් එකයි ලංකාවට ගොඩයාමක් නෑ :dull: