එච්. එම්. ජයවර්ධන වකුගඩු ආබාධිතයි.
වකුගඩු ආබාධිතයි. ඉන්නේ කුලී නිවසකයි.
සංගීතඥ එච්. එම්. ජයවර්ධන ජීවත් කරවමු.
* ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකාරේ - (විශාරද නන්දා මාලිනි)
* ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය - (නන්දා මාලිනි)
* බුදු තාත්තේ බොන්න එපා - (නන්දා මාලිනි)
* නවාතැන්පොල ඔබයි - (නන්දා මාලිනි)
* කඩ මණ්ඩියේ දොළ අයිනේ - (නන්දා මාලිනි)
* සඳ තරු නිහඩයි - (පණ්ඩිත් අමරදේව)
* එක යායට මල් පීදුණු බිම් තීරේ - (මහාචාර්ය සනත් නන්දසිරි)
* ඔබ හා මෙමා අතිනත් අරන් - (ටී. එම්. ජයරත්න)
* අහසින් තරුවක් කඩා වැටෙනවා - (මාලිනි බුලත්සිංහල)
* මා එක්කලා අමනාපව - (මාලිනි බුලත්සිංහල)
* රජ මැදුරක ඉපදී සිටියා නම් - (මාලිනි බුලත්සිංහල)
* මිනිසෙකු පිට නැඟි අසරුවෙකි - (සුනිල් එදිරිසිංහ)
* සිරි යහනේ ලණු ඉහිරී - (විශාරද ජයකොඩි)
* ලා දළු බෝපත් - (කරුණාරත්න දිවුල්ගනේ)
* මධු බඳුන් දෙතොල් විස බඳුන් කළේ - (නිර්මලා රණතුංග)
* වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් - (ක්‍රිෂාන්ත එරන්දක)
මේ සියලුම ජනප්‍රිය ගීත වල තනු නිර්මාණ ඔහුගේ ය. එනම් ගීත 2000
කට වැඩි ගණනකට තනු නිර්මාණය කර ඇති එච්. එම්. ජයවර්ධන
සංගීතඥයාගේ ය. ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් මේ වනවිට
වකුගඩු හානිවීම හේතුවෙන් ආබාධිතව කණ්ඩලමේ කිරිබණ්ඩා
වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබන අතර දැනට මීගොඩ, ගොඩගම,
දුම්රියපල පාරේ අංක - 71/8 දරණ කුලී නිවසේ පදිංචි වී සිටියි. සිය
රෝගී තත්වය නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රුපියල් පණස්දහසක
පමණ වියදමක් දැරීමට සිදු වී ඇති බව “මියැසි මුතු“ කළ විමසුමකදී
එච්. එම්. ප්‍රකාශ කළේ ය. එහෙත් එම මුදල මාසිකව දැරීමට තරම්
හැකියාවක් එච්. එම්. ට නැත. “අමාරුයි - ජීවත් වෙන්න“ යයි ඔහු සියලුම
දුක් වේදනා වචන තුනකට මුසුකර අප සමඟ හෙළිදරව් කළේ එම
අහිංසකත්වය නිසා වෙන්ම යයි අපි සිතමු.
සහෘද ගීත ශ්‍රාවක ඔබට මුලින්ම නාමල් උඩුගම ගායන ශිල්පියාණන්
වෙනුවෙන් ඔහු ජීවත් කරවන්නයි ඉල්ලා අපි අකුරු කෙරුවෙමු.
ඉන්පසු ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් සහ මාධ්‍යවේදී,
ගී පද රචක හේම ශ්‍රී ද අල්විස් ට පිහිට වෙන්නයි අප කීවෙමු.
ඉන් ද නොනැවතී ගායන ශිල්පිනී ත්‍යාගා එන්. එඩ්වඩ් වෙනුවෙන් ද තවමත් ජීවිතය හා
මරණය අතර සටනක යෙදී සිටින වාදන ශිල්පි රුවන් වීරසේකර
වෙනුවෙන් ද පිහිට වෙන ලෙස ඉල්ලා සිටියෙමු.
දැන් මේ ලෙසින් මෙරට සංගීත ක්ෂේත්රයේ විශේෂයෙන් සුභාවිත ගීතයට (තනු නිර්මාණයෙන්)
අමිල මෙහෙවරක් ඉටු කළ “එච්. එම්. ජයවර්ධන“ නැමති ප්‍රතිභාපූර්ණ
සංගීතඥයා වෙනුවෙන් ද ඔහු ජීවත් කිරීමට ඔබගේ නොමසුරු ආධාරය
ලබා දෙන ලෙස ඉල්ලා අපි අකුරු කරමු.
මේ අතර “මේ රටේ කලාකරුවන් මෙලෙස අසරණ වෙන්නට ඉඩහැර
ඇත්තේ ඇයි“ යන ප්‍රශ්ණය අපි වගකිව යුත්තන්ගෙන් අසමු. සමාජ සේවා,
සංස්කෘතික, සංගීත ආදි වශයෙන් කොතෙකුත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු,
සංගම් හා සංවිධාන පැවතියත් බරපතල ලෙස රෝගීව අසරණ වන මෙවන්
කලාකරුවන්ට පිහිට වෙන කිසිඳු ආයතනයක් නොමැත. විශේෂයෙන්ම
එච්. එම්. ජයවර්ධන වැනි කලාකරුවෙකු පවා තවමත් වාසය කරන්නේ
කුලී නිවසක වීම මොනතරම් අවාසනාවක් ද ? (මෙහිදී අසරණ වී සිටින
අයිරින් සහ හේම ශ්‍රී ද අල්විස් යුවල ද කුලී නිවසක වාසය කරන බව
සිහිපත් කරමු. ) මේ රටට, කලාවට සේවයක් කළ කලාව විකුණා ගෙන
නොකෑ මෙවැනි ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් සහ ශිල්පිනියන් නොසළකා
හැර සිටින්නේ ඇයි දැයි අපි තවදුරටත් විමසමු.
මොවුන්ට ජීවත් වෙන්න හුස්ම පොදක් වෙනු මිස මියගිය පසු උපහාර
ප්‍රසංග උළෙල පවත්වා පලක් නොමැත.
එක බෙහෙත් වේලක්, ආහාර වේලක් මොවුන් ජීවත් වෙද්දී ලබා දීමට හැකි නම් ඉන් මොනතරම්
යහපතක් සිදුවේ ද?
එච්. එම්. ජයවර්ධන සුවපත් වී ජීවත් වී ඔබ
වෙනුවෙන් තවත් නැවුම් ගී තනු සිය ගණනක් නිර්මාණය කරනු දැකීම
ඔබගේ ද ප්‍රාර්ථනයයි අපි කල්පනා කරමු.
ඒ ප්‍රාර්ථනාව පෙරදැරිව ඔබට හැකි පමණින් එච්. එම්. ට ඔබගේ ආධාර ලබා දෙන්න ඔබ
කැමති නම් නැවත ද අපි ඔහුගේ ගිණුම් අංකය සඳහන් කරමු.
100453595479
(එච්. එම්. ජයවර්ධන, සම්පත් බැංකුව, බොරැල්ල)
දුරකතන අංකය - 077 3064873
“මළවුන්ට දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට දෙන එකම එක රෝස මල අගේ ය.“
- ජෝජ් රොබ්සන් ද සිල්වා

wenama innawa ethi ban ithin 