එච්. එම්. ජයවර්ධන වකුගඩු ආබාධිතයි.

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එච්. එම්. ජයවර්ධන වකුගඩු ආබාධිතයි.



    වකුගඩු ආබාධිතයි. ඉන්‍‍නේ කුලී නිවසකයි.
    සංගීතඥ එච්. එම්. ජයවර්ධන ජීවත් කරවමු.


    H-M-JAYAWARDENA-01.jpg


    * ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකා‍රේ - (විශාරද නන්දා මාලිනි)
    * ‍ප්‍රේමය නම් රාග‍යෙන් ‍තොර සඳ එළිය - (නන්දා මාලිනි)
    * බුදු තාත්‍‍‍තේ බොන්න එපා - (නන්දා මාලිනි)
    * නවාතැන්‍‍පොල ඔබයි - (නන්දා මාලිනි)
    * කඩ මණ්ඩි‍යේ ‍දොළ අයි‍නේ - (නන්දා මාලිනි)
    * සඳ තරු නිහඩයි - (පණ්ඩිත් අමර‍දේව)
    * එක යායට මල් පීදුණු බිම් තී‍රේ - (මහාචාර්ය සනත් නන්දසිරි)
    * ඔබ හා ‍මෙමා අතිනත් අරන් - (ටී. එම්. ජයරත්න)
    * අහසින් තරුවක් කඩා වැ‍ටෙනවා - (මාලිනි බුලත්සිංහල)
    * මා එක්කලා අමනාපව - (මාලිනි බුලත්සිංහල)
    * රජ මැදුරක ඉපදී සිටියා නම් - (මාලිනි බුලත්සිංහල)
    * මිනි‍සෙකු පිට නැඟි අසරු‍වෙකි - (සුනිල් එදිරිසිංහ)
    * සිරි යහ‍නේ ලණු ඉහිරී - (විශාරද ජය‍කොඩි)
    * ලා දළු ‍‍බෝපත් - (කරුණාරත්න දිවුල්ග‍නේ)
    * මධු බඳුන් ‍දෙ‍තොල් විස බඳුන් ක‍ළේ - (නිර්මලා රණතුංග)
    * වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍‍ලෙකු ‍ලෙසින් - (ක්‍රිෂාන්ත එරන්දක)


    HM-Jayawardena1.gif


    මේ සියලුම ජනප්‍රිය ගීත වල තනු නිර්මාණ ඔහු‍ගේ ය. එනම් ගීත 2000
    කට වැඩි ගණනකට තනු නිර්මාණය කර ඇති එච්. එම්. ජයවර්ධන
    සංගීතඥයා‍ගේ ය. ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් ‍මේ වනවිට
    වකුගඩු ‍හානිවීම ‍හේතු‍වෙන් ‍ආබාධිතව කණ්ඩල‍මේ කිරිබණ්ඩා ‍
    ‍වෙද මහතා‍ගෙන් ප්‍රතිකාර ලබන අතර දැනට මී‍ගොඩ, ‍ගොඩගම,
    දුම්රියපල පා‍රේ අංක - 71/8 දරණ කුලී නිව‍සේ පදිංචි වී සිටියි. සිය
    ‍රෝගී තත්වය නිසා ‍වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රුපියල් පණස්දහසක
    පමණ වියදමක් දැරීමට සිදු වී ඇති බව “මියැසි මුතු“ කළ විමසුමකදී
    එච්. එම්. ප්‍රකාශ ක‍ළේ ය. එ‍හෙත් එම මුදල මාසිකව දැරීමට තරම්
    හැකියාවක් එච්. එම්. ට නැත. “අමාරුයි - ජීවත් ‍වෙන්න“ යයි ඔහු සියලුම
    දුක් ‍වේදනා වචන තුනකට මුසුකර අප සමඟ ‍හෙළිදරව් ක‍ළේ එම
    අහිංසකත්වය නිසා ‍‍වෙන්ම යයි අපි සිතමු.

    සහෘද ගීත ශ්‍රාවක ඔබට මුලින්ම නාමල් උඩුගම ගායන ශිල්පියාණන් ‍
    වෙනු‍වෙන් ඔහු ජීවත් කරවන්නයි ඉල්ලා අපි අකුරු ‍කෙරු‍වෙමු.
    ඉන්පසු ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් සහ මාධ්‍ය‍වේදී,
    ගී පද රචක ‍හේම ශ්‍රී ද අල්විස් ට පිහිට ‍වෙන්නයි අප කී‍වෙමු.
    ඉන් ද ‍නොනැවතී ගායන ශිල්පිනී ත්‍යාගා එන්. එඩ්වඩ් ‍වෙනු‍වෙන් ද තවමත් ජීවිතය හා
    මරණය අතර සටනක ‍යෙදී සිටින වාදන ශිල්පි රුවන් වීර‍සේකර
    ‍වෙනු‍වෙන් ද පිහිට‍ වෙන ‍ලෙස ඉල්ලා සිටි‍යෙමු.
    දැන් ‍මේ ‍ලෙසින් ‍මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වි‍ශේෂ‍යෙන් සුභාවිත ගීතයට (තනු නිර්මාණ‍යෙන්)
    අමිල ‍මෙ‍හෙවරක් ඉටු කළ “එච්. එම්. ජයවර්ධන“ නැමති ප්‍රතිභාපූර්ණ
    සංගීතඥයා ‍වෙනු‍වෙන් ද ඔහු ජීවත් කිරීමට ඔබ‍ගේ ‍‍නොමසුරු ආධාරය
    ලබා ‍දෙන ‍ලෙස ඉල්ලා අපි අකුරු කරමු. ‍

    ar08020314-2.jpg


    මේ අතර “‍මේ ර‍ටේ කලාකරු‍වන් ‍මෙ‍ලෙස අසරණ ‍වෙන්නට ඉඩහැර
    ඇත්‍‍තේ ඇයි“ යන ප්‍රශ්ණය අපි වගකිව යුත්තන්‍‍ගෙන් අසමු. සමාජ ‍සේවා,
    සංස්කෘතික, සංගීත ආදි වශ‍යෙන් ‍කො‍තෙකුත් අමාත්‍යංශ, ‍දෙපාර්ත‍මේන්තු,
    සංගම් හා සංවිධාන පැවතියත් බරපතල ‍ලෙස ‍රෝගීව අසරණ වන ‍මෙවන්
    කලාකරුවන්ට පිහිට ‍වෙන කිසිඳු ආයතනයක් ‍නොමැත. වි‍ශේෂ‍යෙන්ම
    එච්. එම්. ජයවර්ධන වැනි කලාකරු‍වෙකු පවා තවමත් වාසය කරන්‍‍නේ
    කුලී නිවසක වීම ‍මොනතරම් අවාසනාවක් ද ? (‍මෙහිදී අසරණ වී සිටින
    අයිරින් සහ ‍හේම ශ්‍රී ද අල්විස් ‍යුවල ද කුලී නිවසක වාසය කරන බව
    සිහිපත් කරමු. ) ‍මේ රටට, කලාවට ‍සේවයක් කළ කලාව විකුණා ‍ගෙන ‍
    නොකෑ ‍මෙවැනි ‍ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් සහ ශිල්පිනියන් ‍නොසළකා
    හැර සිටින්‍‍නේ ඇයි දැයි අපි තවදුරටත් විමසමු.

    ‍මොවුන්ට ජීවත් ‍වෙන්න හුස්ම ‍පොදක් ‍වෙනු මිස මියගිය පසු උපහාර
    ප්‍රසංග උ‍ළෙල පවත්වා පලක් ‍නොමැත.
    එක ‍බෙ‍හෙත් ‍වේලක්, ආහාර ‍වේලක් ‍මොවුන් ජීවත් ‍වෙද්දී ලබා දීමට හැකි නම් ඉන් ‍මොනතරම්
    යහපතක් සිදු‍වේ ද?
    එච්. එම්. ජයවර්ධන සුවපත් වී ජීවත් වී ඔබ ‍
    වෙනු‍වෙන් තවත් නැවුම් ගී තනු සිය ගණනක් නිර්මාණය කරනු දැකීම
    ඔබ‍ගේ ද ප්‍රාර්ථනයයි අපි කල්පනා කරමු.
    ඒ ප්‍රාර්ථනාව පෙරදැරිව ඔබට හැකි පමණින් එච්. එම්. ට ඔබ‍ගේ ආධාර ලබා ‍දෙන්න ඔබ
    කැමති නම් නැවත ද අපි ඔහු‍ගේ ගිණුම් අංකය සඳහන් කරමු.

    100453595479
    (එච්. එම්. ජයවර්ධන, සම්පත් බැංකුව, ‍බොරැල්ල)
    දුරකතන අංකය - 077 3064873


    “මළවුන්ට ‍දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට ‍දෙන එකම එක ‍රෝස ම‍ල ‍අ‍ගේ ය.“

    - ‍ජෝජ් ‍රොබ්සන් ද සිල්වා
     

    Nascimento

    Member
    Dec 16, 2014
    7
    0
    0
    “‍මේ ර‍ටේ කලාකරු‍වන් ‍මෙ‍ලෙස අසරණ ‍වෙන්නට ඉඩහැර
    ඇත්‍‍තේ ඇයි“


    මෙහෙමයි.ගොඩක් කලාකාරයෝ තම්න්ට පුලුවන් කාලේ හම්බ කරන ඒවා නාස්ති කරලා ඊට පස්සෙ රජයෙන් තමන්ට ගෙයක් දෙන්න කියන පිස්සු කතාවක්. ඊට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් හොයන දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන එක ඊට වඩා වටිනවා.කලාකාරයො හිතන් ඉන්නේ තමන්ට සියලු දේ අනිත් අය කරලා දෙන්න ඕනේ කියලා නම් එක විකාරයක්.(අසනීප වෙලා ඉන්න කෙනෙකුට උදව් කරන එක වෙන කතාවක්)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කසුන් කල්හාරයාගේ සින්දු ලස්සන උනාට ඌ දෙමාපියන්ට සලකන්න නම් ඉගන ගෙන නෑ වගේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    “‍මේ ර‍ටේ කලාකරු‍වන් ‍මෙ‍ලෙස අසරණ ‍වෙන්නට ඉඩහැර
    ඇත්‍‍තේ ඇයි“


    මෙහෙමයි.ගොඩක් කලාකාරයෝ තම්න්ට පුලුවන් කාලේ හම්බ කරන ඒවා නාස්ති කරලා ඊට පස්සෙ රජයෙන් තමන්ට ගෙයක් දෙන්න කියන පිස්සු කතාවක්. ඊට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් හොයන දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන එක ඊට වඩා වටිනවා.කලාකාරයො හිතන් ඉන්නේ තමන්ට සියලු දේ අනිත් අය කරලා දෙන්න ඕනේ කියලා නම් එක විකාරයක්.(අසනීප වෙලා ඉන්න කෙනෙකුට උදව් කරන එක වෙන කතාවක්)


    ඒකනම් ඇත්ත .කලාකාරයෝ කියන ජාතිය මරෙන්නෙම බීලා .
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ . . . වැනි සුමධුර ගීයක් හදපු එච්. එම්. ජයවර්ධන ඇයි කසුන් කල්හාර වගේ පුකයෙක් රටට බිහිකළේ. තාම හොස්පිට්ල් එකෙන්ද කෑම කන්නේ , නැත්තං බෝඩිමට ගියාද ? ඌ උඹගේ එකම පුතාලු නේ…. ඌ කියනවනේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය බේරා ගැනීමට පෙරට එන්න කියල අපට. ‘අලුත් පුරපුක‘ කියල එකක් එක්ක.

    මට මේ ප්‍රශ්න අහන්න තියෙන්නේ ඌ වගේ පඩ සිංදු කියන ගොං කබරෙක්ගෙන් නොවේ හද්දා වන්නියේ සියඹලාංඩුවේ ගම්බයියෙක් වෙච්ච ශත 60ට බරුත ඉරපු උඹගෙන්.

    එච්. එම්. ජයවර්ධන ඇයි ඒ කැරි පුතා උඹ ඉඳිද්දිම උඹගේ ගේ විකුණුවේ.

    ඇයි බං ඌ උඹගේ ගෑනි ගැන විතරක් කියන්නේ. ඌ උඹගේ ළමයෙක් නොවේද ?

    ඇයි බං ඌ උඹගේ අයිතිවාසිකම් ගැනවත් ඔස්ට්‍රේලියාවේ ඉන්න උගේ ළමය ගැනවත් නොහිතා කබරු වගේ ගෑනුඑක්ක බඩුගගහා යන ගමන් හැමදාම අරක්කු ගැන පොරටෝක් දෙන ගමන් ප්‍රජාතන්ත්‍රවාදය කොරන්න කතා කරන්නේ.

    ඇයි ඌට ඕලෙවල් වෙනකම්වත් ඉගැන්නුවේ නැත්තේ.

    කසුන් කල්හාර අමුම අමු ‍නූගතෙක් වෙලා ඌ හෙණ පොර සංගීතඥය වෙන්න යන්නේ.

    අර ජයතිලක කම්මැල්ලවීරගේ දූ නදී කම්මැල්ලවීර ගෑනි දරුවෙකුත් ලැබුණට පස්සෙ මූ දාල ඔස්ට්‍රේලියා යන්නේ.

    තමන්ගේ ගෑනිටයි දරුවටයි අම්මල තාත්තල දන්නේ නැති තිරිසන්නු වගේ හැසිරෙන පුකේ කල්හාරට කියපං ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකං ඉස්සෙල්ලම ඕන වෙන්නේ පවුලේ අයට කියල.
    .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුළුවන් අයුරින් පිහිට වෙමු!
    ඔහු උත්තුංග මනුෂ්‍යෙයක්....වැරදි ඇති බව ඇත්ත, නමුත් අපි කවුරුවත් පරිපූර්ණ මිනිසුන් නෙවෙයි.

    ඔහු අපි අද අපේ වේදනාවේදි සිහිපත් කරමින් මුමුණන, අසා අර විදින හා විදවන බොහෝ ගීත වල අපෙ ආත්මයට කතා කරන මුදු සංගීත භාෂණයේ ස්වාමියාය.

    අපි විදින ඒ රසවින්දනය වෙනුවෙන් උපහාරයක් ලෙසවත් උපකාරයක් කරමු.

    හෙළ සුභාවිත සංගීතයේ නිහඩ මුණිවරයා ඔහුය.......

    W29gYED.jpg


    සියක් උල්පත් මවා දී - නිහඩව ම හිදිනා
    නමක් නැති මහ කන්ද නුඹ
    අප්පච්චී...................
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,436
    1,390
    113
    “‍මේ ර‍ටේ කලාකරු‍වන් ‍මෙ‍ලෙස අසරණ ‍වෙන්නට ඉඩහැර
    ඇත්‍‍තේ ඇයි“


    මෙහෙමයි.ගොඩක් කලාකාරයෝ තම්න්ට පුලුවන් කාලේ හම්බ කරන ඒවා නාස්ති කරලා ඊට පස්සෙ රජයෙන් තමන්ට ගෙයක් දෙන්න කියන පිස්සු කතාවක්. ඊට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් හොයන දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන එක ඊට වඩා වටිනවා.කලාකාරයො හිතන් ඉන්නේ තමන්ට සියලු දේ අනිත් අය කරලා දෙන්න ඕනේ කියලා නම් එක විකාරයක්.(අසනීප වෙලා ඉන්න කෙනෙකුට උදව් කරන එක වෙන කතාවක්)

    True.. What about his son
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙත්න නම් සෑහෙන අවුලක් තියනවා.. යකෝ කසුන් කල්හාරයා බලන්නෙවත් නැද්ද එතකොට?:dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    H-M-JAYAWARDENA-02.jpg

    ෴ නමින් ඔහු එච්. එම්. ජයවර්ධනය සියබලආන්ඩුව ගමේ සිටි පැමිණි තරුණයාගේ කතාව ඔබහට පැවසීමට කාලයයි මේ ෴

    ෴ උපුටා ගැනීම රාවය පුවත්පතින්ය ෴

    කඩමණ්ඩියෝ දොළ අයිනේ ඔබව පෙනේ .
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි . . .

    ප්‍රේමය නම් රාගයෙන් තොර . . .

    රජ මැදුරක ඉපදී සිටියා නම් . . .

    වසන් කරන්නට බෑ මගේ හිත අද .

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ​

    ෴ වැනි සුමධුර ගී නිර්මාණ ඔබේ සවනට තිළිණ කළ එච්. එම්. ජයවර්ධන මහතා සමග කල සාකච්චාව ෴

    ජීවිතය සහ සංගීතය අතර ඔබ දකින්නේ කවර විදියේ සම්බන්ධයක්ද?

    මට හොඳ ගීත රචනා හම්බ වෙනවා. රත්න ශ‍්‍රී, ලූෂන්, සපුතන්ත‍්‍රී, නානායක්කාරවසම් වගේ අයගේ. ඔවුන් මට කියන්නේ නැහැ මේ රචනාවට මෙහෙම දෙයක් කරලා දෙන්න කියලා. ඔවුන් ගීත රචනා දීලා ගායනා කරන්නේ අහවලා කියලා කියනවා විතරයි. ඒකට සෙට් වෙන මෙලඩියක් තමයි මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ගීතයක තනුවක් නිර්මාණය කරද්දී මම යම් රාගයක් ගැන හිතන්නේ නැහැ. මේ ගීත රචනාවේ තිබෙන අන්තර්ගතය මොකක්ද, ඒක අර්ථ ගැන්වෙන තනුවක් තමයි මම හදන්නේ. එම ක‍්‍රියාවලිය මතුවෙන්නේ ජීවිත අත්දැකීම්වලිනුයි.

    නිදර්ශනයක් කිව හැකිද?

    දවසක් සනත් අයියා මාව එක්කරගෙන ගියා පී.වී. නන්දසිරි මහත්මයාගෙ ගෙදරට. ඔහු ළඟ තිබුණා සුනිල් ආරියරත්න ලියූ පද රචනාවක්. ‘එක යායක මල් පීදුණු බිම් තීරේ.’ ජයේ මේකට මොකුත් එන්නෙ නැහැනෙ ජයේ. පී.වී. නන්දසිරි මට ඒක පෙන්වලා කියනවා. මම ටිකක් වෙලා බලන් ඉඳලා පදරචනය කියවන ගමන් දැන් ඒකට තියන තනුවට අනුව ගායනා කළා. පී.වී. කිව්වා ඔය තියෙන්නෙ තනුව කියලා. පදරචනය ඔළුවට වැදුණ ගමන් තනුව එනවා.

    සංගීතය ගැන හැඟීමක් ඇතිවෙන්නේ කොහොමද?

    මම සියඹලාණ්ඩුව ඉස්කෝලෙ ඉඳලා ශිෂ්‍යත්වයක් ලැබිලා පස්සර මහා විද්‍යාලයට යනවා. මගේ සංගීත ගුරුතුමා ඞී.ඒ. සුබසිංහ. ඔහු පස්සර ඉස්කෝලෙ සංගීත මාස්ටර්. මගේ යාළුවෙක් හිටියා බටනලා හා ජපන් මැන්ඩලිනය වාදනය කරන. මට බටනලාව ගැන ලොකු හැඟීමක් ඇතිවෙලා යාළුවාගෙන් එකක් ඉල්ලගෙන වාදනය කරන්න පටන් ගත්තා. මට ඒක හරියට බැරි නිසා මම නේවාසිකාගාරයේ නාන කාමරයට ගිහින් නලාව පිඹිනවා. අපේ සංගීත මාස්ටර් හිටියේ අල්ලපු කාමරේ. ඔහු මගේ වැඬේ දැනගෙන නාන කාමරේ ඇතුළෙ නළා පිඹ පිඹ ඉන්නෙ නැතුව මගේ සංගීත පන්තියට ඇවිත් ඉගෙන ගන්නවා කියලා දවසක් කිව්වා. ඔහු ඉගැන්නුවේ නොමිලේ. අපේ සර්ගෙ කාමරේ රේඩියෝ එකක් තිබුණා. රන්මුතු¥ව චිත‍්‍රපටයට නන්දා අක්කා කියන ගලන ගඟකි ජීවිතේ ඒකෙ යනවා. එතකොට පිපී පිපී රේණු නටන. මං මගේ කාමරේ ඉඳන් ඒවා අහගෙන ඉන්න කොට මට සංගීතය ගැන ලොකු ආසාවක් ඇතිවුණා. බටනලාව අල්ලගෙන පිඹින්න පටන් ගත්තෙත් ඒ ආසාව පණ ගහලා ආ නිසයි. මම ඉතිං සුබසිංහ මාස්ටර්ගෙන් තමයි සරිගම පදනිස අල්ලන්න ඉගෙන ගත්තේ.

    ඔබට අනුව මියුසික් කියන්නේ මොකක්ද?

    මියුසික් කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන හැඟීම. ඒක තරම් බලවත් දෙයක් තවත් තියෙන්න පුළුවන්ද? කිසියම් ගීත රචනයක් අතට ගත්තාට පස්සේ එහි අන්තර්ගතය හැරුණු විට මම බලන මූලික දේ නම් ඒක ගායනා කරන්නට නියමිත තැනැත්තාගේ ගායන පරාසය. රචකයායි ගායකයායි මමයි තුන් කට්ටුවම බේරෙන විදියට කොහොමද මේක කරන්නේ කියන එකයි මම ගැඹුරින් හිතා බලන කාරණය.

    එච්.එම්.ගේ අතීත විත්තිය කොහොමද?

    මම උපන්නේ සියඹලාණ්ඩුවේ. ඒ 1955දී. තාත්තා ගොවියෙක්. තාත්තා මාව කර උඩ තියාගෙන හැතැප්්ම දෙකක් ඉස්කෝලෙට අරන් යනවා හැමදාම. යන පාරෙ ගොයම් ගස් වැවිලා තියනවා. ඒවා මගේ ඇඳුම්වලයි ඇෙඟයි ගෑවෙන නිසයි කර උඩ තියාගෙන යන්නේ. තාත්තා හුඟක් දවස්වලට ඉස්කෝලෙ ඇරෙනකම් පාසල ඉදිරිපිට කඩපිලේ පත්තර බල බලා ඉන්නවා. එනකොට මං පයින් එනවා. මගදි දොළක් ළඟදි මම කියනවා නාගන්න ඕනෑ කියලා. තාත්තා ගලක් උඩට වෙලා බලන් ඉන්නවා. මං ඇඳුම් ටික ගලවලා හෙළුකොට්ටෙන්ම නාගන්නවා. අපි හේන් කොටන කාලෙට තාත්තායි අම්මායි අපි සේරමයි ඉන්නෙ හේනෙ පැලක් හදාගෙන.

    පස්සර ඉස්කෝලෙට ගියාම මොකද වුණේ?

    මට හරි නුහුරුයි. නුපුරුදුයි. තාත්තා ගියාම මාව තනිවුණා වගේ වුණා. තාත්තා යන බස් එක දිහා බලාගෙන මම හිටියේ හරිම දුකෙන්. ටික දවසකින් මම තාත්තාට ලියුමක් ලිව්වා ඒ හුදෙකලාව දරාගන්න බැරිම තැන. තාත්තේ මට මේ කරුමෙ තව ගෙවන්න බැහැ. මං ඉස්කෝලේ ඉස්සරහ තියන පොකුණට පැනලා මැරෙනවා කියලා. ඒ පාර තාත්තා ඇවිත් ප‍්‍රින්සිපල්ට කිව්වා. එතුමා කිව්වා තව ඔයා වගේ ළමයි ඉන්නවනේ. ඒගොල්ලො එක්ක සෙට්වෙලා ඉන්න. එතකොට පාළුව හරියයි කියලා. ඊට පස්සෙ තමයි බටනලා පිඹිල්ලට යොමුවුණේ.

    පාඩම් වැඩ හොඳට කළාද?


    මට ඉංග‍්‍රීසි සහ භූගෝලය අප්සෙට්. ඉන්ටර්වල් එකේදි මම පොත් ටික අරගෙන හොස්ටල් එකට පනිනවා. ආපහු ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලෙට පැනලා ළමයි එක්ක එළියට එනවා. මං හැබැයි සංගීතය උපරිම උනන්දුවෙන් ඉගෙන ගත්තා. හැබැයි සමහර සබ්ජෙක්ට් ෆේල් වෙලා දහයෙ පන්තිය වෙනකොට මට ශිෂ්‍යත්වය අහිමි වුණා. හැබැයි ශිෂ්‍ය වාදක මණ්ඩලයේ මම හරි දක්ෂයෙක්. හැබැයි ඉස්කෝලෙන් පස්සෙ සංගීත ක්ෂේත‍්‍රයට වෙන කවුරුවත් ආවෙ නැහැ. වසන්ත ඔබේසේකර තමයි මගේ ඉතිහාස ගුරුතුමා.

    ශිෂ්‍යත්වය කැන්සල් වුණාම මොකද කළේ?

    ගමට ගියා. බාප්පා කෙනෙක්ගේ උදව්වෙන් ලී ඉරුවා. බණ්ඩා කියලා යාළුවෙකුත් සෙට්වුණා. දෙන්නා එක්ක පලංචි දාලා බුරුත අඩියක් ඉරුවාම ශත 60ක් ලැබුණා. තේ ටිකත් හදාගෙන බොනවා. ගංජා සුරුට්ටුවක් ගහනවා. හේන් වගාවත් ඒ අස්සෙ කෙරුවා.

    ගුවන්විදුලියට සම්බන්ධ වුණේ කොහොමද?

    ලී ඉරන කාලෙ ගුවන්විදුලියේ බටනලා වාදකයකුට වේකන්සි එකක් පත්තරේ දාලා තිබුණා. මං ඒකට ඇප්ලයි කළා. කොළඹ ආවා. කෙළින්ම ගියේ මරදානට. එදා ? පොඩි ගාණක් දීලා ඔය ෂාලිමාර් එක ඉස්සරහ තැනක නැවතුණා. වඬේ දෙකක් කෑවා. පසුවදා උදේම ගුවන්විදුලියට ගියා. ඉන්ටර්වීව් බෝඞ් එකේ හිටියේ ඞී.ආර්. පීරිස්, සෝමදාස ඇල්විටිගල සහ තව දීපාල් නාත් කියලා ඉන්දීය සංගීතඥවරියකුත් හිටියා. කොහොම වුණත් මාව ඔඩිෂන් එකෙන් කැපුවා. මං දවසක් අමරදේව මාස්ටර් හම්බවෙලත් කිව්වා. ඔහු කිව්වා ප්ලේ කරන්න කියලා. මම බටනලාවෙන් සිහිල් සුළං රැුල්ලේ ප්ලේ කළා. අමරදේව කිව්වා හරි ඉතිං ඔයාට ප‍්‍රශ්නයක් නැහැනේ කියලා. මට ඒ වනවිට ස්වර කියවන්න බැරිකමක් තිබුණේ. ඉයර් එකට ප්ලේ කරන්න පුළුවන්. අමරදේව මට නොටේෂන්වලට ප්ලේ කරන හැටි කියලා දුන්නා. පස්සේ මට වසන්ත ඔබේසේකර ඞී.ආර්. පිරිස්ට ලියුමක් දුන්නා. මම ටික දවසක් ශ‍්‍රාවස්තියෙ නැවතිලා හිටියා. ඒ පස්සර මන්ත‍්‍රීවරයගෙ ඇඳුනුම්කමට. ඔහු සෝමපාල සෙනෙවිරත්න. රෑට එතන බූරුවා ගහනවා. බොනවා. මටත් බොන්න දෙනවා. මම බටනලා ගහනවා. පස්සර මන්ත‍්‍රීයි තව මන්ත‍්‍රීවරු දහදෙනකුයි අත්සන් කරලා මට තව ලියුමක් දුන්නා ගුවන්විදුලියට.

    ඒ පාර රස්සාව හම්බවුණාද?

    නැහැ. ඇල්විටිගල කිව්වනේ මන්ත‍්‍රීවරුන්ගෙ ලියුම් ගෙනාවට මට රස්සාවල් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සෙ තමයි මම අමරදේව මාස්ටර් හම්බ වෙන්න ගියේ. ඔබේසේකර හම්බවුණේත් එදා. ඔන්න ඊට පස්සේ අනියම් බටනලා වාදක කියන තනතුර ලැබුණා. මට ආවෙ කැපිල්ලක්. ඔබේසේකරගේ ලියුම තමයි වැඩ කළේ. ඔය කාලෙ මම සිංදුවකුත් කිව්වා ගංගාව මමයි ගීතය. ලිව්වේ ආනන්ද පද්මසිරි. දවසක් සිංදු තුනක් රෙකෝඞ් කරන්න තිබුණා. මම ඉස්සරහ ප්ලේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඬේට සෙට්වුණා. එදා මට සිංදු කියන්නම බැරිවුණා. ඇල්විටිගල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් වුණා. මං ක‍්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ වැඬේ කියලා.

    මුලින්ම නිර්මාණය කළ තනුව මොකක්ද? ඒ කාටද?

    මාලිනී බුලත්සිංහලට. රජ මැදුරක ඉපදී සිටියා නම් තමයි ගීතය. ඊට පස්සෙ නන්දා මාලිනීට, කපුගේ, සුනිල්, ටීඑම් වගේ කාටත් තනු නිර්මාණය කළා.

    මාලිනී හම්බවෙන්නේ කොහොමද?

    ගුවන්විදුලියෙදි තමයි. සංගීත ක්ෂේත‍්‍රයට සම්බන්ධ රැුලම හම්බවෙන්නේ. වික්ටර්, දිවුල්ගනේ, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර, මාලනී ඔය කට්ටියම. මේ සමහරු ඒ කාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. මමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියා. ඒත් ඉගෙන ගන්න නෙමේ මාලනී හම්බවෙන්න.

    බිරිඳක් හැටියට මාලනී ගැන හිතුණේ කොහොමද?

    එයා මගේ වැඩවලට හුඟාක් උදව් කළා. ඇයට ඉතාම ඉහළ ගායන කුසලතාවක් තිබුණා. මං ඇයට හුඟක් සිංදු කළේ හරිම කැමැත්තකින්.

    මාලිනී නැති අඩුව දැනුණෙ කොහොමද?

    කරන්න දෙයක් නැහැ ඉතිං. රටටත් මටත් හොඳ ගෑනියක් නැතිවුණා. සමහර දේවල් අපිට වළක්වන්න බැහැ.

    අපි සංගීතය කියන්නෙ සරල ගීයට. මියුසික් රසවිඳින සමාජයක් ගොඩනොනැගුණේ ඇයි?

    පදගත අර්ථය මිසක් තනිකර සංගීතය රස විඳින්න අපේ රසිකයන්ට දැනීමක් නැහැ කියලයි මම හිතන්නේ. සංගීතය රස විඳින්න ඉගෙන ගන්න ඕනෑ. සරල ගීයට එහෙම එකක් නැහැ. හැබැයි මියුසික් අහන සුළු පිරිසක් රටේ ඉන්නවා.

    කේමදාස මාස්ටර් ගැන එච්එම් හිතන්නේ කොහොමද?

    කේමදාස මාස්ටර් අමුතු කෙනෙක්. කවදාවත් සිංදුවකට තනුවක් හදාගෙන එන්නේ නැහැ. වැඬේට ඇවිත් අනිත් අය එක්ක කතා කර කර පියානෝ එක අතපත ගගා ඉන්නවා. එහෙම ඉන්න ගමන් කතා කරන්නේ දේශපාලනය. හැබැයි ඒ අතරේ කීබෝඞ් එක මත ඇ`ගිලි ටික වැඩ කරනවා. එයා කතා කරන්නේ දේශපාලනය හෝ වෙන මොකක් හරි විෂයක් ගැන වුණාට මනස තියෙන්නේ සිංන්දුවේ. හිටිය ගමන් ජයේ ඊයේ මොකද වුණේ කියලත් අහනවා. හිතට අරන් වැඩක් කරන මිනිහෙක් එහෙම ප‍්‍රශ්න අහන්නත් විදියක් නැහැනේ. නමුත් මෙයා එහෙමයි. මම කේමදාස වාදියෙක් නම් නොවෙයි. මම මට හම්බ මෙච්ච ජනාධිපති සම්මාන දෙකක් ප‍්‍රතික්ෂේප කළා. චිත‍්‍රපටය මුහුදු ලිහිණි. හොඳම තනුව සහ හොඳම පසුබිම් සංගීතයට. මාස්ටර් මට කෝල් එකක් දීලා ඇහුවා මොකක්ද මේ කරපු වැඬේ කියලා. මම මාස්ටර්ට කිව්වා හොඳ කෘතියක් තියෙද්දී ඒ කියන්නේ ඔයාගේ තුන්වැනි යාමයේ මියුසික් තියෙද්දී මම මේකට සම්මාන ගන්නේ නැහැ. ඒ සම්මාන මගුලෙන් මට වැඩකුත් නැහැ කියලා.

    ඔබේ විවේකය ගතවෙන්නේ කොහොමද?

    නිවාඩු දවස්වල ගෙදරට වෙලා ඉන්නවා. රේඩියෝ එක අහනවා. ටීවී එක පොඞ්ඩක් බලනවා. කවුරුහරි ගෙදර ඇවිත් සිංන්දුවක් හදලා දෙන්න කිව්වොත් මම ඒකට පොඞ්ඩක් ඔළුව යොමු කරනවා.

    අඩියක් ගහන එකෙන් මත්වීමට අතිරේකව එච්එම් බලාපොරොත්තු වන දේ මොකක්ද?

    ඕක ගැන සමහරු වරදවා හිතනවානේ. අද නම් ඩි‍්‍රන්ක් එකක් ගන්නම ඕනෑ කියල මගේ නීති රීති පද්ධතියක් නැහැ. හිතුණොත් යාළුවෙක් හමුවුණොත් පොඩි එකක් ගන්නවා. නැත්නම් නැහැම තමයි. නොබී මට තනුවක් දාන්නත් පුළුවන්. යාළුවොත් එක්ක කතා කරන්නත් පුළුවන්. හැබැයි ඩි‍්‍රන්ක් එකකින් මම වින්දනයක් ලබනවා. මගේ මිතුරු දොස්තර මහත්තුරුත් ඉන්නවා. සියල්ලෝ මට ඩි‍්‍රන්ක්ස් ගෙනත් දෙනවා. දීලා උපදෙසුත් දීලා යනවා. ඇවිල්ලා පොඞ්ඩක් චෙක් කර ගන්නත් කියනවා. මම ඉතින් කොහොමටත් වැටෙන්න ගහන්නේ නැහැ. මගේ නරකම පුරුද්ද තමයි සිගරැුට්. ඒක මම දැන දැන කරන වරදක්. එහෙත් මට මේකෙන් මාර ටේස්ට් එකක් දැනෙනවා. මෙලඩියක් හදන කොට හරි සිංදුවක් අහනකොට හරි මට සිගරැුට් එකක් බොන්න හිතෙනවා.

    එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?

    මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ.


    අවසන් වදනක් මොහු ගැන :nerd:

    මුහුදු ලිහිණි චිත‍්‍රපටයේ පසුබිම් සංගීතය වෙනුවෙන් තමාට ලැබුණු ජනාධිපති සම්මානය පවා තුන්වෙනි යාමය චිත‍්‍රපටයේ පසුබිම් සංගීතය කළ කේමදාස මාස්ටර් ට ලැබිය යුතු යැයි විශ්වාස කළ එච්.එම්. ජයවර්ධන නම් මිනිසෙක් මේ දූපතේ ද තවමත් වෙසෙන බව කිව යුතුය
    [/QUOTE]
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    zaTvYcS.png


    එතුමා ගැන හොදම විස්තරයක් මම ත්‍රෙඩ් එකකින් කතා කරා හරිම දුක හිතෙනවා බන්

    ඩේටා තියන උන් මේ තුමා සහබාගි වුනු තබරවිල වැඩසටහනත් බලන්න දුක හිතෙනවා බන් :sorry:


     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ පෝස්ට් ඒක දාන්නෙ කීප සැරයක් හිතල. මොකද, "සොහොන" සහෝදරය දාපු 'කේමදාසයන්ට පමණක් දෙවැනි වූ මිනිසා' ත්‍රෙඩ් ඒකේ,

    මේ කසුන් කල්හාරගේ තාත්තාද බං....මාලනී විවාහ උන කෙනා නම්,,

    ඇයි බං කුලී ගෙදරක ඉන්නේ,, කසුනා සලකන්නේ නැද්ද:eek:

    මෙහෙම පෝස්ට් ඒකක් තිබුනා. මම උත්තරයක් නොදුන්නෙ කවුරුත් නැති තැනක ඒ් පුද්ගලයගෙ නරක කතා කරන ඒක හොද දෙයක් නොවන නිසා.
    මම හොදට දන්න සිද්ධියක් නිසා මෙහෙම කියන්නෙ, මීට ටික කාලෙකට ඉස්සර, ඒ් කියන්නෙ මාලනී බුලත්සිංහලගෙ මරණින් පස්සෙ, මාලනී, ඒච්. ඒම්. ජයවර්ධන දෙන්න කාලෙකට ඉස්සර තමන්ගෙ පදිංචියට හදපු ගෙදර කසුන්ගෙ වුවමනාවට විකුණුව. ඒ් සල්ලි වලින් රු. ලක්ෂ 2-5 වගේ මුදලක් තමන්ගෙ තාත්තගෙ අතට දීල කියල තියනව 'දැන් ඉතිං යන තැනක යන්න' කියල.:(:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පෝස්ට් ඒක දාන්නෙ කීප සැරයක් හිතල. මොකද, "සොහොන" සහෝදරය දාපු 'කේමදාසයන්ට පමණක් දෙවැනි වූ මිනිසා' ත්‍රෙඩ් ඒකේ,



    මෙහෙම පෝස්ට් ඒකක් තිබුනා. මම උත්තරයක් නොදුන්නෙ කවුරුත් නැති තැනක ඒ් පුද්ගලයගෙ නරක කතා කරන ඒක හොද දෙයක් නොවන නිසා.
    මම හොදට දන්න සිද්ධියක් නිසා මෙහෙම කියන්නෙ, මීට ටික කාලෙකට ඉස්සර, ඒ් කියන්නෙ මාලනී බුලත්සිංහලගෙ මරණින් පස්සෙ, මාලනී, ඒච්. ඒම්. ජයවර්ධන දෙන්න කාලෙකට ඉස්සර තමන්ගෙ පදිංචියට හදපු ගෙදර කසුන්ගෙ වුවමනාවට විකුණුව. ඒ් සල්ලි වලින් රු. ලක්ෂ 2-5 වගේ මුදලක් තමන්ගෙ තාත්තගෙ අතට දීල කියල තියනව 'දැන් ඉතිං යන තැනක යන්න' කියල.:(:(

    එහෙම තමයි බන් හොද මනුස්සයන්ට යන කල බලපං අද මේකේ ඉන්න කොට්පතියෝ බාතිය සන්තුෂ් ,ඉරාජ් ,ලහිරු ,රොමේෂ් කවුරුවත් සත පහකවත් උදව්වක් පැරණි ගායකයන්ට කරනවද

    ගීත අහන ,ළමයින්ට කලින් දැන් කාලේ ඉන්න ගායකයන් පොඩ්ඩක් උනන්දු වෙලා පරණ කට්ටයට උදව් කරා නම් ලොකු පිනක් වෙයි :)

    ඒ කාලයේ හිටපු ගාමිණී ෆොන්සේකා එදා හිටපු හැම නළු නිලියක් ගැනම හොයලා බාලලා උදව් කරාලු අන්න ඒ වාගේ මහත්මා ගුණයෙන් වැඩ කරන කවුරු හරිවත් එතුමාට උදව් කරොත් වටිනවා