ඒක ටිකක් සංකීර්ණ බෙහෙතක්. අපේ පැත්තෙ නම් දන්න කෙනෙක් වෙන කාටවත් කියන්නේ නැහැ. නිකං පරම්පරාවෙන් යන ක්‍රමයක් වගේ එක එක අය එක එක විදියට තමයි ඔය කිතුල් මලට බදින බෙහෙත හදන්නේ. ඒත් මූලිකව ගන්න ටික සමානයි. කෙනා අනුව විශේශ දේවල් කීපයක් දානවා. (දැන් හදපු බෙහෙතක් ගන්න තියනවා කැස්පර් ප්‍රතිකාරකය කියලාත්)
සාමාන්යෙන් කිතුල් මල ඉදවනවා කියලා තමයි කියන්නේ. මේ බෙහෙත බැන්දම කිතුල් මල මෝරන්නේ නැහැ අවුරුද්දක් හමාරක් යනකං මල ලාවෙන්ම තියනවා.
ගන්න මූලික දේවල් තමයි
සුදු ළුණු
රතු ළූණු
ලුණු
හීන් කොච්චි
ගොරකා
වේලිච්ච පොල් පිත්තක මුල කොටස පුච්චලා ගත්තු අළු
බැටරි කැල්ලක් තලලා ගනිපු ඒකේ තියන කලු පාට කොටස
දෙහි
විටට කන හුණු
(මීට අමතරව දාන දේවල් තියනවා ඒක කියන්න බැහැ මම දැනට ක්‍රම දෙකකට හදන විදි දන්නවා ඒ ඒවාට දාන දේවල් වෙනස්)
මේ දේවල් ගන්න අනුපාත සහ හදන විදියත් සෑහෙන්න වැදගත් වෙනවා.
මුලින්ම කිතුල් මලේ කොපුව අයින් කරලා අග දිගට එල්ලෙන කොටසෙන් ටිකක් කපලා දානවා (කපන දිග හොයන්න ක්‍රමයක් තියනවා)
මේ බෙහෙත හදලා කිතුල් මලේ මුල පොඩි හිලක් හදලා මේ බෙහෙත පුරවනවා.ඊට පස්සෙ කිතුල් මල සම්පූරනයෙන්ම සුද්ද කරපු කොලපොතකින් ඔතලා, (ඊට උඩින් තව තියලා ඔතන දේවල් තියනවා බෙහෙත අනුව වෙනස් වෙන)පට්ට හරි පොඩි කොහු ලණු වලින් හරි තදට ඔතනවා මල හෙල්ලෙන්නෙ නැතිවෙන්න ලී දෙකකුත බදිනවා. මල කපන්න තව ලී දෙකකුත් බදිනවා හිටගෙන ඉන්න. මුල් දවස් ටිකේ මල එක සැරේකට අගල් කාලක් වගේ කපලා දෙහි/දොඩම් ගානවා. හොදට තෙලිජ්ජ එන්න ගත්තට පස්සේ එක සැරේකට සෙන්ටිමීටර කාලක් විතර කපන්නේ. බෙහෙත හරිගියොත් මල ඉවරවෙනකම්(දල වශයෙන් අවුරුද්දක් විතර) මෝරන්නේ නැහැ,කුණු වෙන්නෙත් නැහැ බටර් වගේ කපන්න පුලුවන්.
මෙහෙම සරලව කිවුවාට අවුරුදු ගානක අත්දැකීම් නැතුව කිතුල් මලක් හරියට හදන්න බැහැ.හරියට හදපු කිතුල් මලකින් පැය 6ක් විතර කාලෙකින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ දනහිසට තරම් උස ප්ලාස්ටික් බාස්කට් එකක් පිරෙන්න තෙලිජ්ජ ගන්න පුලුවන්, ඇස් දෙකට දැකලා තියනවා