Yamaha FZ16 Review | Guide

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Yamaha FZ16 Review | Guide

qsa3xh.jpg



මං ගිය අවුරුද්දේ 11/30 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්මා YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් මොනවාද අහලා.. ගොඩාක් කස්ටිය උදව් කලා. විශේෂයෙන්ම asankadinesg සහෝගේyamaha club ත්‍රෙඩ් එකත් kukkupatiya ගේ YAMAHA_FZ_ගන්න_කලින් ත්‍රෙඩ් එකත් සෑහෙන්න උදව් උනා.

අන්තිමේ මං Yamaha FZ 16 Red Color බයික් එකක් ගත්තා. මෙන්න මේ ඉන්නේ එයා තමා;)

nd4w2b.jpg


ඉතින් හැමෝම වගේ ගත්ත ගමන් කියන්නේ නැතුව මං හිටියා මාස 7ක්. මොකද මට උවමනා උනේ පාවිච්චි කරලා පොඩි review එකක් එක්කම දාන්න. ඔන්න එහෙනම් මෙහෙමයි වැඩේ උනේ. මං මේක ගත්තේ පිලියන්දල DN Motor Traders Yamaha dealerගෙන්. (0775436800)

බයික් එකේ මිල රුපියල් 348,000
මූලික ගෙවීම රුපියල් 65,000
මාසික වාරිකයක් රුපියල් 11,100 බැගින් අවුරුදු 4ක් commercial credit (ඔව් වැඩී තමා ඒත් මං තව වාහනේකට ගෙවන නිසා ෆිනැන්ස් කලා. ඔයාලා ගන්නවානම් commercial bank එකේ personal loan එකක් දාන්න ලක්ෂ 5ක. මාසෙකට රුපියල් 50,000ක් වගේ පඩි ගන්නවානම් වැඩේ ෂේප්;))

කඩේ සිංහල.:yes: මාමයි බෑණයි දෙන්නෙක් ඉන්නේ සිරාවටම හොඳයි. අවංකයි. හැබැයි බයික් එක ගැන ගොඩාක් වැඩිපුර විස්තර නම් එයාලා දන්නේ නෑ.:shocked: මට නම් වංචාවක් තියා අර
බඩු විකුණගන්න දාන පොඩිම පොඩි වෙළඳ උපක්‍රමයක්වත් පෙනුනේ නෑ. ඒ නිසා yamaha එකේ hr මගේ ෆිට් එකක් වෙලත් මම මේ කස්ටියගෙන් ගත්තා. මෙන්න මේ දේවල් උවමනා උනා.

ඔයාගේ

  • වැටුප් වාර්තා 2යි (pay slip last 2 recent months )
  • ලයිට්බිල් කොපි 1යි
  • උප්පැන්න සහතිකයේ කොපි 1යි
  • පාස්පෝට් size photo 2යි
  • ජාතික හැඳුනුම්පතේ කොපි 2යි

පඩිය 15,000ට වැඩි ඇපකරුවන් 2න්නෙක් උවමනායි .එයාලගේ එක්කෙනෙක්ගෙන්


  • ජාතික හැඳුනුම්පතේ කොපි 1යි
  • වැටුප් වාර්තා 2යි (pay slip last 2 recent months )
  • ලයිට්බිල් කොපි 1යි


28aqoes.jpg

:P

මුලින් 65,000ක් දීලා commercial credit එකෙන් අවුරුදු 4කින් ගෙවන්න තමා ගත්තේ. මට මේ කස්ටිය එක දවසෙන් documents වල වැඩේ කරලා හවස බයික් එක දුන්නා:yes: (leasing /full insurance/ number plates/ registration එයාලම කරලා දෙනවා) බයික් එක සිලෙක්ට් කරලා ඉවර උනාමයි එයාලා බැටරි වතුර දාලා බයික් එක හදලා දෙන්නේ එතකම් ටෙස්ට් රන් එකේ කිලෝමීටර් 2 විතරයි :rofl: හෙල්මට්ටු 1යි ජැකට් 1යි හම්බුනා. ඒවානම් වැඩක්ම නෑ. මලම මල ජරාවක්:angry: මං මුලින්ම කලේ ඒ දෙකම පිනට දීලා දැම්මා:P බයික් එකත් එක්ක මේ ජරාවල් දෙකට අමතරව හම්බවෙනවා මෙන්න මේ දේවල් ටික

  • පොතේ copy 1යි(මේක ලීසිං කම්පැණි එකට අරන් ගිහාම ඒ කස්ටිය සීල් එකක් ගහලා ලියලා දෙනවා True Copy කියලා . කැමතිනම් photo copy එකක් ගහලා තියාගන්න මොකද මේක තියාගන්නවා අපි ආදායම් බලපත්‍රය ගන්න ගියාම.)
bc4I8AK.png



  • warranty card 1යි
xkznWrH.png

GMHI60E.png


  • මැනුවල් 1යි
P5SuKhG.png

  • maintainance card 1යි
P2psKBG.png

මාසෙකට සැරයක් commercial credit එකට ගිහින් වාරිකය ගෙවලා ආවාම මේ වගේ පොඩි කොල කෑල්ලක රිසිට් එක ලැබෙයි:P

NFzHTgk.png




බයික් එක නම් ඉන්දියාවේ අනික් බයික් එක්ක බලද්දී ආයේ කතා දෙකක් නෑ සිරා. (but not to compare with Japanese naked bikes:P)

Review (800km- After seven months:shocked::P)


රීවිව් එකක් ලියන්න තරම් මං මේක පැදලා නෑ තමා:rolleyes: මොකද වාහනේ යන නිසා මේක පාවිච්චි වෙන්නේ පොඩි පොඩි ගමන් වලට තමා.

එක ට්‍රිප් එකකට උපරිම මේකේ ගිහින් තියෙන්නේ 48KM :angry:
ගොඩාක් වෙලාවට උපරිම වේගය 110ට ගිහින් තියෙනවා. පැද්දෙන්නේ ගැස්සෙන්නේ නෑ.:yes:
(පෙරේදා කෙනෙක් බණ්ඩාරගම පාරේ ඇක්සිඩන්ට් උන සීන් එකෙන් පස්සේ දැන් නම් 60 වඩා යන්නේ නෑ. නැත්තම් 60ට අඩුවෙන් ගිහින් පුරුදුම නෑ:P)


පිටිපස්සෙන්ම පටන් ගමුකෝ

නම්බර් ප්ලේට් ආවට පස්සේ 10 alloy ඇණ 4ක් අරන් ඩ්‍රිල් එකෙන් හිල් 4 විදගෙන හයි කලා.

පිටිපස්සේ රෝදේ හොඳට පේන්න ඕන නිසා මෙන්න මේ නැට්ට වගේ ප්ලාස්ටික් කෑල්ල ඇණ 6 ගලවලා අයින් කරා:P ආපහු ඒ ඇණ ටික ඒ තැන් වලම හයි කරන්න නැත්තම් මඩ පිරෙනවා

PsnVNty.png



MRXkY7d.png


පිටිපස්සේ ටයර් එක නම් පාරේ තියන හැම මගුලම අස්සේ දාගන්නවා. පැච් යන්න ඉඩකඩ වැඩී. ඒත් බය නැතුව බයික් එක නවන්න පුලුවන්:P රෝද දෙකේම අනිවා සතියකට වතාවක්වත් හුලං චෙක් කරන්න. නැත්තම් රිම් ඇද ගහන්න පුලුවන්.

සීට් එක

ගොඩාක් දුර යද්දී නම් පස්ස කුෂන් කරගන්න හිතෙනවා. ඒත් අනිත් ඉන්දියාවේ බයික් වල ඒවට වඩා සැපයි..පිටිපස්සේ යන එකා දුර එක්කං යනවානම් සීට් එක යට සිද්ධාලේප එකක් තියාගන්න පස්සේ ගාගන්න දෙන්න:P(නෑ නෑ වැස්ලින් නෙමේ:P)

එයා ක්ලීනර් එක පුලුවන්නම් තනියම සුද්ධ කරගන්න. කිසි අවුලක් නෑ. සීට්එක ගැලෙව්වාම ෆ්රේම් එකේ දෙපැත්තේ ප්ලාස්ටික් zip tie බෑග් 2ක හොඳට අහුරලා documents first aid වගේ එකක් බාර් එකට ගැටගහලා තියාගන්න පුලුවන්.:rolleyes:

fDm6V0E.png



ටූල් කිට් එක නම් පොදුවේ එන කිසි කොලිටියක් නැති ඒවා. පුලුවන්නම් කඩේකින් 10 12 යතුරු 2කුයි අනිත් බඩු ටිකයි අරන් තියාගන්න..බ්‍රේක් ක්ලච් කේබල් 2 එක්කම. මොකද තියෙන ඒවා ඒ හැටි ෂුවර් නෑ.



pCEi1X8.png


ඊලඟට ෆුට් බ්‍රේක් එකේ මේ කෑල්ල ගැලෙව්වා ඊලඟට පිටිපස්සේ හයි කලා මොකද ඒක හදිසියේ කකුල බිම තියන්න උනොත් දිග කලිසමක නම් අනිවා ටැපලෙන්න ඉඩ වැඩී.

IZNr1yr.png




luKfBak.png



බැටරිය නම් කියන්න තරම් අවුලක් නෑ :D


rhZUcR6.png



පෙට්‍රල් ටැංකිය

කට වටේට ලාවට මලකඩ පාරක් තියෙනවා..ඒ වගේම හැඬල් එකෙත් ලාවට බිංදුවක් තියෙනවා..වතුර යන්න දීලා නෑ:rolleyes:


j0pxR2S.png



පලවෙනි සර්විස් එක

අජූතයි..මං ගෙනිච්චේ බොරලැස්ගමුව ප්‍රදීප් මෝටර්ස් එකට. ගිය ගමන් අහන්නේ හෝදන්නද කියලා:P ඊලඟට අපි වාඩි වෙලා ඉන්න ඕන. උන්ගේ වැඩ කිසි පිලිවෙලක් නෑ. අපෙන් අහන්නේ නෑ කෑලි මාරු කරන්න කලින්. එකෙක් නෙමේ එක එකා තමයි එක බයික් එකක වැඩ කරන්නේ. කිසි සැලකිල්ලක් නෑ. මගෙන් අහන්නැතුව ඔයිල් ෆිල්ටරේ මාරු කරලා තිබ්බා ඒ වගේම මගේ තෙල් බාගයක් උස්සලා තිබ්බා උන්:angry: ඊලඟට ටෙස්ට් කරන්න කියලා නිකම්ම කඩේකට ගිහින් ඇවිත් බයික් එක දුන්නා:angry:. ටික දුරක් යනකොට බයික් එක හිට්ටා මග බැලින්නම් මූ රිසව් දාලා මට දීලා තියෙන්නේ. කලින් දවසේ ටැංකි බාගයක් තෙල් ගහලා තිබ්බ නිසා මාත් බැලුවේ නෑ. අන්තිමේ සෑහෙන දුරක් තල්ලු කරන් ගිහින් බලද්දී රත්තනපිටියේ ෂෙඩ් එක වහලා. පස්සේ ත්‍රීවීල් එකක කොල්ලෙක්ගෙන් පෙට්‍රල් ටිකක් ඉල්ලං කොහුවල ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගත්තේ. :baffled: මහ වේ#ගේ පුතාලා සෙට් එකක්. උන්ගේ ලබ්බේ ෆ්රී සර්විස් එක වැඩක් නෑ මං නම් ඊලඟට හැම එකම පිටින් කරගන්නවා:angry:


7j3rEub.png



ඔයාලටම කරගන්න පුලුවන් සරල නඩත්තු සහ උපදෙස් ටිකක් (Noobs only:P)

පොදුවේ හම්බුවෙන හැම ඔරිජිනල් document එකක්ම ෆයිල් එකක දාලා තියාගන්න ෆොටෝ කොපි ගහගෙන නැත්තම් ස්කෑන් කරගෙන.:cool:

RPM එක 1500 තියාගන්න

පලවෙනි 500KM ඉවර වෙනකම් 4500rpm වඩා යන්න එපා


FZ16 Oil Filter Change



Air Filter Change



Chain Lubrication



Spark Plug Change






(පහත සඳහන් කොටස kukkupatiyaගේ ත්‍රෙඩ් එකෙන් උපුටාගැනීමකි - i also totally agreed with these comments:yes:)

දුර ගමන් වලට සුදුසු නැත
කොටස් ඉක්මනින් ගෙවෙයි
අමතර කොටස් ජපන් කොටස් වල මිල ගණන් ම වේ - මිල ඉතා අධිකයි
රෙපෙයාර් ආවිට ලිසින් ගෙවාගත නොහැක
අමුද්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් තොර වෙය
කොම්පැනි සේවාව අජූතයි
වොරන්ටි තිබ්බට වැඩක් නැත ඉල්ලන්නේ මොනවටද එන්ගිමේ කෑලි කවර් නැත්නම් ?
ජපන් එක අනුකරණ කරාම හරියට ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නැහැ කියන එක මතක් කරන්න ඕනි.

කෙටි ගමන් වලට සුදුසුයි
කොටු පැනීමට සුදුසුයි
පල්සර් හා තරගයට සුදුසුයි
ලස්සනයි
බැලන්ස් උපරිමයි :yes:
පාරේ යද්දී කෙල්ලෝ බලනවා :P:yes:(මේක ගැන නම් ආයේ කතා 2ක් නෑ කෙල්ලෝ ඇහේ පොට යනකම් බලනවා..experienced well:rofl:):rofl::love::love:
බ්රේක් හොඳයි
ඉදිරි පස ටයරය හොදයි (40 000කිමි පුළුවනි)
විද්‍යුත් පද්දතිය දෝෂ නැත
පට්ට ලුක් එක


මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න දන්න විදියට උත්තර දෙන්නම්
කමෙන්ට් එකක් දාගෙනම යන්න.

 
Last edited:
  • Like
Reactions: agrmrs and sdrider

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වැදගත් මචන්. මාත් මේ කල්ප්නා කලේ FZ එකක් ගන්නවද නැත්තම් Pulsar එකක් ගන්නවද කියලා.:oo:
     
    • Like
    Reactions: kaotic

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    වැදගත් මචන්. මාත් මේ කල්ප්නා කලේ FZ එකක් ගන්නවද නැත්තම් Pulsar එකක් ගන්නවද කියලා.:oo:
    :oo: මම පල්සර් ගැන නම් වැඩිය දන්නේ නෑ. fz එකයි පල්සර් එකයි දෙකම පැදපු එකෙක්ගෙන් ඇහුවනම් කියයි:D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    FZ eka thama hithe thiyena bike eka.. niyamai hugak wadagath machan

    :D

    Pulsar ekakata palayan....FZ eke review ekka baladdi ela...man 25000 duwala thiyanawa...thaama elatama badu wada.

    ඉස්සර මාත් කීප සැරයක් පල්සර් පැදලා තියෙනවා 180 එක. පරණ version එක හොඳයිලු නේද:confused:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    service nam gedarama karaganna eka labai. uba full service ekak karagena balapan gana kiyada kiyala. ubata adei. :baffled::baffled:

    mama dn 45000km duwala tiyanawa. tamanam tyre 2 witarai loku dekata maru kale.

    pradeep eke inne mage hodama frnd kenek. but uba kiyapu dewal atta. dn etana inna hujja kollo byk eka hariyata galawannawath danne na. issaranam hitiya patta weddo tikak.:yes::yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    service nam gedarama karaganna eka labai. uba full service ekak karagena balapan gana kiyada kiyala. ubata adei. :baffled::baffled:

    mama dn 45000km duwala tiyanawa. tamanam tyre 2 witarai loku dekata maru kale.

    pradeep eke inne mage hodama frnd kenek. but uba kiyapu dewal atta. dn etana inna hujja kollo byk eka hariyata galawannawath danne na. issaranam hitiya patta weddo tikak.:yes::yes:
    බොහෝම ස්තූතියි මචං කමෙන්ට් කලාට.. මචං බයික් එකේ 3 ගියර් එකේ ඉඳන් 2 & 1 ගියර් එකට දානකොට පොඩි හිරවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. මොකක්ද සීන් එක:confused:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මන් ලගත් FZ-S එකක් තියෙන්නේ මචන්..මේ වෙද්දී 48,500Km + දුවල තියෙනවා..අරන් අවුරුදු 3ක් වෙනවා..හැබැයි මචන් උබ කිව්වා වගේ rear බ්රේක් පැඩල් එක ලග උබ ගලවපු කෑල්ල නම් මේ වෙනකම් කලිසමේ පැටලිලා නෑ..අනිත් සීන් එක බයික් එකේ පාර්ට්ස් ගණන් වෙන්නේ company ගන්න ගියොත් විතරයි..ගොඩක් බජාජ් පාර්ට්ස් මේකට සෙට් වෙනවා (බ්රේක් ලයිනර්, ඔයිල් ෆිල්ටර්)..අනිත් පාර්ට්ස් පංචිකාවත්තේ අඩුවට තියෙනවා..මන් හොදට බලල තියෙනවා බයික් එක ගද්දි එන ඔරිගීනල් පාර්ට්ස් විතරයි බන් හොද..මෙහෙ company එකෙන් විකුණන ඒවා වල durability එක අඩුයි ඊට වඩා පංචිකාවත්තේ තියන බඩු හොදයි..අනික කවදාවත් බයික් එක company service දාන්න එපා උන් බොරුව කරන්නේ..දන්න ගරාජ් එකකට දාල ලග ඉදන් වැඩේ කරගනින්..මන් නම් මගේ යාලුවෙක්ගෙ ගරාජ් එකට දාන්නේ..අනික service එකට ඕන බඩු උබම අරගෙන පලයන්..නැත්තම් ඒව වලටත් වැඩියෙන් පුදන්න වෙනවා service කරන තැනින් ගන්න ගියොත්..උබ කිව්වා වගේ පස්සේ ටයර් එක නම් ගු 70යි..මන් ඕක දාගෙන පැද්දේ 20,000Km වගේ..මාසෙකට හතර පස් වතාවක් පැච් යනවා..පස්සේ දැම්ම Dunlop එකක් මේ වෙද්දී 28,000Km + දුවල තියෙනවා ටයර් එකේ බාගයක්වත් ගෙවිල නෑ..හොදම දේ තමයි දැන් හුලන් චෙක් නොකර මාස ගානක් උනත් දුවන්න පුළුවන් කිසි අව්ලක් නෑ..ඉස්සරහ ටයර් එක නම් තාම ඔරිජිනල් ආව ටයර් එකමයි තියෙන්නේ මේ වෙද්දී 48,000Km දුවල..තව 10,000Km වගේ දුවන්න පුළුවන් වෙයි කියල හිතනවා මොකද තාම කට්ට ටික පේන්න තියෙනවා..හොද පාර්ට්ස් දාල හොදට මේන්ටේන් කරනවා නම් දුර ගමන් වලට කිසි අව්ලක් නෑ මගේ අත්දැකීමේ හැටියට..මේ මාසේ 30 වෙනිදටත් (පෝය) යලුවෝ සෙට් එක එක්ක නුවර එළියේ යන්න ඉන්නේ බයික් එකේ..වැඩිම දුරක් එක පාර පැද්දේ දෙනියායට ගිහින් එතනිනුත් පොඩ්ඩක් ඇතුලට..යන්න විතරක් 240Km තිබ්බද කොහෙද..හැබැයි පිටිපස්සේ යන එකාට නම් සැහෙන්න අමාරුයි..පදින එකාට ඇගේ අමාරුවක් නැතුව යන්න පුළුවන් මේකේ තියෙන රයිඩින් පොසිෂන් එක නිසා..තව දෙයක් තමයි 100kmph ගියත් බයික් එක දෙදරන්නේ වැනෙන්නේ නෑ..අත්දැකීමෙන් කියන්නේ මොකද මන් 115kmph ගිහින් තියෙනවා බයික් එකේ..මන් FZ එකට කලින් අවුරුදු 2ක් පල්සර් 150 එකක් පාවිච්චි කලේ..පල්සර් එකත් හොදයි එත් රයිඩින් පොසිෂන් එක අතිනුයි බැලන්ස් එකයි දෙදරන/වැනෙන සීන් එක අතිනුයි FZ එක සැහෙන්න ඉස්සරහින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ..:yes:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ත්‍රෙ ඩ් එක වටිනවා

    දුක තියෙන්නේ දන දැනත් ඕක ගත්ත එක :P:P
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බොහෝම ස්තූතියි මචං කමෙන්ට් කලාට.. මචං බයික් එකේ 3 ගියර් එකේ ඉඳන් 2 & 1 ගියර් එකට දානකොට පොඩි හිරවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. මොකක්ද සීන් එක:confused:

    tama byk eka aluth nisa wenna ati mchn. clutch ehema adjust karanna etakota hari. anith eka fz eke parts original danna kalin 2-3 hitanna. godak parts anith byk wala parts danna puluwan. original kiyala un packaging eka witarai wenas karanne. bearing eheman japan ewa danna. mama byk eka gatta dawaswalama bearing okkoma japan gahuwa. tama eka bearing ekakwath faults awe na. fz eke kisima deyak na gedara karanna bari( form oil karanna nam tikak witara amarui) tool set ekak aragena gedarama service eka karapan mchn( yamaha full service ekakata 1800-2500 atara ganak gannawa.:angry::angry:
     
    • Like
    Reactions: Mr. Shan

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Mageth FZ-S ekak tiyanawa 12,000 duwala tiyanawa. Pradeep moters gena uba kiyala tiyana tikanam 200% ethta. Danna ekek yanna epa. Mama danna taramin Mt.Lavinia vela Motor BG and Kalubowila Hospital eka laga tiyana eka nam supiri.:D:D
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    tama byk eka aluth nisa wenna ati mchn. clutch ehema adjust karanna etakota hari. anith eka fz eke parts original danna kalin 2-3 hitanna. godak parts anith byk wala parts danna puluwan. original kiyala un packaging eka witarai wenas karanne. bearing eheman japan ewa danna. mama byk eka gatta dawaswalama bearing okkoma japan gahuwa. tama eka bearing ekakwath faults awe na. fz eke kisima deyak na gedara karanna bari( form oil karanna nam tikak witara amarui) tool set ekak aragena gedarama service eka karapan mchn( yamaha full service ekakata 1800-2500 atara ganak gannawa.:angry::angry:
    :yes::yes::yes::yes::yes:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බොහෝම ස්තූතියි මචං කමෙන්ට් කලාට.. මචං බයික් එකේ 3 ගියර් එකේ ඉඳන් 2 & 1 ගියර් එකට දානකොට පොඩි හිරවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. මොකක්ද සීන් එක:confused:

    mekata join weyan ;);)
    http://www.elakiri.com/forum/showthread.php?t=1600987
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ත්‍රෙ ඩ් එක වටිනවා

    දුක තියෙන්නේ දන දැනත් ඕක ගත්ත එක :P:P

    මචං කලින් මට බයික් එකක් තිබ්බා මගේම එකක් නෙමෙයි. Hornet එකක් ඒක වික්කෙත් ඔය බණ්ඩාරගම පාරේ එකෙක් චප්ප වෙලා මලාට පස්සේ ගෙදරින් කෑගහපු නිසා. අන්තිමේදී තමා මේක ගත්තේ:lol: