ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.
ට් ර් ර් ර්... ට් ර් ර් ර්... ඔච්චර තමයි. බැට්රිය බැහැල නැට්ටටම. ටික දවසකට කලින් දවසෙ දුවල ආපු වාහනේ මෙහෙම වෙන්න බෑනෙ කියල බලද්දි තමයි දැක්කෙ ඩෑෂ් බෝඩ් එකේ දොරක් ඇරිල කියල පෙන්නන ලයිට් එක පත්තු වෙනව.
ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර හොඳට වැහිල තියෙන්නෙ. බලපුවාම ඉස්සරහ අනිත් දොර බාගෙට වැහිල. හැබැයි මට හොඳටම විශ්වාසයි කලින් දවසෙ වාහනෙන් බහිද්දි ලයිට් එක පත්තු වෙලා තිබ්බෙ නෑ කියල.
යන්න ආපු ගමනත් හදිස්සි නැති හන්ද ඒක අතඇරල දාල වාහනේට මොකද උනේ කියල හොයන්න හිතුන.
දොර ගාව්ට ගිහින් සිග්නල් එන ගැජට් එක පොඩ්ඩක් ඔබල බැලුව.
මෙන්න බොලේ ඒක පොඩ්ඩක් හෙල්ලුනා විතරයි ලයිට් එක නිමුන දොර ඇරල තියෙද්දිම. ඒ කියන්නෙ ඒකෙ තමයි කේස් එක. තව දෙතුන් පාරක් ඔබල බලල ලෙඩේ තහවුරු කරගත්ත.
ඕන්න කොල්ලට දැන් මේක හදා ගන්නකන් ඉවසිල්ලක් නෑ, ඕන එකක් වෙන්න කියල ගලවල බලන්න හිතුන.
ලොක් එක පන්න ගන්න තමයි සෑහෙන ගේමක් දෙන්න උනේ. තව පොඩ්ඩෙන් ඇඟිල්ල හිල් කරගන්නව ඒක ගලවන්න ගිහින්.
මේ තියෙන්නෙ ඇතුලෙ තියන කෑලි බෑලි ඔක්කොම ටික.
බැඳිල තිබ්බ ඔක්සයිඩ් එක සුද්ද කරල දැම්ම. ඒක තමයි ලෙඩේට හේතුව.
මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.

කොල්ලා අපිට නොකිව්වට හිතේ මොකක් හරි සින් එකක් තියනවා. ඔය වයසට ඔහොම තමයි. පොලා පීඑම් එකක් දාලා මූව යාලු කරගන්න. 
ඌ නම් හයියෙන් යන එකෙකුත් නෙවෙයි බං 