වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.

    ට් ර් ර් ර්... ට් ර් ර් ර්... ඔච්චර තමයි. බැට්‍රිය බැහැල නැට්ටටම. ටික දවසකට කලින් දවසෙ දුවල ආපු වාහනේ මෙහෙම වෙන්න බෑනෙ කියල බලද්දි තමයි දැක්කෙ ඩෑෂ් බෝඩ් එකේ දොරක් ඇරිල කියල පෙන්නන ලයිට් එක පත්තු වෙනව.

    9LrSoRX.jpg


    ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර හොඳට වැහිල තියෙන්නෙ. බලපුවාම ඉස්සරහ අනිත් දොර බාගෙට වැහිල. හැබැයි මට හොඳටම විශ්වාසයි කලින් දවසෙ වාහනෙන් බහිද්දි ලයිට් එක පත්තු වෙලා තිබ්බෙ නෑ කියල.

    යන්න ආපු ගමනත් හදිස්සි නැති හන්ද ඒක අතඇරල දාල වාහනේට මොකද උනේ කියල හොයන්න හිතුන.

    දොර ගාව්ට ගිහින් සිග්නල් එන ගැජට් එක පොඩ්ඩක් ඔබල බැලුව.

    7XSf09i.jpg


    මෙන්න බොලේ ඒක පොඩ්ඩක් හෙල්ලුනා විතරයි ලයිට් එක නිමුන දොර ඇරල තියෙද්දිම. ඒ කියන්නෙ ඒකෙ තමයි කේස් එක. තව දෙතුන් පාරක් ඔබල බලල ලෙඩේ තහවුරු කරගත්ත.

    ඕන්න කොල්ලට දැන් මේක හදා ගන්නකන් ඉවසිල්ලක් නෑ, ඕන එකක් වෙන්න කියල ගලවල බලන්න හිතුන.

    ktEmQXQ.jpg

    ti5b4NX.jpg


    ලොක් එක පන්න ගන්න තමයි සෑහෙන ගේමක් දෙන්න උනේ. තව පොඩ්ඩෙන් ඇඟිල්ල හිල් කරගන්නව ඒක ගලවන්න ගිහින්.

    QftTrWn.jpg


    මේ තියෙන්නෙ ඇතුලෙ තියන කෑලි බෑලි ඔක්කොම ටික.

    BTLxyLL.jpg


    බැඳිල තිබ්බ ඔක්සයිඩ් එක සුද්ද කරල දැම්ම. ඒක තමයි ලෙඩේට හේතුව.

    zzbQ9Pa.jpg


    මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්‍රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන.

    මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්‍රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.

    11.gif
    rep+++
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.

    මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්‍රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.

    මේ තියෙන්නේ කටු...මැනුවල් හින්ද හොඳයි ඉතින්... ඔටෝ උනානම් දෙයියෝ බලයි...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :( කොල්ලා අපිට නොකිව්වට හිතේ මොකක් හරි සින් එකක් තියනවා. ඔය වයසට ඔහොම තමයි. පොලා පීඑම් එකක් දාලා මූව යාලු කරගන්න. :)

    ඕන් pm එකක් දැම්ම...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.
    .
    .
    .
    .

    මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්‍රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.

    එල එල සිගිති කට්ටක් වුනාට එල :)
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මේ තියෙන්නේ කටු...මැනුවල් හින්ද හොඳයි ඉතින්... ඔටෝ උනානම් දෙයියෝ බලයි...

    ඔව් පොල් මාමෙ, දෙතුන් පාරක්ම ගොඩදාගන තියනව මැනුවල් හන්ද තල්ලු කරල...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.

    ට් ර් ර් ර්... ට් ර් ර් ර්... ඔච්චර තමයි. බැට්‍රිය බැහැල නැට්ටටම. ටික දවසකට කලින් දවසෙ දුවල ආපු වාහනේ මෙහෙම වෙන්න බෑනෙ කියල බලද්දි තමයි දැක්කෙ ඩෑෂ් බෝඩ් එකේ දොරක් ඇරිල කියල පෙන්නන ලයිට් එක පත්තු වෙනව.

    9LrSoRX.jpg


    කටු නැතුව වෙලි වෙලි හිටපු වෙලාවේ පොඩියට හරි කට්ටක් වැටුන එක වටිනවා මචන්
    වෙන වෙනම විස්තර කරලා පොටො අරන් දාපු එකට ගෙඩාක් ස්තුතියි
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කටු නැතුව වෙලි වෙලි හිටපු වෙලාවේ පොඩියට හරි කට්ටක් වැටුන එක වටිනවා මචන්
    වෙන වෙනම විස්තර කරලා පොටො අරන් දාපු එකට ගෙඩාක් ස්තුතියි

    ප්‍රතිචාරයට ස්තූතියි... :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් හරි තමා බන්. ඒත් එහෙම වැටෙන්න නම් බස් දෙකක් රේස් යනවා වගේ යන්න ඕන. හයියෙන් ගිහින් ඉස්සරහ වාහනේ යන උන් windscreen එකෙන් විසික් වෙන්න බ්රේක් ගහන එකෙක් වෙන්න ඕන :sorry::sorry:

    :eek: ඌ නම් හයියෙන් යන එකෙකුත් නෙවෙයි බං :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැළණි පන්සලේ කැටයම් වල දන්නා අඳුරන අය ඉන්නවනම් පින්තුරයක් අරන් වරෙන්...:lol::lol::lol::lol:

    මම පොඩිකාලේ ගියාට පස්සේ කැළණි පන්සල් ගියේ නෑ බං. යන්නත් ආසයි.
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද?? මගේ (කීවට අපේ තාත්තගෙ තාත්ත නැති වෙලා දැන් අවුරුදු 10ක්... වාහනේ විකුනන්න අම්ම දෙන්නෙනෑ තාත්තව මතක් වෙන්න තියන් ඉන්නෙ) තියෙන්නෙ Nissan Sunny SB 14 එකක් හරිද?? මේක ඉතින් සුප්ප වාහනේ... බඩු හොදට තියෙනකම් යකා වගේ තමා... පොඩ්ඩක් ලෙඩක් ආවොත් ඉතින් අම්ම මුත්ත කීවත් පොර හෙල්ලෙන්නෑ පොරට හිතිලම යනකම්.... ඔන්න ඉතින් අපේ බිග් මැච් සීසන් එක හරිද? ඔය කාලෙ ඉතින් ඒලෙවල් උන කාලෙනෙ... vehicle rally එමටයි.... මමත් ඉතින් පොර වගේ මගෙ කාර්( දැන් ඉතින් බුවා මගෙ) එකත් අරගෙන බැස්ස රැලියට... කට්ටිය ඉතින් එක කෙලියයි පාරෙ... හතර අතේ... පොලීසියත් ඉතින් ලොකු අව්ලක් නෑ... අපි ඉතින් අහිංසක කොල්ලොනෙ... මමත් ඉතින් අගර දගර දාලා එලවන්න දස්සයලු හරිද?? ඔහොම මචන්ල දැන් කාර් රැලියෙ යනව අපි... යනකොටම කඩා පාත් වෙච්චි මොර හූරන වැස්සක්.. අව්ලක් නෑ කාර් එකේනෙ තෙමෙන්නෑ කියල ඇරල යනව අපි... කොල්ලො 5ක් විතර කාර් එකේ හූ කියනවයි එක කෙලියයි... ඔහොම ගිහින් ගිහින් ඔරලෝසු කනුව ගාව රවුන්ඩබවුඩ් එකේ පට්ටම බ්ලොක් එකක්... මාත් ඉතින් එන්ජිම රේස් කරනවයි එකක් නෙමේ හරිද... පොඩි කාලෙනෙ පට්ට මෝඩයි... :sorry::sorry: ඔන්න ඉතින් හොදම හරිය... එක පාරටම දැන් මට පේනව බොනට් එකෙන් දුම් දානව වගේ... එහා පැත්තෙ එකාට කීවම කියපි.. මැට්ටො ඔය එන්ජිමේ රස්නෙට කියල... ඒ උනාට කොල්ලට තේරුනා මේක නම් එහෙම දුමක් නෙමේ රාජකීය දුමක් කියල... අම්මට උඩු හීට් කට්ට නැගල කියපන්කො එකසිය ගානට.... දැන් ඉතින් තේරුනා හරි රේඩියේටරේට බඩු තමයි කියල.... ඕන එකක් කියල තව 20මීටර් ඇදල අයින් කරල නැවැත්තුව... හොදි ඕන්නෑ... අපේ ඉස්කෝලෙ උනුත් කින්ඩිය දාගෙන යනව... අපේ බැච් එකෙන් වාහන තිබ්බෙත් 4ක් විතර... බොක්ක කූල් උන උන් ටිකත් නවත්තල ආව.... හා දැන් ඉතින් ඔක්කොමත් හරි රැලිය පැත්තක තියල ඇදගෙන යමන්කො කියල.... වැස්සත් දෙයියන්ගෙ පිහිටෙන් නතර වෙලා හරි... ඔන්න දැන් තමයි කොල්ලො ක්ලයිමැක්ස් එක... මමත් ඉතින් පොර වගේ ගිහින් රේඩියේටරේට වතුර දාලා බැලුව ටිකක් නිමෙන්න ඇරල... කොහෙන්ද වතුර යන්නෙ බලන්න... ඕකෙ මචන් තාත්ත ඉන්න කාලෙත් ගලගෙදර අදින්න ගිහින් රේඩියේටරේ දාල තිබුනෙ ඔය සිද්ධිය වෙන්න අවුරුදු 4කට උඩදි... කොහොමත් රේඩියේටරේ අව්ලක් නෙමේ.... ඒ උනාට අලුත්ම(ටිකක් පරන) රේඩියේටරේ ඉවරයි හරිද?? දුක තමා.... දැන් උඹල බලනව ඇති කෝ යකෝ හොදම හරිය කියල... ඉවසන්න සොදුර... දැන් ඕකෙන් පස්සෙ ඇදගෙන ගෙදර අරන් ඇවිත් දැම්ම තමයි... කන පිරවිලා පිරවිලා පිරවිලා ගියා... අම්මගෙන් බැනුම් කෝටියයි.... ඕක තමයි කිව්වෙ පයින් යන්න කියල අරකද මේකද එක විකාරයයි... මොනව කරන්නද උඹල දන්නව ඇතිනෙ දුක ඉතින්... අනික් දවසෙ බිග් මැච් ෆන් එක පයින්ම ගිහින් අරගෙන සදුද ගිහින් රැ16000ක් දීල අලුත්ම රේඩියේටරයක් අරගෙන දැම්ම... එ්කත් දාල ඉවර වෙලා මචන් දැන් ඉතින් කොල්ල වගේ යනව... මචන් අපේ තාත්ත නැති උනේ මන් 10 වසරෙදි... කොහෙන් ආපු විශ්වාසෙකටද මන්ද අම්ම එදා ඉදන් මන් වාහනේ එලෙව්වට මුකුත් කියන්නෙ නෑ ඉතින්... මට පොඩි කාලෙ ඉදන්ම පට්ට රථ ගායක් තිබුනෙ.. අවුරුදු 10දි තමයි මුලින්ම Toyota Corsa 1996 එකක් එලෙව්වෙ.. ඊට පස්සෙ ගෙදර තිබුන කැරවැන්, ලොටෝ ඔය සෑම දෙයක්ම එලෙව්ව.. පිට පැන්නෝ... ඉතින් මචන් ඊට පස්සෙන් සතියෙ මන් ගියා අපේ අම්ම එක්ක කොලඹ අම්මගෙ වැඩකට.... ගිහින් මචන් එද්දි කැළණිතිස්ස බලාගාරෙ ගාව අධි ආරක්ශිත කලාපෙ පට්ටම බ්ලොක් එකයි වැස්සයි.... 5kmph උපරිම වේගෙකින් මමත් යනව කගවේන වගේ... අම්මට සිරි කීවලු දාල සතියෙන් අලුත්ම රේඩියේටරයත් සුදු පාටට දුම දාගෙන සෙත්ත පෝච්චි... මේ මොන මරාලයක්ද යකෝ මේ... කියල මාත් නැවැත්තුව අර අධි ආරක්ශිත කලාපෙම පේමන්ට් එක උඩ... ආමි එකේ අයිය(ඉස්සර අයිය - දැන් නම් ඉතින් උඹලම හිතා ගනින් දැන් මාත් රටේ මුහුදට සම්බන්ධයි) ඇහුව මොකෝ මල්ලි කියල මන් සීන් එක කීවම කියපි මල්ලි 10න් පස්සෙ නම් තත්පරයක්වත් ඉන්න දෙන්නෑ කියල.... මන් කල්පනා කලා දැනටම 5යි... බස් එකේ ගිහින් රේඩියේටර හොයන්න වෙලාවක් නෑ... ගත්ත අම්මගෙ යාලුවෙකුට කොල් එකක්... පොර එද්දි වෙලාව 6.45යි දායි ලංකා එකෙන් තව 15500කට අලුත්ම රේඩියේටරයක් අරගෙන.... අයියෝ සල්ලි.. ඉතින් අම්මගෙ අතෙත් ඒ තරම් ගානක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ... අරෑ ඉතින් අම්මගෙ ඉස්කෝල කාලෙ බොක්කෙ ෆිට් එකක්.. ඒ උනාට ගෙදර ඇවිත් අපි සල්ලි යැව්ව :lol::lol::lol::lol: මටත් දැන් ගොනාට වගේ මතකයි අර කලින් සැරේ එකා රේඩියේටරේ දාපු හැටි... මන් කීවෙ මාත් උන කාරයෙක් කියල... ඕනෙ **ක් ප්රීති වෙසක් කියල මන් කීව අන්කල් බාස්ල හොයන් එන්න එපා මට මතකයි හයි කරන්න කියල... මගේ වන්ඩියෙත් ඔන්ද ස්පොට් ආවුද කට්ටලේ තිබුන... අනික රේඩියේටරයක් හයි කරන්න 10 යතුරයි අඩුවයි මෝර් දෑන් ඉනෆ්.. දැන් ඉතින් කොල්ල මඩ ගාගෙන (ඇයි වැහැල පෑව්ව විතරනෙ) බඩු ගැලෙව්ව.. ෆෑන් දෙක මුලින් අන්ප්ලග් කොරල උඩ ඇන 4 ගලවල ෆෑන් ජෝඩුව ගැලෙව්ව.. ඊට පස්සෙ
    රේඩියේටරයේ බුෂ් වලින් පන්නල ලොකු හෝස් දෙකත් ගැලෙව්ව... අම්මට සිරි යට බැලුවම පොඩි අගලක් විතර හෝස් දෙකකුත් තියෙනව.. යන්නෙ කොහාටද බැලුවම ගියර් බොක්ස් එකට... කෙලා තාප්පෙට... ඒ මොකක්ද ඒ දන් නොදැකපු එකක්... මේක මචන් ඔටෝ ගියර්... ගියර් ඔයිල් කූල් කරන්නෙත් මේකෙන්මයි කියහන්කො... මට ගොනාට වගේ තේරුනා හෝස් 2 නිකන්ම පැන්නුවොත් බඩුම තමා තව රු 2000කට වත් කෙලවෙනව ඔයිල් ටික ගිහින් කියල... :no::no::no::no: දැන් ඉතින් ඕක පන්නල දෙයියන්ගෙ පිහිටෙන් අම්මගෙන් තව බැනුම් අහනවට වඩා :growl::growl::growl: දැන් 8ටත් කිට්ටුයි... මොන මගුලටත් තව පැය 2යි... නැත්නම් පෑලියගොඩ හන්දියට යනකම් තල්ලු තමා... ඒ කාලෙ දැන් වගේ වටේ යන්න තිබුනෙ නෑ... කෙලින්ම හන්දිය... වාහනේ ඩිකියෙන්ම 10 ඇන දෙකක් හොයාගෙන හෝස් දෙකට ගහගත්ත... දැන් නිකම් කොල්ල ඩ්රැකියුලා වගේ... ඇයි ඔටෝ ඔයිල් ලේ පාටයිනෙ... කිරි කිරි රේඩියේටරයත් හයි කොරල හෝස් 2යි ලොකු 2යිත් හයි කරල ෆෑන් 2ත් හයි කරල අර අන්කල්ට නොසෑහෙන්න ස්තූති කරල ආමි අයියටත් ටටා කියල (යන්තම් 9 වෙද්ද වැඩේ ගොඩ) එන ගමන් නයිට් සර්විස් ස්ටේෂන් එකකට වැදල වැදල ඔටෝ ඔයිල් ලූස් 500ml අරගෙන මන් ගාව තිබුන ස්පෙෂල් ගැජට් එකෙන් ඔයිල් ටිකත් බොක්ස් එකට දාගෙන (දැන් ෆොටෝ නෑ බන්.. නැත්නම් දාන්න තිවුන/ ඇත්තටම පුනීලෙකට හයි කරපු 1/4 බට අඩි 2ක් :lol::lol::lol::lol:) දෙයියනේ කියල ගෙදරට සැපත් වුනා පැය 3ක විතර අති සෙමින් අාපු ගමනකින් පස්සෙ... ඇයි අම්ම එන්න දෙන්නෑ 60න් එහා..... :(:(:(:( ඉතින් පහු වෙනිදම අරන් ගියා මොකෝ මේ දාර සීතලේ හෙමින් යද්දි මේ මගුල පුපුරන්නෙ බලන්න.... ඔන්න බලාපල්ල ඒකෙ හැටි... තමොස්ටැට් එක හිරවෙලා..... දන්නව මමත් ගලවන්න හොදනෑ කියල... ඒත් මචන් ආයෙ හිර වෙලා රේඩියේටරයක් 16000ක් දීල ගන්න සල්ලි නැති හන්ද අර අට මගලෙ ගලවල විසික්ක කොලා... එදා ඉදන් දැන් අවුරුදු 6ක් විතර වාහනෙත් සදා දුවන එකමයි වැඩේ... යකා වගේ තමයි ඉතින්... ඕන්න මචන් මන් කාපු කටු දෙකක්... එකකට දාල ලීවෙ එකකට එකක් සම්බන්ද හන්ද... ඉතුරුවත් ඉඩ ලැබෙන වෙලාවට දානව සත්තයි.........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!

    4.gif

    පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!

    සිද්දිය ආරම්භ වීමට ප්‍රථම රෝග ලක්ෂන පළමුවෙන් කිව යුතු යැයි සිතුවෙමි.
    ඒවා මෙසේය.
    මේ වෑන් එක ගත්ත දවසේ ඉදං...තැනක නතර කලාම ඩීසල් ටික ටික වැටෙන ලෙඩත් තිබුනා...
    ඒ අතර ඉස්සරහා හරියෙං එන්ජිං ඔයිල් ලීක් එකකුත් තිබුනා.
    සාමානයයෙන් මේවාගේ ඩීසල් වැඩ කරනවා ලු 12ක් හෝ ඊට වඩා.
    ඒත් අපේ එකේ කරන්නේ 9ක් විතර.
    ඉතිං මේ කරුණු කාරනා සියල්ල සලකා බලා අපි (තාත්තයි මායි ) ගැලෙව්වා ඩ්‍රයිවිං සීට් එක. ඊට පස්සේ ගැලෙව්වා පියන.
    වැඩේ හරි.. ඩීසල් පොම්පේ වටෙන්ම ඩීසල් ගහනවා....:baffled::dull:
    ආයේ කෑලි බෑලි ටික හයි කරගෙන... අදුරන තැනකට කථා කරලා දිනයක් සහ වෙලාවක් වෙන් කරගෙන...
    ඔන්න අපි යනවා ඩීසල් පොම්පේ හදන්න...
    4.gif


    වෑන් එක සදුදා උදේම වගේ එතනට අරං ගියා.. තාත්තා රාජකාරියට යන බැවින් වෑන් එක අරං ගියේ මාය. දත් 32කම නේවා සුන්දර සිනාවකින් මා පිලිගත් සහයක මිකෑනික් මහතා... වාහනය ගාල් කරන තැන පවසා කොනක පටං එය ගැලවීමට පටං ගති..
    වැනට් ගැන දන්න පොල් මාමලා එහෙම දන්නවා ඇති ගියර් ලිවරය අසල කවරයෙන් පටන් ගෙන රියදුරු අසුන, ඊට පසු ඇති තහඩුව හා අවසානයේ ටයිමින් බෙල්ට් එක තියෙන කවරය ගලවන්න ඕනේ..
    සේරමත් හරි ටයිමින් බෙල්ට් තියෙන යකඩ කවරයේ යටට වෙන්න එන ඇනේ... :eek::baffled:
    ඒක ගලවා ගන්න විදිහක් නැතිව සහයක තැන උඩිං එනවා... යට රිංගන්න හදලා ආයේ උඩිංම එනවා...
    මං ටිකක් වෙලා වැඩේ බලං ඉදලා ඇහුවා ඇයි මොකෝ සීන් එක කියලා.. මේකා කියාපි යට රිංගන්න බෑ ලු... පාත වැඩියි ලු :sorry:
    පස්සේ ජැක් කටුව අරං වම් පැත්ත උස්සලා අඩ තිබ්බා... පැත්තකට වෙලා බලං හිටපු මාත් දැං වැඩේට එන්ටර් උනා..
    ඔය අතරේ කඩේ අයිතිකාර මහත්තයා ජීප්පුවේ ආවා
    4.gif

    කටේ කෙල හිදුනා.. සේරම වැඩ තියලා ඒකෙ පොටෝ කෑල්ලක් ගැහුවා
    ax6T3WU.jpg


    ඔන්න සිංහලු කොහොම හරි කවරේ ගැලෙව්වා...
    ඊට පස්සේ තමයි තොරනේ විස්තරේ කියන්න ගන්නේ...

    ක්‍රෑන්ක් ඔයිල් සීල් එක ගිහිං... ටයිමිං බෙල්ට් එකට ඔයිල් ගහලා.. ටයිමිං බෙල්ට් එක පොල් ගෑවා වගේ කුඩු කුඩු ගිහිං ඔයිල් එක්ක කලවං වෙලා පේස්ට් එකක් වගේ බැදිලා..
    ‍එක විකාරයයි...
    ක්‍රෑන්ක් ඔයිල් සීල් එක නොගහා ඉන්ජෙක්ටර් පොම්පේ විතරක් හදං ඇවිත් වැඩක් නෑ..
    බෙල්ට් එක ටික දවසකිං කෙඩුනොත් යසට තියෙන එන්ජිමට බඩු පැකට් වෙනවා.. :(
    ඔයිල් සීල් එක ගහන්න නං වීල් එක පන්නන්න වෙනවා.. ඒ උඩ වීල් එක විතරක් පන්නන්න බෑ... යට ඒවාත් එක්ක ගලවන්න වෙනවා ලු...
    මල කෙලියයි... හෙන වැඩක් ... ඒත් කරන්න ගැරෙජ් එකක් ලග පාතක නෑ.. බාස් කෙනෙක් එක්කං එන්න විදිහකුත් නෑ.. වෙන තැනක ගලෝලා නිසා.
    ඊට පස්සේ කඩේ අයිතිකාර මහත්තයා නොහොත් හෙඩ් බාස් ම කිව්වා එයාම වැඩේ කරන්නං කියලා.
    යට වීල් ගලෝ ගත්තොත් වැඩේ දෙක වෙනවා.. යට රිංගලා බැලුවාම ඒවායෙං ඔයිල් ලීක් එහෙමත් නෑ..
    පස්සේ කරපු වැඩේ උඩ ඇන දෙකක් විතරක් බුරුල් කරලා.... මේන්න මෙයාව එලිය‍ට ඇදලා ගත්තා.
    QPeK3un.jpg


    ඕකේ උඩට ස්ලීව් එකක් එනවා.. අපේ තිබ්බ එකේ ඒක කානු කැපෙන්නම ගෙවිලා.. ඕවා කඩ වල ගන්න නැලු . දැං ඉතිං මොකද කරන්නේ..
    පට්ටල් සරණං ගච්චාමි.
    ගත්තා ඔයිල් සීල් එකේ සාම්පල්.. ගත්තා ඔය උඩිං දාලා තියෙන කෑල්ලත්... ටයිමිං බෙල්ට් එක අවට ප්‍රද්ශය සුද්ද කරන්න පෙට්‍රල් ඕන කිව්වා. ගත්තා හිස් බෝතලයක්.. ඔන්න සිංහලු දැං යනවා සෙඩ් එකට....මං ඒ යනකං කඩේ අය ඩීසල් පොම්පේ ගලවලා ඒකේ රෙපෙයාර් එක පටං ගන්නවා කිව්වා !
    කඩුවෙල පාලම උඩිං ගිහිං දකුණට හැරුණ ගමං තියෙන සෙඩ් එකට ගියා..
    මෙන්න යකෝ මැශින් එකේ නැත කියලා බෝඩ් එකක් ගහලා.. :eek::sorry:
    අද උදේ දැක්කේ මොකාද කියලා කල්පනා කර කර එතනිං ආවා.. ලකී කියලා කඩයක් තියෙනවා කඩුවෙල... ඒකට ගිහිං ඔයිල් සීල් එක ගත්තා...
    මේ ස්ලිව් එක ගහගන්න පට්ටලේකට යන්නයි දැං තියෙන්නෙ..
    ඔන්න එක පට්ටලේකට ගියා...
    අපිට භාරගත්ත වැඩ ටිකක් තියෙනවා.. හෙට එන්න පුලුවං නං ගහලා තියන්නං.. :oo:
    තව එකකට ගියා...
    අද අපේ වැඩ කරන අය නුවර ගිහිං තියෙන්නේ.. එතන හිටපු ලස්සන අක්කා කෙනෙක් කීවාය..
    වැඩ කරන්න මිනිස්සුත් නැත්තං අක්කා පට්ටලේ ඇරං බෝල ගහනවද කියා මට අසන්නට සිතුනත්...සිනාසී එතනිං ආවෙමි.
    ඔය අතරතුර පංචිකාවත්තේ අදුරන කඩයක ස්ලිව් මිලදී ගැනීමට ඇති බව දුරකථන මගින් දැනගන්නට ලැබුනි. පට්ටල් වල රස්තියාදු වී මල පැන සිටි මා වහා වෑන් එක තිබූ ගරාජයට ගොස් ගෙනා බඩු භාර දුනිමි.
    ඊහත රූපයේ ඇති දැති රෝදය බෑගයක දවටාගෙන...

    Po265gJ.jpg

    මෙන්නමේ ෆිල්ටරයේ පින්තූරයක් ෆෝන් එකෙං අරගෙන පන්චිකාවත්ත දක්වා පිටත් වූයෙමි.
    උදේ ඉදං මජං ගාගෙන හිටි නිසා බස් වල යන නංගිලා මා දෙස අමුතු විදිහකට බැලුවත් මචං සෝදා ගත් කල මාද රජකමටත් සුදුසු බැවින් කරබාගෙන සිටියෙමි.
    පංචිකාවත්තේ කඩයට ගිය පසු.. මා ඉහත රූපය ඔව්න්ට පෙන්වා ස්ලිව් එක ලබා ගතිමි. එහෙත් එය තරමක් උසින් වැඩිය.
    අයියේ මේක වෙනස් නේද ? මේක නං නෙවේ වගේ හරි එක..
    මා එලෙස කියද්දී ඌ මට කීවේ නෑ මල්ලි ඕක පට්ටලේට දාලා ප්‍රෙස් එකේ ගහන්න ඕනේ.. ඊට පස්සේ තමයි හරි කියාය. ඒ ගැන එතරම් දෙයක් නොදන්නා බැවින් මා තවත් බාසෙකු දුරකථනයෙන් ඇමතූ විට ඌද එය ස්තීර කලේය. දැං අවුලක් නැත. මා නොදන්නවා උනාට බාස්ලා දෙන්නෙක්ට එකම දේ වරදින්න විදිහක් නැත.
    ඉන්පසුව ‍දුරකථනයේ පින්තූරය පෙන්වා ෆිල්ටරයක් ලබා ගතිමි. මුලින් දුන් ෆිල්ටරයෙහි අංකය FC 1001 නොවුනු නිසා මා යලිත් විමසූ විට.. මට බඩු තෝරා දුන් එකාට අම්මා මතක් කර මට නිවැරදි ෆි්ල්ටරය දීමට අයිතිකාර මුදලාලි කරුණාවන්ත විය.
    ෆිල්ටරයත්, ස්ලිව් එකත් රැගෙන පන්චිකාවත්තෙන් නික්මුනු මා කෙලින්ම බලසකට ගොඩ වූයේ කැළණිය කැම්පස් එක අසල මා දන්නා පට්ටලයට පැමිණීමටය.
    ලංකාවේ ගමනාගමනයට පින්සිද්ද වන්නට දැනටමත් ඉර මුදුන්වී හමාරය... වේලාව පාසල් ඇරෙන වේලාවයි.
    අපේ වැඩේ හරි.. ඔය ශාෆ්ට් එක ගේනකං ඉන්නෙ හයි කරන්න...
    ඉක්මනට එන්න..
    ඇමතුම් පිට ඇමතුම් එද්දී මන්දගාමීව ඉදිරියට ඇදෙන බස් රථය , කහ ඉරක් උඩ නවතා සෙනග නංවා ගත් වරදට ‍පොලිස් මාමා තෑග්ගක්ද දුන්නේය. අනේ අනිච්චං දුක සංසාරේ...
    දැං ඉතිං තවත් වෙලා යනු ඇත.
    ලග ඉන්න ලස්සන නංගි කෙනෙක් දිහා බල බල දුක නිවා ගතිමි. :sorry:
    කැම්පස් එක ලග පට්ටලේට එනවිට වේලාව දෙකයි කාලට පමණ ඇත.
    අයියේ මේ ශාෆ්ට් එකේ උඩට මෙන්න මේ ස්ලීව් එක ගහලා දෙන්නකො...
    මම වාහනයෙන් ගැලවූ ශාෆ්ට් එකත් කඩෙං ගෙනා ස්ලිව් එකත් ඔහුට දුනිමි.
    බාන්ඩ දෙක දෑතින් ගත් පට්ටලේ අයියා තොට පිස්සුද මට පිස්සුද ටයිප් එකේ පට්ට කැත බැල්මට් එකක් මට හෙලුවේය.
    මල්ලි මේක වෙනස් නේ... අනික මේ ශාෆ්ට් වලට මේ ස්ලිව් කඩෙං ගන්නේ නෑ.. පට්ටලේ ලියවලයි ගහන්නේ... මොන ගැරෙජ් කාරයද මේක මෙහෙම කරන්න කිව්වේ...
    අයියාටත් මලේ මල පැන ඇත.
    කෙලා හුටාය.. දැං හරි නේ... අරුංගේ පරම්පරාවම මතක් කරමින් සිතින් බැන වැදුනු මා අයියාව ශේප් කරගෙන කෙසේ හෝ වැඩේ කර ගැනීමට කතා කලෙමි.
    ඒකනේ අයියේ... බලන්නකෝ මේ පංචිකාවත්තේ උං නේ මේක ඇගේ ගැහුවේ..
    ඒත් මට හිතුනා මේක අවුල් ඇති කියලා. මේ පැත්තේ ඔය වගේ දෙයක් කල්පනා කරලා කරන්න ඉන්නේ අයියා තමා නේ..මං ඒ හින්දයි මෙතන්ටම ආවේ...
    අයියාගේ පජාත මුහුණ නැතිවී කූල් මූනක් ආරුඪ වී විනාඩි 2ක් 3ක් පමන කල්පනා කර.. හරි අයිසේ 4ට විතර එනවකො මං කරලා තියන්නං.. යැයි කීවේය.
    අනේ අයියෙ.. අර ගැරෙජ් කාරයා වහලා යන්න යයි. මට වාහ‍නේ ගන්නත් එපැයි...
    යලිත් නාහෙං අඩා 3ට පමණ ස්ලිව් එක ගසා දීමට ඔහුව පොරොන්දු කර ගතිමි.
    ස්ලිව් එක ලියවීම සදහා ගාස්තුව ලෙස දහසකට ආසන්න මුදලක් වැය විය. වැඩේ ටොප් එකට කලා ඕං.. බලනවකො අයිසේ කන්ණාඩිය වගේ දිලිසෙන හැටි.. ඔහු මගේ මොනරා සාක්කුවට දමා ගනිමින් කී විට මා ඔහුට සමිදී හෙමිහිට ලිස්සා ආවෙමි.
    මේ වන විට තාත්තා බසය ගෙදරට දමන්නට ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව අමතා මෝටර් සයිකලය කඩවතට ගෙන්වා ගත් මා මාවරමන්ඩිය ඔබවත්ත පාර , කොට්ටුන්න පාර හරහා බන්ඩාරවත්තට පැමිණියෙමි.
    කියූ පරිදිම ඩීසල් පොම්පයේ වැඩ අහවර කර තිබුනි. ගෝලයාත් ලොක්කාත් අප එනතුරු බලා සිටියහ.
    9yGuiMI.jpg

    ඉන්ජෙක්ටර් 4 දමා, සම්පූර්ණ අළුත්වැඩියාවක් කර තිබුනි.
    දෙයියනේ කියා දැං ඇත්තේ මේවා සවි කිරීමටය. ස්ලිව් එක හා ශාෆ්ට් එක දමා පොම්පය සවිකර ටයිමිං බෙල්ට් එක දමා පසුපස රෝදය ඔසවා ගියරය 5ට දමා වට කීපයක් කරකවා බැලුවෙමු. අවුලක් නැත
    රේඩියේටර් හෝස් සවිකර ඩීසල් ෆිල්ටර් එක සවිකර එය පම්ප් කලේ ගෝලයා විසිනි.
    පොම්පය සාමානයයෙන් වදිනා ප්‍රමාණය ඌට මදි වූවා විය යුතුය. මේකා දැං මිටියක් ගෙන මිටියේ මිට පොම්පයට තබා ගහගෙන ගහගෙන යයි..
    අවසානයේ රිය පණගන්වන මොහොත උදා විය.
    ඩීසල් ත්‍රීවිල් රථයක් පනගැන්නුවා සේ ටොක ටොක ශබ්දයක් ඇසේ..:eek:
    ටයිමින් අවුල් ගොස් ඇත. ඇඩ්වාන්ස් වැඩි යැයි කියනු ඇසුනි.
    නැවතත් සවි කල කොටස් ගලවා වැරැද්ද හරි ගැස්වීමට කටයුතු කල යුතුය.
    ඔය අතරතුර පොම්පයට සවිවන ඇක්සලේටර් කේබලයේ එක් කෙලවරක කෙදි කීපයක් කැඩී ගොස් අවුටරයේ සිරවී තිබෙනු දුටුවෙමි.
    අවසාන දින කීපයේ ඇක්ස්ල්ටරය ඉක්මනින් රිලීස් වූවේද නැත
    හේතුව මෙය විය යුතු බැවින්.. වහාම නැවත ගොස් කේබලයක් ගෙන ආවෙමි.
    මා එනවිට වාහනය යලිත් පණගැන්වීමට සූදානම් කර තිබුනි. එහෙත් ශබ්දය පෙර සේමය.
    ගොලයා හා බාස් මුහුණට මුහුණ බලනු දුටුවෙමි.
    හරියන්නෑ.. ටයිමිං තියන්න අමාරුයි.. රේඩියේටර් සෙට් එකත් ගලෝලා බලමු...
    සෙයියනේ කියලා රේඩියේටර් එක , ෆෑන් එක ආදී කොටස් ගලවා දැමුවෙමු.
    lkc5KG1.jpg


    දැං කට්ටිය දමාගෙන කල්පනා කරයි. මාද කීප විටක්ම ටියමිං බෙල්ටයේ එත් තැනක සිට දැති 63ක් ගනං කර දුන්නෙමි.
    අවසානයේ යලිත් වැරැද්ද නිවැරදි කර කෑලි සවි කිරීමට පටං ගති.

    වේලාව සවස 7ට ආසන්න වෙමින් තිබුනි. ඇදිරිය සමග අප සොයා ආ මදුරු කණ්ඩායම තම රාජකාරිය අකුරටම ඉඩු කරමින් සිටිහය.
    hsVbZ5Y.jpg


    අවසානයේ සියල්ල සවි කර අවසන් කලෙමු.

    CHfgI6x.jpg


    ස්ටාට් කරන්නට තැත් කලත් වාහනය පණ ගැන්වේනනේ නැත. පොම්පය දමාගෙන ගැසුවෙමු. වැඩ නැත.
    ඉන්ජෙක්ටර් හරහා ඩීසල් යවා බැලුවෙමු...
    දන්නා වැඩ සේරම දැමුවත් ස්ටාට් නැත.
    කට්ට කරුවලේ කිසි දෙයක් පේන්නේත් නැත....

    දුකෙන් වූවත් ඔබ හැරදා යා යාතුය මගේ සොදුරිය.. :(
    වාහනය අසළ ඇති ඉඩමකට තල්ලු කර දමා.. ගේටුට්ව වසා දමා අපි ගෙදර ආවෙමු..! :sorry::(



    පළමු දින එ‍සේ ගෙවී ගියේය...!

    දෙවෙනි දින.. එනම් අද... උදෑසනින්ම මා ද තාත්තාද එතැනට යද්දී ගැරේජ් බාස් මහතා වැඩ අරඹා තිබුනි.
    පෙර දින සවි කර ගත නොහැකි වූ කොටස් දැන් යසට සවි වී තිබුනි.

    අද උදෑසන භාරගෙන තිබූ වෙනත් වැඩක් කිරීමට ඔවුන් යුහුසුළු වූහ. ඒ අතර තාත්තාත් මාත් ඇස්ලේටර් කේබලය එතනදීම සවි කරන්නට පටං ගත්තෙමු...
    මෙහි තවමත් ඇත්තේ ජපනා එවූ කේබලයම විය. ජපනා එයට බ්‍රැකට් සාදා මාර හුට්ටප්පර දමා සවිකර තිබුනි. ඌට බැන වදිමින් අප එය ගලවන්නට වූයෙමු. වැනට් ගන්නවා නං ඇස්ලේටර් කේබල් මාරු කරන්නට යද්දී මරු මරු කටු කෑමට සිදුවේ..( මෙය දිග වැඩි වන බැවින් එය පසුවට ලියමි)
    කෙසේ හෝ කිලෝ දෙකක තුනක මජං ඇගේ හා දෑත් වල ගා ගැනීමෙන් අනතුරුව කේබල් එක දමා අහවර විය.පරණ කේබලය අවුටරය සමග ඇදීමට ගොස් දකුණතේ අල්ල අගල් කීපයක් පැලී ගියේ මජං හා ලේ එකට මුසු කරමිනි. ඩීසල් දමා සේදීමේදී මාර සනිපයක් දැනුනි. :sorry:
    දැං ඔබ පුල පුලා බලා සිටි ඒ සුන්දර අවස්ථාව...
    මෙන්න එන්ජිම පණ ගන්වන මොහොත...
    රේඩියේටරයට වතුර දමා..
    ඩීසල් පොම්පය ගසා යතුර අල්ලාගෙන සිටියමුත් .. ‍මේක පණ ගැන්වුනේ නැත.
    පැයක් පමණ එහෙට මෙහෙට කුරුටුගෑමෙන් අනතුරුව දෝෂය ‍සොයා ගති.
    දැන් අවුල ඇත්තේ ඩීසල් ෆිල්ටරය සවි වන කොටසේය...

    Po265gJ.jpg

    (මේකේ ඔය උඩ තියෙන කෑල්ල)

    එයට අනවශ්‍ය ලෙස මිටියතින් පහර දෙද්දී එය අවසන් ගමන් යන්නට ඇති බව පියාටත් මටත් දුටු ගමන්ම වැටහුන නමුත් ගෝලයා එය එසේ නොවුනා සේ රගපෑමට තරම් දක්ෂ විය.
    අවසානයේ තවත් රුපියල් 3000ක් පමන ගෙවා හොද කෑල්ලක් ගෙනවිත් සවි කළෙමු..
    දැන් යලිත් පොම්ප කර මෝටරය කරකවද්දී... ටික වේලාවකින් රථය පණ ගැන්වුනි.

    අහෝ දුකකි... දැං මෙය චාර්ජ් වන්නේ නැත.
    ඉග්නේශන් ඔන් අවස්ථාවේීදී ඔයිල් හෑන්ඩ් බ්‍රෙක්, හීට් බල්බ් දැල්වුනත්.. චාර්ජ් බල්බය පත්තු වූයේ නැත.
    මල කෙලියකි. මෝටරය ගසා බැටරියත් පණ අදියි...
    ඒ මදිවට මෙය යලි ආරෝපනය වන්නෙද නැත. :sorry:

    ඔය බල්බ් පත්තු උනේ නැති උනාට මේක චාර්ජ් වෙනවා ඇති..
    ගෝලයා දිවට නොතේරෙන්නට කී විට... ඊබේ එකෙනං මා ගෙන්වා සවි කල වෝල්ට් මීටරය ඔන් කර වාහනය රේස් කර එහි අගය වෙනස් නොවන බව මා ඔහුට පෙන්වූයෙමි.
    රට පෙරලගෙන සිදුවූයේ කුමක්ද කියා සෙවීමේදී ඔල්ටනේටරයේ IC එකෙන් පැමිණන ලයින් එකක් ඇමිනීමට ගෝලයාට අතපසු වී ඇති බව දුටුවෙමු. වාහනය පණ ගන්වා දෙලොවටම ඇසෙන්නට රේස් කර ඇත්තේ එය ප්ලග් නොකරය.. :sorry:
    :eek:
    වේලාව දහවල් දොලහට ආසන්නය. පියානන්ව දහවල් එකට කලින් පාසල ලගට ඇරලවිය යුතු බැවින්... චාර්ජ් වීම සෙවීම පසුවට කල් තබා... වාහනයත් බයිසිකලයත් රැගෙන ගෙදර ආවෙමි.
    ආ මොහොතේ පටන් ෆියුස් චෙක් කලෙමි. වයර් චෙක් කළෙමි..
    මොන සෙල්ලම දැම්මත් වාහනය චාර්ජ් නොවේ..
    අවසානයේ අද හවස් ව‍රුවේ රෝගය සොයා ගතිමු...

    වයර් එක නිසි පරිදි සම්බන්ධ නොකර වාහනය පණ ගැන්වීම නිසා.. නිපදවෙන විදුලියට කර කියා ගත දෙයක් නොමැතිව..මෙන්න මෙයා අවසන් ගමන් ගොස් ඇත.
    uY9SZS5.jpg


    ගෝලයා ගැන ඇති වූයේ මාර සතුටකි. :oo:

    1ChyccB.jpg


    අවසානයේ එය ගලවා දමා... ඩිරෙක්ට් ලයින් එකක් දුනෙමි.
    දැන් එන්ජිම රේස් කරන්නට කරන්නට බැටරිය ඕවර් චාර්ජ් වේ...
    එය නැවතීම සදහා මීටරය බලා එය 14 V ඉක්මවන විට OFF කිරීමට එලියෙන් ස්විචයක් දමා ගතිමි. මේ සියල්ල කලේ ආත්තම්මා රැගෙන හෙට රෝහලට හා පන්සලට යා යුතු නිසාය. :sorry:
    හෙට උදෑසනින්ම කඩයකට ගොස් ඉහද දැක්වූ IC එක ගත යුතුය.
    එතෙක් මීටරය දෙස බල බල ස්විච් එක On/Off කරමින් මා දුවමි.

    සෑහෙන පාඩම් ගොඩක් මට උගන්වමින්.. වැනට් එකේ ඉන්ජෙක්ටර් හැදීමේ කටුව මෙතෙකින් නිමාවට පත්වන වගයි...හරි කවුද වැරදි කිව්ද කියා තීරණය කිරීම ඔබට භාරයි.

    ඉවරයි කිව්වට ඉවර නෑ... තව තියෙනවා...
    හෙට අර IC එක අරං හයි කරන්න ඕනේ.. :sorry:

    තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්‍යක් තවත් නැත :sorry:
    :(දැනට එපමණයි..!

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කටු 2ම දැනුයි කියලා ඉවර උනේ 2න්නාටම මහන්සි නොබලා අපි වෙනුවෙන් කටු ලිව්වාට ගොඩාක් ස්තුතියි
    2ම කොට් කරලා වෙන වෙනම විස්තරයක් ලියන්නම් හෙමිට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!



    පස්සේ කරපු වැඩේ උඩ ඇන දෙකක් විතරක් බුරුල් කරලා.... මේන්න මෙයාව එලිය‍ට ඇදලා ගත්තා.
    QPeK3un.jpg


    තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්‍යක් තවත් නැත :sorry:
    :(දැනට එපමණයි..!

    [/SIZE]

    තනි අතින් කට්ටක් කාගෙන කටු ලිව්වට ස්තුතියි මචන්...

    වැනට් කිව්වාම ඇඟ සීතල වෙනවා බන්... ඔය ටයිමින් වීල් එකේ තියන මිටි පාරවල් දෙකක් වගේ තැන් දෙක උඹ දැක්කද??? ඒ තැන් වැලි කොලයක් අල්ලලා සුමට කරලා නේද හයි කරේ...

    වැනට් එකේ ඩීසල් පොම්පේ ගහද්දි බොහොම පරෙස්සමට කරන්න ඕන... හරිනම් ෆිල්ටර් එක අතින් අල්ලාගෙන පොම්පේ ගහන එක තමයි හොඳ.. නැත්තම් ඕක හයිකරලා තියන තහඩු කෑල්ලෙන් පහලට ඇද වෙනවා.. ඊට පස්සේ feed pump එක පැත්තකට බර වෙලා බහින්නෙ ... එහෙම උනාම ෆිල්ටර් හෙඩ් එක එලොව යන්න තියන ඉඩ කඩ වැඩියි...

    උඹ කරපු ලොකුම වරද තමයි ඩීසල් පොම්පේ හදන එවුන්ට කියල ටයිමින් වැඩේ කරවපු එක... මමනම් ඩීසල් පොම්ප රෙපෙයාර් එකට අරන් යන්නේ වාහනේ මගේ ගරාජ් එකේ ගලවලයි....


     
    Status
    Not open for further replies.