අනේ මචන්ලා උබලා උබලා හිත් අමනාප කර ගන්න එපා ..හැමෝම එකා වගේ ඉන්න ඕනේ..
බඩා මාමගේ කාර් එක සම්බන්දව මට තේරෙන දේවල් ටිකක් මම කියන්න කැමතියි...
මම ඒ කාර් එක තාම ඇස් දෙකට දැකලා නෑ...ඒත් මේ දිරුම් තියෙන ෆොටෝ දිහා බැලුවම මට තේරෙන දේ තමයි මේ කාර් එකට දැන් සම්පුර්ණ අලුත්වැඩියාවක් අවශ්‍ය බවයි..ඒ කියන්නේ කාර් එක සම්පුර්ණයෙන් ගලවලා මේ දිරුම් කපලා අලුත් තහඩු ගහලා නැවත පේන්ට් කරන්න..මොකද ඔය පෙන්න තියෙන දිරුම් වගේම නොපෙනෙන දිරුම් ගොඩක් යට තියෙනවා..ලාම්පුව අල්ලලා දිරපු හරිය විතරක් කපලා ගැහුවට තව පොඩි කාලෙන් අර මතු වෙන්න තිබ්බ දිරුම් ටික උද විත් හිල් වෙන්න ගන්නවා..උදාහරණයක් විදියට ගත්තොත් මගේ බයික් එකේ ටැංකිය දිරලා එක තැනකින් හිලක් ආවා..එක හදන්න ගෙනිච්චම බාස් කිව්වා කතාව තමයි,ඔතන විතරක් වැල්ඩින් ඩොට් එකක් තියලා පාස්සලා දෙන්න පුළුවන්,හැබැයි ඇතුල් පැත්තෙන් ඕක දිගටම දිරලා නිසා තව මාස ගානකින් තව තැනකින් හිලක් හැදෙන්න පුළුවන් කියලා..ඒක මම පිලි ගත්තා...ඉතින් ටැංකියේ මුළු අදියම අලුතෙන් ගේජ් ඒක ටිකක් වැඩි තහඩුවෙන් සම්පුර්ණ පස්සලා පේන්ට් කළා..දෙයියනේ කියලා අදටත් හොදට තියෙනවා ටැංකිය...
මාමා මේ කාර් ඒක දිගටම තියා ගන්න අදහස් කරන් ඉන්නවා නම් ටිකක් වියදම් කරලා ෆුල් රීස්ටෝර් පාරක් දාන්න...එතකොට බය නැතුව ඔය කාර් ඒක තව අවුරුදු 10 ක් විතර ලෙඩක් නැතුව තෙමෙන්නේ නැතුව පදින්න පුළුවන්...
හැමෝටම ජය වේවා..!!!!