ධවල_පත්‍රිකාව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙක දිවයිනෙ තිබ්බ ලිපියක්. මෙකෙ ගොඩක් ඉන්නෙ 1990න් පස්සෙ ඉපදිච්ච් උන් නෙ. දවල පත්‍රිකාව ගැන අහලා තිබ්බට දන්නෙ නැතුව ඇති මොක්ද්ද මොනාද මෙකෙ තිබුනෙ කියලා. එ නිසා කියවලා බලන්න



    කුප්‍රකට අධ්‍යාපන ධවල පත්‍රිකාව යනු කුමක් ද?


    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ.

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    * ඉදිරිපත් කළේ කා විසින් ද? කවදා ද?
    අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1982 ජනවාරි මස 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    *විරුද්ධ වූයේ කවුද?

    එවකට අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියෝ.

    සියළුම විරුද්ධ පක්ෂ.

    මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ද මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අදාළ යෝජනා පිළිබඳව ජනතාව දැනුවත් කළහ

    බෞද්ධ අධ්‍යාපනයට සිදුවන හානිය පෙන්වාදෙමින් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්, බද්දේගම විමලවංශ අනුනායක හිමියන්, අකුරැටියේ අමරවංශ නායක හිමියන් වැනි සම්භාවනීය පැවිදි නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්ද ගිහි බෞද්ධ නායකයකු වූ අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා බෞද්ධ සමිති නියෝජිත සභාව රටපුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන ගියේ මේ පිළිබඳව ගිහි බෞද්ධ ජනතාව සහ භික්‍ෂුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහාය.

    කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සංගමයද මෙම ධවල පත්‍රිකාව මගින් සිංහල භාෂාවට සහ බෞද්ධ අධ්‍යාපනයට සිදුවන විනාශය පැහැදිලි කරමින් දීර්ඝ ප්‍රකාශනයක්‌ නිකුත් කොට තිබිණි.

    පනත කුමක් සඳහා ද?
    ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සහ පුද්ගලීකරණ සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීම සඳහා ය.

    විශ්ලේෂණ
    ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්‌ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.

    සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස්‌ අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව විරුද්ධ වූ දේශපාලන ධාරා විසින් පෙන්වා දෙන ලදී.

    විරුද්ධව නැගී ආ ජන මතය මර්ධනය කිරීම සහ අකුලා ගැනීම.
    ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා එම ඉල්ලීමට ඉඩදීම නිසා ධවල පත්‍රිකාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එය 1982 ජනවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය විය.

    ඒ අනුව යළිත් ජනවාරි 21 දා මෙම ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රටපුරා පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාලවල සිසුන් පාරට බැස එයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට වූහ.

    ගාලුමුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අවට දැඩි පොලිස්‌ ආරක්‍ෂාව යොදවා තිබූ නමුත් දහස්‌ ගණන් සරසවි සිසුන් හා භික්‍ෂුන් වහන්සේලා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරෝධය පළ කිරීම සඳහා ගාලු මුවදොර පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්‌වූහ.
    "අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉරාදමව්, නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු නොකරනු, වරප්‍රසාද ලත් කොටසකට උසස්‌ අධ්‍යාපනය යළි සීමා නොකරව්" ආදී වශයෙන් වූ සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමීව පදිකවේදිකාවේ පෙළගැසී සිටි භික්‍ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය පහරදුන්නේය. අශ්වයින් පිට නැඟුණු පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ සිසුන්ගේ ඇඟට අශ්වයන් පැන්නවූහ. කරකියා ගන්නට දෙයක්‌ නැතිවූ අහිංසක සිසුහු මුහුදට පැන්නාහ. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක්‌ම තුවාල ලැබූහ.

    අශ්වාරෝහක පොලිස්‌කාරයන් සිසුන් වෙත අශ්වයන් පන්නා ඔවුන් පලවා හැරියේ අශ්වයාට තලන කසයෙන් සිසුන්ට පහර දෙමිනි. ඇතැම් භික්‍ෂුන් වහන්සේලාටද එම පොලිස්‌කාරයෝ අශ්ව කසයෙන් පහර දුන්හ.

    මේ අවස්‌ථාවේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේත්, ඇතැමුන් එම බිම් ප්‍රදේශයේත් සිට මේ දර්ශනය නරඹනු දක්‌නා ලදී.

    පොලිසියේ මෙම අස්‌ප පහරදීම වරින්වර සිදුවූ නමුත් සිසුහුද සටන් පාඨ කියමින් යළි යළිත් පදික වේදිකාවේ පෙළ ගැසුණාහ.

    කීප වතාවක්‌ම මෙසේ සිදුවෙද්දී කුළු පොලු රැගත් කැරලි මර්දන පොලිස්‌ හමුදාවක්‌ද එම ස්‌ථානයට පැමිණ සිසුන් පසුපස එළව එළවා පහර දෙන්නට වූයේය. එයින් සිසුහු කීප දෙනෙක්‌ම තුවාල ලැබූහ.

    අන්තිමේදී රටේ සෑම දෙසින්ම එල්ල වූ විරෝධය මධ්‍යයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉවත්කර ගැනීමට එවකට අධ්‍යාපන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

    උපුටා ගැනීමකි.
    http://www.divaina.com/2014/08/18/mano05.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රනිල්ට මඩගහන්න එපා යකෝ :no::no::oo::oo::dull::baffled::lol::lol:

    මච්න් මඩ ගහන්න නෙමයි මම මෙක දැම්මෙ. මෙවා මිනිසුන් දැන ගන්න ඔනි. රනිල් සටන් විරාම ගිවිසුම හරහා. කරන්න හදපු දෙයට වඩා ලොකු දෙයක් මෙක සිද්ද් උනා නම්:)
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    රනිල්ට මඩගහන්න එපා යකෝ :no::no::oo::oo::dull::baffled::lol::lol:
    මඩ නෙවෙයි යකෝ ඕව ඇත්ත .:frown: ලංකාවේ මිනිස්සුන්ට ඔය අතීතය මතක නිසා තමයි රනිල්ට ඔච්චර අකමැති. එකියි ඕක ඔච්චර පරදින්නේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පැටියා;18741806 said:
    ධවල පත්‍රිකා නැතත් දෙක තුනක් ඇර අද වෙලා තියෙන්නෙ ඔය ටිකම නේද? :eek:

    ewtin putha uba kiyanne oka hri kiyalada ?/ mach eyaa karapuwa meya kala kiyala eka sadaranayi kiyanna baha. therum ganin
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යම් යම් සාධනීය දේවල් අන්තර්ගතයි... එ් කාලේ බොරැවට විර‍ෝධය පාන්නෙ නැතුව දෙපැත්තම එක මැද තැනකට ආවනන් වටිනව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යම් යම් සාධනීය දේවල් අන්තර්ගතයි... එ් කාලේ බොරැවට විර‍ෝධය පාන්නෙ නැතුව දෙපැත්තම එක මැද තැනකට ආවනන් වටිනව.


    යම් යම් සාදනිය දෙවල් අන්ත්‍ර්ගත්යයි හමදෙකම. මරිජුවනත් ගන්නවා බෙහෙතක් විදියට. එහෙම නෙමයි පුතෙ බලන්නෙ සම්ස්ත්යක් විදියට මෙක හොද්ද නරකද කියලා.

    උබට එක තෙරුනෙ නැත්ත්ම් මම මෙහම් කියන්නම්. දැන් සුද්දො අවිත් කියනවා ලන්කාවෙ හැම මිනිහම මරනවා කියලා.

    එතකොට හොරු මන්කොල්ලකරයො කුඩු කාරයො එතකොට මුස්ලිම් උන් උබ දකින විශියට ඔක්කොම මැරෙනවා එක සාඅදනියයි

    එත් මිනිසුන් ඔක්කොම මැරෙනවා ලනකව්වෙ සම්ස්ත්යක් විදිඅට ගත්තම කොහොමද??
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යම් යම් සාදනිය දෙවල් අන්ත්‍ර්ගත්යයි හමදෙකම. මරිජුවනත් ගන්නවා බෙහෙතක් විදියට. එහෙම නෙමයි පුතෙ බලන්නෙ සම්ස්ත්යක් විදියට මෙක හොද්ද නරකද කියලා.

    උබට එක තෙරුනෙ නැත්ත්ම් මම මෙහම් කියන්නම්. දැන් සුද්දො අවිත් කියනවා ලන්කාවෙ හැම මිනිහම මරනවා කියලා.

    එතකොට හොරු මන්කොල්ලකරයො කුඩු කාරයො එතකොට මුස්ලිම් උන් උබ දකින විශියට ඔක්කොම මැරෙනවා එක සාඅදනියයි

    එත් මිනිසුන් ඔක්කොම මැරෙනවා ලනකව්වෙ සම්ස්ත්යක් විදිඅට ගත්තම කොහොමද??

    ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.

    ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.

    ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.

    හා :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.

    ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.

    මම හිතාගෙන හිටියේ උඹ අන්ධ විදියට කඩේ යන බයියෙක් කියලා .දැනුයි තේරුනේ අනිත් අයව කෙන්ති ගස්සලා ආතල් ගන්න පොරක් කියලා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.

    ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.

    මෙච්චර කාලයක් මම උඹ ගැන හිතන් හිටපු විදිහ වැරදියි මිත්‍රයා... උඹ වහලෙක් නෙවෙයි... දුප්පත් මිනිස්සු වහල්ලු කරන්න ධනපති පන්තිය වෙනුවෙන් පෙනී හිටින කට්ට කපටි කයිරාටික පුද්ගලයෙක්...

    ධවල පත්‍රිකාවේ රටේ අද්‍යාපනය වෙනුවෙන් වැදගත් කියල තියෙන්නේ මෙන්න මෙච්චරයි..

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ගොඩක් වැදගත් .. අද තමයි දැනගත්තේ .. :yes:
    ඒ උනාට මේකේ තියෙන ඒවායින් පොඩි පොඩි කාරනා ටිකක් උනා නං හොඳයි කියලත් හිතෙනවා .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    රනිල්ගේ හොඳ වගේම නරකත් තියෙනවා. රනිල්ව පාලනය කරන්න රනිල්ට බය නැති උගත් මැති ඇමතිලා ආණ්ඩුවෙත් විපක්ෂයෙත් ඉන්න ඔනේ.