වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    සෙරින එන්ජිම 1 කොටස..

    කාලෙකින් කට්ටක් ලියන්න බැරි උන නිසා ඔන්න කට්ටක් ලියන්නයි යන්නේ... මේකත් කටු ත්‍රෙඩ් එකේ සාමාජිකයින්ගේ දැඩි ඉල්ලීම නිසාමයි ලියන්නේ ඔන්න.. නැත්තම් මේ දවස්වල කටුවක් ලස්සනට ලියන්න තරම් කාලගුනේ ඒ තරම් සුවදායක නැහැ...

    කටු කීපයක් ගැන හිතල බලල ඔන්න සෙරීනාව ගැන කට්ටක් ලියන්නයි යන්නෙ ..

    tn_DSCN6377_2.jpg


    ඔන්න මේ කියන සෙරීන එක රජයේ ආයතනයකට කුලියට දීලයි තිබ්බෙ .. දිව්වේ මගේ රියදුරා... රජයේ ආයතනයට අමතරව අනෙකුත් එන හයර් දිවා රෑ නොබලා දුවල මගේ සාක්කුවට මුදල් ගෙන්න හරි හරියට දායකත්වයක් දක්වපු වාහනයක් තමයි මේ කියන භාන්ඩෙ .. ඩීසල් තියෙනවනම් ලෝකෙ එහා කොනට උනත් දුවනව කිසිම ගානක් නැහැ.. ටිකක් හිතට ගනිල්ලා මේක ගෙදරක සැපට හැදිච්ච බල්ලෙක් වගේ සැපට තියන එකක් නෙවෙයි මාසෙට කිලෝමීටර 4000-5000 ත් අතර දුවන එකක් හොඳේ...

    ඔන්න දවසක් රියදුරා උදේ මා වෙත රපොර්තු කරා රේඩියේටර් එකේ ඔයිල් ගතියක් වගේ තියෙනව කියල... කොමර්ෂල් වැඩ වලට දුවන වාහන කඩෙනකම් හදන්නේ නැති තියරිය පිට මම උපදෙස් දුන්න හීට් එක ටිකක් ඇහැ ගහගෙන පුළුවන් තරමක් දුවන්න කියල.. ඔන්න ඔය සිද්දියෙන් පස්සේ සති දෙක තුනකින් රියදුරා ඇමතුමක් දුන්න ඒ අවාසනාවන්ත කතා පුවත ගැන කියල ... වාහනේ හීට් එක මුදුන් වෙලාලු... වතුර දාන්න දාන්න රේඩියේටර් කටින් උඩට උතුරනවලු ... ඒ කියන්නේ මිත්‍ර වරුනි ගෑස්කට් එකට කෙලවෙලා...වාහනේ නැවතිලා තියෙන්නේ මගේ යාලුවෙකුගේ සර්විස් එකක් අහල පහල නිසා වාහනේ සර්විස් එකට දාල ගෙදර යන්න කියල රියදුරාටත් දැනුම් දීල වාහනේ හදන විදිහක් කල්පනා කරන්න ගතපි..

    ඔන්න මම හනික බොහොම අමාරුවෙන් නිවාඩුවකුත් අනුමත කරගෙන (නිවාඩු ඉතින් ලොක්කගේ ගෙදරින් ගෙනත් දෙන එව්වා වගේලු ) ගෙදර ආව හැකි ඉක්මනින් වාහනේ හදවන්න... රජයේ ටෙන්ඩර් වලට වාහන දුවද්දී ටෙන්ඩර් පටිපාටියට අනුකුල නැති ක්‍රියාවක් සිද්දකරොත් ( අපි වගේ මහන්සියෙන් හම්බුකරන එවුන්ට විතරක් ) ටෙන්ඩරය කැන්සල් වෙන්න ඉඩ තියෙන නිසා අපේ අදාළ වාහනේ රාජකාරියට යවන්නේ නැත්තම් ඊට සමාන අනුමත වාහනයක් සැපයිය යුතුයි...

    කාලයක් දුවන ටෙන්ඩර් එක නිසා ඒ හා සමානම වාහනයක් සැපයුවේ නැති උනත් මොකක් හෝ රෝද 4ක් උදෑසන 8 වෙද්දී කාර්යාලයට යැවිය යුතුයි..ඔන්න දෙයියනේ කියල කුලියට ගත්තු ලයිට් ඒස් එකක් වැඩේට යවන්නත් සුජානම් කරගෙන පහුවදා වාහනේ ගලවන්න සියල්ල සැලසුම් කරා කියමුකෝ...අර කලින් කියපු ලයිට් ඒස් එකට මම ගෙවන්න ඕන මුදල මගේ වාහනේට දවසකට ලැබෙන මුදලට වඩා අඩු උනත් ටෙන්ඩරයට ඇහැ ගහගෙන ඉන්නා පාර්ශව වලට ලයිට් ඒස් එක ඇසගටීමට පෙර හැකි ඉක්මනින් වාහනේ හදල යැවීම තමයි අරමුණ... මගේ රියදුරත් ලයිට් ඒස් එක දුවන්න කැමතිම නැති තරම්... මොකද කියනවනම් බ්රේක් එකට කකුල තිබ්බාම ලයිට් ඒස් එක නවතින්නේ ලයිට් කණුවක් තාප්පයක් දිහා බලාගෙනමයි ... ස්ටියරින් එකේ වටයක් විතර ප්ලේ ...වයිපර් වැඩ නැත.. AC නොමැත ...වැස්සොත් සදා සොත්ති...දොරවල් අතරින් වතුර දෝරේ ගලයි...දොරවල් උස්සා වැසිය යුතුයි.. නැත්තම් දොර බිම...පවර් ස්ටියරින් නොමැත...රියදුරු සහයකට අලියෙක් වැඩට ගත්තත් එක තැන කපන්න අලියටත් අමාරුයි...මුණ ජපන් , කඳ ජර්මන් , බෙල්ල ඉතාලි වර්ගයේ එකක්... 50 ශ්‍රී පරණ ලයිට් ඒස් එකකට අලුත් මුණක් බට් කරලා විනාස කරපු අවජාතක වාහනයක්... ඥාතියෙකුගේ වාහනයක්... එපා කියද්දී ගතපු මරාලයක්... මුල්ලක්වත් කොහෙහරි වැදුනොත් හදල දෙන්න වෙනවා ඥාතිකම රැකගන්න... හැබැයි එකට බොඩි පාර්ට්ස් හොයන්න ජපන් යන්න වෙනවමයි....එන්ජිම ඇරුනාම ඔක්කොම අවජාතක බඩු ...

    දැන් ඔන්න වාහනේ ගලවන්න හිතාගෙන සුපුරුදු ගරාජ් එකේ බාස් උන්නැහේ වෙත ගියා කියමුකෝ... මේන් මේකාගේ මිදුලෙ වාහන පිරිල ... සතියකටවත් හදල දෙන්න බැහැ කියාපි... මටත් ගලවන්න විදිහක් නැහැ ඒ දවස්වල තිබ්බ වැදගත් රාජකාරියක් නිසා නිවාඩු ගැනීමට නොහැකිය...ගැලෙව්වත් තනියම හයිකරන්න බයයි ටයිමින් බෙල්ට් දෙකක් නිසා පළපුරුද්ද අත්‍යවශ්‍යයි...A බාස් උන්නැහේ සුපිරි බාස් කෙනෙක් වගේම වැඩ සුපිරිසිදුවත් විශ්වසනීයවත්, 100% කම හරියටම කරන වැඩකරුවෙක්... හැබැයි වයසයි... හදිසි වැඩ භාරගන්නෙම නැති තරම්...සමහර වාහන මාස ගණන් මිදුලෙ ... දැන් plan B ක්‍රියාත්මක කරන වෙලාව... A බාස් බෑ කිව්වොත් B බාස් ලඟට යන්න වෙනවාමයි තියන හදිසියේ හැටියට... B බාස් තමයි මගේ 13 වැනට් එකේ එන්ජිමත් ගලවල මට ලොකු ගානක් පාඩු කරපු මක බාස් උනාට මගේ ඉක්මන් කම නිසා වෙන විකල්පයක් නැතුව ගියා කිව්වොත් තමයි නිවැරදි... ඔන්න B බාස් ගාවට ගියා කියමුකෝ.....සෙරින එන්ජිමක් හදන්න ඒ වෙලාවේ ගමේ හිටිය බාස්ල හතරදෙනයි.. හතරදෙනාගෙන් තුන්දෙනේක්ම මේ කියන බාස් උන්නැහේගේ ගෝලයෝ.. අනික් 4 වෙනි බාස් රේසින් වැඩ වලට දුරක ගහින්..එයත් සුපිරි වැඩකාරයෙක්... ක්ලීන් වැඩ ටික විතරයි කරන්නෙ ... කොහෙහරි රේස් එකක් තිබ්බොත් ඒක බලන්න යනවමයි...

    B බාස්ගෙන් වැඩක් කරගන්න ටිකක් අමාරුයි.. හේතුව ගෙදර ගරාජ් එකක් නැහැ...වැඩ කරන්නේ වාහනේ තියන තැනට ඇවිත් ... බොන්න ගත්තාම සතියක් දෙකක් එක දිගට පැය 24 ම කන පැලෙන්න බොන පොරක්... මාසෙන් සති දෙකක් බොන සහ සති දෙකක් වැඩ කරන ගනයේ බාසෙක් .. A බාස්ගේ ගෝලයෙක්... හැබැයි A බාස් රෙකමදෝරු නොකරන කෙනෙක් බීමත්කම නිසා...

    3124955-thinking-drunken-man-at-the-table.jpg


    මගේ කරුම වෙලාවට B බාස් බොන්න අරගෙන දවසයිලු... මම යද්දිත් ටිකක් මද පමණට දාගෙන... එත් තියන හිතවත්කම නිසාත් ... මගේ කරදරෙන් බේරෙන්න බැරි නිසාත් ඔන්න B බාස් එකඟ උනා පහුවදා උදේ එන්ජිම ගලවල ගෑස්කට් එක දාන්න...මල් හතයි...ඔන්න අපි තීරණය කරගත්ත වැඩි පහසුව සඳහා මගේ යාළුවගේ සර්විස් එකේම වාහනේ ගලවන්න... මොකද මට දවල් වරුවේ රැදී සිටින්න අපහසු නිසාත් එතන අවශ්‍ය වෙලාවට උදව්වකට කොල්ලෙක් දෙන්නෙක් ඉන්න නිසාත්...

    ඔන්න උදේ පාන්දරම කුකුලත් මල්ලේ දාගෙන බාස් උන්නහෙවත් දාගෙන අවශ්‍ය කලමනාත් දාගෙන පිටත් උනා වාහනේ ගලවන්න දාල රැකියාවටත් ගිහින් අමතර කොටසුත් අරගෙන එන්න කියල හිතාගෙන.. දෙයියනේ කියල B බාස් සර්විස් එකට දාල වාහනේ ගලවන්න ඕන කරන පහසුකම් සියල්ලත් ලැහැස්ති කරලා දීල උදේට කන්නත් අරන් දීල දවල්ට කන්න කියල මොනර කොලේකුත් සාක්කුවට දාල මම කොළඹ AC එකක එල්ලුනා රස්සාවටත් ඔලුව දාල ගෑස්කට් එකත් අරන් එන්න කියල හිතාගෙන...

    ඔන්න දෙයියනේ කියල ලොක්කට යන්තම් මුණ පෙන්නලා ශේප් වෙලා නමට 1 දාගෙන (මට අත්සන් කරන්න දෙයක් නැහැ මගේ සේවා ස්ථානය කතරගම නිසා.. නිකම් මුණ පෙන්නලා රාජකාරී අවශතාවය පැහැදිලි කරන්න පමණයි තියෙන්නේ ) පංචිකාවත්තෙන් අවශ්‍ය කලමනාත් අරගෙන නැවත ගාලු AC එකක එල්ලුනා ඉක්මනින් අදම වාහනේ හයි කරගන්න හිතාගෙන.. B බාස් පොරොන්දු වෙලා උන්නේ මම බඩු අරන් එද්දී හෙඩ් එක ෆේස් කරලා ගෙනත් තියන්නම් කියල..

    ඔන්න මම බස් එකේ සොමි නින්දකුත් දාල සර්විස් එක ගාවින් බැහැල ගියා සර්විස් එක ඇතුලට.... හෙඩ් එක ෆේස් කරලා ගෙනත් තිබේ... එත් බාස පෙනෙන්නට නොමැත... ටිකක් විපරම් කරලා බැලුව මු කොහෙද කියල... සර්විස් එකේ කොල්ලෝ දැන් මට අමුතු හිනා මුණක් තමයි දාන්නේ... මට නිකම් වැඩේ ටිකක් අප්සැට් .. හොඳට විපරම් කරලා බැලුවාම.. මෙන්න බොලේ මු...

    drunk-pranks-funny-05.jpg


    කන පැලෙන්න ගහන ගොරෝද්දේ ඇද ඇද වෑන් එක යට සැපට බුදි...ටූල්ස් හැමතැනම ..බාස් උන්නැහේ හෙඩ් එක ෆේස් කරවාගෙන ඇවිත් තියෙන්නේ බෝතලේකුත් අරගෙනයි... මු බෝතලේම බීල බුදි.. මගේ වැඩේ අතරමග.. දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා කරපු ගොන් කමට තලාගන්න ඕන මටම නිසාත් බාසව යන්තම් ඇහැරගෙන ත්‍රී වීල් එකක දාගෙන ගිහින් ගෙදරට ඇරලුව බී මතේම උදේ වාහනේ හයිකරවගන්න පොරොන්දුව මත...

    ඔන්න ඒ උදෑසනත් උදා උනා... ගියා බාසගේ ගෙදරට... මු ඉන්නවා .. වැඩ කරන්න දහසක් නැති ගානයි... රෑ තවත් ගෙනල්ල බීල... වැඩ කරන්න බැහැලු ....:growl::growl::growl::growl:.දාහක් අසනීපලු ...

    5858-Hospital-Patient-In-A-Bed-A-Fish-In-His-IV-Container-Clipart-Illustration.jpg


    එයා බැහැයි කියද්දීලු මම එයාව අරන් ගිහින් වෑන් එක ගැලෙව්වේ...අද තව බොන්න ඕනෙලු.... ඊයේ බීපුව තාම වෙරිලු... හොඳ සිහි කල්පනාවෙන් එන්ජිම හයි කරන්න ඕනෙලු.... දාහක් බැරි අමාරුකම්... සෙරීන එකේ ටයිමින් බෙල්ට් දෙකක් තියන නිසා තනියම හයි කරන එක මටත් ඒ තරම් විශ්වාසයක් නැහැ.. මොකද ටයිමින් දෙකම තියන්න සෙරීන හයිකරපු පළපුරුද්ද තියන කෙනෙකුට සිම්පල්.... කොයිතරම් දැනුම තිබ්බත් සෙරීන එන්ජිම හයිකරන්න එන්ජිමේ නාඩි අල්ලන්න පුළුවන් බාස්ල ලංකාවේම හරිම අඩුයි.. එකයි හුඟක් ගරාජ් වලින් සෙරීන හදන්න බැහැ කියන්නේ...බාසා දැන් කියන්නේ වාහනේ කිසිම අවුලක් නැහැ හෙට උදේට ගෑස්කට් එක දාල හයිකරලා දෙන්නම් පැය හතරෙන් වැඩේ ගොඩ දාල දෙන්නම් කියල...හැබැයි හෙට උදේට වැඩේ කෙරෙන්නනම් අද බොන්න නොදී තියාගෙන ඉන්න එක මගේ වගකීම නිසා ඔෆිසියට ටෙලිග්‍රාමයක් ගහල අසනීප නිවාඩුවක් අරන් බාස්ගේ ගෙදරම කයියක් ගහගෙන චයිසීස් ගෙනල්ල දවල්ට රෑටත් කවල රෑ 12 ට විතර ගෙදර ආව..

    ඔන්න පහුව දා උදේ 6.30 වෙද්දී මම බාස්ගේ ගෙදර... මගේ පරක්කුවෙන් බාස බාර් එකකට සෙට් උනොත් ඒ දවසත් වතුරේ යන නිසා උදෙන්ම ගිහන් බුවා අල්ලගන්න එක මගේ රාජකාරිය...ඔන්න දෙයියනේ කියල බාසාව දාගෙන ගියා සර්විස් එකට... හුටා කිව්වලු... පෙරේදා වත්ත වටේම දාල ගිහිපු බාස්ගේ ආයුද භාගෙට භාගයක් සර්විස් එකට ආපු එවුන් හෝ මොකෙක් එකෙක් හරි ගල් කරලා කියපි.... දැන් මු මල පැනල මා එක්ක හෙන ගේම ආයුද නැතුව කොහොමද වාහනේ හයි කරන්නේ කියල.... වැඩේ කෙරෙන්න කොහොම හරි ඕන නිසා අවශ්‍ය ආයුද කඩෙන් අරන් එන්න මම පිටත් උනා බාස්ට අවශ්‍ය දේවල් ලැස්ති කරගන්න කියල...යන්න කලින් බෙර කාරයෝ ඉන්න සල්ලි කොලේකුත් දුන්න උදේට කාපිය කියල ... ඔන්න දෙයියනේ කියල අවශ්‍ය ආයුද ටිකත් අරගෙන නැවත සර්විස් එකට යද්දී....:growl::growl::growl::growl::growl:

    hugh_angry.jpg


    හුටා... මු ආයෙත් මේන් කොහෙන්ද භාගයක් ගෙනල්ල බීල කියහන්කෝ... බාසාව කන්න කේන්ති උනත් කේන්ති ගිහින් බැනගෙන වැඩේ කරගන්න බැරි නිසා බීමතේ හරි වැඩේ පටන්ගන්න තැනට හිත හදාගත්ත... ඔන්න දැන් බාස එන්ජිම හයි කරගෙන යනවා... මමත් සයිඩ් සපෝර්ට් එක දෙනවා... පැය හතරෙන් හයිකරන්ව කිව්ව එන්ජිම ඔන්න හවස 5 වගේ වෙද්දී හයි කරලා ඉවර උනා... උදේ ගහපු භාගෙට අමතරව තවත් බෝතලයක් කොහෙන්දෝ ගෙන්නාගෙන එකත් ටික ටික ගහන ගමන් තමයි මු වැඩේ කරේ.... මගේ ඉවසීම කොයිතරම්ද කියනවනම් ඒ තරම් ඉවසපු මට කොතනද ඉවසන්න බැරි කියල හිතෙනවා සිංහලු.... හිතාගනිල්ලකෝ අරක්කු බෝතල් එකහමාරක් බීපු එකෙකුගේ බයිලා අහගෙන එන්ජිමක් හයිකරනවා කිව්වාම... මගේ රුදිර පීඩනය එවෙලේ මනින්න තිබ්බනම් ලෝක වාර්තාවක් පිහිටුවන්න තරම් ප්‍රෙෂර් එකක් තියෙන්න ඇති... දැන් කල්පනාව එන්ජිම හරි කරලා ගිහන් චයිනීස් රෙස්ටුරන්ට් එකකටත් ගිහින් බොන්න... ගාස්තුවෙනුත් භාගෙකට වඩා මගෙන් අරගෙන ඒ වෙද්දීත්...

    ඔන්න දෙයියනේ කියල සෙරීන එක ස්ටාර්ට් කරා....

    6fceedb0da2c03fc35fec87641089c63.jpg


    හුටා.. මෙන්න බොලේ ආයෙත් වතුර උතුරනවා...:shocked::shocked::shocked::shocked:... බාස සර්විස් එකේ රෑම්ප් එකේ දිගාවෙලා බුදි... පොල්ලක් අරන් මටම ගහගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා දන්නා සියලු ශිල්ප දාල බැලුවත් අලුත් ගෑස්කට් එකත් ලීක් කියල තමයි මගේ දැනුම කියන්නේ... බාස බී මතේ කියන්නේ " ලොවෙත් මම දාපු ගෑස්කට් ආයේ ලීක් වෙලා නාහ් ....@#%$^&#%&$#%$^$(#&$^$ " වගේ කතාවක් .. හැබැයි තේරෙන නොතේරෙන භාෂාවෙන්....තවත් මේ බීපු කරුමේ ගෙවන්න බැරි නිසා ත්‍රී වීල් එකක් කතා කරලා වැඩිපුරත් ගානක් දීල බාස පටොල ගෙදර යැව්වා...

    දැන් තියෙන්නේ වාහනේ ඉක්මන් සහ හරි විදිහට හදාගන්න විදිහක් හොයාගන්න එක...ගලිවර්ගේ සුවිසැරියේ තිබ්බ මතකද " මට දැන් තියන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක " කියන කතාව... මටත් ඒ වගේ තමයි... මට දැන් තියෙන එකම ප්‍රශ්නේ වාහනේ හදාගන්න එක විතරමයි....මොකද වාහනේ දුවන ආයතනයේ OIC පැයෙන් පැයට කෝල් දෙනවා වාහනේ හැදුවද හැදුවද කියා කියා අහ අහ..

    ඔන්න වාහනේ හදාගත්තු විදිහ දැන් ලියන්න වෙලාව මදියිලු...

    මේ පොස්ට් එක කටු ජාතකයක් නිසා දිග වැඩියි... වාහනේ හදාගත්තු විදිහ ඊළඟ කොටසින් හැකි ඉක්මනින්ම...
     
    Last edited:
    • Like
    Reactions: laMir

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    සෙරින එන්ජිම 1 කොටස..

    කාලෙකින් කට්ටක් ලියන්න බැරි උන නිසා ඔන්න කට්ටක් ලියන්නයි යන්නේ... මේකත් කටු ත්‍රෙඩ් එකේ සාමාජිකයින්ගේ දැඩි ඉල්ලීම නිසාමයි ලියන්නේ ඔන්න.. නැත්තම් මේ දවස්වල කටුවක් ලස්සනට ලියන්න තරම් කාලගුනේ ඒ තරම් සුවදායක නැහැ...

    කටු කීපයක් ගැන හිතල බලල ඔන්න සෙරීනාව ගැන කට්ටක් ලියන්නයි යන්නෙ ..

    tn_DSCN6377_2.jpg



    එල එල උදේට කියවන්නම්

    මචං මට ප්‍රශ්නයක් උත්තරයක් දීපන්කො
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    D 1ට දාල බ්රේක් 1න් කකුල ගන්න කොට වාහනේ පොඩ්ඩක් දෙදරනවා , අස්ලෙටෙර් සෙන්සර් වල ප්‍රශ්නයක්ද ?

    වෙන්න බෑ ... එන්ජින් මවුන්ට්, ගියර් බොක්ස් මවුන්ට් හොඳනම් , ස්ලෝ රනින් එකට එන්ජිමට සැපයෙන තෙල් ප්‍රමාණයේ වෙනසක් හෝ ගියර් බොක්ස් එකේ වෙනසක්...ගියර් ඔයිල් හොඳයිද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machans la. mata podi help ekak denna. ubala wahana carpar la ne. mama mage car ekata nissan B14 ekata xenon HID conversion kit ekak fix kara. mokada thiyana halogen ekata mona reddak wath penne nathi nisa. mama fix kare 35W 8000k ekak.hithapu tharam habai eliya wadi wune naa ne machan. :( mama gatthe darley road eken. one year warrenty thiyanawa. kalpana kare mokakda karanne kiyala. :dull: 35W 8000k combination eka athi da? nattham 50W wenna onada? 50W ewa thibbe na.

    ඉලෙක්ට්‍රිකල් පැත්ත නම් දන්නේ ඉතිං හරිඳු මල්ලි තමයි... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉලෙක්ට්‍රිකල් පැත්ත නම් දන්නේ ඉතිං හරිඳු මල්ලි තමයි... :)

    වාහන ඉලෙක්ට්‍රිකල් ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි ඉතින් දන්න ටිකෙත් තේරුම් ගන්න එක තමා කරන්නේ..:yes:


    ඔක්කොටම කලින් කියන්න මචෝ දැම්මේ මේ ජාතියෙ බල්බ් එකක්ද? කාර් එකේ තියෙන්නේ ප්ලාස්ටික් රිෆ්ලෙක්ටර් එකක්ද?:rolleyes:

    mydepots-hid-bixenon-bulb.jpg
     

    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    ප්ලග් වල ඔයිල් තියෙන්න විදිහක් නැහැ මචන් air /fuel ratio එකේ වෙනසකට නේද...air /fuel ratio එක අවුල් නම් ප්ලග් කළු වෙනවා විතරයි... එත් මේකේ ප්ලග් එකක ඔයිල් තිබිල තියෙනවා..

    plug eke oil thibba scene eka mama danagena hitiye na machan. sorry :sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID දානවනම් ඇත්තටම ඔය තියන බල්බ් එක දාලා සමහර වෙලාවට වැඩක් නෑ.

    mydepots-hid-bixenon-bulb.jpg


    මොකද ඕක පාවිච්චි කරන්නේ ලයිට් එකේ ආපු රිෆ්ලෙක්ටර් එක. ඒක සවුත්තුනම් ඉතින් දැම්ම කියලා තේරුමක් වෙන්නෙ නෑ. 35W ඇති ගොඩක් වෙලාවට. අවුල යන්නේ ඔය බල්බ් එකට රිෆ්ලෙක්ටර් එක. අනිත් කේස් එක ඕකෙ ඩිම් එකත් ඇහැට අමාරුයි ටිකක්. :sorry:

    දානවනම් හොඳම වැඩේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකක් එක්කම HID කිට් එක දාන එක.

    d105.jpg


    චයිනීස් HID කිට් වල 35W, 55W දෙකටම එකම බල්බ් එක තියෙන්නෙ. බැලස්ට් එකෙන් තමා පවර් එක වෙනස් වෙන්නෙ. 55W දෙකක් දානවනම් ආයි වියදම් කරන්න එපා. ඊබේ එකෙන් බැලස්ට් දෙකක් ගෙනත් දාන්න.:yes:

    රිෆ්ලෙක්ටර් එක කොහොමද කියල බලන්න. අනික ඕක දැම්මම සමහර රිෆ්ලෙක්ටර් වලින් බීම් පැටර්න් එක හැදෙන්නෙ නෑ හරියට. තම කේස් එකක් තියනවා. සමහර රිෆ්ලෙක්ටර් උනුවෙනවා රස්නෙට. එහෙම වුනොත්නම් ඉතින් වැඩේ තව අවුල් යනවා..:no:
     
    Last edited:

    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    machans la. mata podi help ekak denna. ubala wahana carpar la ne. mama mage car ekata nissan B14 ekata xenon HID conversion kit ekak fix kara. mokada thiyana halogen ekata mona reddak wath penne nathi nisa. mama fix kare 35W 8000k ekak.hithapu tharam habai eliya wadi wune naa ne machan. :( mama gatthe darley road eken. one year warrenty thiyanawa. kalpana kare mokakda karanne kiyala. :dull: 35W 8000k combination eka athi da? nattham 50W wenna onada? 50W ewa thibbe na.

    machan 8000k daapu eka eka awulak. color spectrum eke agata yanakota output eka (lumens) adui. e kiyanne uba same 35W 4300K wage bulb ekak dammanam eliya wadie. godak welawata OEM enneth 4300k :)
     
    • Like
    Reactions: fakerandi

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan 8000k daapu eka eka awulak. color spectrum eke agata yanakota output eka (lumens) adui. e kiyanne uba same 35W 4300K wage bulb ekak dammanam eliya wadie. godak welawata OEM enneth 4300k :)

    ඔව් මේ කතාව කියන්න අමතක වුනා..:yes:

    හැබැයි චයිනීස් බල්බ් 4300K කියලා එන ඒවා සමහර වෙලාවට එලිය අඩුයි. මාගාව 4300K බල්බ් දෙකක් තියනවා ඒවා එලිය අඩුයි 6000 ඒවට වඩා. උන් බොරු කරලා විකුණනවා එක්කො. පාටෙ වෙනසනම් තියනවා එලිය අවුල් ඒ වුනාට. :dull:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    සෙරින එන්ජිම 1 කොටස..


    පොලයියේ එලම කට්ටක්. කාන්තාරෙකට වැස්සා වගේ. එක පාරට කටු season එකක් ඇවිත් 2,3ක් ආවා. ඊට පස්සේ No කටු. :yes::yes: Rep 10+
    PM එකක් දැම්ම අයියේ
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    සෙරින එන්ජිම 1 කොටස..
    මේ පොස්ට් එක කටු ජාතකයක් නිසා දිග වැඩියි... වාහනේ හදාගත්තු විදිහ ඊළඟ කොටසින් හැකි ඉක්මනින්ම...

    යකෝ මගේ ඇගේ මාළු නටනවා මේක කියවනකොට :angry:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු ත්‍රෙඩ් එක සෑහෙන්න දුර ගිහිල්ලා. මේ දවස් වල පිස්සුවෙන් වගේ වැඩ නිසා පැත්ත පලාතෙ එන්න විදියක් නෑ අප්පා. :( පිටු එකසිය ගානක් විතර ඇති කියවන්න.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටු ත්‍රෙඩ් එක සෑහෙන්න දුර ගිහිල්ලා. මේ දවස් වල පිස්සුවෙන් වගේ වැඩ නිසා පැත්ත පලාතෙ එන්න විදියක් නෑ අප්පා. :( පිටු එකසිය ගානක් විතර ඇති කියවන්න.

    මටත් එක්සෑම්..:sorry:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    වාහන ඉලෙක්ට්‍රිකල් ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි ඉතින් දන්න ටිකෙත් තේරුම් ගන්න එක තමා කරන්නේ..:yes:


    ඔක්කොටම කලින් කියන්න මචෝ දැම්මේ මේ ජාතියෙ බල්බ් එකක්ද? කාර් එකේ තියෙන්නේ ප්ලාස්ටික් රිෆ්ලෙක්ටර් එකක්ද?:rolleyes:

    mydepots-hid-bixenon-bulb.jpg

    sorry macho dan online awe. ow oya wage bulb ekak thamai damme. thiyenne H4 holder ekak. thanks for the reply machan. mama hithuwa kawuruth udaw karenakan nathi wei kiyala :love:
     
    Status
    Not open for further replies.