එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඉතින් කියපන්කො මොනවද හැදුවේ?:D බයිට් එකක් වත් හදන් වරෙන්කො අපිව බලන්න :D
    bread omelet
    potato chip omelette
    bacon bbq (ඉස්සො චිකන් bbq recipes නම් ටිකක් දම්මැ .. උම්බ දන්නවනෙ .. ;) )

    මම ඉතින් මෙ වගෙ පොඩි පොඩි දෙවල් තමා බන්ග් හදන්නෙ ...:)
    උම්බලනම් ඉතින් සුපිරි කුක්කොනෙ බන්ග් ;)...
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඊයේ අඹ නම් උයාගත්තෝ...... :love: පට්ට යකුනේ..... :D :love: හිටු ෆොටෝ කෑල්ලක් ගත්තා..... ඒකත් දාන්නම්...... :D :yes:
    ob_683561_89076089-p.gif
    ඒකනේ කිවේ :D
    කෝ ඉතින් photo ????? :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    watermelon juice :) :love:
    (watermelon, mint and lemon)

    a0cgp5.jpg
    ආඃ මේක හැදුවේ කොමඩු day එකටද ???
    mint දාල හදන juice නං ඕන එකක් මරු
    කෙට්ටු වෙන්නත් කදිමයි ;););)
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    කඩල හුන්ඩුවක් ගානට තම්බගනිං

    ලොකු ලූණු ගෙඩියක් ලියලා, අමු මිරිස් කරල් දෙකක් කපලා , සුදු ළූණු බික් දෙකක් තලලා, ඉඟුරු කෑල්ලක් තලලා ගනිං.

    තෙල් මේස හැඳි දෙකක් හරි මාගරීන් මේස හැඳි 02ක් විතර හරි රත් වෙච්ච තාච්චියකට හරි සෝස් පෑන් එකකට හරි දාපං.

    ඉස්සෙල්ලා සුදුලූණු ඉඟුරු දාලා රත්තරන් පාට වෙනකොට ඉතුරුවා දාලා තෙම්පරාදු කරගනින්. සුප්කැට බාගයක් තියෙනවා නම් තෙම්පරාදුවට දාපං. පට්ට රහයි එතකොට.

    ඒ ටික තාච්චියේ/ සොස්පෑන් එකේ අයිනකට කරලා බිත්තර දෙකක් අරගෙන කඩලා දාපං. දාලා බිත්තර දෙක බැදිලා කෑලි වෙන්න කූරු ගාපං. ගානට බැදිලා එනකොට තෙම්පරාදුවත් එක්ක මිස්ක් කරගනිං.

    අන්තිමට තැම්බුනු කඩල ටික ඕකත් එක්ක මික්ස් කරගනින්..

    සරළයි, ලේසියි, ලාබයි, රහයි..

    ඇඩේ මේක අසාර්ථක උනා ට්‍රයි කරලා ,තෙල් මදි උනාද මන්ද :eek::eek::frown::frown::frown::(:(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    SAM_1711.jpg



    පිටි අවශ්‍ය ප්‍රමාණයට
    ලුණු රස අනුව
    මීකිරි මේස අවශ්‍ය ප්‍රමාණයට(නැත්නම් එලකිරි)
    මාගරින්
    තෙල්

    ඉස්සල්ලාම පිටි ටික දාගෙන මී කිරි ටිකක් දාලා අනාගන්න ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් දාගන්න පදම මදි වගේ නම් වතුර ටිකක් දාල මාගරින් ,තෙල් හැදි දෙකක් තුනක් විතර දාල අතේ නොඇලෙන පදමට අනාගන්න .අනාගත් පටි ගුලිය පැයක් විතර තියන්න (අතවශ්‍යම නෑ) ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ගුලි කඩා ගෙන රොලර් එකකින් රොල් තුනි කරන්න තුනි කරගත් චපාති රොටි තැටියක දාල පුච්ච ගන්න.මේක පුච්ච ගන්න කොට චපාතිය හොදට පපඩම වගේ පිපිලා එනවා එහෙම පිපිලා එනකොට පිරිසිදු රෙදි කැල්ලකින් මෘදුව තද කිරිමෙන් තවත් පිපිම වැඩි කරගන්න පුලුවන් ගන්න මෙ විදිය දෙපැත්ත පුච්ච ගන්න .නැතිනම් ඩිරෙක්ට් ‍ෆේලේම් එකේන් පුච්ච ගන්නත් පුලුවන් මේකට නම් ටිකක් හුරුව තියෙන්න ඔනේ.හැබැයි මෙහෙම පිපිලා ආවට විනාඩියෙන් විතර හුලන් බැහැලා යනවා.


    roti-recipe13.jpg