ඔව් ඔව්. ඊගාව පාර ඉස්සරහින් අංකයක් දැම්මනම් හරි වගේ තමයි. මේ ඒක නෙමෙයි ත්‍රෙඩ් එක ඇදගෙන යන්න දෙන සප් එකනම් එලකිරි ඈහ්.
ඔයා දන්න මොනා හරි ජූස්, මිල්ක්ශේක් වර්ග තියෙනම් ඒවත් මේකේ දාන්නකෝ.

දැන් මං උයන්නේ නෑනේ...ඒ නිසා ඉතින් ෆොටෝස් උස්සල අරන් තමයි දන්න ඒවා දාන්න වෙන්නේ.......
ජූස් නම් ඉතින් මං එකම එකයි හදල තියෙන්නේ......
අඹ, දොඩම්, පැපොල්, කොමඩු, පැෂන්, අන්නාසි ඔක්කොම එකට දාල වතුර බින්දුවක් වත් දාන්නේ නැතුව බ්ලෙන්ඩර් කරලා අරන් ඕනි නම් සීනි ලුණු දානවා....වතුර දාන්නේ අන්තිමට බ්ලෙන්ඩර් කප් එකේ ගැවිලා තියෙන ටික ගන්න විතරයි.... මේකට බ්ලෙන්ඩර් කරනකොට යෝගට් ටිකක් දැම්මම තවත් රසයි.....ස්මූති එකක් තමයි මේ......
පලතුරු වල පාට අනුව වෙන වෙනම බ්ලෙන්ඩර් කරලා වීදුරුවකට දැම්ම නම් හරිම ලස්සනයි....ඒ වගේ පින්තූරයක් හොයල තව ටිකකින් දාන්නම්කො.....
ඔන්න පින්තූරයක් හොයල දැම්ම.....එක වගේ පාට පලතුරු එකට දාල මේ විදියට හදා ගන්න පුළුවන්.......