තරහෙන් අහක බලා...
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී
ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා
තව ආදරෙ වෙනවා...
පෙම් හසරැල් සඟවන් මුහුණේ
නැගෙන මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැඳිලා රහසේ
ඩිංගක් විහිලු කළා
ඇයි මේ තරහා වෙලා...
ලංවුනොතින් මොහොතක් ඔබගේ
සුවඳේ රැඳිලා මසිතේ
දුක් වියවුල් නිවෙමින් දැනුනා
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක් විහිලු කළා
ඇයි මේ තරහා වෙලා...
-අතුල අදිකාරී-
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී
ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා
තව ආදරෙ වෙනවා...
පෙම් හසරැල් සඟවන් මුහුණේ
නැගෙන මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැඳිලා රහසේ
ඩිංගක් විහිලු කළා
ඇයි මේ තරහා වෙලා...
ලංවුනොතින් මොහොතක් ඔබගේ
සුවඳේ රැඳිලා මසිතේ
දුක් වියවුල් නිවෙමින් දැනුනා
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක් විහිලු කළා
ඇයි මේ තරහා වෙලා...
-අතුල අදිකාරී-
