Defender යේ සැදෑ සමය

Defenderයේ උපත සිදුවන්නේ 1947. එහි මුල්ම design එක Red Wharf Bay හි වැල්ල මත ඇදී බව සැලකේ. 1947 සැප්තැම්බරයේ all-purpose වාහනයක් සදහා Rover සමාගමේ මූලාකෘතියට අනුමැතිය ලැබෙනවා. 1948 අප්‍රේල් 30 දින Amsterdam Motor show හිදී පළමු රථය එළිදක්වනවා. පසුව එය "Series I" ලෙස හැදින්වෙන අතර එය 80in wheelbase ද, අශ්වබල 50 ද, 1595cc පෙට්රෝල් මෝලකින්ද සමන්විත වන අතර මෙය pick-up body ආකාරයෙන් නිෂ්පාදනය කරන අතර මිල £450 ලෙස සදහන් වෙනවා. පළමු අව්රුද්ද තුල මෙම මාදිලියෙන් රථ 8000 පමණ නිපදව තිබේ. එයින් පළමු කාණ්ඩය බ්‍රිතාන්‍ය හමුදාව විසින් මිලට ගෙන ඇත. එම අවුරුද්දේම එනම් 1948 දෙසැම්බර් මස Station Wagon මාදිලිය නිෂ්පාදනය කරන අතර මෙය තරමක් මිලෙන් වැඩි නිසා රථ 641 පමණයි නිෂ්පාදනය කර තිබෙන්නේ. ඒවත් වැඩිහරියක් අපනයනය කිරීම සදහායි.
1950-1952 වර්ෂයන් තුල පෙනුම තරමක් වැඩිදියුණු කල අතර තිබු two- or four-wheel drive ක්‍රමවේදය 4x4 system ක්‍රමයට ප්‍රතිස්ථාපනය කරන ලදී. 1952 දී මෝල අශ්වබල 52 දක්වා සහ 1997cc වැඩිදියුණ කරන ලදී. Long wheelbase (107in) මාදිලිය 1954 හදුන්වාදෙන අතර short wheelbase මාදිලිය 86in දක්වා වැඩිකරන ලදී. 1957 නැවතත් short wheelbase මාදිලිය 88in දක්වාද Long wheelbase මාදිලිය 109in දක්වාද වැඩිකරන ලද අතර අතිරේක වශයෙන් අශ්වබල 52 සහ 2052cc සහිත ඩීසල් මෝලක් හදුන්වාදෙන ලදී. 1958 "Series II" හදුන්වාදෙන ලදී.
1961 දී නැවතත් "Series IIA" මාදිලිය හදුන්වාදෙන ලදී. මෙය ඉදිරිපස පාලන ක්‍රමයෙන් (Forward Control) යුක්ත four-cylinder ඩිසල් සහ six-cylinder පෙට්රෝල් මෝලවල් ලබාගත හැකි විය. මෙය බර වැඩ මාදිලියක් වූ අතර drop-side බදකින් යුක්ත විය. නමුත් 1966 දී එය 110in ඉදිරිපස පාලන ක්‍රමය සහ front anti-roll bar සහිත මාදිලියට ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම නව මාදිලිය 1972 දක්වා නිෂ්පාදනය විය. 1966 දී 500,000 වෙනි Land Rover රථය නිෂ්පාදනය විය. මෙතෙක් ඉදිරිපස grill එක අසල තිබු ඉදිරිපස පහන් 1969 දී විදෙස් වෙළදපොල ආරක්ෂක නීති පද්දති නිසා ඉදිරිපස වින්ග්ස් මතට ගෙන එන ලදී.
1971 ඔක්තෝම්බර් මස "Series III" හදුන්වාදෙන අතර එය ප්ලාස්ටික් grill එකකින්ද සම්පුර්ණ බද පළල (full-width) dashboard සහ fresh-air heater කින් සමන්විත විය.1976 දී සාර්ථක ලෙස 1,000,000 වෙනි Land Rover රථය නිෂ්පාදනය කරන අතර 1979 දී 3528cc V8 මෝල හදුන්වාදෙන ලදී. 1982 අප්‍රියෙල් plusher trim සහිත County Station Wagon මාදිලිය හදුන්වාදෙන ලදී.
1983 මාර්තු මස තමයි නව අප දකින ආකාරයේ රථය වන One-Ten මාදිලිය කරලියට එන්නේ. මෙය four-cylinder මෝලකින් සහ five-speed gearbox එකකින් සමන්විතයි. 1984 දී කලින් තිබු 2286cc ඩිසල් මෝල 2495cc ඩිසල් මෝලකට ප්‍රතිස්ථාපනය කරන අතර එම වසරේදීම Ninety මාදිලිය four-cylinder මෝලක් සහිතව හදුන්වාදෙන ලදී. 1985-1986 වර්ෂවල එතෙක් තිබු 2286cc පෙට්රෝල් මෝල 2495cc නව මෝලකට ප්‍රතිස්ථාපනය කරන අතර නව අශ්වබල 85 සහිත 2495cc turbo-diesel මෝල හදුන්වාදෙන ලදී.
මෙතෙක් කලක් Land Rover නමින් හදුන්වගෙන එන මෙම රථය 1990 දී අප කව්රුත් දන්නා එනම් Defender නමින් Defender 90, 110 සහ 130 ලෙස නැවත නම් කරනු ලබනවා. ඒ අශ්වබල 107 සහිත 2495cc turbo- diesel 200Tdi මෝල සහිතවයි. නමුත් එය 1994 දී අශ්වබල 111 සහිත 300Tdi මෝලකින් අභිභවනය කරන ලදී. 1998 දෙසැම්බර් මස අශ්වබල 122 සහිත five-cylinder Td5 මෝල Defender හි සම්මත මෝල බවට පත්වන ලදී.
2007 වර්ෂයෙහි මෙතෙක් තිබු සම්මත Td5 මෝල, අශ්වබල 122 සහිත Puma/DuraTorq TDCI four-cylinder turbo diesel මෝලකට ප්‍රතිස්ථාපනය කරන ලදී. තවද six-speed gearbox ද, නවීන dashboard සහ Station Wagon හි ඉදිරිපසට මුහුණලා සැකසු පසුපස ආසන හදුන්වාදෙන ලදී. 2007 වර්ෂය defenderහි විශාල පරිණාමයක් වූ වර්ෂය ලෙස සැලකේ. 2012 දී මෙතෙක් තිබු 2.4L මෝල වෙනුවට 2.2-litre ඩිසල් මෝලක් ප්‍රතිස්ථාපනය කරන ලදී. 2013 වර්ෂයේ Land Rover. සමාගමට වසර 65 පිරිම නිමිත්තෙන් LXV Special Edition මාදිලිය නිකුත් කල අතර 2015 දී ඔවුන්ගේ 2,000,000 වන Defender රථය නිෂ්පාදනය කරන ලදී. එම රථය 2015 දෙසැම්බර් 16 දින London වල Bonhams හිදී වෙන්දේසි කිරීමට නියමිතයි. Defender හි බෝහෝ දුරට අවසන් වසර වන 2015 දී මාදිලි තුනක Limited Edition Defenders නිෂ්පාදනය කරන ලදී.
Last edited:




