Defender යේ සැදෑ සමය

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Defender යේ සැදෑ සමය​


    0.jpg

    :D
    :D
    :D
    :D
    :D

    Defenderයේ උපත සිදුවන්නේ 1947. එහි මුල්ම design එක Red Wharf Bay හි වැල්ල මත ඇදී බව සැලකේ. 1947 සැප්තැම්බරයේ all-purpose වාහනයක් සදහා Rover සමාගමේ මූලාකෘතියට අනුමැතිය ලැබෙනවා. 1948 අප්‍රේල් 30 දින Amsterdam Motor show හිදී පළමු රථය එළිදක්වනවා. පසුව එය "Series I" ලෙස හැදින්වෙන අතර එය 80in wheelbase ද, අශ්වබල 50 ද, 1595cc පෙට්‍රෝල් මෝලකින්ද සමන්විත වන අතර මෙය pick-up body ආකාරයෙන් නිෂ්පාදනය කරන අතර මිල £450 ලෙස සදහන් වෙනවා. පළමු අව්රුද්ද තුල මෙම මාදිලියෙන් රථ 8000 පමණ නිපදව තිබේ. එයින් පළමු කාණ්ඩය බ්‍රිතාන්‍ය හමුදාව විසින් මිලට ගෙන ඇත. එම අවුරුද්දේම එනම් 1948 දෙසැම්බර් මස Station Wagon මාදිලිය නිෂ්පාදනය කරන අතර මෙය තරමක් මිලෙන් වැඩි නිසා රථ 641 පමණයි නිෂ්පාදනය කර තිබෙන්නේ. ඒවත් වැඩිහරියක් අපනයනය කිරීම සදහායි.
    1.jpg


    1950-1952 වර්ෂයන් තුල පෙනුම තරමක් වැඩිදියුණු කල අතර තිබු two- or four-wheel drive ක්‍රමවේදය 4x4 system ක්‍රමයට ප්‍රතිස්ථාපනය කරන ලදී. 1952 දී මෝල අශ්වබල 52 දක්වා සහ 1997cc වැඩිදියුණ කරන ලදී. Long wheelbase (107in) මාදිලිය 1954 හදුන්වාදෙන අතර short wheelbase මාදිලිය 86in දක්වා වැඩිකරන ලදී. 1957 නැවතත් short wheelbase මාදිලිය 88in දක්වාද Long wheelbase මාදිලිය 109in දක්වාද වැඩිකරන ලද අතර අතිරේක වශයෙන් අශ්වබල 52 සහ 2052cc සහිත ඩීසල් මෝලක් හදුන්වාදෙන ලදී. 1958 "Series II" හදුන්වාදෙන ලදී.
    2.jpg


    1961 දී නැවතත් "Series IIA" මාදිලිය හදුන්වාදෙන ලදී. මෙය ඉදිරිපස පාලන ක්‍රමයෙන් (Forward Control) යුක්ත four-cylinder ඩිසල් සහ six-cylinder පෙට්‍රෝල් මෝලවල් ලබාගත හැකි විය. මෙය බර වැඩ මාදිලියක් වූ අතර drop-side බදකින් යුක්ත විය. නමුත් 1966 දී එය 110in ඉදිරිපස පාලන ක්‍රමය සහ front anti-roll bar සහිත මාදිලියට ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම නව මාදිලිය 1972 දක්වා නිෂ්පාදනය විය. 1966 දී 500,000 වෙනි Land Rover රථය නිෂ්පාදනය විය. මෙතෙක් ඉදිරිපස grill එක අසල තිබු ඉදිරිපස පහන් 1969 දී විදෙස් වෙළදපොල ආරක්ෂක නීති පද්දති නිසා ඉදිරිපස වින්ග්ස් මතට ගෙන එන ලදී.
    3.jpg


    1971 ඔක්තෝම්බර් මස "Series III" හදුන්වාදෙන අතර එය ප්ලාස්ටික් grill එකකින්ද සම්පුර්ණ බද පළල (full-width) dashboard සහ fresh-air heater කින් සමන්විත විය.1976 දී සාර්ථක ලෙස 1,000,000 වෙනි Land Rover රථය නිෂ්පාදනය කරන අතර 1979 දී 3528cc V8 මෝල හදුන්වාදෙන ලදී. 1982 අප්‍රියෙල් plusher trim සහිත County Station Wagon මාදිලිය හදුන්වාදෙන ලදී.
    4.jpg


    1983 මාර්තු මස තමයි නව අප දකින ආකාරයේ රථය වන One-Ten මාදිලිය කරලියට එන්නේ. මෙය four-cylinder මෝලකින් සහ five-speed gearbox එකකින් සමන්විතයි. 1984 දී කලින් තිබු 2286cc ඩිසල් මෝල 2495cc ඩිසල් මෝලකට ප්‍රතිස්ථාපනය කරන අතර එම වසරේදීම Ninety මාදිලිය four-cylinder මෝලක් සහිතව හදුන්වාදෙන ලදී. 1985-1986 වර්ෂවල එතෙක් තිබු 2286cc පෙට්‍රෝල් මෝල 2495cc නව මෝලකට ප්‍රතිස්ථාපනය කරන අතර නව අශ්වබල 85 සහිත 2495cc turbo-diesel මෝල හදුන්වාදෙන ලදී.
    5.jpg


    මෙතෙක් කලක් Land Rover නමින් හදුන්වගෙන එන මෙම රථය 1990 දී අප කව්රුත් දන්නා එනම් Defender නමින් Defender 90, 110 සහ 130 ලෙස නැවත නම් කරනු ලබනවා. ඒ අශ්වබල 107 සහිත 2495cc turbo- diesel 200Tdi මෝල සහිතවයි. නමුත් එය 1994 දී අශ්වබල 111 සහිත 300Tdi මෝලකින් අභිභවනය කරන ලදී. 1998 දෙසැම්බර් මස අශ්වබල 122 සහිත five-cylinder Td5 මෝල Defender හි සම්මත මෝල බවට පත්වන ලදී.
    6.jpg


    2007 වර්ෂයෙහි මෙතෙක් තිබු සම්මත Td5 මෝල, අශ්වබල 122 සහිත Puma/DuraTorq TDCI four-cylinder turbo diesel මෝලකට ප්‍රතිස්ථාපනය කරන ලදී. තවද six-speed gearbox ද, නවීන dashboard සහ Station Wagon හි ඉදිරිපසට මුහුණලා සැකසු පසුපස ආසන හදුන්වාදෙන ලදී. 2007 වර්ෂය defenderහි විශාල පරිණාමයක් වූ වර්ෂය ලෙස සැලකේ. 2012 දී මෙතෙක් තිබු 2.4L මෝල වෙනුවට 2.2-litre ඩිසල් මෝලක් ප්‍රතිස්ථාපනය කරන ලදී. 2013 වර්ෂයේ Land Rover. සමාගමට වසර 65 පිරිම නිමිත්තෙන් LXV Special Edition මාදිලිය නිකුත් කල අතර 2015 දී ඔවුන්ගේ 2,000,000 වන Defender රථය නිෂ්පාදනය කරන ලදී. එම රථය 2015 දෙසැම්බර් 16 දින London වල Bonhams හිදී වෙන්දේසි කිරීමට නියමිතයි. Defender හි බෝහෝ දුරට අවසන් වසර වන 2015 දී මාදිලි තුනක Limited Edition Defenders නිෂ්පාදනය කරන ලදී.
    7.jpg

    8.jpg

    9.jpg
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Land Rover වර්තමානයේ අයිතිය සතු Jaguar Land Rover ආයතනය වර්තමානයේ Defender රථය නිෂ්පාදනය කරනුයේ එක්සත් රාජධානියේ Solihull කර්මාන්තශාලාවේ පමණි. එහෙනම් දැන් බලමු Defender රථයේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය. කර්මාන්තශාලාවේ ඇතුලේ චායාරූප ගැනීමට අවසර නොදුන් බැවින් ඒවා ඔවුන්ගේ වෙබ් පිටුවෙන් ලබාගත් ඒවායි.
    10.jpg


    වර්තමානයේ මෙම කර්මාන්තශාලාවේ Defender, Range Rover, Discovery, Discovery Sport සහ Jaguar XE මාදිලි නිෂ්පාදනය කරනු ලබයි. Defender රථයේ එකලස් කිරීමට අවශ්‍ය පාර්ට්ස් 225 (මට මතක හැටියට) 15ක් පමණයි මොවුන් නිෂ්පාදනය කරන්නේ ඉතිරි සියල්ල වෙනත් company වලින් සාදව ගනී. මෙහි මුලින්ම වෙනත් ස්ථාන වලින් ගෙනෙන කුඩා කැබලි වෙන වෙනම එකලස් කරනු ලබයි. උදාහරණයක් ලෙස මෙහි දොර panel 3 ක් වශෙයෙන් ගෙනවිත් දොර සකස් කිරීම කරනු ලබයි. එසේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපස දොරවල්, පිටුපස දොරවල්, ඉදිරිපස වින්ග්ස්, පිටුපස කොටස වෙන වෙනම එකලස් කරනු ලැබේ. ඉදිරිපස බොනට්ටුව සහ වහලය වෙනත් company කින් සාදව ගෙන්වා ගනී. මක් නිසාද යත් ඒවායේ ප්‍රමාණය විශාල බැවින් ඒ සදහා වෙනම pressing machine තබා ගැනීම පාඩුයිලු.
    11.jpg

    12.jpg


    ඔබ දන්නවාද Defender එකේ ඉදිරිපස දොර අවුරුදු 45 සිට එකම ප්‍රමාණය බව. වර්තමාන දොරක් අවුරුදු 45 දක්වා පැරණි රථයටත් සවි කරන්න පුළුවන්.
    13.jpg


    ඒ අතර තුර එම unit එක පුරාම දුවන බෙල්ට් එකක් මත defender සැකිලි ගමන් කරන අතර ඒවා මත සාදන පාර්ට්ස් වෙන වෙනම එල්වනු ලැබේ.
    14.jpg


    ඉන්පසු එම සැකිලි paint process එකට යවනු ලැබේ. මෙහිදී එම parts සැකිල්ල පිටින්ම මුලින්ම cleaning chemical එකක ගිල්වනු ලැබේ. දෙවනුව තහඩු ආරක්ෂණ paint එකක ගිල්වන අතර එහිදී paint එක positive current එකෙන් යුක්ත අතර වාහන කොටස් earth කර ඇත එමගින් සියලුම කොටස් හි ඇතුලටම ද්‍රවණය කා වැදී සියලු කොටස් එමගින් ආවරණය වේ. ඉන්පසුව පිලිවෙලින් primer, paint සහ clear laquor ආලේප කරනු ලැබේ.
    15.jpg

    16.jpg


    ඉන්පසු එම කොටස් සැකිල්ල පිටින්ම වරකට 2 බැගින් පහත අකාරයේ truck මගින් අනෙක් ගොඩනැගිල්ලේ පිහිටි assembly section එකට යවනු ලැබේ.
    17.jpg


    මෙතැනදී එසේ ගෙනෙනු ලබන කොටස් එක සැකිල්ල බැගින් වෙන වෙනම රැගෙන ගොස් අදාළ එකලස් කිරීමේ තැන වලින් තබාගෙන යයි. මෙහිදී දොරවල් අදාළ ස්ථානයටත්, බොනට්ටු ඒ ඒ ස්ථාන වලටත් යවනු ලැබේ.
    18.jpg


    එකලස් කිරීමේ ස්ථානයේ main line එක සහ sub line කිහිපයක් ඇත. ඉදිරිපස dash panel එක වෙනම line එකක dashboard, steering column ඇතුළු ඊට අදාළ ටික එකලස් කර ඒවා main line එකට සම්බන්ද වේ. වහලය කොටසද වෙනම එකලස් කරයි.
    19.jpg


    Axle සහ brake එකට සවිකර ඒවාද වෙනම main line එකට සම්බන්ද වේ.
    20.jpg


    පිටුපස බොඩිය, වින්ග්ස් වෙන වෙනම සවිකර ඒවාද වෙනම main line එකට සම්බන්ද වේ.
    21.jpg


    Main Line එක පටන් ගනුයේ චැසි එකෙන්ය. චැසියද වෙනම ආයතනයකින් සාදවා ගෙන්වනු ලබයි. මුලින්ම එයට Axle Unit එකද ඊළගට Suspension ද සවිකරනු ලබයි.
    22.jpg


    ඉන්පසු Engine එක සහ gear box එකසවිකරන අතර Engine එක සහ gear box එක ford ආයතනයෙන් නිෂ්පාදනය කර එකලස් කර ගෙන්වනු ලබයි.
    23.jpg


    ඉදිරිපස dashboard කොටස සහ අනිත් කැබලි වෙන වෙනම සවිකරමින් මෙම වාහන සහිත belt එක ගමන් කරයි.
    24.jpg

    25.jpg

    26.jpg

    27.jpg


    සියලු කොටස් එකලස් කල පසු මෝලෙහි සහ mechanical කොටස් නිසිලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂාකරයි.
    28.jpg


    ඉන්පසු වාහනය වතුර විදිනයක් තුලින් යවා leaks සහ වතුරට ඔරොත්තු දීම පරීක්ෂා කරනු ලැබේ.
    29.jpg


    අවසානයේ මේ ආකාරයට Defender එක දිලිසි දිලිසි තියනවා. පෝලිමට නවත්තල තියනවා දැක්කම දුකේ බෑ.
    30.jpg


    එයාලගේ factory එක ඇතුලේ පොඩි exhibition Unit එකකුත් තිබ්බ. මේ ඒකෙ photo ටිකක්.
    31.jpg

    32.jpg


    මම මුලින්ම මේකේ සැදෑ සාමය කිව්වේ දුක හිතෙන ආරංචියක් තියනවා. Land Rover එකෙන් Defender නිෂ්පාදනය 2015 අන්තිමට නවත්වන්න යන්නේ. අවුරුද්දකට orders 25,000 වගේ එන්නේ කියල production line එක තියාගන්න එක පාඩුයිලු. ඒ වෙනුවට අලුත් product එකක් හදුන්වල දෙනවලු orders 80,000-100,000 එයි කියල අපේක්ෂා කරන.
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Jaguar, Land Rover dekama dan TATA eka gaththa neda
    TFS machan

    Ow macho den owner ta TATA Motors.

    1948–1967 Rover Company
    1967–1968 Leyland Motor Corporation
    1968–1986 British Leyland Motor Corporation
    1986–2000 Rover Group
    2000–2008 Ford Motor Company
    2008-Present Tata Motors

    Parenting company eka "Jaguar Land Rover" kiyala thamai kiyanne.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    man hithn htiye mewaye bodiya haiya athi kiyaala

    oya uba eya una accident eka daklane ohoma kiyane ;)
    face to face wadunanm ochara damage ekak wenne nahe , othana waduna widhiya nisa ochara damage .
    car ekak ehama oya widiyata wadunanm papadamak tama ganna wenna.
    otana drive karapu ekage warada.:baffled:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍