එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒක තමයි අවුල. නැත්නම් ගේමක් නෑ පොලේ නම් ලෙමන්. හැබැයි පොලේ ගිහින් ඉල්ලන්න ඕනේ වැල් දෙහි කියලා. ලෙමන් කිව්වට ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ;)

:yes: rata dehi kiyalath kiyanawa
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ටිකේ එච්චර කෑම වට්ටෝරු නැති නිසා මං මේක දාන්නේ..


    පාන් පුඩිම


    අවශ්‍ය ද්‍රව්‍ය

    පාන් පෙති 08
    බිත්තර 05
    කිරි කෝප්ප 1 1/2
    වැනිලා තේ හැන්දක්
    දෙහි පොතු තේ හැඳි 1/2 ක්
    කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්
    කජු ග්රෑම් 30
    මුද්දරප්පලම් ග්රෑම් 30
    පුහුල් දෝසි ග්රෑම් 30බටර් ග්රෑම් 50
    ජෑම් මේ ස හැඳි 04
    සාදන ක්‍රමය

    ස්ටීම් කරගත හැකි භාජනයක් ගෙන එහි බටර් තවරන්න. අනතුරුව පාන් පෙති මත බටර් හා ජෑම් තවරන්න. පලතුරු කුඩාවට කපා ගන්න. බිත්තර ගසාගෙන එයට කිරි ද එක් කරමින් නැවත ගසා ගන්න. පසුව දෙහි පොතු, වැනිලා හා කුරුඳු කුඩු ද එක් කරන්න. දැන් බටර් ඇතිරූ ට්‍රේ එකක් මත බටර් හා ජෑම් තවරා ගත් පාන් පෙති හතරක් පමණ අතුරන්න. ඒ මත කපාගත් පලතුරු ඉසින්න.
    දැන් ඉතිරි පාන් පෙති ඒ මත අතුරා, කිරි මිශ්‍රණය එයට වක්කරන්න. මිනිත්තු 25ක් 30ක් අතර කාලයක් වාෂ්පයෙන් තම්බා ගන්න. අවන් එකක් භාවිත කරන්නේ නම් සෙල්සියස් අංශක 360ක උෂ්ණත්වයෙන් මිනිත්තු 30 ක පමණ වේලාවක් තම්බා ගන්න.


    04092015_130858381142684065_fid_cmy.jpg



     
    • Like
    Reactions: Elysium

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    හවස පොඩි බීමක් හැදුවා..

    චොකල්ට්‍ මිල්ක්ශේක්..
    චොකල්ට් පවුඩර් tsp2
    කිරි 100ml (සීතකල)
    චොකලට් අයිස්ක්රීම් ස්කූප් 4
    සීනි රස අනුව

    චොකල්ට් පවුඩර්, කිරි, අයිස්ක්රීම් ස්කූප් 2 යන සියල්ල එකට බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු පිලිගැන්විය හැකි වීදුරුවකට දමා උඩින් අයිස්ක්රීම් ස්කූප් 2ක් දමන්න.


    F2AM1WEHUOPAEAD.LARGE.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්

    ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්


    ගෙදර දැන් සති දෙකක විතර ඉඳන් වැනිලා අයිස් ක්‍රීම් එකක් දුක් විඳිනවා. අපේ ගෙදර අයිස් ක්‍රීම් වගේ දෙයක් ගෙනාවොත් ඕක තමයි හැමදාම වෙන්නේ. ඊයේ නිකමට කතා උනා අයිස් ක්‍රීම් ටිකෙන් මිල්ක් ෂේක් පාරක් දාමුද කියලා. අද ෆෝන් බිලක් ගෙවන්න ෆුඩ් සිටි එකට රවුමක් ගහපු වෙලේ කොත්ත මල්ලි කොළ බලන්න එළවලු තියෙන පැත්තට රවුම් ගහන්න ගිහින් රතට රතේ ස්ට්‍රෝබෙරි තියෙනවා දැක්කා. මං ඔහොමමයි මොකක් හරි බඩුවක් ගන්න ගියොත් වෙන මගුලක් උස්සගෙන ගෙදර එනවා.අන්තිමට කොත්මලේ ෆ්‍රෙශ් මිල්ක් එකකුත් උස්සගෙන ගෙදර ඇන්න ආවා ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් හදන්න.

    අවශ්‍යය ද්‍රව්‍යය ( දෙන්නෙක් සඳහා )
    ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලීටර් 400 ක් (කොත්මලේ 1 liter එක රු. 190 ක් )
    හොඳින් ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩි 10 ක් පමණ ( ස්ට්‍රෝබෙරි ගෙඩි 15 ක් තියෙන පැකට් එකක් 160 යි )
    අයිස් ක්‍රීම් ස්කූප් 4 ක් - වැනිලා හෝ ස්ට්‍රෝබෙරි (චොක්ලට් අයිස් ක්‍රීම් පෙට්ටියක තිබ්බට රූපයේ මේක වැනිලා ලීටර් 4 එකක තිබ්බේ ෆ්‍රිජ් එකේ ඉඩ මදි නිසා ඕකට දාලා තිබ්බේ )
    අවශය පමණට සීනි හැදි කීපයක්
    Sugar sprinkles (100 g රු 60 ක්ද කොහෙද මතක නෑ හරියට )
    Wafer sticks ( 1 ක් රුපියල් 5 යි )

    166zxp3.jpg


    සාදන ක්‍රමය
    මේකත් ටිකක් පොෂ් පන්නයේ බීමක්. උඩ ගණන් ටික දැම්මෙත් හදන කෙනෙක්ට යන බජට් එක හදා ගන්න. මුලින්ම ස්ට්‍රෝබෙරි ගෙඩි ටික කොළ හා න‍ටු ගලවා ඉවත් කර සෝදා බ්ලෙන්ඩ් කර ගත හැකි ආකාරයට කුඩා කැබලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකට මේ ටික දමා එයටම fresh milk මිලිලීටර් 400 යද එයටම දමා ගත යුතුයි. පසුව ඒකටම අයිස් ක්‍රීම් ස්කූප් 4 ද එකතු කර ගත යුතුයි පසුව සීනි හැදි 4 ක් පමණ එකටම එකතු කරගන්න්. දැන් කරන්න තියෙන්නේ හොඳින් කැබලි ඉතිරි නොවන තෙක් ක්‍රීම් එකක් සේ ලැබෙන ආකාරයට හොඳින් බෙලෙන්ඩ් කරගන්න. පසුව වීදුරුවට දමා උඩින් sugar sprinkles හා wafer stick දමා සරසා ගන්න. ඔව්වා දාන එක නම් අවශ්‍යම නෑ. sugar sprinkles වගයක් කලින් ගෙනාපු එකක් ගෙදර තිබ්බ නිසයි දැම්මේ. wafer stick නම් කඩෙන් ගෙනාවා.


    වැදගත්
    ලංකාවේ ස්ට්‍රෝබෙරි පැණිරස වැඩි කම නිසාම රෝස පාට ගන්න කියලා ස්ට්‍රෝබෙරි ගෙඩි ගොඩක් දැම්ම ගමන් මිල් ෂේක් එකම ඇඹුල් රස ගැහිලා චොර වෙලා යනවා. රස එන්න ඒ නිසා 200 ml කිරි වලට ගෙඩි 5 ක් වගේ දැම්මම හොඳටම් ඇති. නමුත් එතකොට ලස්සන රෝස පාට එන්නේ නෑ ලාම ලා රෝසක් එන්නේ. ඒත් කාට හරි කෙනෙක්ට පිලිගන්වද්දි රස වගේම ඇසත් පිනවන්න ඕනේ නිසා රතු පාට කළරින් බින්දුවක් දෙකක් පොඩ්ඩක් දාලා කවලම් කරලම වීදුරුවට දැම්මට අවුලක් නෑ. මමත් මේකට කලරින් බින්දු කීපයක් දැම්මා ලස්සන පාටට එන්න.තව දෙයක්. මිල්ක් ෂේක් එකේ උඩින් පෙණ පෙණ ගතිය තියෙන්න ඕනේ. ඒකට ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කලාම එනවා පෙණ තට්‍ටුවක්. අන්න ඒ පෙණ තට්‍ටුව මිල්ක් ෂේක් ටික වීදුරුවට වත් කර ගත්තට පස්සේ හැන්දකින් අරගෙන පොඩ්ඩක් උඩින් දමා ගන්න ලස්සන වෙන්න.


    එහෙනම් දැන් බොන්න තියෙන්නේ.

    119xn3b.jpg



    3009xed.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි සතුටුයි නේහ් ඔබතුමාට!
    කමක් නෑ මචං අපි පොඩි මිනිස්සු නේහ්!:cool:

    ලොකු පොඩි භේදයක් කිව්ව්වේ නෑනේ හුට්ටුමාණනි :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..