Photoshop Q&A

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. Photoshop Secrets DVD සෙට් එකම හම්බවුණා මට.. එකෙක් අරන් ගිහින් ගෙනත් දුන්නෑ..:growl: එකේ තියෙනවා පට්ට වැඩකැලී ටිකක්.. සුපිරියටම කියාදෙනවා..:yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    Selective Blur :eek:
    මේකනම් පට්ට ලේසියි.

    2s6ls0m.jpg


    Step 1. මුලින්ම photo එක open කරගන්න. File > Open

    Step 2. Tool Box එකේ Quick Selection Tool එක තෝරන්න.

    15q850p.jpg


    Step 3. උඩින් ඇති Auto-Enhance කියන එක ටික් කරන්න.

    2dm70cj.jpg


    Step 4. Ctrl + J press කරලා layer එකේ duplicate එකක් ගන්න.

    2055n50.jpg


    Step 5. අපිට blur කරන්න ඕනා area එකට selection එකක් දා ගන්න ඕනා.
    මල select කරලා selection එක inverse කරන්න යන්නේ.
    ඒ සදහා මුලින්ම මල Quick Selection Tool එකෙන් selection එකක් දා ගන්න.
    (ටිකක් brush කරනවා වගේමයි. size එක වෙනස් කරන්නේ [ හා ] වලින්.)
    වැඩිපුර select උනොත් Alt එක press කරගෙන Selection එකෙන් අඩු කරන්න පුළුවන්.

    jhr8lj.jpg


    Step 6. දැන් Select > Inverse කරන්න.

    2638uqe.jpg


    Step 7. Blur කරන්න ඕනා තරම් විදි තියෙනවා. මම කරන්නේ Filter > Blur > Gaussian Blur Select කරන්න.

    145lk9.jpg


    Step 8. දැන් කැමති තරමට Blur කරන්න.

    acykpu.jpg


    qqv70l.jpg


    The End.

    :eek:

     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    bump bumpz
    :D
    11.gif

    Ela Ela thanks Macho.
    3.gif

    11.gif

    පට්ටයි ආ...රෙප් 7+
    9.gif

    පට්ට +
    11.gif

    නියමයි මචං.. Photoshop Secrets DVD සෙට් එකම හම්බවුණා මට.. එකෙක් අරන් ගිහින් ගෙනත් දුන්නෑ..:growl: එකේ තියෙනවා පට්ට වැඩකැලී ටිකක්.. සුපිරියටම කියාදෙනවා..:yes:
    ඔක්කොම කරපන් එකේ :yes:.ඒ සෙට් එක තමයි බන් ලංකාවේ සමහර class වල කියලා දෙන්නේ සල්ලි අරන්.. :lol::baffled:
    You must spread some Reputation around before giving it to RottenCOLT again
    9.gif

    A. සිරියා;19098984 said:
    11.gif

    මේක දැනං හිටියේ නෑ බං. බොහොම ස්ථූතියි. තව මේ වගේ ඒවා දාන්න !
    අනිවා.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙන්න ත්‍රෙඩ්...!!
    දිගටම කරගෙන යන්න.
    සලකන ලදී.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    පුළුවන් බන්.:nerd: මම දැන් කරලා බැලුවා. මම අද හෙටම දාන්නම්.අර blur post එක දැම්මට පස්සේ. උබට චුට්ටක් photoshop පුලුවන්ද. නැත්තනම් ඔක්කොම step දාන්නම්.;)

    අනේ ගොඩක් පින් කොල්ලෝ දාන්න පුලුවන් නම්.:D:D:D
    ඔව් මචන් සාමාන්‍ය මට්ටමකට photoshop පුලුවන්.:)
    ගොඩක් ස්තූතියි මචන්..:yes::yes::yes::yes:

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    මචන් මට ඕනේ වෙලා තියනවා මැප් එකක් ප්‍රින්ට් කරගන්න ටිකක් ලොකුවට.:yes::yes:

    5එම්.පි කැම් එකකින් තමයි මැප් එක පොටෝ එකක් විදියට අරන් තියෙන්නෙ(තව තැනක තිබුනු ඒරියා මැප් එකක්).:D
    මට ඕනේ මේ මැප් එක ප්‍රින්ට් කරගන්න 90cmx100cm විතර ලොකුවට..(ටිකක් අපැහිදිලි උනාට අවුලක් නෑ)
    මචන් මට මේ මැප් එක වෙන වෙනම කොටස් වශයෙන් A4 කොල වලට ප්‍රින්ට් කරගෙන 90cmx100cm විතර එන විදියට අලව ගන්න බැරිද?:no:
    :yes:

    හොදයි මුලින්ම කියන්න ඕනා මේක කරන්න මිට වඩා ලේසි විදිහක් සමහර විට ඇති. :nerd:
    මම දන්නේ මෙහෙමයි.
    මට මතක විදිහට illustrator වල තිබ්බද කොහෙද. දැන් මතක නැහැ බන් වයසයි නේ.
    (ටිකක් පැහැදිලි කරන්නත් අමාරුයි. පොඩි හරි අයිඩියා එකක් ගන්න බලන්න.)
    සමහර ප්‍රින්ටස් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නැහැ. බෝඩර් ප්‍රින්ට් වෙන ප්‍රින්ටර් එකක් හොයාගන්නත් වෙනවා.
    නැත්තන් පොටෝ ටික සෙට් කරහම වටේට තීරු තීරු තියෙයි.

    මුලින්ම අපිට හොද plan එකක් තියෙන්න ඕනා මොකද්ද කරන්නේ කියලා.
    ඒ කියන්නේ මොන සයිස් පේපර් වලද ප්‍රින්ට් කරන්නේ.
    දැන් අපිගාව තියෙන ෆොටෝ එකේ සයිස් එක. එක කොච්චර ලොකු කරන්න ඕනද වගේ දේවල්.

    මම බාවිතා කරන පේපර් සයිස් එක A4
    පොටෝ එකේ සයිස් එක 1000X1177 resolution එක 72 (3.37 mp) (cm වලින් බැලුවොත් 35.28cm X 41.52cm)

    මට මේ පොටෝ එක ලොකු කරගන්න ඕනා width එක 100cm එන ගානට. එතකොට height එක 117.7 වෙනවා.
    ප්‍රින්ට් resolution එකත් 300 කරගන්න ඕනා.

    දැන් මුලින්ම මට බලාගන්න ඕනා මම පොටෝ එක අපිට අවශ්‍ය ගානට ලොකු කරාට පස්සේ ප්‍රින්ට් කරන්න යන පේපර් ගාන.
    අපි දන්නවා A4 පේපර් එකක් width එක 21cm height එක 29.7cm කියලා.
    දැන් 100cm X 117.7cm ෆොටෝ එකට කොච්චර A4 යනවද කියලා බලාගන්න ලේසියි.

    2em28oo.jpg


    මට යනවා A4 පේපර් 20ක්.

    හරි දැන් තමයි ගේම පටන් ගන්නේ.

    මම අද වැඩ කරන්නේ cm වලින් එක හින්ද edit > preferences > units & rules වල unit යටතේ ඇති rules එක cm දාගන්න.

    zohmvt.jpg


    Step 1. resize කරන්න ඕනා පොටෝ එක Photoshop වලට open කරගන්න. file > open


    Step 2. image > image size තෝරන්න. (alt + Ctrl + i)

    image size window එක open වෙන්න ඇති. හොදට බලන්න දැන් width එකයි height එකයි.
    සමහර විට pixel වලින් ඇත්තේ . එක ඔය ඉස්සරහ තියෙන menu එකෙන් cm කර ගන්න.

    2qvgozr.jpg


    Step 3. දැන් අපිට ඕනා size එක දෙන්න ඕනා width එකට හරි height එකට හරි. resolution එකත් 300 විතර දෙන්න.

    (අනිවාර්යයෙන් පොඩි ලින්ක් අයිකොන් එක සිලෙක්ට් වෙලා තියෙන්න ඕනා. පොඩි දන්වැල වගේ තියෙන එක.)
    re-sample check වෙලා තියෙන්නත් ඕනා.
    ඊට ඉස්සරහ තියෙන re-sample method එක දානකොට automatic තියන්න.
    නැත්තන් preserve details දාන්න. Photoshop වල ඕක නැත්තන් bi-cubic smoother දාන්න වෙන්නේ. (මේක පොඩ්ඩක් blur වැඩියි මටනම් .)

    2s60jkn.jpg


    OK කරන්න.


    Step 4. දැන් ෆොටෝ එක ශාර්ප් කරගන්න filter > sharpen > unsharp mask තෝරලා
    අවශ්‍ය ප්‍රමාණයට ශාර්ප් කරගන්න. (එකින් එකට setting වෙනස් කරනන් වෙනවා. එක හින්ද amount එකයි radius එකයි අඩු වැඩි කරලා බලන්න.)
    OK කරන්න.
    (කොහොමත් size එක ලොකු කරහම blur වෙනවා එකට කරන්න දෙයක් නැත.. කවදා හරි ලොකු බිල් බෝර්ඩ් එකක් ලගට ගිහින් තියෙනවාද ඒ වගේ තමයි.)

    1h9rom.jpg


    Step 5. දැන් තියෙන්නේ a4 එකේ size එකට guide line දා ගන්න. (මේ ටිකනම් පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්.)

    cal එකත් open කරගෙන තියන් ඉන්න.

    view > new guide click කරන්න.

    2ir2jqu.jpg


    horizontal check කරලා OK කරන්න. guide line එකක් උඩින්ම එන්න ඇති.
    ආපහු new guide click කරලා horizontal check කරලා A4 size එකේ height එක දෙන්න. (29.7cm) අනිවා cm වලින් දෙන්න.
    OK කරන්න.
    නැවත horizontal check 59.4cm දෙන්න. (කලින් 29.7+29.7 එකතු කරහම එන ගාන.)
    ආපහු horizontal check 89.1cm දෙන්න. (59.4+29.7 එන ගාන.)
    ආපහු horizontal check 118.8cm (89.1+29.7 එන ගාන.)

    2ugp9gm.jpg


    පේනවා නේද A4 size එකේ උසට guide line ඇවිල්ල තියෙනවා.

    n59nq.jpg


    දැන් තියෙන්නේ පළල ගානට guide line දාන්න.


    view > new guide click කරලා vertical දෙන්න.
    position එක 0 තියෙද්දී OK කරන්න.
    ආපහු new guide අරන් vertical tick කරලා 21cm දෙන්න. (A4 එකේ පළල.) OK කරන්න.
    ආපහු new guide අරන් vertical tick කරලා 42cm දෙන්න. (21+21)
    ආපහු new guide අරන් vertical tick කරලා 63cm දෙන්න. (42+21)
    ආපහු new guide අරන් vertical tick කරලා 84cm දෙන්න. (63+21)
    ආපහු new guide අරන් vertical tick කරලා 105cm දෙන්න. (84+21)

    30jnq4x.jpg


    මේකෙන් අපි කරේ A4 size එකට guide line දා ගත්තා.

    2lcr9dk.jpg


    ඔය එක කොටුවක් A4 size.


    Step 6. tool box එකෙන් rectangular marquee tool එක select කරන්න.

    2ilbyiw.jpg


    Step 7. දැන් පලවෙනි guide line කොටුව select කරගන්න. (click කරලා drag කරන්න.)

    317dwlt.jpg


    Step 8. ඒ selection එක edit > copy කරගන්න.


    Step 9. file > new යන්න. එකේ ඇති document type එක international paper තෝරලා යටින් size එක A4 දෙන්න.
    resolution එක 300 වෙන්න ඔන්නා.(කලින් අපි වෙනස් කරේ 300 හින්දා)

    color mode එක කැමති එකක් දාගන්න. ඉස්සරනම් cmyk දාන්නම ඕනා කියනවා print කරනකොට දැන් ඔකේ එක එක මත තියෙනවා.
    මම මේ ලගදී ඉගෙන ගත්තු දෙයක් හින්දා මම දාන්නේ rgb.

    9lcwie.jpg


    ok කරන්න.


    Step 9. ඒ අලුතින් හැදුව document එකට edit > paste කරන්න.

    ඕක තමයි දැන් දිගටම වැඩේ. අර කොටු ඔක්කොම මේ විදිහට කරන්න වෙනවා. (අලුත් document වල paste කරන්න.)
    ඊට පස්සේ ඕනානම් save කරගන්න jpeg හරි psd හෝ tiff.
    නැත්තම් එහෙම්මම print කරන්න.

    දැන් සමහරු අහයි හෆොයි ඕකද මහලොකුවට කරනවා කිව්වේ කියලා. අහ්හ්......................... ඔව් :rofl:
    පැය ගානක් ගියා බන් ලියන්න.
    :baffled:






     
    • Like
    Reactions: SP22614

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    මෙන්න ත්‍රෙඩ්...!!
    දිගටම කරගෙන යන්න.
    සලකන ලදී.
    9.gif

    අනේ ගොඩක් පින් කොල්ලෝ දාන්න පුලුවන් නම්.:D:D:D
    ඔව් මචන් සාමාන්‍ය මට්ටමකට photoshop පුලුවන්.:)
    ගොඩක් ස්තූතියි මචන්..:yes::yes::yes::yes:

    11.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    11.gif

    tho nan yakek,.. digatama karapan,.. nawaththuwoth maranawa...
    :frown: repost ;)
    3.gif

    සොහොන;19108863 said:
    මෙන්න මෙයත් අයියේ සැහෙන්න වැඩ ටිකක් සිංහලෙන් කියලා දෙනවා පට්ට බුවෙක්




    picture.php
    :)
    thanks machan. dan camera raw wadiya kastiya use karanne naha neda lightroom hinda. meka pattane.
    3.gif
    11.gif