චාම් ගතියට ගන්නය් ඕනේ..එකය් tile පොලවට විතරක් බැලුවේ..වෙන අදහස නැද්දෝ
එහෙනම් සිමෙන්ති කොලපු වලින් මදපන්කෝ.

චාම් ගතියට ගන්නය් ඕනේ..එකය් tile පොලවට විතරක් බැලුවේ..වෙන අදහස නැද්දෝ

නෑ බන් හතර අතේ ණය වෙලා කාර් එකක් අරන් ඒක ගරාජ් එකේ දාල බස් එකේ යන කලාව මම මේකටත් ආදේශ කලා.
ඔව් එහෙම උන් ඉන්නවා..

සම්හාරු වාහනවල යන්නේ ස්පෙෂල් ගමන් විතරෙන් බන්. මාත් දැකල තියනවා එහෙම මිනිස්සු![]()


වෙනස කරන්න කියලා ඔයවගේ වෙනසක් කරන්න එපා බන්
![]()
![]()
mevage normal wensak karapan වැඩිය රෆ් ටයිල් අල්ලන්න එපා බිත්ති වලට සුදද කරන්න අමාරුයි. අලුත් පෙනුම නතුවෙන්ව ටික කාලෙකින්
මෙන්න කියල තියනව කියන්න තිබ්බ ටික. හැබැයි මචං දැන් විදුරු පටි දාන්නේ නෑ. මුළු ඒරියා එකම එකම ස්ලැබ් එකක් ගන්නේ.ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.
කේස් වගයක් තියෙනවා.
1. ලොකු කාලයක් යනවා.
2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
3. ලිස්සනවා හුරේ කියලා
4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
7. maintain කරන්නත් ඕනේ ටිකක්
වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.
මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද?![]()