මෙන්න මම දැක්ක news එකක් කට්ටියට වැදගත් වෙයි කියල දැම්ම
http://sathhanda.lk/news/1042-2015-10-08-04-43-54#jacommentid:37
මගේ ලංකාවේ වාහන සිහිනය සිහිනයක්ම වෙයි ඉතින් ,
නව රේගු බදු වටිනාකම් අයකිරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන Toyota ඇතුළු ජපන් වාහනවල මිළ ඉහළ අගයකින් වැඩිවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව, ඇතැම් ජපන් වාහන මිල ලක්ෂ 7 සිට - ලක්ෂ 17ක් පමණ දක්වා ඉහළ යන බවයි.
මේ අනුව Toyota Axio රථයක මිල රුපියල් 700,000 කින් වැඩිවන අතර Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් 770,000 කින් ඉහළ ගොස් තිබේ.
එසේම Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් 1,350,000, මෙන්ම Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් 1,700,000 වැඩිකර ඇත.
තවද Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් 6,75,000 වැඩිකර තිබෙන බවත් Toyota Prius මෝටර් රථවල රේගු බදු 1,150,000 වැඩිකරඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් 1,150,000 වැඩිකර තිබෙන අතර Mitsubishi Out lander රථයක රේගු බදු රුපියල් 850,000 වැඩිකර ඇත.