තව ටික කාලෙකින් ලංකාවට Type G විතරයි
2016 මැයි 1 දා සිට Type G පමණක් ලංකාවේ සම්මත විදුලි පේනු (Plugs) හා කෙවෙනි (Sockets) ලෙස භාවිත කිරීමට තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සූදානම් වේ. මේ සඳහා ඔබටත් යෝජනා ඇත්නම් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ඒවා ඉදිරිපත් කල හැකිය.
ඔවුන් ඉදිරිපත් කර ඇති යෝජනා පහත පරිදි වේ:
(i) විදුලි පේනු (Plugs) : ජී වර්ගයේ පේනු හැරුණු කොට වෙනත් වර්ගවල පේනු සහිත විදුලි උපකරණ ආනයනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම 2016 මැයි මස 1වැනි දින සිට තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
(ii) විදුලි කෙවෙනි(Sockets): දැනටමත් සවි කර ඇති ඕනෑම වර්ගයක බිත්ති කෙවෙනි ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වන තෙක් තබා ගැනීමට ඉඩදීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
(iii) ගෘහ විදුලි පරිපථ සදහා රැහැන් ඇදීම: ජී වර්ගයේ සම්මත පේනුවට සහ කෙවෙනියට මාරුවීම නිසා දැනට භාවිතයේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති වෙනස්කිරීම අවශ්‍ය නොවන බවත් පවත්නා රැහැන් පද්ධතිවල ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වන තෙක් භාවිත කළ හැකි බවටත් කොමිෂන් සභාව යෝජනා කරයි.
(iv) නව ප්‍රමිතියට මාරුවීම: රැහැන් පද්ධතිය වෙනස් නොකර සවිකර ඇති පැරැණි කෙවෙනියක් වෙනුවට සම්මත ජී වර්ගයේ කෙවෙනියක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුගේ දැනගැනීම පිණිස සම්මත ජී වර්ගයේ කෙවෙනියෙහි අදාල ආරක්ෂිත අවශ්‍යතා පිළිබද තොරතුරු සදහන් කර තිබිය යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි. මෙම විශේෂයෙන් සලකුණු කළ කෙවෙනිය 2017 මැයි මස 1වැනි දින සිට වසර 20ක් අවසාන වන තෙක් මිල දී ගැනීමට තිබෙනු ඇත.
(v) භාවිතකරන්නන්ට උපදෙස්: කෙවෙනි නිවැරදි ප්‍රමාණයේ රැහැන් වලින් හා විලායකින් හෝ පරිපථ කඩනයකින් සමන්විත වන බවට සහතික කිරීම පිණිස 2017 මැයි මස 1වැනි දින සිට අලෙවි කරන සියලුම ජී වර්ගයේ කෙවෙනිවල ඒ බව සඳහන් උපදෙස් පත්‍රිකාවක් තිබිය යුතු බවට හෝ උපදෙස් පෙට්ටිය මත මුද්‍රණය කළ යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි.
(vi) ඇඩප්ටර: ආරක්ෂාවට තර්ජනයක් වන “බහු-කෙවෙනි”(Multi Socket) ඇඩප්ටර ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිටත් ඒවායේ අලෙවිය 2017 මැයි මස 1වැනි දින සිටත් තහනම් කිරීමට කොමිෂන් සභාව යෝජනා කරයි.
(vii) විතති රැහැන්: දුර්වල සම්බන්ධතා සහිත අනාරක්ෂිත රැහැන් දිගු සහ බහුවිධ කෙවෙනි ආනයනය කිරීම 2016 මැයි 1වැනි දින සිට තහනම් කිරීමටත් 2017 මැයි මස 1වැනි දින සිට ඒවායේ ආලෙවිය තහනම් කිරීමටත් කොමිෂන් සභාව යෝජනා කරයි.
(viii) කූරු දෙකේ පේනු: 2016 මැයි 1 වැනි දා සිට කූරු දෙකේ පේනු වෙනුවට අනුමත දිවිත්ව පරිවාරක සහිත කූරු තුනකින් යුත් පේනු සහිත උපකරණ පමණක් නිෂ්පාදනය හා ආනයනය කළ යුතු බවට කොමිෂන් සභාව යෝජනා කරයි.

Last edited: