දවස 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා. නත්තල් කාලේ නේ. මම මේ කියන සාමාජිකයා අද වෙනකොට එලකිරියේ ඉන්න ජනප්රියම සාමාජිකයා කිව්වොත් නිවැරදියි. මේ සිද්ධිය වෙනකොට මේ හාදයාව අපි කිසිම කෙනෙක් දැකලා තිබුනේ නෑ. මේ සාමාජිකයා දැක බලාගෙන කයියක් දාලා අඩියක් ගහන්න ලොකු උවමනාවක් තිබුනා. ඉතින් මේ සාමාජිකයාගෙන් මටත් තව එලකිරියේ ඉන්න සහ හිටපු පැරණි සාමාජිකයන් කීප දෙනෙකුට ආරාධනාවක් ලැබුනා ඔහුගේ සේවා ස්ථානයට සෙට් වෙමු කියලා අඩියක් ගහන්න. එක පයින් ආරාධනාව පිලිගත්තු අපිත් ගියා මේ කියන හාදයාගේ රැකියා ස්ථානයට. මමයි කඩියයි තමයි ඔය කියන ස්ථානයට ඉස්සෙල්ලාම ලඟා උනේ. වෙලාව හවස 07ට කිට්ටු ඇති. ඔය හාදයාගේ රැකියා ස්ථානයේ LCD ස්ක්රීන් එකක ඩිස්ප්ලේ එකක් යනවා. "........................ වසා ඇත. දොරට තඩි බෑමෙන් වලකින්න" කියලා. ඉතින් කොහොමද දොරට තඩි බාන්නේ. ගත්තා කෝල් එකක්..
"අහ්.. ඔහොම හිටපල්ලා. මම එන්නම් පිටිපස්සේ දොරෙන්" කීවා.
අපි දෙන්නත් හිටන් උන්නා. එතකොටම සෙට මෝලට සෙට් වෙන්න තවත් කිරියේ ප්රසිද්ධම සාමාජිකයෙක් එතනට ආවා. ඌ බස්කාරයෙක්. දැං අපි තුන් දෙනා බලං ඉන්නවා මූ දැං එයි දැං එයි කියලා. තාම නෑ. ටිකක් කලුවර නිසා පේන්නෙත් නෑ. එක පාරට ගුහාවක් වගේ එකක් අස්සෙන් එකෙක් ආවා. අත් දිග ශර්ට් එකක් ඇඳලා ටයි පොල්ලක් දාලා කලු කොට නාකි ඩයල් එකක්.
"මේ මූද බං?" මම කඩියගෙන් ඇහුවා.
"නෑ බං මූ වෙන්න බෑ. මූ නාකි ඩයල් එකක් නේ. මූ වෙන්න බෑ" කඩියා කිව්වා.
"මේ පෙරේරා මහත්තයා වෙන්ටෑ" අර ආපු ඩයල් එක මට කිව්වා.
මම කඩියගේ මූනත් කඩියා මගේ මූනත් බැලුවා. එතන හිටිය අපේ බස්කාරයා මට ඇගිල්ලෙන් ඇන්නා. උටත් මෝල් වගේ.
"මේ අපේ ............................... ද?" මම උගෙන් ඇහුවා.
"ඔව් යකෝ... මං තමා. මොකෝ තොපි බය වෙලා?" ඌ අපෙන් අහපි.
බය වෙච්චි හේතුව කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ. තෝ හද්ද නාකියෙක්නේ. අපි හිතුවේ උඹ තරුණ කොල්ලෙක් කියලා කියන්නෙයි.
අපි ඔක්කොම කරබාගෙන උගේ වැඩපොලට රිංගුවා. අපරාදේ කියන්න බෑ දොඹෙන් සැලකුවා. J&B එකකුයි රෙඩ් ලේබල් එකකුයි ගැසුවා. ඒ වෙලේ එතනම හදාපු උණු උණු හොට් බැටර් කට්ල් ෆිෂ් එකක් බයිට් එකට ලැබුනා. ඇති තරම් කෑවා. ටික වෙලාවක් යනකොට අපේ ශ්රී බෝයියා, පෑන් මාමා, අල්වලියා, චාමික සෙට් එකම සෙටමෝලට කඩා පැන්නා. මට මතක විදියට ඔච්චරයි ආවේ. තව උන් පහු වෙනකොට ආවාද කියලා සිරාවටම මතක නෑ.
බස්කාරයා දෙකක් වනාගෙන මඤ්ඤං කියෝ කියෝ උන්නා මතකයි. අර සෙටමෝල සූදානම් කරපු අපේ හාදයා අමු බොරුවක් කරලා යාන්තම එක සොට් එකක් විතරක් නවාගෙන අමරදේවගේ සින්දු ටිකක් දාලා පුදුම වදයක් දුන්නා මතකයි.
මොනා උනත් සුපිරි දවසක්.. එදායින් පටන් ගත්තු යාලුකම අද වෙනකන් තියෙනවා...