බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

L-Smoker

Member
ඉස්සර අසෝක ග්ලාස් එක ඔඉට වැඩිය පොඩ්ඩක් වෙනස්. වීදුරුව වටේට ඉරි ඉරි තියනවා. මේ ලබ්බ ADSL Slow නේ. නැත්නම් පින්තුරයක් දානවා.
ඔය අශෝක වීදුරුවක් නෙමේ බොල :dull:
ඔය තියෙන්නෙ දෙමල්ලු කඩවල් වල තේ දීපු කෝප්ප
දැන් ඒවා වටේ ගිහින්

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මෙන්න මෙහෙමලු දැන්

    eq2zup.jpg

    හපන්න තිබුනේ ක්‍රීම් ක්‍රැකර් තමයි

    ඕක මොකක්ද අය්යා ... මම මේ ritz එකක් ගහල ඉන්නේ... දැන් වැනෙනවා වගේ ....
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    එළකිරි එකේ සෙට් එක එකතු වෙලා බොමුද? :cool::cool::cool::cool::cool:දෙය්යා එහෙම බොනවද දන්නේ නෑ නේ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළකිරි එකේ සෙට් එක එකතු වෙලා බොමුද? :cool::cool::cool::cool::cool:දෙය්යා එහෙම බොනවද දන්නේ නෑ නේ?

    නොදන්න උන් එක්කනම් බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ... දෙයිය එක්ක බිව්වොත් නම් මන්න පාරක් සුවර් :baffled:
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    නොදන්න උන් එක්කනම් බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ... දෙයිය එක්ක බිව්වොත් නම් මන්න පාරක් සුවර් :baffled:

    බොන්න කලින් රෙද්දේ ගු ක‍රගෙන නේ තෝ :P
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    danuth beela ban aawe... manda mooool

    වැදුනා බන් කුඩු වෙන්න... අම්බානෙට වෙරි...:dull:

    2015_10_17_17_14_33.jpg

    තොට මුඩිය පැගිලද වැදුනේ .. බෝතලේ 4/3 තාම full ..:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් දෙයියනේ කියල බොන්නෙ නැ. බීපු උන් දෙන ආතල් නම් කියල වැඩක් නැහැ :lol::lol: අපේ ගමේ ඉන්නවා හැන්දෑවට බෝතල් මූඩියක් විතර ගහලා බෝතල් දෙකක වෙරි පෙන්නන ඩෑල් :baffled: උන් බීලා ගන්න ආතල් අපි ගන්නෙ උන්ගෙ ආතල් බලලා:lol: මේ වගේ ත්‍රෙඩ් එකක් උනත් යන එක හොඳා හැමදෙනාගෙම දැනගැනීම පිණිස. බීමේ වරදක් නැහැ සීමාවක් ඇතුව කරනවානම් :nerd:
     
    • Like
    Reactions: RIDER89

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම නම් බොලා වගේ බිලා නෑ. කලින් බියර් කෑන් බාගෙකට වඩා බොන්න බැ ඔලුව රිදෙනවා. ඊට පස්සේ වැඩේ අතරලා දැම්මා.

    ඊට පස්සේ කොල්ලෝ සෙට් එක trip එකක් ගියා ලගදි.
    බොන උන් දෙන්නෙක් හිටියා. උන් දෙන්න එදා දවසට සිගරට් 40ක් විතර බිලා හිටියේ.
    කලින් අරක්කු බීපු නැති දෙන්නෙක් හිටියා. මායි තව එකෙකුයි.

    ඔන්න කට්ටිය සෙට් උනා. මාත් සෙට් උනා. ඕල්ඩ් කේග් එකක් තිබ්බේ. මන් එකේ සැර වත් දන්නේ නෑ. බීපු නැති එකයි මායි ගැහුවා shape එකට. ෂා ඔදිකොලෝන් වගේ. එපා උනා.

    ටිකක් වෙලා යද්දී ආයේ ඕන උනා ආයේ ගැහුවා.

    ආයේ එපා උනා.

    තව ටිකකින් ආයේ ගැහුවා.

    මන් හිතන්නේ ෂොට් 5ක් වත් දාගන්න ඇති.

    දැන්නම් අඩිය තියන්න යද්දී පොලව එහෙ මෙහෙ යනවා.

    ඊට පස්සේ අර බීපු නැති එකයි මායි තරගෙට කොක් නැතුව shot 3ක් ගැහුවා.

    ඊට පස්සේ බෝතලේ ඉවර වෙලා.

    බොන්න ආපු ඔස්තාර් එකෙක් කබ්බා දාලා නිදි. අනික බෙර ගහනවා තනියෙන්. අපි කොහේ නටන්නද හිටගන්නත් බෑ.

    ඔක්කොම නිදාගත්තට පස්සේ අර කලින් බීපු නැති අනික් එකයි මායි. රැ 12 ඉදන් පාන්දර 3 වෙනකම් ලොකු ලොකු කතා කියලා.

    උදේ නැගිට්ටම තමයි දන්නේ අරුන් බෝතලේ හංගලා කියලා. අරුයි මායි බෝතලෙන් බාගෙකට වඩා බිව්වලු.

    නැත්නම් මටත් උබලා වගේ ආතල් සින් එකක් දාන්න තිබ්බා.

    පලි : ලගදි ආයේ යනවා. බොන්න තමයි අදහස. අපේ බොන්නේ නැති උන් එක්ක බැ
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    I will reply to this when i get to the office (i have video proves)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මෙහෙමලු දැන්

    eq2zup.jpg

    හපන්න තිබුනේ ක්‍රීම් ක්‍රැකර් තමයි
    මුද්‍රණ අයියා සෙට් වීමට සුදුසු ඇත්තෙක් වගේ....
    බට් ඩේලි ගසන එක නං ඉතිං හොද නෑ නේහ්!:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දවස 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා. නත්තල් කාලේ නේ. මම මේ කියන සාමාජිකයා අද වෙනකොට එලකිරියේ ඉන්න ජනප්‍රියම සාමාජිකයා කිව්වොත් නිවැරදියි. මේ සිද්ධිය වෙනකොට මේ හාදයාව අපි කිසිම කෙනෙක් දැකලා තිබුනේ නෑ. මේ සාමාජිකයා දැක බලාගෙන කයියක් දාලා අඩියක් ගහන්න ලොකු උවමනාවක් තිබුනා. ඉතින් මේ සාමාජිකයාගෙන් මටත් තව එලකිරියේ ඉන්න සහ හිටපු පැරණි සාමාජිකයන් කීප දෙනෙකුට ආරාධනාවක් ලැබුනා ඔහුගේ සේවා ස්ථානයට සෙට් වෙමු කියලා අඩියක් ගහන්න. එක පයින් ආරාධනාව පිලිගත්තු අපිත් ගියා මේ කියන හාදයාගේ රැකියා ස්ථානයට. මමයි කඩියයි තමයි ඔය කියන ස්ථානයට ඉස්සෙල්ලාම ලඟා උනේ. වෙලාව හවස 07ට කිට්ටු ඇති. ඔය හාදයාගේ රැකියා ස්ථානයේ LCD ස්ක්‍රීන් එකක ඩිස්ප්ලේ එකක් යනවා. "........................ වසා ඇත. දොරට තඩි බෑමෙන් වලකින්න" කියලා. ඉතින් කොහොමද දොරට තඩි බාන්නේ. ගත්තා කෝල් එකක්..
    "අහ්.. ඔහොම හිටපල්ලා. මම එන්නම් පිටිපස්සේ දොරෙන්" කීවා.
    අපි දෙන්නත් හිටන් උන්නා. එතකොටම සෙට මෝලට සෙට් වෙන්න තවත් කිරියේ ප්‍රසිද්ධම සාමාජිකයෙක් එතනට ආවා. ඌ බස්කාරයෙක්. දැං අපි තුන් දෙනා බලං ඉන්නවා මූ දැං එයි දැං එයි කියලා. තාම නෑ. ටිකක් කලුවර නිසා පේන්නෙත් නෑ. එක පාරට ගුහාවක් වගේ එකක් අස්සෙන් එකෙක් ආවා. අත් දිග ශර්ට් එකක් ඇඳලා ටයි පොල්ලක් දාලා කලු කොට නාකි ඩයල් එකක්.
    "මේ මූද බං?" මම කඩියගෙන් ඇහුවා.
    "නෑ බං මූ වෙන්න බෑ. මූ නාකි ඩයල් එකක් නේ. මූ වෙන්න බෑ" කඩියා කිව්වා.

    "මේ පෙරේරා මහත්තයා වෙන්ටෑ" අර ආපු ඩයල් එක මට කිව්වා.
    මම කඩියගේ මූනත් කඩියා මගේ මූනත් බැලුවා. එතන හිටිය අපේ බස්කාරයා මට ඇගිල්ලෙන් ඇන්නා. උටත් මෝල් වගේ.

    "මේ අපේ ............................... ද?" මම උගෙන් ඇහුවා.

    "ඔව් යකෝ... මං තමා. මොකෝ තොපි බය වෙලා?" ඌ අපෙන් අහපි.

    බය වෙච්චි හේතුව කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ. තෝ හද්ද නාකියෙක්නේ. අපි හිතුවේ උඹ තරුණ කොල්ලෙක් කියලා කියන්නෙයි.

    අපි ඔක්කොම කරබාගෙන උගේ වැඩපොලට රිංගුවා. අපරාදේ කියන්න බෑ දොඹෙන් සැලකුවා. J&B එකකුයි රෙඩ් ලේබල් එකකුයි ගැසුවා. ඒ වෙලේ එතනම හදාපු උණු උණු හොට් බැටර් කට්ල් ෆිෂ් එකක් බයිට් එකට ලැබුනා. ඇති තරම් කෑවා. ටික වෙලාවක් යනකොට අපේ ශ්‍රී බෝයියා, පෑන් මාමා, අල්වලියා, චාමික සෙට් එකම සෙටමෝලට කඩා පැන්නා. මට මතක විදියට ඔච්චරයි ආවේ. තව උන් පහු වෙනකොට ආවාද කියලා සිරාවටම මතක නෑ.
    බස්කාරයා දෙකක් වනාගෙන මඤ්ඤං කියෝ කියෝ උන්නා මතකයි. අර සෙටමෝල සූදානම් කරපු අපේ හාදයා අමු බොරුවක් කරලා යාන්තම එක සොට් එකක් විතරක් නවාගෙන අමරදේවගේ සින්දු ටිකක් දාලා පුදුම වදයක් දුන්නා මතකයි.
    මොනා උනත් සුපිරි දවසක්.. එදායින් පටන් ගත්තු යාලුකම අද වෙනකන් තියෙනවා...
     
    • Like
    Reactions: Roxxx
    Status
    Not open for further replies.