බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුද්‍රණ අයියා සෙට් වීමට සුදුසු ඇත්තෙක් වගේ....
    බට් ඩේලි ගසන එක නං ඉතිං හොද නෑ නේහ්!:nerd:

    eq2zup.jpg

    පේනවාද අර කැල් එක ගාව තියෙන පෙන් ඩ්‍රයිව් එක? ඕක මම හිතන්නේ අවුරුදු 10කට වඩා පරන වෙන්ටෑ. මගේ පලවෙනි පෙන් ඩ්‍රයිව් එකත් ඔය වගේ. 2005 ගත්තේ. ඒක 256MB එකක්... :nerd:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දවස 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා. නත්තල් කාලේ නේ. මම මේ කියන සාමාජිකයා අද වෙනකොට එලකිරියේ ඉන්න ජනප්‍රියම සාමාජිකයා කිව්වොත් නිවැරදියි. මේ සිද්ධිය වෙනකොට මේ හාදයාව අපි කිසිම කෙනෙක් දැකලා තිබුනේ නෑ. මේ සාමාජිකයා දැක බලාගෙන කයියක් දාලා අඩියක් ගහන්න ලොකු උවමනාවක් තිබුනා. ඉතින් මේ සාමාජිකයාගෙන් මටත් තව එලකිරියේ ඉන්න සහ හිටපු පැරණි සාමාජිකයන් කීප දෙනෙකුට ආරාධනාවක් ලැබුනා ඔහුගේ සේවා ස්ථානයට සෙට් වෙමු කියලා අඩියක් ගහන්න. එක පයින් ආරාධනාව පිලිගත්තු අපිත් ගියා මේ කියන හාදයාගේ රැකියා ස්ථානයට. මමයි කඩියයි තමයි ඔය කියන ස්ථානයට ඉස්සෙල්ලාම ලඟා උනේ. වෙලාව හවස 07ට කිට්ටු ඇති. ඔය හාදයාගේ රැකියා ස්ථානයේ LCD ස්ක්‍රීන් එකක ඩිස්ප්ලේ එකක් යනවා. "........................ වසා ඇත. දොරට තඩි බෑමෙන් වලකින්න" කියලා. ඉතින් කොහොමද දොරට තඩි බාන්නේ. ගත්තා කෝල් එකක්..
    "අහ්.. ඔහොම හිටපල්ලා. මම එන්නම් පිටිපස්සේ දොරෙන්" කීවා.
    අපි දෙන්නත් හිටන් උන්නා. එතකොටම සෙට මෝලට සෙට් වෙන්න තවත් කිරියේ ප්‍රසිද්ධම සාමාජිකයෙක් එතනට ආවා. ඌ බස්කාරයෙක්. දැං අපි තුන් දෙනා බලං ඉන්නවා මූ දැං එයි දැං එයි කියලා. තාම නෑ. ටිකක් කලුවර නිසා පේන්නෙත් නෑ. එක පාරට ගුහාවක් වගේ එකක් අස්සෙන් එකෙක් ආවා. අත් දිග ශර්ට් එකක් ඇඳලා ටයි පොල්ලක් දාලා කලු කොට නාකි ඩයල් එකක්.
    "මේ මූද බං?" මම කඩියගෙන් ඇහුවා.
    "නෑ බං මූ වෙන්න බෑ. මූ නාකි ඩයල් එකක් නේ. මූ වෙන්න බෑ" කඩියා කිව්වා.

    "මේ පෙරේරා මහත්තයා වෙන්ටෑ" අර ආපු ඩයල් එක මට කිව්වා.
    මම කඩියගේ මූනත් කඩියා මගේ මූනත් බැලුවා. එතන හිටිය අපේ බස්කාරයා මට ඇගිල්ලෙන් ඇන්නා. උටත් මෝල් වගේ.

    "මේ අපේ ............................... ද?" මම උගෙන් ඇහුවා.

    "ඔව් යකෝ... මං තමා. මොකෝ තොපි බය වෙලා?" ඌ අපෙන් අහපි.

    බය වෙච්චි හේතුව කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ. තෝ හද්ද නාකියෙක්නේ. අපි හිතුවේ උඹ තරුණ කොල්ලෙක් කියලා කියන්නෙයි.

    අපි ඔක්කොම කරබාගෙන උගේ වැඩපොලට රිංගුවා. අපරාදේ කියන්න බෑ දොඹෙන් සැලකුවා. J&B එකකුයි රෙඩ් ලේබල් එකකුයි ගැසුවා. ඒ වෙලේ එතනම හදාපු උණු උණු හොට් බැටර් කට්ල් ෆිෂ් එකක් බයිට් එකට ලැබුනා. ඇති තරම් කෑවා. ටික වෙලාවක් යනකොට අපේ ශ්‍රී බෝයියා, පෑන් මාමා, අල්වලියා, චාමික සෙට් එකම සෙටමෝලට කඩා පැන්නා. මට මතක විදියට ඔච්චරයි ආවේ. තව උන් පහු වෙනකොට ආවාද කියලා සිරාවටම මතක නෑ.
    බස්කාරයා දෙකක් වනාගෙන මඤ්ඤං කියෝ කියෝ උන්නා මතකයි. අර සෙටමෝල සූදානම් කරපු අපේ හාදයා අමු බොරුවක් කරලා යාන්තම එක සොට් එකක් විතරක් නවාගෙන අමරදේවගේ සින්දු ටිකක් දාලා පුදුම වදයක් දුන්නා මතකයි.
    මොනා උනත් සුපිරි දවසක්.. එදායින් පටන් ගත්තු යාලුකම අද වෙනකන් තියෙනවා...

    :lol::lol::lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    eq2zup.jpg

    පේනවාද අර කැල් එක ගාව තියෙන පෙන් ඩ්‍රයිව් එක? ඕක මම හිතන්නේ අවුරුදු 10කට වඩා පරන වෙන්ටෑ. මගේ පලවෙනි පෙන් ඩ්‍රයිව් එකත් ඔය වගේ. 2005 ගත්තේ. ඒක 256MB එකක්... :nerd:

    අඩෝ මගේ ලාගත් තාමත් තියෙයි... කවරේ නැ circuit එක විතරයි එත් වැඩ.. :) 1 GB
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පේනවාද අර කැල් එක ගාව තියෙන පෙන් ඩ්‍රයිව් එක? ඕක මම හිතන්නේ අවුරුදු 10කට වඩා පරන වෙන්ටෑ. මගේ පලවෙනි පෙන් ඩ්‍රයිව් එකත් ඔය වගේ. 2005 ගත්තේ. ඒක 256MB එකක්... :nerd:

    ඔව් ඔව් මේකත් 256mb එකක් අවුරුදු 10කට වඩා පරණයි. මගෙත් මුල්ම පෙන් ඩ්‍රයිව් එක. ගත්තේ 3000 ගානකට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් මේකත් 256mb එකක් අවුරුදු 10කට වඩා පරණයි. මගෙත් මුල්ම පෙන් ඩ්‍රයිව් එක. ගත්තේ 3000 ගානකට

    මං කිව්වේ...:rofl:
    බඩු වැඩද තාම??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටිප් ටොප් එකට වැඩ. ඔය මොඩල් වලට ලයිෆ් ටයිම් වොරන්ටියක් තියනවා

    මගේ එක දුන්නා යාලුවෙකුට. මෙහ්.. අයියේ.. අර රතුපාට පැකට් එක නවත්තාපං.. :dull:
    ඔය ඇවටර් එකේ තියෙන එක කරාපං... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දවස 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා. නත්තල් කාලේ නේ. මම මේ කියන සාමාජිකයා අද වෙනකොට එලකිරියේ ඉන්න ජනප්‍රියම සාමාජිකයා කිව්වොත් නිවැරදියි. මේ සිද්ධිය වෙනකොට මේ හාදයාව අපි කිසිම කෙනෙක් දැකලා තිබුනේ නෑ. මේ සාමාජිකයා දැක බලාගෙන කයියක් දාලා අඩියක් ගහන්න ලොකු උවමනාවක් තිබුනා. ඉතින් මේ සාමාජිකයාගෙන් මටත් තව එලකිරියේ ඉන්න සහ හිටපු පැරණි සාමාජිකයන් කීප දෙනෙකුට ආරාධනාවක් ලැබුනා ඔහුගේ සේවා ස්ථානයට සෙට් වෙමු කියලා අඩියක් ගහන්න. එක පයින් ආරාධනාව පිලිගත්තු අපිත් ගියා මේ කියන හාදයාගේ රැකියා ස්ථානයට. මමයි කඩියයි තමයි ඔය කියන ස්ථානයට ඉස්සෙල්ලාම ලඟා උනේ. වෙලාව හවස 07ට කිට්ටු ඇති. ඔය හාදයාගේ රැකියා ස්ථානයේ LCD ස්ක්‍රීන් එකක ඩිස්ප්ලේ එකක් යනවා. "........................ වසා ඇත. දොරට තඩි බෑමෙන් වලකින්න" කියලා. ඉතින් කොහොමද දොරට තඩි බාන්නේ. ගත්තා කෝල් එකක්..
    "අහ්.. ඔහොම හිටපල්ලා. මම එන්නම් පිටිපස්සේ දොරෙන්" කීවා.
    අපි දෙන්නත් හිටන් උන්නා. එතකොටම සෙට මෝලට සෙට් වෙන්න තවත් කිරියේ ප්‍රසිද්ධම සාමාජිකයෙක් එතනට ආවා. ඌ බස්කාරයෙක්. දැං අපි තුන් දෙනා බලං ඉන්නවා මූ දැං එයි දැං එයි කියලා. තාම නෑ. ටිකක් කලුවර නිසා පේන්නෙත් නෑ. එක පාරට ගුහාවක් වගේ එකක් අස්සෙන් එකෙක් ආවා. අත් දිග ශර්ට් එකක් ඇඳලා ටයි පොල්ලක් දාලා කලු කොට නාකි ඩයල් එකක්.
    "මේ මූද බං?" මම කඩියගෙන් ඇහුවා.
    "නෑ බං මූ වෙන්න බෑ. මූ නාකි ඩයල් එකක් නේ. මූ වෙන්න බෑ" කඩියා කිව්වා.

    "මේ පෙරේරා මහත්තයා වෙන්ටෑ" අර ආපු ඩයල් එක මට කිව්වා.
    මම කඩියගේ මූනත් කඩියා මගේ මූනත් බැලුවා. එතන හිටිය අපේ බස්කාරයා මට ඇගිල්ලෙන් ඇන්නා. උටත් මෝල් වගේ.

    "මේ අපේ ............................... ද?" මම උගෙන් ඇහුවා.

    "ඔව් යකෝ... මං තමා. මොකෝ තොපි බය වෙලා?" ඌ අපෙන් අහපි.

    බය වෙච්චි හේතුව කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ. තෝ හද්ද නාකියෙක්නේ. අපි හිතුවේ උඹ තරුණ කොල්ලෙක් කියලා කියන්නෙයි.

    අපි ඔක්කොම කරබාගෙන උගේ වැඩපොලට රිංගුවා. අපරාදේ කියන්න බෑ දොඹෙන් සැලකුවා. J&B එකකුයි රෙඩ් ලේබල් එකකුයි ගැසුවා. ඒ වෙලේ එතනම හදාපු උණු උණු හොට් බැටර් කට්ල් ෆිෂ් එකක් බයිට් එකට ලැබුනා. ඇති තරම් කෑවා. ටික වෙලාවක් යනකොට අපේ ශ්‍රී බෝයියා, පෑන් මාමා, අල්වලියා, චාමික සෙට් එකම සෙටමෝලට කඩා පැන්නා. මට මතක විදියට ඔච්චරයි ආවේ. තව උන් පහු වෙනකොට ආවාද කියලා සිරාවටම මතක නෑ.
    බස්කාරයා දෙකක් වනාගෙන මඤ්ඤං කියෝ කියෝ උන්නා මතකයි. අර සෙටමෝල සූදානම් කරපු අපේ හාදයා අමු බොරුවක් කරලා යාන්තම එක සොට් එකක් විතරක් නවාගෙන අමරදේවගේ සින්දු ටිකක් දාලා පුදුම වදයක් දුන්නා මතකයි.
    මොනා උනත් සුපිරි දවසක්.. එදායින් පටන් ගත්තු යාලුකම අද වෙනකන් තියෙනවා...

    :rofl: මට අයිස්ක්‍රීම් දීපන්..... මට අයිස්ක්‍රීම් දීපන්....... :lol: මතකද..... :P :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටිප් ටොප් එකට වැඩ. ඔය මොඩල් වලට ලයිෆ් ටයිම් වොරන්ටියක් තියනවා

    :shocked: ඈහ්.... මගේ ලග ඕකම 128MB එකක් තියෙනවා.... කෙල වෙලා.... හොයලා ගන්න ඕනා එහෙනම් වොරන්ටි දාන්න..... :D :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඈහ්.... මගේ ලග ඕකම 128MB එකක් තියෙනවා.... කෙල වෙලා.... හොයලා ගන්න ඕනා එහෙනම් වොරන්ටි දාන්න..... :D :P

    :eek:
    තොට ලැපක්ට කෝල් කරාද ඊයේ පෙරේදා එකෙක්? මගේ යාලුවෙක්?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,767
    6,834
    113
    Mama bona eka nawaththuwa Sinhalu. three years wath yanakan beer ekakwath bonne Na
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වෙන නුලකට ර්ප්ලයි කරන්න ගිහාම තමයි මේක මතක් උනේ.

    මේක උනේ ටික කලකට ඉස්සෙල්ල. දැන් අපි රාජගිරියේ හිටියට කාලයක් හිටියේ බොරැල්ලට කිට්ටුවෙන් . දවසක් මම බියර් කෑන් එකක් බිබී එළියේ ඇවිද ඇවිද හිටිය. ටිකකින් බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් පාර පැත්තට ආව. අයෙත් ඇවිත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ දඩ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. දින කීපයක් යනකම් එහෙම තිබ්බ. පස්සේ එහෙම නොවුන විදිහට එක අමතක කරලා දැම්ම
     
    • Like
    Reactions: Roxxx

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන නුලකට ර්ප්ලයි කරන්න ගිහාම තමයි මේක මතක් උනේ.

    මේක උනේ ටික කලකට ඉස්සෙල්ල. දැන් අපි රාජගිරියේ හිටියට කාලයක් හිටියේ බොරැල්ලට කිට්ටුවෙන් . දවසක් මම බියර් කෑන් එකක් බිබී එළියේ ඇවිද ඇවිද හිටිය. ටිකකින් බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් පාර පැත්තට ආව. අයෙත් ඇවිත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ දඩ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. දින කීපයක් යනකම් එහෙම තිබ්බ. පස්සේ එහෙම නොවුන විදිහට එක අමතක කරලා දැම්ම

    :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    2000 කට වගේ ගන්න තියන අප්පිරියා නැතුව ගසන්න පුළුවන් මධුවිත වර්ගයක කියනු මැනවි :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම බොන්නේ නම් නෑ නමුත් මේ tag 1, tag 2 දැම්මේ මම. පස්සේ ටැගක් දාන්න රිසර්ව් කළා.. අනික් සොන්න වැඩ නම් මම දන්නේ නැත... :sorry:

    මරු කතා ටික. අපේ එකෙකුත් බීලා ලක්ෂ 4 1/2 විතරක බිලක් ගෙවපු කතාවක් ගැන මම දාන්නම්. :lol:
     
    • Like
    Reactions: RIDER89

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2000 කට වගේ ගන්න තියන අප්පිරියා නැතුව ගසන්න පුළුවන් මධුවිත වර්ගයක කියනු මැනවි :)
    appiriya nathi eewa nam na... :rofl::P ehenam Vodka gahapan Juice ekka...
    2000 ta nam ithin mmm mmm Highland Queen thamai...
     
    Status
    Not open for further replies.