Johann Schmidt (Red Skull)
සම්පුර්ණ නම - Johann Schmidt
අනුවර්ථ නාම - Red Skull, Herr Schmidt, Herr Skull
හිමිකම - HYDRA හිටපු අධ්යක්ෂක,
පුරවැසිභාවය - ජර්මන්
චිත්රපට - Captain America: The First Avenger, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්)
TV - Agent Carter (සදහන් කිරීමක්), Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - Hugo Weaving
දෙවන ලෝක යුධ සමයේ නාසි හමුදාවේ විශේෂ ආයුධ අංශයේ සේවය කල මොහු HYDRA හමුදාවෙහි අණ දෙන නිලදාරී හා නායක ලෙසද කටයුතු කර ඇත. Super Soldier Serum යොදා ගැනීම නිසා Red Skull බවට පරිණාමය වූ ඔහු Tesseract එකේ බලය යොදා ගනිමින් ලොවට එරෙහිව ප්රහාර එල්ල කිරීමට සුදානම් විය. නමුත් Captain America ගේ මැදිහත් වීමෙන් එය අසාර්ථක විය. Captain America සග අවසන් සටනේදී Tesseract එකේ බලයෙන් ඔහු මිය ගිය යැයි සැක කෙරේ.






