Marvel Cinematic Universe - Characters [HYDRA]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Johann Schmidt (Red Skull)

    12278892_538737712951673_3779198593116824556_n.jpg

    සම්පුර්ණ නම - Johann Schmidt
    අනුවර්ථ නාම - Red Skull, Herr Schmidt, Herr Skull
    හිමිකම - HYDRA හිටපු අධ්‍යක්ෂක,
    පුරවැසිභාවය - ජර්මන්
    චිත්‍රපට - Captain America: The First Avenger, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්)
    TV - Agent Carter (සදහන් කිරීමක්), Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Hugo Weaving

    දෙවන ලෝක යුධ සමයේ නාසි හමුදාවේ විශේෂ ආයුධ අංශයේ සේවය කල මොහු HYDRA හමුදාවෙහි අණ දෙන නිලදාරී හා නායක ලෙසද කටයුතු කර ඇත. Super Soldier Serum යොදා ගැනීම නිසා Red Skull බවට පරිණාමය වූ ඔහු Tesseract එකේ බලය යොදා ගනිමින් ලොවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සුදානම් විය. නමුත් Captain America ගේ මැදිහත් වීමෙන් එය අසාර්ථක විය. Captain America සග අවසන් සටනේදී Tesseract එකේ බලයෙන් ඔහු මිය ගිය යැයි සැක කෙරේ.
     
    • Like
    Reactions: chanakamanjula

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Arnim Zola

    12246850_538729536285824_7977040930565476305_n.jpg

    සම්පුර්ණ නම - Arnim Zola
    හිමිකම - HYDRA හිටපු අධ්‍යක්ෂක, හිටපු S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ස්විස්
    මියගිය දිනය - 1972 (ශරීරය), 2014 අප්‍රේල් 2 (මනස)
    චිත්‍රපට - Captain America: The First Avenger, Captain America: The Winter Soldier
    TV - Agent Carter
    චරිත නිරුපණය - André Sogliuzzo

    දෙවන ලෝක යුධ සමයේ නාසි හමුදාවට සේවය් කල මොහු 1934 දී Johann Schmidt විසින් ඔහුව විද්‍යාඥයකු ලෙස HYDRA සංවිධානයට බදවා ගනු ලැබිය. එම කාලයේදී විශේෂ අයුධ නිර්මාණය කල ඔහු 1945 දී Schmidt මිය යාමත් සමග S.H.I.E.L.D. විසින් අල්ල ගැනීමට සමත්විය. පසුව S.H.I.E.L.D. යටතේ සේවය කිරීමට යෙදවූ ඔහු බිද වැටි තිබු HYDRA සංවිධානය S.H.I.E.L.D. තුලින්ම බිහි කිරීම ආරම්භ කෙරුණි. මේ කාලයදී ඔහු අතින් Winter Soldier නිර්මාණය විය. 1972 දී ඔහු මිය ගිය අතර ඔහුගේ මනස cyberspace තුල ජීවමානව තිබී 2014 දී විනාශ විය.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Gideon Malick

    11046171_538723776286400_2659206920163805208_n.jpg

    සම්පුර්ණ නම - Gideon Malick
    හිමිකම - HYDRA නායක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - The Avengers
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Powers Boothe

    වර්තමන් HYDRA නායකයකු වන මොහු මීට පෙර ලෝක ආරක්ෂක සංවිධානයේ ප්‍රධානියෙක් විය. දැනට ඔහු Grant Ward සමග HYDRA සංවිධානය වෙනුවෙන් කටයුතු කරයි.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Grant Ward

    12243494_538726722952772_7504563820155431281_n.jpg

    සම්පුර්ණ නම - Grant Douglas Ward
    අනුවර්ත නාම- Evil Faceless Government , Toolbag, Seal Team 6, Black Kevlar
    වයස - 32
    උපන්දිනය - 1983 ජනවාරි 7
    හිමිකම - HYDRA අධ්‍යක්ෂක, හිටපු S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Brett Dalton

    තරුණ වියේදී John Garrett යටතේ පුහුණු වූ Ward, Garrett ගේ මාර්ගයෙන් S.H.I.E.L.D. හට සම්බන්ධ විය. S.H.I.E.L.D. සිදුකල මෙහෙයුම් රාශියකට දයක් වූ ඔහු HYDRA විසින් S.H.I.E.L.D. ආක්‍රමණය කිරීමේදී S.H.I.E.L.D. උසස් නිලදරිනියක වන Victoria Hand ව ඝාතනයේ කළේය. පසුව Garrett මෙන්ම මොහුත් රහසිගත HYDRA නියෝජිතයකු බව Coulson ඇතුළු කණ්ඩායමට හෙළි විය. S.H.I.E.L.D. විසින් HYDRA නායකයින් ඝාතනය කිරිමෙන් පසු බිද වැටුණු HYDRA සංවිධානය යලි ගොඩ ගැනීමට උත්සහ ගත් Ward වර්තමානයේ එහි අධ්‍යක්ෂකයි.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Wolfgang von Strucker

    12278770_538724736286304_7437789179783160618_n.jpg

    සම්පුර්ණ නම - Wolfgang von Strucker
    අනුවර්ත නාම- HYDRA's number one thug
    හිමිකම - HYDRA හිටපු නායක
    පුරවැසිභාවය - ජර්මන්
    මිය ගිය දිනය - 2015 මැයි 2
    චිත්‍රපට - The Avengers
    TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Kai Wulff

    S.H.I.E.L.D. නියෝජිතයෙකු ලෙස මුල කාලයේ ක්‍රියා කල Wolfgang පසුව HYDRA විසින් බදවා ගන්න ලදී. Alexander Pierce ගේ මියයාමත් සමග HYDRA නායකත්වය ඔහුට හිමි වූ අතර ඔහුගේ මුලස්ථානයකට Avengers පහර දීමෙන් ඔහුව අල්ල ගැනීමට සමත් විය.ඔහු සිර මැදුරේ සිටියේදී Ultron විසින් ඔහුව ඝාතනය කරන ලදී.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Alexander Pierce

    12227011_538723032953141_1220468730713558468_n.jpg

    සම්පුර්ණ නම - Alexander Pierce
    මිය ගිය දිනය - 2014 අප්‍රේල් 4
    හිමිකම - Secretary of Defense
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Captain America: The Winter Soldier
    TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Robert Redford

    ඇමෙරිකානු ආණ්ඩුව, ලෝක ආරක්ෂක සංවිධානය සහ S.H.I.E.L.D. තුල රහසිගතව ක්‍රියා කල මොහු HYDRA හි නායකයකි. HYDRA විසින් S.H.I.E.L.D.කඩාපැන පහර දීමට අණ දුන් අතර පසුව Captain America ඇතුළු පිරිස කල සටනේදී Nick Fury අතින් මිය ගියේය.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    John Garrett

    12274642_538721202953324_6638275351703898184_n.jpg

    සම්පුර්ණ නම - Jonathan Garrett
    අනුවර්ථ නාම - John Garrett, The Clairvoyant, Patient Zero
    මිය ගිය දිනය - 2014 අප්‍රේල් 9
    හිමිකම - HYDRA සාමාජික, හිටපු S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Bill Paxton

    රහසිගතව HYDRA නියෝජිතයෙකු ලෙස කටුයුතු කරමින් S.H.I.E.L.D. බැදුණු Garrett, S.H.I.E.L.D. මෙහෙයුම් ගනනාවක්ම සාර්ථකව අවසන් කල ඔහු පසුව Clairvoyant නමින් හැදින්වුණි. ඔහු HYDRA සාමාජිකු බව හෙළි වීමත් සමග S.H.I.E.L.D. එරෙහිව සටන් කල අතර පසුව ඔහු S.H.I.E.L.D. අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවේ සිටියේදී Phil Coulson අතින් ඔහු මිය ගියේය.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Jasper Sitwell

    12274318_538719619620149_2261880749982128868_n.jpg

    සම්පුර්ණ නම - Jasper Sitwell
    අනුවර්ථ නාම - Top Brass
    වයස - 40
    උපන්දිනය - 1973 දෙසැම්බර් 8
    මිය ගිය දිනය - 2014 අප්‍රේල් 3
    හිමිකම - HYDRA සාමාජික, හිටපු S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Thor, The Avengers, Captain America: The Winter Soldier
    TV - Agents of S.H.I.E.L.D.
    One Shot - Item 47, The Consultant
    චරිත නිරුපණය - Maximiliano Hernández

    Phil Coulson ගේ හොදම යහළුවෙකුව සිටි ඔහු S.H.I.E.L.D. දියත් කල මෙහෙයුම් කීපයකට සහභාගී විය. රහසිගතව HYDRA ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වූ ඔහු Winter Soldier ගේ පහරදීමකදී මිය ගියේය.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Grant Ward

    12243494_538726722952772_7504563820155431281_n.jpg

    තරුණ වියේදී John Garrett යටතේ පුහුණු වූ Ward, Garrett ගේ මාර්ගයෙන් S.H.I.E.L.D. හට සම්බන්ධ විය. S.H.I.E.L.D. සිදුකල මෙහෙයුම් රාශියකට දයක් වූ ඔහු HYDRA විසින් S.H.I.E.L.D. ආක්‍රමණය කිරීමේදී S.H.I.E.L.D. උසස් නිලදරිනියක වන Victoria Hand ව ඝාතනයේ කළේය. පසුව Garrett මෙන්ම මොහුත් රහසිගත HYDRA නියෝජිතයකු බව Coulson ඇතුළු කණ්ඩායමට හෙළි විය. S.H.I.E.L.D. විසින් HYDRA නායකයින් ඝාතනය කිරිමෙන් පසු බිද වැටුණු HYDRA සංවිධානය යලි ගොඩ ගැනීමට උත්සහ ගත් Ward වර්තමානයේ එහි අධ්‍යක්ෂකයි.[/SIZE]

    Shield E10 wechcha de muta.. mu marenawa ne..marila ayeth enne kohomada :P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Grant Ward

    12243494_538726722952772_7504563820155431281_n.jpg

    සම්පුර්ණ නම - Grant Douglas Ward
    අනුවර්ත නාම- Evil Faceless Government , Toolbag, Seal Team 6, Black Kevlar
    වයස - 32
    උපන්දිනය - 1983 ජනවාරි 7
    හිමිකම - HYDRA අධ්‍යක්ෂක, හිටපු S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Brett Dalton

    තරුණ වියේදී John Garrett යටතේ පුහුණු වූ Ward, Garrett ගේ මාර්ගයෙන් S.H.I.E.L.D. හට සම්බන්ධ විය. S.H.I.E.L.D. සිදුකල මෙහෙයුම් රාශියකට දයක් වූ ඔහු HYDRA විසින් S.H.I.E.L.D. ආක්‍රමණය කිරීමේදී S.H.I.E.L.D. උසස් නිලදරිනියක වන Victoria Hand ව ඝාතනයේ කළේය. පසුව Garrett මෙන්ම මොහුත් රහසිගත HYDRA නියෝජිතයකු බව Coulson ඇතුළු කණ්ඩායමට හෙළි විය. S.H.I.E.L.D. විසින් HYDRA නායකයින් ඝාතනය කිරිමෙන් පසු බිද වැටුණු HYDRA සංවිධානය යලි ගොඩ ගැනීමට උත්සහ ගත් Ward වර්තමානයේ එහි අධ්‍යක්ෂකයි.
    චොප්පේ අයියේ.. අරූ මොකාද බන්.. අර අනිත් planet එකෙන් එන්නේ. ward
    මැරෙනවානේ.. ඊට පස්සේ එන එකා.. ward ගේ ශරීරය තියෙන්නේ..
    Agents of S.H.I.E.L.D S03E10

    :shocked::shocked:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    me week eke fitz and the team gihin aragena awa inhuman gana wistharayak dannawa nam dapanko. possible match with comic universe wage?

    Shield E10 wechcha de muta.. mu marenawa ne..marila ayeth enne kohomada :P

    Now ward is an reanimated corpse by the inhuaman who was in the Wills body. this is not exactly the same Ward.

    ara will kiyana eka wage inna eka enne [alien parasite ekek wge] ane manda :(

    චොප්පේ අයියේ.. අරූ මොකාද බන්.. අර අනිත් planet එකෙන් එන්නේ. ward
    මැරෙනවානේ.. ඊට පස්සේ එන එකා.. ward ගේ ශරීරය තියෙන්නේ..
    Agents of S.H.I.E.L.D S03E10

    :shocked::shocked:

    කට්ටියටම මේක ප්‍රශ්නයක් වගේ. :D
    මන් මුල ඉදන් කියන්නම්. අවුරුදු දහසකට පමණ ඉස්සල ඉදල Kree පෘතුවියේ හිටපු මිනිසුන් ඔහුගේ හමුදා සේනාවක් හදන්න Inhumans කරලා තියෙනවා. ඔතනින් එක් Inhuman කෙනෙක් ('It' කියල තමා උට කියන්නේ) ඉතා බලවත් ලෙස නිර්මාණය වුන. පස්සේ අනික් Inhumans ඔහුව වෙනත් ග්‍රහලෝකකට පිටමන් කරල තියෙනවා ඔවුන්ගේ ආරක්ෂාවටත් ඉදිරි පැවැත්මටත්. කොහොම හරි Inhuman සෙට් එකකුයි HYDRA එකතු වෙලා ඔවුන්ගේ නායකයා 'It' ආපහු පෘථිවියට ගෙන්වා ගැනීමට Monolith එක හරහා මිනිසුන් ඒ ග්‍රහලෝකයට යවල try කෙරුව කීප සැරයක්ම. මතක ඇති කලින් කතාවක 1839 දී පොරක්ව Monolith එකෙන් යවනවා පෙන්නවා..එත් HYDRA එකෙක් තමා.හැබැයි ඔය ගියපු කිසිම කෙනෙක්ට අපහු එන්න බැරි වුණා. පස්සේ ෆිට්ස් ජෙමාව මේ ග්‍රහලෝකයෙන් බේරාගෙන අව නිසා HYDRA හිතනවා අපහු කණ්ඩායමක් ඒ ග්‍රහලෝකයට ෆිට්ස්ගේ උදව්වෙන් ගිහින් 'It' ව අරන් එන්න. හැබැයි ඒ ග්‍රහලෝකයේට ගියාට පස්සේ ෆිට්ස් දැනගන්නවා ඒ ග්‍රහලෝකයේ ජිවත් වුනු විල් මැරිලා ඔහුගේ ඇගට It ඇතුළු වෙලා කියල. පස්සේ ෆිට්ස් It මැරුවත් ගිනිගෙන විනාශවෙන්නේ විල්ගේ ශරීරය විතරයි. ඔය වෙලාවේදී කොල්සන් වෝඩ් ව මරනවනේ. පස්සේ It ඇතුළු වෙනවා වෝඩ්ගේ ශරීරයට. පස්සේ දැක්කේ වෝඩ් පාර මැද හිටන් ඉන්නවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ It Monolith එක හරහා පෘතුවියට ඇවිත්. It කියන්නේ බලවත් Inhuman කෙනෙක්නෙ. සමහරවිට වෙන කෙනෙක්ගේ අගට ඇතුල් වීමේ බලයක් ඇති...එක තම හරියට පෙන්නුවේ නෑ. මන් හිතනවා තේරෙන්න ඇති කියල..නොතේරුන දෙයක් තියෙනවනම් අහපල්ලා.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action

    Will merunama uge body eken liquid ekak wage deyak eliyata enawa pennanawa ne ?
    matanam hithenne "it" oya kaalayak tisse portal eken anith planet ekata yewwa humas lawa posses karagena tama oya taram loku kaalayak jeevath wela tyenne.

    Dan march wenakan idapanko EP 11 balanna :growl::(
     
    IT inhuman කෙනෙක් නම් . උ කොයි වගේද. අර පණුවෙක් වගේ ward ගේ
    ඇගේ යන්නේ උ නේද.. IT වැහුනට පස්සේ විල් කාරයාගේ කකුල නිකන් ලීයක් වගේනේ බන්.. මැද
    කම්බි කුරකුත් දාලා. මේ සීන් එක මොකක්ද. (groot මතක් වුනා. i think no connection here :dull:)

    1hf5tw.png
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Will merunama uge body eken liquid ekak wage deyak eliyata enawa pennanawa ne ?
    matanam hithenne "it" oya kaalayak tisse portal eken anith planet ekata yewwa humas lawa posses karagena tama oya taram loku kaalayak jeevath wela tyenne.

    Dan march wenakan idapanko EP 11 balanna :growl::(

    ඔව් එකත් වෙන්න පුළුවන්..දැන්ම කියන්න කල් වැඩි. මාර්තු 8 තමා 11 එන්නේ. :growl: මාස 4ක් ඉන්න එක තම එපා වෙන්නේ :angry:
    මේ පාර Agents of S.H.I.E.L.D. එකයි Captain America: Civil War එකයි අතර crossover එකක් වෙනවා. ඒ නිසයි එච්චර අදින්නේ. මේපාර season 3 ඉවර වෙන දවස Civil War පටන්න ගන්න කලින් දවස වගේ වැටෙන්නේ.