Elakiri.com Awards සම්මාන ප්‍රධානය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    කරුණාකරත සම්පූර්ණ පෝස්ට් එක කියවා ඔබේ අදහස් පල කරන්න.

    තරග අංශ 12ක් ජූරි සභිකයින් 12 ස් දෙනෙක් සමග පැවැත්වූ Elakiri com Awards 2015 විවිධ හැල හැප්පීම් මැද අවසානය දක්වා ගෙන ඒමට අපට හැකි වුනා. විශේෂයන් ජූරි සභිකයන් ඔව්න්ට යොමු වූ විවිධ ගැටලු හමුවේ ඔව්න්ගේ කටයුතු කරගෙන යෑම අගය කල යුතුයි.
    මෙම සම්මාන ප්‍රධෘනය අංශ 11 ක් යටතේ සිදු කරන්නට වුනේ එක් අංශයක ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එම අංශය ඉවත් කරන්නට අපට සිදු වූ නිසයි.

    සම්මාන දීමට මත්තෙන් ගරු ජූරි සභිකයින් ගේ නම් නැවත වරක් මතක් කරලා ඉන්න ඕනේ.

    RIDER89
    crazyasa
    djnick
    XibitZ
    dd nalin
    Silly point
    cedric1986
    JesonRulez
    Bakamuna69
    Mal Baba
    Chikamawa
    RePost බුවා

    සම්මාන ප්‍රධානය
    අංශ 11 ක් යටතේ සම්මාන ප්‍රධානය මෙහිදී සිදු කෙරෙනවා

    හොදම උදව් කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්) - තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ XibitZ සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Crazybuddy සහෝදරයට.
    picture.php


    ------------------------------

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික) - තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ JesonRulez සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
    picture.php

    ------------------------------

    වසරේ මොල කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්) තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ dd nalin සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ දත් කිඹුලා සහෝදරයට.
    picture.php

    -----------------------------

    හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 (ඉතිහාසය, සමාජ, යුද ආදිය වශයෙන්)
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ djnick සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ HarshaLulzSec සහෝදරයට.
    picture.php

    -----------------------------

    හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ cedric1986 සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Sriboysl සහෝදරයට.
    picture.php

    -----------------------------

    නැගී එන තරුව 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ crazyasa සහෝදරයා.
    මේ සම්මානය පෝල් එකේ හැටියට ලැබෙන්න ඕනේ RIDER89 සොයුරාට. නමුත් ඔහු සම්මානය ප්‍රතික්ෂේප කරන ලදි. එම නිසා පෝල් එකේ හැටියට මීලගට සිටින HarshaLulzSec සහෝදරයා හට සම්මානය ලාබාදීමට තීරණය කෙරුණි.

    සම්මානය හිමි වෙන්නේ HarshaLulzSec සහෝදරයට.
    picture.php

    -----------------------------

    හෝදම විහිලු තහලු 2015 (විනෝදාත්මක ආකාරයේ)
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Mal Baba සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ labu gediya සහෝදරයට.
    picture.php

    -----------------------------

    හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය)
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Chikamawa සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Dinushasankalpa සහෝදරයට.
    picture.php

    ------------------------------

    හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ RIDER89 සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ polwattacom සහෝදරයගේ වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකට.
    picture.php

    -------------------------------

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Silly point සහෝදරයා.

    සම්මානය සම චන්ද ලබාගැනීම හේතුවෙන් polwattacom සහෝදරයාගේ 'සොවාන් වනුයේ කෙසේද ?' ත්‍රෙඩ් එකට හා XibitZ සහෝදරයාගේ 'කාමය වරදවා හැසිරීම ' යන දෙකටම හිමි වෙනවා.
    picture.php
    picture.php

    ------------------------------

    වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ RePost බුවා සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Crazybuddy සහෝදරයට.
    picture.php


    ------------------------------
    ජූරියේ විශේෂ සම්මානය 2015
    2015 වසර තුළ එලකිරි රේඩියෝවට කල විශිෂ්ට සේවය වෙනුවෙන් tharindumj සහෝදරයට.
    picture.php


     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නාම යෝජනා
    සම්මානයක් ලැබෙන්නේ එක් අයෙකුට පමණි. එය අදාළ කාලයේ ජනප්‍රියතාවය, අදාල කාලය තුළ කර ඇති සේවය හා ෆෝරම් එකෙහි සිටින මිතුරන් මත තීරණය වෙන සාදකයකි. මේ නිසා පෝල් සදහා නාම් ඇතුළු කල සියලු දෙනා අතරින් 12 දෙනෙකුට පමණක් සම්මාන ලැබීය. එහෙම වුනත් අනෙක් නිර්දේශිත නාමයන් සම්මානයක් සදහා නුසුදුසු යැයි මෙයින් කියවෙන්නේ නැත‍. මේ නිසා නිර්දේශිත නාමයන් සියල්ල ඉතා උසස් කොට සලකමි. එමෙන්ම නිර්දේශ අතර නොවූ වටිනා පුද්ගලයින් හා ත්‍රෙඩ් නැතුවාම නොවේ. ඊට හේතුව පෝල් එකක් සදහා උපරිම විකල්ප 10 ක් පමණක් තිබීමය.

    ස්තූතිය!
    විවිධ ගැටම් වලට මුහුන දෙමින් තරගය ඉදිරියට ගෙනයෑමට උරදුන් ගරු ජූරි සභිකයන් 12 දෙනාට මාගේ විශේෂ ස්තූතිය පුද කරමි. ඒ වගේම එලකිරි ෆෝරම් එකෙහි ගරු ඇඩ්මිනිස්ට්‍රේටර් GTRZ සහෝදරයාටත්, මොඩරේටර් වරයෙකු ලෙස තමන්ගේ සේවය ඉතා මැනවින් ලබාදෙන tintin123 සහෝදරයාටත් මාගේ විශේෂ ස්තූතිය පුද කරන්න කැමතී. මීට අමතරව තරගය පටන්ගත් මොහොතේ සිට පීඑම්, වීඑම් මගින් උදව් කල සියලු සහෝදර සහෝදරියන්ටත්, ත්‍රෙඩ් වල පෝස්ට් වලින් උදව් කල සියලුම සහෝදර සහෝදරියන්ටත් මාගේ විශේෂ ස්තූතීය පුදකරමි. මීට අමතරව ගැටලු කාරී තත්වයන් වලදි පුද්ගලිකව මම වෙනුවෙන් හා අනෙක් ජූරි සභිකයන් වෙනුවනේ කතා කළ සියලු සහෝදර සහෝදරියන්ටත් හද පිරි ස්තූතිය පුද කරමි.

    සමාව!
    මේ තරගය නිසා එලකිරියේ යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් පිරිසකගේ සිත් රිදීමක් ඇති වුනේ නම් ඒ පිළිබදව මා පුද්ගලිකව සමාව ඉල්ලා සිටිමි.

    කරුණු පැහැදිලි කිරීම.
    මේ තරගය මා විසින් සංවිධානය කරන ලද්දේ කිසිදු ලාභ ප්‍රයෝජෙනයක් හෝ කීර්තියක් බලාපොරොත්තුවෙන් නොවේ. හුදෙක්ම ත්‍රෙඩ් ලියන, උදව් කරන එලකිරියේ සාමාජිකයන් දිරිමත් කිරීම සදහා සහ යම් විනෝදයක් ලබාදීම සදහා පමණි. මේ සදහා මාගේ කාලය මෙන්ම විනිසුරුවන්ගේ කාලයද කැප කරමින් අප කටයුතු කලේය. මේ වගේ වැඩකදි සුලු සුලු අඩු පාඩු ඇතිවෙන එක වලක්වන්න බෑ. සරසවි, සුමති වගේ සම්මාන උලෙල වල විතරක් නෙවෙයි ලෝක මට්ටමේ සම්මාන උලෙල වලත් දෝශ සහගත තැන් තියනවා. ඒ වගේම රියලිටි ෂෝවලත් දෝශ සහිත තැන් අනන්තවත් තියනවා. ඒක ඇදක් හොයන්න ඉන්න හැමෝම තේරුම් ගන්න. තරගයේ වැරදි විදිහට සමහරු පෙන්නපු කරුනු දේවල් කීපයක් ගැන මම කරුණු දක්වන්නම්.

    1) සමහර ඒවට ඕපන් පෝල් තියද්දි සමහර ඒවට ක්ලෝස් පෝල් තිබීම.
    ඕපන් හා ක්ලෝස් පෝල් දාන්න අනුමැතිය ගත්තේ ජජ් බෝඩ් එකේ 12 දෙනාගෙන්. ඒකට කව්රුවත් විරුද්ධ වුනේ නෑ. මේ වගේ තීරණ ගනිද්දි මුලු එලකිරියෙන්ම අහන්න බෑ. ඒකටනේ ජජ් බෝඩ් එකක් සම්බන්ධ කර ගන්නේ. නැත්තං ඔය තර්කය උඩ හිටියොත් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරනකොට මුලු ලංකාවෙන්ම අහන්න ඔනේ.
    හැබැයි මම ඕපන් ක්ලෝස් පෝල් වලට අදාළව කරුණු දක්වන්නම්කෝ.
    මේ තියන්නේ මම විනිශ්‍ය මන්ඩලයට කරපු යෝජනාව
    http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445

    ඕපන් හා ක්ලෝස් පෝල් දැමීම ගැන මාගේ යෝජනා හා පැහැදිලි කිරිම්.
    1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 - ඕපන් පෝල් එකක් දැම්මා මොකද ගැටලු එන්න තියන ඉඩකඩ වැඩීනේ. නම් පේන නිසා ෆේක් ගොඩක් තිබුනොත් අදුර ගන්න පුලුවන්.
    2) හොදම උදව් කරුවා 2015 - මේකටත් ඕපන් පෝල් එකක් දැම්මේ
    4) හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් දැම්මේ. මොකද ත්‍රෙඩ් එකක් තෝරන නිසා වොට් ගාන අඩු වෙනවා කියලා දන්නවනේ. අනිත් එක ත්‍රෙඩ් එකක් තෝරනකොට ෆේක් ප්‍රශ්න ලොකුවට එන්නෙ නෑ. අනිත් එක මේ වගේ අංශෙකින්.
    5) වසරේ මොල කරුවා 2015 - මේකටත් ඕපන් පෝල් එකක් දැම්මේ
    6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් යෝජනා කලේ. මොකද ත්‍රෙඩ් එකක් තරගෙට ගත්ත නිසා. නමුත් මේකට නාම යෝජනා ඉදිරිපත් වුනේ පුද්ගලයින් ඉලක්ක කරගෙන. තරගේ තියන්න වුනේ පුද්ගලයින් ඉලක්ක කරගෙන.

    7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015 - මේ අංශයේ ගැටලු නැති නිසයි ක්ලෝස් පෝල් එකක් යොජනා කරේ. මේ ත්‍රෙඩ් එකේ අදාල ජූරි සභිකයා දත් කිඹුලගේ නම DK කියලා දාල තිබුන එක ගැටලුවක් වුනා. ඒකේ වැරැද්ද අපි පිලිගන්නවා. නමුත් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න අදාළ ජූරි සභිකයා ඇඩ්මින්ලට ඉල්ලීම් ඉදිරිපත් කරපු බව මම දන්නවා. ඒ වගේම මේ දේ ගැන කිඹුලගේ හිතේ කිසිම තරහක් හෝ දුකක් නැති බව මම විස්වාස කරනවා.

    8) නැගී එන තරුව 2015 - ඕපන් පෝල් දැම්මේ
    9) හෝදම විහිලු තහලු 2015 - ඕපන් පෝල් දැම්මේ
    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් දැම්මේ මොකද තරගයේ ෆේක් ප්‍රශ්නයක් එන්නෙම නැති තරම්.
    11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් දැම්මේ මොකද කවදාවත් වලි යන්නේ නැති ෆේක් වලින් බැහැලා ජංගි වැඩ කරන්නෙ නැති පිරිසක් මෙතන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පෝල් එක දාන්න කලින් දිනුම තියන්නේ කොතනද කියලා මේ කැටගරි එකට සම්බන්ධ ඕනිම කෙනෙක් දන්නවා.

    12) හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දැම්මේ.

    දැන් හොදට ඇස් ඇරලා බලන්න කොලපාටින් තියන්නේ ක්ලෝස් පෝල් දාපුවා. ඕවා ගැටලු අඩුවෙන්ම ඇති වෙන තැන්. ෆේක් වලින් බහින්න තරම් උවමනාවක් නැති තැන්. ඒ වගේ ඒවට ක්ලෝස් පෝල් දැම්මේ ආයි චන්ද ගනින්න එක එක අයගේ පැටිකිරිය හොයන්න අනවශ්‍ය නිසා. අනිත් එක රියලිටි ෂෝවල එන එස්එම්එස් ෆේක්ද නැද්ද කියලා හොයලා බලලද අවසන් තීරණය දෙන්නේ. සරසවි සුමති සම්මාන වල ජූරි සභිකයෝ තීරන ගනිද්දි ඕවා බලනවද? ඒ අතින් ඒ සම්මාන උලෙලවල් වලට වඩා මේක කොච්චර විනිවිධ භාවයක් තියන එකක්ද කියලා ටිකක් හිතලා බලන්න.

    මල්ටිපල් චොයිස් ගැන තිබුන චෝදනාව
    මම කිසිම ජූරි සභිකයෙකුට කිව්වෙ නෑ මල්ටිපල් චොයිස් සහිත පෝල් දාන්න කියලා. එහෙම දැම්මනම් දාන්න ඇත්තේ වැරදීමකින්. මේ වගේ වැඩ වලදි සුලු සලු අතපසුවීම් වෙන එක මිනිස් ගතියක්.
    මේ තියන්නේ මම පෝල් දාන්න දීපු උපදෙස් බලන්න මේකේ මල්ටිපල් පෝල් දාන්න උපදෙස් දීලා තියනවද කියලා.
    http://www.elakiri.com/forum/showpost.php?p=19490062&postcount=452

    නාම යෝජනා තෝරාගත් ආකාරය
    අහසින් පාත් වෙච්ච ඇතැම් අය නම් කරලා තිබුනේ නාම යෝජනා ජජ්බෝඩ් එක තෝරගත්තා වගේ. ඒ අය අඩුම තරමේ ජූරි සභාව නොමිනේෂන් ත්‍රෙඩ් දැම්මා කියලවත් දන්නෙ නෑ.

    නාම යෝජනා තෝරා ගැනිම සම්බන්ධව මා ලබාදුන් උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?p=19498078#post19498078

    ඊලග ප්‍රශ්නේ විනිශ්‍ය මන්ඩලය සම්මාන වලට නිර්දේශවීම
    මේකේ විනිශ්‍ය මන්ඩලේ වෙන ෆෝරම් එකකින් ආපු එව්න් නෙවෙයිනේ. උන් සහ මම මේකෙම ඉදලා මේකෙම ත්‍රෙඩ් දාපු උන්. ඉතිං නාමයෝජනා වලදි ඒ නම් සම්මාන සදහා නිර්දේශ වුනා නම් ඒවා පෝල් වලට දාන්න අපිට සිද්ධ වුනා. ඒ දැම්මත් පූර්ණ විනිවිධ භාවයකින් යුතුව පෝල් ඉදිරිපත් කරපු නිසා අපි කාටවත් වංචාවක් කරන්න එතනදි හැකියාවක් නෑ. වංචාවක් කරානම් මට පෝල් වල වොට් වැඩි වෙන්න එපැයි.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    නියමයි .. එලටම කියලා තියෙනවා.
    තරග දිනු සහෝදරයන්ට සහ ජුරිසබිකයන් 10 දෙනා සහ
    සංවිදායක තුමා හට ස්තුතිවන්ත වෙනවා. :yes::yes:


    එමෙන්ම විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි GTRZ,tintin123
    සහ කිබුල් අයියා වෙත. ගැටලු අවස්ථා වලදී උදව් කරලා මේක
    මේ අවස්තාව වෙනකම් ගෙන ඒමට සහය දීම වෙනුවෙන්.
    :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    picture.php


    සම්මානය නිහතමානීව භාර ගන්න ගමං පොඩි දෙයක් කියලා ම යන්නං...

    මට පහුගිය දවස් ටිකේ මේ පැත්තේ එන්න හම්බුනේ නෑ වැඩිය. හැම දෙනාම සහයෝගයෙන් එකතුවෙලා කරපු මේ වැඩෙන් හැමෝගේම් හොද හිත තවදුරටත් වර්ධනය වෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා.. විශේශයෙන්ම මෙහෙම දෙයක් සැලසුම් කරලා ක්‍රියාවට නංවන්නට මුල් උන ටොම් මාමා ඇතුළු සංවිධායක මණ්ඩලයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. එළකිරි වගේ වලි පිරි ජොලිපිරි සයිට් එකක මෙහෙම දෙයක් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොද වගේම මඩත් අහන්න ලැබෙනවාමයි.ඒ අවධානමට මුහුණ දෙමින් උනත් මේ කරපු දේ ප්‍රශංසනීයයි.
    කලිනුත් කිව්වා වගේ මේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි මං නං මේ ලියන ඒවා ලියන්නේ. ඇරත් මං හොදටම දන්නවා මට වඩා සිය දහස් වාරයක් හොද සම්මාන ලැබිය යුතු මට්ටමේ අය මෙතන ඉන්නවා.
    කොහොම උනත් මං ලියන ඒවා හැමදාම කියවලා... කමෙන්ට් කරලා මාව දිරිමත් කරන හැමදෙනාටමත්.. වෝට් කරපු සියළු දෙනාටමත් මේ මොහොතේ මාගේ කෘතවේදීත්වය පළ කර සිටිනවා.
    අවසාන වශයෙන් ලැබුවා වූ 2016 නව වසර ඔබ සියළු දෙනාට වාසනාවන්ත උද්යෝගිමත් ජය සතුට සපිරි සුභ නව වසරක් වේවා යැයි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..!
    ස්තූතියි.
    දිනූෂ සංකල්ප

    bigstock-Thank-You-202535-583x410.jpg

     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රශ්ණ, බාධක ගොඩක් මැද.. වැඩේ සාර්ථකව අවසන් කරපු එක ගැන සංතෝසයි ටොම් අයියෙ..
    ඊළඟ වතාවෙ මීටත් වඩා හොඳින් වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    සුභපැතුම්..
    11.gif

     
    • Like
    Reactions: Mr.Tom

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මාත් මේක අවස්ථාවක් කරගන්නවා මේ කටයුත්ත ආරම්භ කරලා බොහොම හොඳට ඉදිරියට පවත්වාගෙන ගියපු මිස්ටර් ටොම් සහෝදරයට ස්තූති කරන්න...
    මේ වගේ දෙයක් හදිසියේ මෙච්චර හොඳින් සංවිධානය කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවේ....


    ඒ වගේම මේ කටයුත්ත අවසාන වෙනතුරු විනිශ්‍ය මණ්ඩලේ ලෙස කටයුතු කරපු සියළුදෙනාටත් මගේ ප්‍රණාමය....:)


    ඒ වගේම මේ කටයුත්ත අතරෙදී සහයෝගය දීපු අනෙකුත් සාමාජික සාමාජිකාවන්ටත්, ඇඩ්මින් තුමාටත් මාහේ ස්තූතිය:)


    අවසාන වශයෙන් කියන්න ඕන නිහතමානී සතුටක් තියෙන්නේ මේ වගේ අර්ථවත් වැඩකට සම්බන්ධවෙන්න ලැබීම ගැන:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ප්‍රශ්ණ, බාධක ගොඩක් මැද.. වැඩේ සාර්ථකව අවසන් කරපු එක ගැන සංතෝසයි ටොම් අයියෙ..
    ඊළඟ වතාවෙ මීටත් වඩා හොඳින් වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    සුභපැතුම්..
    11.gif

    පාටියක් ඕනි.. :rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රශ්ණ, බාධක ගොඩක් මැද.. වැඩේ සාර්ථකව අවසන් කරපු එක ගැන සංතෝසයි ටොම් අයියෙ..
    ඊළඟ වතාවෙ මීටත් වඩා හොඳින් වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    සුභපැතුම්..
    11.gif


    මුලින්නම් හිතාගෙන හිටියේ ඊලග පාර ඇත්ත අවෝඩ් එකක් යවන්න. ඒත් මල්ලි මගේ ආයි ඊලග පාරක් නෑ. :no:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මුලින්නම් හිතාගෙන හිටියේ ඊලග පාර ඇත්ත අවෝඩ් එකක් යවන්න. ඒත් මල්ලි මගේ ආයි ඊලග පාරක් නෑ. :no:
    ඊලග පාර කරොත්. මගේ ගානේ එක award එකක්. :D