පද පේළී - EK LYRICS THREAD PART 2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0


ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..

ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ

මහා වන වදුලින් අසරණ වී
සිය වස් ගණනක් නටබුන් වී
ඉස්පිලි පාපිලි නෑ
බිදුණු වදන් වැකි නෑ

ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ

අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී
කියවා ගන්නට බෑ
වටහා ගන්නට බෑ

ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ

මුල් ගායනය: මර්වින් පෙරේරා
ගායනය: අමල් පෙරේරා
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: පුණ්‍යසිරි මහවත්ත

:love::love::yes::yes:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ
    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා~
    ~

    ළංවෙලා කී කතා පාවෙලා මා දමා
    පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා
    හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
    විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා~
    ~

    වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
    සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
    ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
    රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා~
    ~

    -Shihan Mihiranga
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Damith Asanka.............


    රනින් රත්තරං නැතුවාට~
    මැදුරු මාළිඟා නැතුවාට..
    ඔබේ සුවඳ ඇති මට තාම~
    සුවඳ මලක් වෙනු හැමදාම..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    t8w36f.jpg

    -Wasantha Thilakangani
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sangeeth Wijesuriya.............


    කෝල පිණි පොදේ පෑයු සඳවතේ~
    නීල නෙත් යුගත් යාවේ..
    මාගේ ආදරේ වාගේ සාගරේ~
    ඊට මායිමක් නෑනේ..
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිල් නුවන් පෙනෙනෙ අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලඟ නීල වලා තුලට ගුලි වෙවී
    සඳ හොරෙන් සිනහ වී නිල් දිය තුලට පා වෙමින්
    හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්

    අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
    සිඹ තුටින් සිටිති සමනල් පෙල ගැසීලා
    කිරි කවඩි සිනාවේ... පෙලහර දකිනු රිසින්
    මගෙ සිත ගොලු වෙලා

    ලැම හසුන් රැඟුම් පා මන මත් කලාදෝ
    රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ
    සිත සතුට ගෙනාවේ ඔබමය
    මගේ හිතත් ඔබ ලඟ නැවතිලා.
     
    • Like
    Reactions: DAMER

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    :eek: පිස්සු නැතුව හිටපන්, ආතල් එකේ සිංදුවක් කිය කිය ඉමු..

    be bn mewa serama parana katha.dn mama alut jeewitayak gatakaranawa lassana jiwitayak mage sudu thurage unusumata thurul wela.wena mona lebunat netiunat duka ne mata mage lokema lebilai .penumen heden stephanie rice wagemai.itin yanawa bn budusaranai jesu pihitai.suba laksana anagatayak hemotama
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හඬන පොඩි පුතු නලව ගන්නට
    නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ
    නොවිඳිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලූ කූජන සමග ළඟ හිඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

    ලිහා බත්මුල බුදින මොහොතක
    මිතුරු කැළ සමගින්
    වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
    කම්හලේ දැති රෝද නැගූ රළු පරළු හඬ අතරින්
    නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

    අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
    සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
    මටම දාවුණු පැටවුනට සහ මටද අම්මා වන්
    සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
    හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
    රන් දූවිල්ලක පාවේ රන් දූවිල්ලක පාවේ
    චමත්කාර යෙෳවනයේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් නුවන් පෙනෙනෙ අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලඟ නීල වලා තුලට ගුලි වෙවී
    සඳ හොරෙන් සිනහ වී නිල් දිය තුලට පා වෙමින්
    හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්

    11.gif
    මගෙත් ප්‍රියතම සිංදුවක්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හඬන පොඩි පුතු නලව ගන්නට
    නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ
    නොවිඳිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලූ කූජන සමග ළඟ හිඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

    ලිහා බත්මුල බුදින මොහොතක
    මිතුරු කැළ සමගින්
    වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
    කම්හලේ දැති රෝද නැගූ රළු පරළු හඬ අතරින්
    නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

    අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
    සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
    මටම දාවුණු පැටවුනට සහ මටද අම්මා වන්
    සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්

    හිතට දැනෙන පද වැලක්.
    කාගේද මේ ගීතය?
     
    • Like
    Reactions: Good Heart

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    premaya pudadi awasanai
    aeya sathu wi kalaya bohomai
    nolebena ma nopathanna
    tahanam sewanin yanna

    kothenaka sitiyat melowe mage sathutada gena hodin inu mena yeheliye.mathu sasara pura hamuwemu mithudame naamen
    gd bye ek
    :oo::confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද
    .. මා ඔබේද....
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ~
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Marians................


    සාමේ ඉරේ රැස් ධාරාවේ~
    සාමේ ස‍ඳේ රැස් මාලාවේ..
    ආලෝක ලෝ තුල පැතිරේවා~
    ලෝකේම ඉන් කල එළිවේවා..
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔබ සිත මා සිත වෙන් කල
    සිතුවිලි සංඟිලි පාලම
    ඒ මේ ඇත වැනෙනා
    චකිතය සිත දනනා

    ඇඟ සමබර කර එන්නේ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇදගෙන වැටුනත් හිතට බියක් නම් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියැදුනත් කමක් නෑ

    කීරි ගැහෙන කන් යා සිටින්නද
    බිඳෙනා විට පාලමේ රැහැන් පට
    දෑස පියාගෙන මං පියවර මැන්නා
    ඔබ මා දෑඟිලි හමුවූ විගස කිනා
    අප සිත් වෙන් කළ පාලම බිඳුනා