ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා~♥♡♥♡♥♡♥♡♥♡♥♡ ~
ළංවෙලා කී කතා පාවෙලා මා දමා
පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා~♥♡♥♡♥♡♥♡♥♡♥♡ ~
වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා~♥♡♥♡♥♡♥♡♥♡♥♡ ~
-Shihan Mihiranga