කාලෙකින් ආතල් එකක් දාන්න කියලා හිටියට වෙලාවක් තිබ්බේ න ඔන්න එහෙනං අලුත්ම කතා පුවත......
මේක වුනේ මගේ අතිජාත මිත්රයෙක් රැකියාව කොරන්නේ ආරබිකරේ, මු ලංකාවට ආපු ගමන් කට්ටිය සෙට් වෙනවා, මේ සැරේ මුගේ වෙඩිමට අවේ නිසා නිකං මුගෙන් ලැබෙන රට විස්කි බෝතල් දෙකත් නැති නිසාලගම තිබ්බ කීල්ස් එකෙන් ගෙනාව බෝතලයක් (අපි හැමදාම බෝතල් ගන්න යන්නේ 9ට කිට්ටු කරලා කඩිමුඩියේ)
, එදා බොන්න හිටියේ 3i වෙනදට 4ක් අනිත් එක බැන්ද අලුත ගැනිගෙන් තහංචි හා හා ඒවා වැඩක් නැත ආයෙත් කතාවට බහිමු, කොහොම කොහොම හරි කට්ටියම ආවා බයිට් ටිකකුත් අරන් අපේ ගෙදර, පුටු මේස දාලා වැඩේ සෙට් කරන් වාඩි වුණා හා හා පුර ගසන්න, අහ කියන්න අමතක උනා අපේ ගෙදර සාලේ තියෙන ටීපෝ එක ගත්තොත් අම්මගෙන් බර බරේ නිසා බොන්ඩම හදපු මේස කැල්ලක් තියෙනවා එක තමා ගත්තේ ඕක උඩින් දැම්මා පත්තර කොල දෙකක් එක පැත්තකින් පොඩ්ඩක් එලියට ඇවිල්ල තිබ්බේ පත්තර කොලේ, මම මුලින්ම ඔක්කොටොම කිව්වා පත්තරේ එලියට ඇවිල්ල තියෙන්නේ glasses තියද්දි පරිස්සමෙන් කියලා, කියලා කට ගත්තා විතරයි මගේ අතිජාත යාළුවා ගත්තා බෝතලේ ෂොට් එක දාල තිබ්බා සලාන් ගාලා පත්තරේ උඩින් බෝතලේ කුඩු
අනේ ඉතින් කට්ටියම කල්පනේ කොලේ ආයේ මේ රැ බෝතල් ගන්නේ කොහෙන්ද කියලා, මොනා කොරන්නද ගෙදර තිබ්බ කාලාන්තරයක් පරණ වේවි තිබ්බ රෙඩ් ලේබල් බෝතලක් අරුට බැන බැන බිව්වා(red label බිව්වහම උදේට තියෙන ආතල් එක කව්රුත් දන්නවා නේ)






.. එහෙම්මම ගාටලා මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නැගලා ජනේලේ අයිනේම සිට් එකක ඉදගත්තා , සිහිල් සුලන් වැදී වැදී වැදී දුරක් එන්න ලැබුනේ නැහැ මම එහෙම්මම බස් එකේ දොයිය බබා කියලා..
..(මම බහින්න හිටියේ ජාඈලට කිට්ටුව ) ඒ මදිවට මොර සූරන වර්ෂාව
,
.. කොන්දට ඒ වගක් කියන්නේ නැතුව බස් එකට නැගලා වවුනියාවට ටිකට් අරගෙන . ජා ඇල දිහාට යද්දී කොන්දට කෑ ගහලා බස් එක නවත්තගෙන කොන්දගෙන් බැනුනුත් අහගෙන යාන්තං පාන්දර කිට්ටුව ගෙදර ගිහින් සිතලේ ගැහි ගැහි බව්වත් එක්ක කොරිඩෝවේම දොයිය ගත්තා
..වෙරි හිදුනා 
