• Oct 17, 2012
    451
    110
    43
    මචං.. ලගඳි බැඳපු උන්ගෙන් පොඩි හෙල්ප් එකෙක් ඕනි... මමත් අමාරුවේ වැටෙන්නයි යන්නේ... Next January තමයි වෙඩිම plan කරේ...
    මට මචං දැනගන්න ඕනි, ලගදි බැදපු උන් ඉන්නවනම්, උන්ගෙන් වෙදීමට ගිය cost එක activity vise හදපු breakdown ( Cost Breakdown ) එකක්... මට ගොඩක් හෙල්ප් වෙයි මචං එක..
    මම දැනට ලිස්ට් කරලා තියන activity වලට අමතව miss වෙච්ච ඒවා තියනවද කියල බල ගන්න ඕනි... අනික... cost estimate එක දැම්ම හද ගන්නත් ඕනි..
    එහෙම breakdown එකක් හදපු උන් ඉන්නවනම් කියපල්ලකෝ....
     
    • Like
    Reactions: roj

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මචන් කාගෙවත් පලෑන් බලලා උබලගෙ එක පලෑන් කරන්න එපා. එහම උනම උබට ඔනෙ නෑති වියදමුත් උබට set වෙනවා. උබ දන්න විදියට උබේ වියදම් කරපන්.පුලුවන් තරම් අඩුවට කරන්න බලපන්.බොරු වියදම් වලට සල්ලි නාස්ති කරන්න එපා.පුලුවන් තරම් exhibition වලට පලයන්. එවගෙ ගොඩක් ලොකු offers තියෙනවා. හෑබයි එවට ගිහින් උබේ ඔලුව නරක් කරගන්න එපා. පුලුවන් තරම් අඩුම වියදමෙන් හොදම දේ කරන්න බලපන්. treand යන්න ඔනෙ නෑ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන් කාගෙවත් පලෑන් බලලා උබලගෙ එක පලෑන් කරන්න එපා. එහම උනම උබට ඔනෙ නෑති වියදමුත් උබට set වෙනවා. උබ දන්න විදියට උබේ වියදම් කරපන්.පුලුවන් තරම් අඩුවට කරන්න බලපන්.බොරු වියදම් වලට සල්ලි නාස්ති කරන්න එපා.පුලුවන් තරම් exhibition වලට පලයන්. එවගෙ ගොඩක් ලොකු offers තියෙනවා. හෑබයි එවට ගිහින් උබේ ඔලුව නරක් කරගන්න එපා. පුලුවන් තරම් අඩුම වියදමෙන් හොදම දේ කරන්න බලපන්. treand යන්න ඔනෙ නෑ.

    :yes::yes::yes::yes:
     
  • Oct 17, 2012
    451
    110
    43
    මචන් කාගෙවත් පලෑන් බලලා උබලගෙ එක පලෑන් කරන්න එපා. එහම උනම උබට ඔනෙ නෑති වියදමුත් උබට set වෙනවා. උබ දන්න විදියට උබේ වියදම් කරපන්.පුලුවන් තරම් අඩුවට කරන්න බලපන්.බොරු වියදම් වලට සල්ලි නාස්ති කරන්න එපා.පුලුවන් තරම් exhibition වලට පලයන්. එවගෙ ගොඩක් ලොකු offers තියෙනවා. හෑබයි එවට ගිහින් උබේ ඔලුව නරක් කරගන්න එපා. පුලුවන් තරම් අඩුම වියදමෙන් හොදම දේ කරන්න බලපන්. treand යන්න ඔනෙ නෑ.

    Thanks Machooo.....
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    එල එල..

    මචන් මොරටුවේ Rameedia එකේනම් කෑම හරි නෑ දැන් .. service හරි නෑ මගේ යාලුවෙක්ගෙ wedding එකේ ගම කෑවා මුන්.. පොඩ්ඩක් හොයල බලපන් ඒක ගන්න කලින්.. ඉකමනටම hall එකක් බූක් කරන්න නැකත් දවසක්නම් උඹට hall හොයාගන්න බැරිවෙයි ..

    මේකේ මන් දැක්කේ නෑ wedding car ගැන .. photo location ගැන එහෙම

    සාමානයෙන් honeymoon (මුල්ම දවසේ නෙමේ ;-) ) යන තැනකට ටිකක් ලස්සන හොටෙල් එකක් තෝරාගන්න wedding hall එකට ලග .. නැත්නම් photo වලට හොටෙල් එකට හෙන ගානක් ගෙවන්න වෙනව (photo හොටෙල් එකක ගන්නවානම්). ඒ කිවේ ඒ ගෙවන ගාන 15000/= නම් 20000/=ට විතර එකේ රූම් එකක් ගන්න පුළුවන් .. ඉතින් එහෙම ගන්න එක ලාබයි ..

    ගාල්ලේ පැත්තෙනම් ගොඩක් අය යන්නේ ගාලු කොටුවට. එහෙම නොමිලේ photo ගහන්න දෙන තැන් තියෙනව .. ඔය රජයේ තැන් ගොඩක photo ගහන්න කලින් අවසර ගන්න ඕන.arcade independence , waters edge, වගේ තැන්වලට අවසර ගන්න ඕනා , සල්ලිත් ගෙවන්න ඕන.. පොඩ්ඩක් photographer එක්ක කතාකරල බලන්න එයාල දන්නවා ඕවා .. නැත්නම් ඔය security කාරයෝ case දැම්මම photo ගහන්න වෙන් නෑ :-) ..

    අනික දැන් ඔය නම හදාගත්ත යට වඩා හොද photographers ලා videographers ලා ලංකාවේ ඉන්නවා.. පොඩ්ඩක් ලාබ වැඩ හොද දෙන්නෙක්ව තෝරාගන්න (ගොඩක් ය photo ,video ) දෙකම කරන්න එක්කෙනෙක්ට දෙනවා .. එක කරන්න කලින් දෙපාරක් හිතන්න .. මොකද ගොඩක් photo ගහන අය ..
    video එක නාගන්නවා.. මගේ යාලුවෙක් ගේ wedding එකක් දීල 2013 තාම මූට video එක දීල නෑ video එකට 60ක් අරන් hd blue-ray කියල .. wedding video එක දැකල මගේ යාලුවට එපාවුනා.. අපේ උන් ෆොන් වලින් කරනවා ඊට වඩා හොද ඒවා .. ඉතින් ගාන අඩු ඒ ඒ side එකේ professional කට්ටියට වැඩේ බාර දෙන්න.තව එකෙක්ගේ wedding එකක photo backup කරපු හාර්ඩ් එක පිච්චිලා, ඉතින් මචන් ඔය ගැන හොද තීරණයක් ගන්න .. මොකද ඔය photo ටිකයි video එකයි විතරයි උඹටයි ඉතිරිවෙන්නේ ..උඹේ ළමයෙක්ට හරි පෙන්නන්න ..

    මෙන්න දැනට ලංකාවේ මන් දැක්ක හොද photographers ලා (2016)

    මෙයාගේ ගන්නන් නම් දන්නේ නෑ .. මටනම් වැඩ හොදයි (ධනුෂ්ක සේනාධීර )
    https://www.facebook.com/danufoto/?fref=ts

    professional එක්කෙනෙක් ගාන නම් වැඩි ඇති (ප්‍රසන්න ඉරෝෂන් )
    https://www.facebook.com/st.iroshan/?fref=ts

    නදුන් බදුගේ, මෙයා ටිකක් international photo ගහන එකෙන්නෙක් .. ආරංචි විදියට ගානත් වැඩි වැඩත් හොදයි .. couple එකට කරදර කරන්නෙත් නෑලු photo ගහන්න .. ටක්ගාල ඕන photo ටික ගන්නවලු (මොකද සමහර අය photo 1000ක් විතර අරගෙන 150ක් වගේ තමා couple එකට පෙන්නනේ,අනික් ඒවා delete කරනවලු ;-) වැරදුන නිසා.. එහෙම කලාට කමක් නෑ .. හැබැයි couple එක හොදටම හෙම්බත් වෙනවlu ඔහොම photo ගන්නකොට )
    https://www.facebook.com/travelwithnadun/?fref=ts

    වැඩනම් හොදයි .. ගානත් අඩු ඇති ,වැඩි විස්ටර දන්නේ නැත
    https://www.facebook.com/studioreminisce/?fref=ts

    වැඩනම් හොදයි .. ගානත් අඩු ඇති , වැඩි විස්ටර දන්නේ නැත
    https://www.facebook.com/DRcreations/

    වැඩනම් හොදයි .. මෙයාල ඉන්නේ කොළඹ නෙමේ මන් හිතන්නේ ටිකක් දුර පළාතක ඉන්නේ.. මෙයලාට ට්‍රාන්ස්පොර්ට් දෙන්න වෙනවා සැහෙන ගානක්
    https://www.facebook.com/Beluga.Photos/




    මෙන්න දැනට ලංකාවේ මන් දැක්ක හොද video කාරයෝ

    Sixteen9 Wedding Cinematography
    ගානනම් වැඩි , වැඩ නම් එලකිර් . බලපන්කො video ටික .. නිකන් Hollywood ෆිල්ම් වගේ
    https://www.facebook.com/sixteen9/?fref=ts


    Splendid Videos
    වැඩ හොදටම හොදයි .. ගණන් නම් දන් නෑ .. මගේ අදුරන කෙනෙක්ගේ wedimak කළා ..Wedding video එක සිරා, මන් දැක්ක ,අනික් trailers YouTube එකේ තියෙනව ,නොර්මල් video එකත් ඒ වගේම quality .. ආරංචි ව්දියට දන්න අයගේ වැඩ විතරයි බාරගන්නේ (එළියේ වැඩ කරනවා අඩුයි කියල තමා ආරංචි, යාලුවන්ගේ ඒවා තමාලු ගොඩක් කරන්නේ) .. මුන්ගේත් වැඩ නිකන් නිකන් Hollywood ෆිල්ම් වගේ තමයි. අනික මුන් couple එකෙන් අහල
    ලු video ඉන්ටෙර්නෙට් එකට වුනත් දාන්නේ .. හෙන professional ලු.
    https://www.facebook.com/Splendid-Videos-328795440605421/


    Studio U
    වැඩනම් හොදයි .. ගණන් නම් දන් නෑ , වැඩි විස්ටර දන්නේ නැත
    https://www.facebook.com/studiouphotos/?fref=ts


    මීට අමතරව වැඩ කාරයෝ ඉන්නවනම් මේකට add කරන්න ..ඔය මන් දන්න ,දැකල තියෙන අය විතරයි :):P

    අමරුවේ නොවැටි බඳිමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1668571

    මගුලක් ද කරන්නේ??? part 1

    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    මගුලක් ද කරන්නේ??? part 2

    http://www.elakiri.com/forum/showthread.php?t=1469148

     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    උබේ බජට් එකට අනුව හදපන් ..කොහොමත් කෙල්ලගේ ආසාවක් තියෙනවනේ මහා ඉහලින් ගන්න..ඒක නිසා බජට් එකට අනුව වැඩ කරපන්..ණය නම් වෙන්නම එපා..මොකද වේදීම කොච්චර හොදයි කිව්වත් උබලා වෙච්ච ණය ගෙවන්න ඔය කවුරුවත් එන්නේ නෑ